෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Friday, January 28, 2011

අද හා ගුල වසා දැමේ.........


අඩේ දොර අරිනවකෝ....... අරිනවද අපි කඩන්නද?????

මොකද හප්පේ මේ උදේ පාන්දර ක්ලෝස්ඩ් කියලා ගහපු දොරවල් කඩන චන්ඩියා.........

ගල් හාවියේ..... අරිනවා දොර........ කට හඬ නිකම් හුරුයි හුරුයිත් වගේ..... අනේ ඕන එකක්......

අද හාවි ගෙදර නෑ..... පේන්නැද්ද බෝඩ් එක?????

එතකොට ඔය කියවන්නේ මොකාද????? හුටා දැන් මොකද කරන්නේ....... ෂැක් කට තියන් ඉන්න බැරි උන හැටි. කොහෙද කට නිසා නහින්නේ මාළුවා කියලා විතරනේ කියලා තිබ්බේ........ කියන එකාට කිව්වනම් නරක ඇති හාවොත් කට නිසා නහිනවා කියලා........

සද්දේ නැතුවම ඉන්නවා........

දොරේ යතුරු හිලෙන් බලන්නමයි හිත ඕනි දෙයක් බලනවා මොකාද ඇවිත් ඉන්නේ කියලා.........




මොකක්...... පාර වැරදිලාවත්ද මෙච්චර කස්ටිය........

ඒයි පුළුන් නැට්ටියේ අරිනවා දොර....... අපි දන්න කියන අය.......

එළියෙන් එන සද්ද බද්ද නම් සුභ නැති පාටයි...... එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි.........

ඕනි දෙයක් අරින්නෑ මං දොර..........

ඒයි හොර හාවි දොර අරිනවද නැද්ද?????

හුහ් අපි බයවෙයි ඕවට...... අපි අරියි දොර........

බරකරත්ත කරබරත්ත අස්සේ මොකක්ද ආපු සද්දේ........ අප්පා මොකක්ද ඒ පෙරලන් වැටුනේ............. හප්පා හාවිගේ ගෙදරට සින්ඩියම පාත් උනා වගේ...... කොක්කු යක්කු ආ මොකද බොලේ මේ...........

අප්පා කස්ටිය හැමෝම පෙරලගෙන කියාගෙන........ මුකුත් උස්සවයක් එහෙම තියනවා කිව්වද???? O.o

කවුද බොලේ මේ 50 බෝඩ් ලෑල්ලක් වැරදුනා ඉටිපන්දම් ලෑල්ලක් ගහපු කේක් එකක් උස්සන් එන්නේ....... මං පොඩි එකීට 50ක් ලබන්න හිතලවත් නෑ. ආ මේ හසියාට කවදත් අස්පුට් හින්දා වැරදිලා වෙන්නැ........ ඒ මදිවට හසී අක්කා මන්නෙකුත් උස්සන්.........
කස්ටියට වැරදුනා උනත් මට කේක් උෂ්ෂන් එන්නැ මේ ජීවිතේට........ ඍජුපෝම් කේක් වෙන්නැ.........

හෆ්ෆා බස් මාෆියාවත් ඇවිල්ලා අද..........

කස්ටිය දොර පළු කඩාගෙන අලාභ කරගෙන ආවට වැඩක් නෑ...... අද නෝ පාටි...... පාන් වාටියක් වත් නෑ. (පාන් ගනන් නිසා වාටි විසික් කරන්නෑ දැන්.)

මේ කස්ටියට කේක් දීලා මට ඇති වෙලා..........



ආ උඩ බිම බලන්න එපා....... කස්ටිය මේ දුවගෙන ඇවිත් තියෙන්නේ මේක මගේ පිප්ටි වෙනි පෝස්ටුව නිසානේ....... යන්තම් බඩගාලා දණගාලා 50ක් ලිව්වා....... බ්ලොග් සතිය නිසා වේගවත් උනාට මොකද නිවාඩු ගන්න ඕන තව සති 3ක් වත්.

පටන් ගත්ත දවසේ ඉඳන් මේ වෙනතුරු මට කැරට් කංකුං දාපු අය වගේම මාව බලන්න ආපු අයවත් ආදරෙන් මතක් කරන්න එපැයි. (මතක් කරනවා විතරයි කේක් නෑ ඔන්න.)

