෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Tuesday, January 11, 2011

ඔබෙන් නික්මෙමි..........



"ඔයා අද හරි වෙනස් වගේ......" ඔහු මාගේ දෑස ඔහුගේ දෑසට පටලාගන්නට උත්සාහ කර බැරිම තැන කීවේය. මා හොරෙන් ඔහුගේ දෑසට මාගේ දෑස අහු නොවන ලෙසින් ඔහු දෙස බැලීමි. ඔහුට මේ දැනෙන වෙනසට හේතුව මට කියා ගන්න හැකි උනානම්......
මටත් නොදැනිම මා මුවින් සිහින් ඉකි ගැසීමක් නික්මිය.

"මං අඬන්න දෙයක් කීවේ නෑනේ මගේ රත්තරනේ......."

"කෝ දැන් ඔය ඇඬිල්ල නවත්තන්න." මා ළඟින් වාඩි වූ ඔහු මාගේ හිස ඔහුගේ වම් උරහිසට බර කරගෙන හිස අතගාන්නට විය.

මා කඳුළු පිරි දෙනෙත් පියාන ඒ සුවය වින්දෙමි. කෙහෙරැළි පුරා හිමින් සීරුවේ දඟ කරන ඔහුගේ ඇඟිලි තුඩු ගෙනා සුවය මා සිත පිරි මදින්නාක් මෙන් දැනුනි.

කවදා වෙනකම් මේ සුවය විදින්නද...... මටත් නොදැනිම මා නෙතින් ගිලිහුණ කඳුළු ඔහුගේ බාහුව මත වැටිනි.

ඔහු මාගේ මුහුණ ඔහුගේ දෝතින් ගෙන මා දෙස බලා උන්නේ කඳුළු පිරි දෙනෙතිනි.

"ඇයි රත්තරනේ තවමත් අඬන්නේ....????"

"මං හිත රිද්දුවා නේද.....????"

"මට සමාවෙන්න රත්තරනේ........"

"මට ඔයාගේ වෙනසක් ටික කාලෙක ඉඳන්ම දැනුන නිසයි මං එහෙම ඇහුවේ...... සත්තයි."

මට ඔහු ගැන දුකක් ඇතිවිය. ඔහු දුක් වන්නේ ඔහු මා සිත රිදවූවා යැයි සිතාය. එහෙත් එය එසේ නොවන වග දැන් ඔහුට පැහැදිළි කල හැකි තත්වයක මා නොමැති නිසාවෙන්. මා නැවතත් ඔහුගේ දෑතින් මා මුහුණ මුදා ඔහුගේ උරහිසට හිස බර කලෙමි.

මද වේලාවක් කල්පනා කල ඔහු දිගු සුසුමක් හෙලා නැවතත් ඔහුගේ ඇඟිළි තුඩු මා හිසකේ අතර සෙමෙන් ගෙන යන්නට විය. ඔහු මා හිස පිරිමදින්නේ බර කල්පනාවක යෙදෙමින් බව මට දැනුනි.
ඔහු මා හිස තාලයකට පිරිමදිමින් හිටි ගමන් නවත්වමින්ද නැවතත් මතක් වූ සෙයකින් පෙරට වඩා ඉක්මනින් ඇඟිළි තුඩු දුවවමින්ද මා හිස පිරි මදින විට මට එය දැනුනි.

"මං ඇවිත් කොච්චර වෙලාද ඒත් ඔයා තවම මා එක්ක වචනයක් කතා කලේ නෑ. ඒ ඇයි රත්තරනේ.....????" ඔහු හිතෙහි තෙරපාගෙන උන් ප්‍රශ්නයක් මා ඉදිරියේ තැබීය. එහෙත් මා කුමක් කියන්නද......

මා තවමත් නිහඬවම උන්නෙමි.

"ඇයි කතා කරන්නැත්තේ?????"

"ම්ම්ම්ම් ම..... ම.... මට සති සති දෙක තුනකට ඔයාව මුණගැහෙන්න එන්න වෙන්නෑ....."

"ස.... ස..... සමහර විට ගොඩ...... කාලෙකට නැත්නම් සදහටම........" මා අද ඔහු හමුවේ කීමට ආ දෙය පුළුවන් ලෙසින් අකුරු අමුණා කීවෙමි.

ඔහු කඳුළු රැදි දිළිසෙන දෑසින් මා දෙස බලා උන්නේය.

