
මදක් නින්දෙන් ඇහැරුනද දැනුන සනීපයට මා තව තවත් ඔහුට තුරුලු වී නිදි සේම උන්නෙමි. කුමක් හෝ කල්පනාවක නිමග්නව ඔහු මා කන සීරුවෙන් පිරිමදිමින් සිටියේය. දැනුන සනීපය නිසාවෙන්ම හොරෙන්වත් දෑස හැර ඔහු කල්පනාවකදැයි බැලීමටවත් සිත් නොවීය. සීරුවට මා කන පිරිමැදි ඔහුගේ ඇඟිළි තුඩු හිටි වනම නතර විය. මා හොරෙන් දෑස් විවර කලෙමි.
"හොර කෙල්ල........ හැමදාම ඔය හොර වැඩේ කරනවා නේද දැන්........."
මාගේ කන නොරිදෙන්නට පරිස්සමට මදක් මිරිකමින් ඔහු ඇසුවේ තරහකින් නොවන බව මා දනී.
"නිදිමතයි තාම.......... " සිහින් හඩින් නිදිමත කෙදිරිල්ලක් ඔහු හමුවේ තැබූ මා තව තවත් ඔහුගේ පපුව මත හැඩ ගැසුනෙමි.
ඔහු නැවතත් දකුණතින් සීරුවෙන් තුරුල් කර ගත් මාගේ හිස ඔහුගේ වමතින් සෙමෙන් පිරි මදින්නට විය.
මා තව තවත් ඔහුගේ සිරුරට බරවිමී. ඔහුගේ කල්පනාව මා කල දඟ වැඩෙන් බිදුනේදැයි දැන ගැනීමේ අටියෙන් මදක් හිස ඔසවා ඔහුගේ මුහුණ දෙස බැලීමි. මා දුටුවේ මා දෙසම බලා සිටින ඔහුගේ මුවයි. මා සිහින් සිනාවක් මුව පුරා පෑවෙමි.
"දැන් නිදිමත ගියාද ඉතින් ඔය පොඩි දෝණිගේ.........."
මා නැතැයි කීමට හිස දෙපසට සන් කළෙමි. ඔහු හා හුරතල් වන විට මා හට පොඩි දොණි හෝ මගේ පැටියා යන නම් වලින් මා ඇමතුවේය.
එවදන් වල වූ ආදරයට මා කවදත් පෙම් කළෙමි. ඔහු කොට්ටය මදක් කෙලින් කර ඇද විට්ටමට යන්තමින් හේත්තු විය. තවමත් නිදි මත දෑසින් ඔහුගේ පපුවට ගුලිවී හුන් මා ඔහුගේ පපුව මත මාගේ දෑත තබා එය මත මා හිස ඔහු දෙසට වන ලෙස තබා ගත්තෙමි.
ඔහුගේ ඇඟිළි තුඩු තවමත් ලතාවකට මා හිසකේ පුරා දඟ කරන්නට විය. සනීපයට ඇස් පිය වනු දෙතුන් වරක්ම දැනුනි.
"තාම නිදි මගේ නේද පැටියා.........."
"තව ටිකක් දොයි බබා එහෙනම්......." මා හිස ඔහුගේ පපුවට තුරුලු කර ගනිමින් පැවසීය.
"සනීපයි තාත්තියෝ........." මා ඔහුගේ පපුවේ කිහිප පොලක් සිප ගනිමින්ම කීවෙමි.
මෙතරම් උතුරණ ආරයක පහස විඳින්නට මා පෙරුම් පිරුවෙමි. එය සැබෑ කරමින් අහඹුවකින් ඔහුගේ ආදරය මට හිමි විය. ඔහු කියන්නාසේම මා මේ ලොව වාසනාවන්තම පෙම්වතිය විය. දැන් මා ඔහුගේ බිරිඳය. මෙලොව සිටිනා වාසනාවන්තම බිරිඳය........... එහි කිසිදු මුසාවක් නොමැති බව මා ඔහු හා ගෙවන මා හට පරිපූර්ණ වූ දිවිය සහතික වනු ඇත.