පටන් ගත්තු දවසේ ඉඳන් මේ වෙනකම් උදව් කරපු හැමෝවමත් ඒ වගේම මම බ්ලොග්කරණයට ආවේ කවුරු හරි නිසා උනාවෙකෝ..... මුලින්ම කියෙව්වා මතක හැටියට පිස්සා අයියාගේ ලිපියක්...... අමතකම කරන්න බැරි කෙනෙක් ඉන්නවා ඒ හාවි ලැප් සුට්ටට සිංහල දාගන්න දස වද දීපු ශාකුන්තල අයියා..... මතකද මංදා. අයියටත් බොහොම ස්තූතියි කියන ගමන් හැමෝටම ගොඩාක් ස්තූතියි කියනවා. (අද නම් දාලා ලින්ක් දාන කම්මැලියි)

දැන් ඉතින් කස්ට්ය හිතින් බයිනවලු..... දොරවලුත් කඩන් ආවේ මෙව්වා අහන්නද කියලා......... ඔන්න ඒ නිසා ඒ ටික 100 වෙනි ලිපියක් ලිව්වොත් ලියන්න කියලා අරන් තිව්වා.........

දැන් ඉතින් හා පැටික්කි ඇවිල්ලා මුලින්ම පුංචි පුංචි ලිපි වල්පල් ලියලා දැන් එහෙන් මෙහෙන් කවි කතා ලියමින් ගමනේ යා....... ඉස්සරහට කොහේයාද දන්නෑ ඉතින්..........

උපන්දින , විභාග අරව මේවා දහසකුත් දේ අස්සේ යන්තම් පෝස්ට් 50කුත් ලිව්ව එහෙනම් ඔන්න හාවි.............

දැන් ඉතින් ගෙනා කේක් එකම අර මන්නෙන් කපන් කන්න කස්ටිය. ඒත් ඉතින් මොකක්ද වගේ වගේ........ කස්ටිය කැමති දෙයක් කරගන්නකෝ එහෙනම්.........

සැ. යු :- යන ගමන් අර පහල බෝඩ් එකත් කියවන් යන්න........... එහෙනම් කඩන් බිඳන් ආවට පින් ඈ කස්ටියට......... (දොරත් කඩපු අයට මොන ස්තූතිද.....)

40 comments:

  1. අනේ හෆෝයි අද හාවිගේ 50 වෙනි පෝස්ට් එකද මේ....(පුදුමයෙන්) :o කවුදෑ ඔහොම එකක් දන්නේ... කොහෙද කියන්නවත් බෑනේ කොල් පොල්ලක් දීලා....(බොරු කේන්තියෙන්....) :j හරි හරි දැන් ඒවයින් මේවයින් වැඩක් නෑ අපිට පාර්ටි එකක් ඕනි...(චාටු බසින්) :m අපිට කිවට මට විතරක් දුන්නාම හොදටම ඇති....(රහසින්) :a මං එහෙම ඔය රිජිෆෝම් කේක් උස්සන එන්නේ නෑ...අපි ගෙනාවොත් දන්නවනේ ඉතිං සුපර් කේක් ගේන්නේ.....(ඇස් ඉඟිමරමින්) :b

    කෝ එහෙනම් අපේ මේ පුළුන් නැට්ටි දොහොත් මුඳුන්දී වැඳගත්තනම්...... :t

    ඕං රීං ඒසවඃ මේ අපේ මේ ගල් හාවි නොහොත් පුළුන් නැට්ටි මේ බ්ලොග් පිටු අතර අරව මේවා හැමදේම සමගින් දීර්ඝ කාලයක් බ්ලොග් අවකාශයේ කැරට් කකා පැන පැන දුවන්න පනින්න හැකියාවත්....දුවන්න පනින්න ශක්තිය වඩන්න කැරට් උදුපියළිය කංකුං වගේ පෝෂදායි ආහාර නොඅඩුව ගාලාගෙන එන්නත්....පැන පැන සද්දේ දාන්න ශක්තිය ධෛර්යය නෙඅඩුව ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමින් හසියා හසියගේ අවංක හදවතින්ම උණුසුම් (හොට් හොට්) සුභ පැතුම් එක්කරනවා අපේ මේ පුළුන් නැට්ටිට........!!!