"මොනවද රත්තරනේ මේ කියන විකාර කතා......." මාගේ හිත කඩාවැටෙන්නට වෙලාවක් අවැසි නොවීය.
හඬමින්ම කුරුළු පැටියකු සීතලට ගුළිවෙන්නාසේ ඔහුගේ පපුවට තුරුළු උනෙමි. ඔහුගේ කමීසයෙහි කිහිප තැනක් මාගේ කඳුළින් තෙත් වන තුරුම ඇඬුවෙමි. මා ඔහුට කුමක් කියන්නද......

ඔහු හදිස්සියේ යමක් මතක් වූ කලෙක මෙන් අත දෙස බැලීය.

"මධූ මේ වෙලාව......."

මාද ඔහු කී නිසාවෙන් ඔහුගේම ඔරලෝසුව වෙතටම දෑස දිවෙව්වෙමි. එහි හවස 4ත් පසුවූ බව සදහන් වී තිබුනි.

"අපි දෙන්නට කතා කරන්න ගියාම වෙලාවක් මතක නෑනේද......????" ඔහු මේ උත්සාහ කරන්නේ මා සිතෙහි වූ සියළු දුක් පිසදා මා සිත සතුටින් ගෙදර යවන්නටය.

මා දුක පිරි දෑසින්ම කඳුළුත් සමඟින්ම ඔහුට සිනාවක් පෑවෙමි. මා ගත් උත්සාහය අසාර්ථක බව ඔහුගේ මුහුනෙන් මට පෙනුනි.

"අපි ඕවා අමතක කරලා දාමු සුදු පැටියෝ......"

"ඔයා හිනාවෙලා සතුටින් ඉන්න එක තරම් මට වටින්නැහැ කිසි දෙයක්."


"හැබැයි ඒ ඔය බොරු හිනාව නෙමෙයි ඔන්න." මාගේ කඳුළු ඔහුගේ අතින් පිස කම්මුල් පිරි මදිමින්ම කීවේය.

අනේ මං කොහොමද අදින් පස්සේ මට ආයේ කවදා ඔයා දකින්න ලැබෙයිද කියලා ඔය ඇස් දෙක දිහා බලන් කියන්නේ..... මට ඔය ආදරේ ආයේ කවදා විදින්න පුළුවන් වෙයිද කියලා මං කොහොමද හිතන්නේ...... අළුත් කඳුළු වැල් මුහුණ පුරා ඇදෙන්නට ගත වූයේ නිමේශයකි.

"ඔය මගේ රත්තරන් ආයේ අඬනවා....."

"මං කොහොමද රත්තරනේ ඔය මූණ ඔහොම ගෙදර යන්න දෙන්නේ......" මට ඔහු ගැන වූ ආදරය තව තවත් වැඩි වන්නට විය. මට මා ගැනම දුක සිතුනි.

"නෑ නෑ මං අඬන්නෑ...... අපි යමු..... පරක්කුයිනේ......" මා හැකි ලෙසට අකුරු ටිකක් අමුණා ඔහුගේ හිත සනසන්නට තැත් කළෙමි.

"එහෙනම් මට පොරොන්දු වෙන්න අඬන්නැහැ කියලා......." ඔහු මා දෙසට ඔහුගේ දකුණත දිගු කරමින්ම පැවසුවේය.

"අපි යමු......." මා ඔහුගේ අත අල්ලා ගන්නා ගමන්ම කීවෙමි.

මා සිතෙහි වූයේ එකම පැණයකි.......

අනිද්දායින් පසු මට කුමක් වේද.....????

ඔහුට නොකීව එකම දෙය වූ මාගේ රෝගයත් ඒ සඳහා කල යුතු සැත්කම සඳහා අනිද්දා මා විදේශ ගතවිය යුතුය යන්නත්ය.............

අනේ මං ගැන වැරදියට හිතන්න එපා රත්තරනේ. මං ඔයාට නොකිය ඔයාව දාලා යනවා නෙමෙයි. ඔයාට ආදරේ නැතුවත් නෙමෙයි. මං කොහොමද ඔය ඇස් දෙක දිහා බලන් මං.... මං කියන්නේ මං මැරෙන්න ඉන්න කෙනෙක් කියලා......
අනේ මට සමාවෙන්න රත්තරනේ............
මා සිතින් මිමිණුවෙමි.

කඳුළු පිරි දෙනෙතින්ම මාගේ බසය ඇදෙන තුරු මඟ බලන ඔහු නොපෙනෙන තුරු බලා සිට බසයෙහි ඉදිරි අසුනට ඔළුව ගසා ගත්තෙමි.


...............................................................................................................................