මද වේලාවක් හිස අත ගෑ ඔහු ඉන්පසු මා මුහුණ පුරා සීරැවෙන් ඔහුගේ දබරඟිල්ල ගෙන යනු කල්පනා ලොව සරමින් උන් මට දැනුනි. සනීපයට නිදන්නට මිස වෙන කුමක් නම් කරන්නට කියා මා සිතුවෙමි.
"කල්පනා කරනවා නේද බොරුවට ඇස් පියන්........." ඔහුගේ කට හඬින් මා සෙමෙන් දෑස විවර කලෙමි.
"නෑ මේ නින්ද යනවා සනීපෙට තාත්තියෝ........." මා නැවතත් හොරට ඇස් පියා ගන්නට තැත් කරමින්ම කීවෙමි.
මා දෑස පියාගන්නට පළමුව ඔහුගේ දෑසට මා දෑස අල්වා ගැනීමට ඔහු සමත් විය. ආදරයෙන් පිරි දෑස මඟ හැරීමට මට කිසි විටකත් නොහැකි බව මා එදා සිටම දැන උන්නෙමි.
නිමක් නැතුවම ඔහුගේ දෑස මා හා දොඩමළු වන්නට විය. එහි වූ ආදරය සෙනෙහස මා සිතට දැනෙන්නට වචනයෙන් කීමට ඇවැසි නොවීය.
"මං ආදරෙයි මගේ පණටත් වඩා මගේ රත්තරනේ........වචනයෙන් කියන්න බැරි තරම්ම........." ඔහුගේ ළය මත උන් මා මුහුණ පුරා හාදු තවරමින්ම ඔහු පැවසීය. ඔහුගේ උතුරන ආදරයෙන් මුසපත් වීමට මා හට කාලයක් ඇවැසි නොවීය...............
උදෑසන හිරු දකින
මල් කුමරි මමයි ඔබේ.......
මගේ ලොව හිරු ඔබය
පිනා යන මල් කුමරි මා........
සාර වූ ඔබ ළයෙහි මා
පිපෙන්නට වරම් ලද්දෙමි.........
ඔබේ සිත්හි උතුරනා වූ
ආදර රැසින් නැහැ වී පිබිදෙමි.......
විකසිතව ඔබ ළඟින් හිදිමින්
ඔබ ළයෙහි මා පිපී නැළවෙමි........
සසර පුරා ඔබ ළයේ පිබිදෙන්න
වරම් අයදිමි හිමියනේ මා.........
ඉතින්......
අවසරද මට......
සසර පුරා ඔබ ළයෙහි රැඳුමට.............????

සැ. යු :- හිත අද්දර මවන්නට ඇරයුම් ලද පාට පාට සිහිනයකි........... (මෙහෙම කිව්වට ඉතින් ලෝකෙම නැති ඒවා හිතා ගන්නවා නෙමෙයි ඔන්න..........)

හැමදාම මට වැලන්ටයින් නිසා අමුතු ටයිම් ඕනි නෑ........ :D ආයේ මොටද වෙනම දවස් ඇහුවලු...... හික්ස්...... :P
අද ඉස්පෙසල් සමරන අයට හැපි වැලන්ටයින් කිව්වා ඔන්න.......... :D :D :D :D අතින් කයිට් වෙන අයටත් හැපිම වේවා........ හික්ස්...... :P

සෝ රොමැන්ටික් පැටියෝ....(අහ් මාත් මේ පැටියා කීවේ ආදරේට...) :i :i :i :i :g :g :g :g
ReplyDeleteමගේ හිත කියවලද මන්දා මේ හාවිනම්...අනේ මන්දා....නියමයි...සුපිරිම සුපිරියි... :r
හාවිටත් හැපි වැලන්ටයින් කියනවා ඕන්......කවුද දැන් හාවා? :j
පෝස්ට් එකනම් සුපිරිම සුපිරියි....ආදරේ උතුරනවා....