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මමහ්හ්.....!!! (හොර හාවිට නෙවේ තිබ්බ තඩි කේක් එකට හොදේ....)
    :g :g :g :g :g :g :g :a :a :a :a

    මට ලොකු කෑල්ලක් කේක් ඕනි.......නැතිනම් ඉතිං දන්නවනේ.... :s :s :s

    ReplyDelete
  2. නේට් සහනාධාර නැතිව විවිධ බාධක මැදින් ඇවිත් 50 සපුරන හා පැටික්කි බ්ලොග් එකට උනුසුම් සුභ පැතුම්. හාවිගේ අමුතු සිතිවිලි සිය දහස් ගණනක් තව ලියවෙවා..!!!!

    ReplyDelete
  3. මුලින්ම ඕං සුබපතනවා.. අර්ධ ශතකයට.. ශතකයටත් දැම්ම සුබපතනවා..

    අනික් කතාව...
    මේ..... මේක එහෙම ලේසියෙන් අතඅරින්න බෑ.. කේක් නැතිව කොහොමද මේ වගේ වෙලාවක...

    මටත් ඕනේ.................... :s :s :s :s

    ReplyDelete
  4. හාවි ට මගෙන් සහ අක්කගෙන් සුභ පැතුම්..ඇත්තටම මේක හාවි ගෙ 50 වෙනි උපන්දීනේ කියල කිව්වට වැරදි නැ..මොකො හාවි කියන චරිතෙ ඉපදිලා අපි අතරට ආවෙ පලවෙනි බ්ලොග් පොස්ට් එකත් එක්ක නෙ..ඉතින් මේ 50 වෙනි උපන්දිනේ මම හාවිට දිගාසිරි පතනව..නැ හලො දිගාසිරි කියන්නෙ මම අදුරන හැන්සම් කොල්ලෙක් නෙවෙ..දීර්ගායුෂ..ඒ කියන්නෙ තව බොහො කල් ජීවත් වෙන්න පතනව..හාවි ගෙ වයස ගෙවෙන්නෙ බ්ලොග් පොස්ට් වලින් හින්ද සරලවම එකෙන් අදහස් වෙන්නෙ තව තව බ්ලොග් ලියවෙන්න ඕනි කියාන එකයි..


    අපේ හාවිට තෙරුවන් සරණයි

    ReplyDelete
  5. සුභ පතනවා නංගියේ මුළු හදවතින්ම...

    ඇත්තටම උඹ පණහ ගහනකොට උඹෙ හයියෙන් සීය ගහපු උං බොහෝමයක් මෙ බ්ලොග් අතරෙ ඉන්නවා..මාත් එයින් එක් නර පණුවෙක්...
    ඒ අතින් බලපුවාම මෙ හැමෝටම දුවන්න වතුර ගහපු උඹ අද පණහ ගහණකොට සතුටු නොවී ඉන්න එක බ්ලොග්කරුවෙක් වත් ඇති කියලා මම හිතන්නේ නැහැ.
    උඹට රත්නත්තරෙ පිහිටයි..!

    ReplyDelete
  6. සුභ පැතුම් හාවියේ :t
    ඔය දෙන්න බෑ කිව්ව දේවල් බලෙන් ඉල්ලන ජාතියේ පූසෙක් නෙමෙයි මම :p ඒ නිසා මට ඒපා කේක් :k
    දිගටම ලියන්න හාවියේ :b

    ReplyDelete
  7. අනේ අනේ හොර හාවී කිව්වේවත් නෑ නිකමට.. :s :s මගෙන් උණුසුම් සුබ පැතුම්.....! :b :m :m :m උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්....! :f :f :f :f :f
    මන්න උස්සන් එනවාද අප්පා කේක් කපන්න.. :h මං ගෙනාවේ ලස්සන පිහියක්.. :i කොහේද හාවිගේ ඇහේ දෝෂයක්නේ.... :p එහෙනම් 100ත් ලියමු ඉක්මනටම :t :e :m :m

    ReplyDelete
  8. හා පැටික්කිට මගෙනුත් සුබ පැතුම්!!!