සැ.යු.- වැරදී පබිලිස් වූවකි. මකන්නට තීරණය වූවකි. කරන්ට දෙයක් නැති කමට නොමකා පබිලිස්ම කරමි. දුක තමා.........
දන්න කෙනෙක් වැරදිලා පබිලිස් උනාම ගූගල් රීඩරෙන් අයින් කරන හැටිත් ලියලා යන්න තරහා නැතුව. මට ඒක බොහොම වැදගත්.

13 comments:

  1. ආරම්භ කර දින 10 ක් තුල ලියාපදිංචි වී ඇති අඩවි ගණන 50 ඉක්මවයි.
    ඔබත් අදම ලියාපදිංචි වන්න
    ලාංකීය බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සින්ඩිය "සින්ඩි ලංකා"

    ReplyDelete
  2. පිස්සු හා පෑටියෙක් නෙ. ලෙඩක් තියෙනවනම් බේත් ගන්නව මිසක්, හන්ගන් ඉන්ඩල වඩක් නෑ.

    ReplyDelete
  3. ඇයි මේක මකන්න තීරණය වුනේ.. :q

    ReplyDelete
  4. ම්ම්ම්ම්ම්....... මේ මොකද? වැරදිලා උනත් කමක් නෑ. ඒක මට වෙලාවකට හිතෙනව මෙයාමද මේ ලියන්නෙ කියලා. හ්ම්... මේ වගේ අත්දැකීමකට මමත් මුහුණ දුන්නා... අයෙත් ඒ මතකය අලුත් වුණා....

    ReplyDelete
  5. දුකයි.. :i :i
    ඒත් පැහැදිලි නැත්තේ ඇයි මේක මකන්න හැදුවෙ කියලා.. :j
    හේතුව දායි කියලා බලාපොරොත්තුවෙන් ආපහු මේ පොස්ට් එක පැත්තෙ එනවා හරිය... :r

    ReplyDelete
  6. @ samadhi
    හපොයි මේ කතාවත් මටම ඈදන්නද කම්පනාව..........:n :n


    @ Praසන්ன
    මකන්න ඕනි නිසානේ අයියා....... කොහෙද ඉතින්.......

    @ ..ChAnDiKa..
    නිකම් ලියූවක් පමණි අයියා. වැරදිලා දාපුවා අයින් කරන හැටියක් ඇත්තෙම නෑලු......:s :s
    මම තමා අපොයි වෙන කව්රුවත් ලියලා නෑ මේ වෙනතුරු මේ බ්ලොග් එකට.:n
    හ්ම්...... හිත රිද්දුවා නම් සමාවෙන්න අයියා......

    @ සිරකරුවා
    දුකට ලැජ්ජා හිතෙනවද????
    මකන්න හැදුවේ මේ කතාව මට හරි ගියේ නැති නිසා අයියා. වෙන එකක් ලියන්න බලාගෙනයි මකන්න හැදුවේ. ඒත් ඉතින් මගේ වැරදීමකින් (උනදේ මටත් තාම හිතා ගන්න බෑ ) පබිලිස් වුනා.:s
    (පබිලිස් උන හැටි මතක් වෙනකොටත් ලැජ්ජාවේ බෑ.... :s :s )

    ReplyDelete
  7. හයියෝ මොකද කරනවා.. යේක යමතක කරලා අලුත් පෝස්ට් එකක් දන්න එකෙන්ම..
    ආය පිස්සුවක් ඇතෑ මේක අයින් කරන්න.. :f :f

    ReplyDelete
  8. අටුවා ටීකා ඕන නැ...නියමයි කතාව..දැන් මොකැ මේ මකන්න හදන්නේ..

    පබලු

    ReplyDelete
  9. නියම කතව ...... හි....... හි....

    http://eazywaystoearnmoney.blogspot.com

    ReplyDelete
  10. @ සිරකරුවා
    බලමුකෝ........ :j

    නැ නැ දැන් මේක අයින් කරන්නෑ ආයේ....... :c

    @ පබලු
    ඔහොම බොරු කියලා අපායේ යයි. බලාගෙන.......... :h :h

    @ Anonimous
    බොහොම ස්තූතියි....... :c

    @ Admin
    බොහොම ස්තූතියි....... :c

    ReplyDelete
  11. කතාව නම් ලස්සනයි හා පැටික්කියේ. ඒත් ඇයි මකන්න හිතුවේ...:D

    ReplyDelete
  12. @ priyantha.ඒබී
    ම්හු....... මට ලස්සනක් නැති නිසයි අයියා....... :s :s

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)