අහ්හ් මෙයත් එහෙනම් ලාවට ඒ බෝට්ට්වේ.. :o
ReplyDeleteකවුද ඒ අමාරුවේ වැටුනු කොල්ලා? :p :p
හැපි වැලාස් ඩේ කිව්ව ඕන්..:b අද හරි හරියට වැඩ ඇතිනේ එහෙනම්
:g :g
හාවියේ මම කියවපු ලස්සනම පොස්ට් එක අද දවසේ..
ReplyDeleteකියන්න වචන නෑ. ආදරය උතුරනවා..
(හා කන් පිරිමදින්න ඔහුට ලේසි ඇති නේද?)
@ ෴ හසියා ෴
ReplyDeleteකවුරු කිව්වා...... හා පැටියා කියන්න ඕනිමනම්...... හික්ස්....... :a :a :q :q
කියවන්න පුලුවන්ද ඕක?????
බොහොම ස්තූතියි මගේ අයියා........... :c
අයියටත් හැපිම වැලන් ටයින් කීවා............ :g
ඒන්ජල් කවුද කිව්ව දවසට ඒක කියන්නම්...... :p
බොහොම ස්තූතියි........ මට මේවා ලියන්න අදහස් දෙන කෙනාට තමා ඉතින් ස්තූතිය යන්න ඕනි......... :i :i :i :i
@ සිරකරුවා
මොන බෝට්ටුවද සිකා අයියා??????? :p
කවුද දන්නේ.......... :j
සේම් ටු යූ ඈ............ නෝ නෝ.......... වැඩ නෑ...... :P :P
හරිම ලස්සනයි හා පැටික්කියේ. ඔයා මේ මම ගැන නෙමේ නේද ලියලා තියෙන්නේ? (කොහොමත් දකින්න විදියක් නෑනේ)
ReplyDeleteඔයාට සුබ ආදරවන්තයින්ගේ දවසක් වේවා.
හැපි වැලන්ටයින්ස් ඩේ...
ReplyDeleteආදරේ දෝරේ ගලනවා .
ReplyDeleteමට නම් හිතෙන්නෙම හාවියේ තාත්ති නොකියා අප්පච්චි කිව්ව නම් නියමයි නේද කියල..හිකිzzz..
ඔහොම ඔහොම ප්‍රේම වෘතාන්ත ලියාගෙන යන්නකෝ.ජයෙන් ජය
සා සා........ ආදරේ දෝරේ ගලනවා....... :D
ReplyDelete@ priyantha.ඒබී
ReplyDeleteබොහොමත්ම ස්තූතියි අයියා............. :c
හෙහ් හෙහ් දන්නැ............ :a
@ Podi Kumarihami
මං හිතන්නේ නැ......... ඔයා ගැන ලිව්වනම් තව කීප දෙනෙක් ගැනම ලියන්න එපැයි...... හික්ස්.......... :p
අක්කිටත් එසේම වේවා....!!!!! :g
@ Praසන්ன
සෑම් ටු යූ සෑම් ටු යූ......... :c
@ පබලු
එහෙමද???? ඔහොම බොරු කීවම ඉස්මනට අපායේ යයි......... :p
සළකා බලමු ඒ අදහසත්........ :i
ලියාගෙන ලියාගෙන යයිද බලමුකෝ.............. :c :p
@ සෝරෝ
හැබෑද...... බදිමු හරස් කරලා වේල්ලක්?????? :p
එළzzzzzzzzzz :) :b
ReplyDeleteනංගිලගෙ මේ වගෙ ලිපි වලට අයියල කමෙන්ට් දාන්නෙ නැ කරන්නෙ මාරු වෙන එක ඒ හින්ද නො කමෙන්ට්ස්..