    ReplyDelete
  9. සුභ පැතුම් චූටි නංගියේ !!!!! :M

    ReplyDelete
  10. :t :t :t :t :t :t
    බෝඩ් ගහල හරියන්නෙ නෑ.. :a දිගටම ලියමු..
    බුවහ් හා හා :f :f

    ReplyDelete
  11. සුබ පැතුම් හා පැටික්කිට

    ReplyDelete
  12. හෙහේ! එල එල අක්කෙ... ඔන්න එහෙනන් අපෙනුත් සුබ පැතුම්!

    අපෝයි මෙයා අදත් කේක් නොදී කැරට් දීල බේරුනානෙ :h

    ReplyDelete
  13. සුබ පතනවා හා පැටික්කිට

    තව තව හා පොස්ට් ගොඩක් අපිට කියවන්න පුලුවන් වෙන්න කියලා පතනවා අපිට

    ReplyDelete
  14. කමෝන් හාවි. සුභපැතුම් මගෙනුත් !

    ReplyDelete
  15. මම අද තමා නන්ගා ඔයාගේ blog එක කියවන්න ගත්තේ
    උනුසුම් සුබ පෑතුම් 50 වෙනි පොස්ට් එකට ඉක්මනටම 100 වෙනි එකත් ඉක්මනටම පෑන පෑන ලියන්න ලෑබේවා

    ReplyDelete
  16. මගෙනුත් හාවිට සුබම සුබ & සුබම සුබ, සුබ පැතුම්!

    ReplyDelete
  17. හා නංගිට මගෙනුත් උණුසුම් සුබ පැතුම්.
    දිගටම ලියන්න වාසනාව ලැබේවා...

    ReplyDelete
  18. හෙලේ......... මේන් අපේ හාවිට 50ත් ලබලා........ හුලේ.......... :m

    හාවිට අද ඉඳන් 50z ඇඳිරියහන්දා කණ්නාඩි දාන්න වෙනවා කියලා BBC එකේ උදෙන්ම කිව්වා මම අහගෙන :g

    එහෙනම් අපේ හා මිත්තනියට සුබ පතනගමන් 100නුත් නොනැවති නන්ස්ටොප් ෂතක පිට ෂතක පහුකරන්නට දිගාසිරි ලැබේවාzzzzz :බ්

    හහ් හැබැයි කේක් නොදුන්නොත් ආයෙ එන්නෙ නැ හලිද හිහ් හිහ් හිහ් :h

    ReplyDelete
  19. ෂා ඔන්න හාවියේ මගෙනුත් උණුසුම් සුභ පැතුම් එහෙනම්!! මේ අවුරුද්ද ඉවර වෙනකොට ශතකෙ ගහල ඉරව කරමු. දිගින් දිගටම ලියන්න ඔන්න එහෙනම් මමත් සුභ පතනවා. :t

    කෝ අර තඩි කේක් ගෙඩිය? මට බාගයක්ක ඕන..... :e

    ReplyDelete
  20. හැපි 50 වෙනි පෝස්ට් එකක් වේවා.. :m දිගටම ලියන්න.. අපිත් ඇවිත් කැරටි දීල යන්නම්කෝ........ :t

    ReplyDelete
  21. හොර හාවිගෙ පනහද?.. මල කෙලියයි.... ඒයි.. මොට්ට හාවියේ.... පරිස්සම් වෙයන්.. අපිට කේක් දුන්නෙ නැහැනෙ

    ReplyDelete
  22. පරක්කු උනත් මගෙනුත් සුභ පැතුම් මෙන්න....

    ReplyDelete
  23. ජයවේවා හා කුමාරියේ.....50 වගේම 100 ක් 1000ක් 10000ක් ..etc :m :m ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා බොටම් ඔෆ් හාර්ට් එකෙන්ම සුභ පතනවා... :d :d :d :d

    ReplyDelete
  24. සුබ පැතුම් හා අක්කා... ගොඩාආආආආආක් සතුටුයි අනේ.. මාර අයියා කියපු කතාව ඇත්ත. අනිත් අය ලියනකොට පස්සෙන් ඉදන් උදවු කරපු ඔයාගෙ බ්ලොග් එකෙ 50 කියන්නේ අපි හැමෝටම ගොඩක් සතුටු වෙන්න දෙයක් නෙවීද අක්කා??? සුභ පැතුම්... 100ටත් මේ විදියටම ලගදිම සුභ පටන්න පැබෙවා!!!!

    ReplyDelete
  25. ඡය වේවා... සුභම සුභ උපන්දිනයක් වේවා.... උඩ බිම බලන්න එපා.. මේ හාවි කියන කෙනාගෙ උපන් දිනය අදලුනෙ... අම්මෝ 50ක්. මේ කේක් ගෙනාවොත් අපිටත් දෙන්න.. ගේන්න කියල බලකරන්න හොද නෑනෙ. (බොරුවට නිකන් ඩීසන් කියල පෙන්නන් හදනව.. )
    තව තවත් ඉදිරියට මේක ලියන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව. ගොඩක් හොද පොස්ට් 50ක්.. ඡය වේවා.. හා පැටියට බුදු සරණයි.

    ReplyDelete
  26. අපෙනුත් සුභපැතුම් හාවියේ. අපේ බ්ලොග් කෙරුවාවට දුන්න සහයෝගය කවදාවත් අමතක කරන්න බෑ

    ReplyDelete
  27. @ ෴ හසියා ෴

    පුදුම වෙන එක ගැන පුදුමයෙන්........ :a කෝල් පොලු දෙන්නේ කාට කියලා ගහන්නද........:j
    මොන පාර්ටිද අයියා......... අයියට ඕනිනම් මට විතරක් පාටියක් දෙන්න....... :b
    සුපර් කේක් දන්නවා දන්නවා........... :a

    සාධු සාධු සාධු......... (පාන්දරම නින්ද යනවා අඩුද???? අන්න්ට බණ කියන්නේ.... )

    මොක නැතත් අයියාගේ කැරට් සහනාධාරය ලැබේවා....!!!! :i :i

    බොහෝම ස්තූතියි මගේ අයියා....... :g :g :g :g

    හප්පා කේක් එකට උම්බෑ කියලා පලාතක්ම කෑවා නේද හොර හසියා.......... :h :h

    හා හා කේක් එක දෙකට කපලා කෑල්ලක් ගන්න. :p (මට මොකෝ මම ගෙනාපු කෙක්යැ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ...... :p :p)

    @ priyantha.ඒබී

    බොහොම ස්තූතියි ප්‍රියන්ත අයියා..... අයියලා ඉතින් මාව හැමදාම බලන්න ඇවිත් දිරිය දෙනවනම් මොනවද කරන්න බැරි......... :c :c

    @ චතුවා (ළමයා)

    බොහොම ස්තූතියි මල්ලියා..... ඔයාටත් එසේම වේවා.....!!!! :b

    අර හසියා අයියා ගෙනාවේ කේක් එකක්........ ඒකෙන් අයිසින් මලක් හරි ඉල්ල ගන්න....... :a :a

    @ පැන්da

    බොහොම ස්තූතියි අයියා අක්කියා දෙන්නටම........... :g

    හෆොයි හිච්චි මාව ඔච්චර වයසට යවන්නේ හිතකින්ද????? :s :s හාවි බ්ලොග් අවකාශෙට ඉපදුනේ එදා උනාට හාවි ඉපදිලා ගොඩක් කල්........ :a :a

    @ මාරයාගේ හෝරාව

    බොහොම ස්තූතියි අයියා.......... :c

    ඒ කතාවනම් ගොඩක් අය පිලිගනීද මංදා.......... :j කමක් නැ අයියා කියනවනම් මම අහන්නම්කෝ..........

    බොහොම ස්තූතියි අයියා............:c :c

    @ පූසා

    බොහොම ස්තූතියි සුදු පූසෝ.........:c :c
    නාහේ ඇදෙන්නේ මොකද මංදා..... :n එපා නම් හසියා අයියට කියන්නම් කෑල්ලක් අඩුවෙන් කපන්න.......:K :K

    ReplyDelete
  28. ඔන්න මෙගෙනුත් උණුසුම් සුබ පැතුම් හා පැටික්කිට , දැන් අපිට කරට්ද දෙන්නේ කේක් වෙනුවට ....

    ReplyDelete
  29. @ හසී

    අනිත් අයත් කිව්වද මංදා..........:p

    බොහොම ස්තූතියි අක්කියා.......... :g :g :g :g

    :i :i :i :i :i :i :i

    අක්කා මන්නයක් උස්සන් එනවා තමා මම දැක්කේ නම්. ලෂ්ෂන පිහිත් තියද අප්පා..... :j මොනවගේද දන්නැ???
    100 ලියන්න කලින් 51 ලියන්න එපැයි........ :p

    @ Podi Kumarihami

    බොහොම ස්තූතියි අක්කියා........... :c

    @ හරී - පිණිපළස

    බොහොම ස්තූතියි අක්කියෝ..........

    @ සිරකරුවා

    බෝඩ් ගැහුවම කඩන් බිදන් එනවනේ...... මටමයි අලාභේ..........:s
    හා හා බුවහ් හා හා......... :p

    @ අකීකරු හිත

    බොහොම ස්තූතියි සහෝදරී...........:c

    ReplyDelete
  30. @ Hasitha ජයසූරිය

    බොහොම ස්තූතියි පොඩ්ඩෝ......:c

    ආ මෙච්චර කල් දීපු කේක කෑවේ කවුද දන්නැ එහෙනම්...........:h :h

    @ නිශ්

    බොහොම ස්තූතියි අයියා..........:c

    ඒක මාර ප්‍රාර්ථනාව ඈ...........:a

    @ nawammawatha

    බොහොම ස්තූතියි සහෝ............:c

    @ Angel

    ආදරයෙන් පිලිගන්නවා ඔයාව මගේ දුප්පත් හා ගුලට...........:c :c

    බොහොම ස්තූතියි සහෝ......... ඉක්මනට පැන පැන යන්න බලමුකෝ....... මේ නම් ආවේ බොහොම හිමින් ගමනක්.........:a

    @ තාරක Dilsh@n

    බොහොම ස්තූතියි සහෝ.......:c

    ආදරයෙන් පිලිගන්නවා හා ගුලට............:c

    ReplyDelete
  31. @ Praසන්ன

    බොහොම ස්තූතියි අයියා........:c

    අයියා නොකඩසාම එනවා අපි හැමොටම අකුරක් හරි ලියලා යනවා..... ඒ ගැන බොහොම ස්තූතියි අයියා........ :c :c

    @ ජේ.ඩී

    හාවිට නෙමේ අලේ....... හාවිගේ සිතුවිලි අකුරු කරපුවට.......... :h

    ඇත්තදැ???? බලන්නකෝ...... චික්කිලීස් එකෙත් දාලද දන්නැ...... පොඩ්ඩක් හොයලා බලන්න ඕන.........:p :p

    බොහොම ස්තූතියි ජේ. ඩී මුත්තේ..........

    ඔය හසියා අයියා කේක් ගෙඩියක් ගෙනාවා. එයා භාගයක් කාලා ඉතිරි භාගේ ඇති බෙදන් කන්න......... :b

    @ ..ChAnDiKa..

    බොහොම ස්තූතියි අයියා.........:c

    බලමුකෝ නේද...... ඉස්සරහට මොනවා වෙයිද කියන්න දන්නෑනේ........... :a

    හපොයි....... ඔයා භාගයයි හසියා අයියා භාගයයි.......... එතකොට අනික් අයට?????? :s :s

    @ KaniRockz

    බොහොම සුතූතියි මල්ලියෝ.......... :c

    හා හා අළුත් කැරට් සහනාධාර කරුවෙක්...... බෝම සතුටුයි..........:c :c

    ReplyDelete
  32. @ Neranji___නෙරංජි

    ඔවුනේ නීනු.........:c

    හපොයි මෙන්නෝ....... තර්ජනය කරනවෝ........ ගෙදරටම ඇවිත් සද්දේ දාලා යනවෝ............:n :n

    @ අභීත

    බොහොම ස්තූතියි අයියා....... කිසි පරක්කුවක් නැහැ අයියා..........:c

    @ පබලු

    හෆොයි ගනන් කරන්න පිලිවෙලට ඔහොම පැන පැන නැතුව අක්කණ්ඩි...........:h

    බොහොම ස්තූතියි මගේ අක්කේ............:c

    @ නිරහංකාර අහිංසකාවි

    බොහොම ස්තූතියි නංගියෝ...............:c

    අනේ ඉතින් කමෙන්ට් ටිකක් දැම්මා කියලා ඒක දිරි දීමක් උනාට එහෙම උදවු දීමක් නම් නෙමේනේ නඟේ........:j

    @ කේෂාන් De சில்வா

    මොන පිස්සුද අයියා?????? කවුද ඔය බොරුව කිව්වේ???? අර පැන්ඩා අයියාගේ දිගාසිරි කාරයාගේ වැඩක් වෙන්නැ..........:h :d

    අපි නොදන්න ඩී සන්ට්.............:p :p
    බොහොම ස්තූතියි අයියා........ :c

    @ blog gadol

    බොහොම ස්තූතියි පූස් අයියලා..........:c

    අනේ මංදා...... හා හා............. :j :j

    @ Unknown_User/හිඟන්නා

    බොහොම ස්තූතියි මල්ලියෝ.......:c

    අද මුකුත් නැ..... පුලුවන්නම් මල්ලි මගේ දොර හදලා දීලා යන්න......:p :p

    ReplyDelete
  33. හා හා හරි හාවිට උණුසුම් සුභ පැතුම්! දිගටම ලියන්න නංගි,

    ReplyDelete
  34. අප්පචිචියේ...සොරි ලැට්‍ උනාට.. හා අක්කට මාගේ හා හදවතින්ම උණුසුම් සුභ පැතුම්... අඩේ මගේ පොස්ට් ගානත් ගනන් කරලා බලන්න ඔනේ :D

    ReplyDelete
  35. @ කලිකාල

    බොහොම ස්තූතියි අයියා.............. :c :c

    @ Pirate Bunny

    මොන බනියෙක්ද හැබෑට මේ????????:j

    හා හා බොහොම ස්තූතියි මගේ මලේ.......:c :c
    බනියා කවද්ද ඉතින් හරි වෙලාවට වැඩක් කලේ....... :d :d

    ReplyDelete
  36. Ane........adai dakke....
    GODAK SATHUTUI...Haaviye...
    mata purudu nan na...mehema comment daanna...
    Godak adupaadu athi...
    SAMAAWENNA...asarana Ibbita...
    Hadavathinma Sudu Haavita man GOOOO......OODAAAAK SUBA PATHANAWA...

    BUDUSARANAI...!!! Panchiye...

    ReplyDelete
  37. හුටා!!........... අහිතක් නැති බව දන්නවනේ... හද පත්ලෙන්ම සුබ පැතුම්.. දැනුයි දැක්කේ... මම මේ කම්පනා කොරේ...... නෑ ඒක ඕන නෑ!!
    -කාංචන

    ReplyDelete
  38. @ ඉබ්බි

    හෙහ් හෙහ් උත්තර බඳින්න පමා උනානේ.........
    බෝම ඉස්තූතියි............ :g

    ඒක තමා මාත් බැලුවේ ළඟ ඉඳන් කියලා නොදී කටින් කියපු එකක් හරියට කරාමද කොහෙද මේ ඉබ්බි.............. :q :q

    හරි හරියෝ........ කේක් පස්සේ බලමු...... නැත්නම් ටිපිටිප් එකක් හරි දෙන්නම්..... හික්ස්....... :g

    @ කාංචන

    හා හාමුමහත්තයා කලින්ම ඇවිල්ලා වගේ......... :k

    දන්නවා දන්නවා..... අහිතකුත් නැ දැන් ඉස්සර තිබ්බ සුට්ටි සිහියත් නැ කියලා දන්නවා...... හික්ස්..... :q :q

    නැ නැ ඒක ඕනම නැ....... :a :a

    ReplyDelete
  39. සෙන්චරිය බැට් කරන්නට ශක්තිය ඉක්මණින්ම ලැබේවා

    ReplyDelete
  40. @ Hasitha

    මගේ අම්මෝ තාම යන්තම් පනස් ගණන් ලියන්නේ. :n

    බොහොම ස්තූතියි හසිත..... :c :c

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)