ReplyDeleteඇස් අ ෆ්‍රෙන්ඩ් නම් ඉතින් සුපිරි ජනප්‍රිය කලාවෙ බ්ලොග් පොස්ට් එකක්..යෞවනෙ හද හදුනන නවකතාකාරිය කියල පොඩි ලැලි කැල්ලක් ගහන්නත් පුලුවන් වෙයි
අපිට කොයින්ද වැලන්ටයින්.............. :f
ReplyDeleteහික් හික් ඇස හිත සමායෝජනයෙන් ඕන් කියෙවුව පොඩි දෝණි... :පී හෙ හෙ ඔයාටත් හැපිම හැපි වැලන්ටයින් 1ක් වෙවවා..
ReplyDelete@ ජේ ඩී
ReplyDeleteටැංකි වේවාස්ස්ස්ස්ස්.... :c:c
@ පැන්da
අනේ අයියේ මාරු වෙන්න එපා මොනවා හරි මෙහෙම ලියලා යන්න..... අයියා නැත්නම් එන්නෙම මං අඳෝනාවක් ලිව්ව දවසටනේ........... :s
හික්ස් ටැංකි ටැංකි............ :d
මොන ලෑලි කෑලිද අප්පා.....:h මෙව්වත් ලියන්නේ නිකම් පාලුවට වගේ හා ඉල්ලීමට...... :i
@ පූසා
ඒකත් එහෙමද සුදු පූසෝ........... :j
@ සුළඟිල්ල | pinkie
හෙහ් හෙහ් සමායෝජනයෙන් කියෙව්වේ නැත්නම් ඉතින් අතරමං වෙයිද දන්නැ........... :a :a :q
එසේම වේවා......!!!!!
මගේ හිතෙත් තියෙන ලස්සන බලාපොරොත්තුවක්!
ReplyDeleteආදරේට ජය වේවා!
හරිම ලස්සනයි... :b :b වෙනමම ලෝකෙකට ගියා වගේ දැනුනා.. :i :i හැපී වැලන්ටයින් හාවිටත් :m :m : :g :g :g
ReplyDeleteහැපි වැලන්ටයින් එකක් වෙවා හා අක්කියේ...
ReplyDeleteඅනේ බං කියෙව්වා කියෙව්වා..මොනවාවත් ලියන්න බැරැව කල්පනා කොරනකොට තමයි පැන්ඩගේ කතාව දැක්කේ..මටත් වෙලා තියෙන්නේ ඒකම තමයි...
ReplyDeleteනංගිලා මල් කඩනකොට අයියලා නොදැක්කා වගේ ඉන්නවා ඕං...
වරදක් නොවන නිසා බැනලත් බැහැ..එහෙමයි කියලා පනින හාවුන්ට ඉනිමං..හා හෝව් හාවුංට නෙවෙයි රිලව්න්ට ඉනිමං තියලත් බැහැ..මේ අයියත් ඕං අහක බලාගෙන අත වනාගෙන ගියා..ගෙදර වරෙංකෝ...
ඉතිං කොහොමද පොඩි දෝණි? ගොඩක් කාලෙකට පස්සේ නේද? :C
ReplyDeletenice post! should involve some personal experiences as well.:i:i:i
ReplyDeleteAnyway, whtz the big deal? U r a grown up bunny now, aren't u? :b:b:b
sorry can not type in sinhala @ da moment
හැමදාම සිංදුවලටම කොමෙන්ට් කරල හරියන්නෑනේ.. ඔන්න මගෙනුත් සුට්ටං කැරට් අලයක්.. සුපිරියි ඇ....
ReplyDeleteනැගිටින් නැතුව ඔහොම හිටින් තව සුට්ටි වෙලාවක්.. අපි ගියා..:d.
නියමයි හාවියේ.. :c
ReplyDeleteආදරේ හද පිරී උතුරා යනවා... :i
මගෙන් සුබ පැතුම්..!! :d
@ තාරක Dilsh@n
ReplyDeleteහෙහ් හෙහ් එහෙමද.......... :a
එසේම වේවා එහෙනම්...........:c
@ හසි
අපොයි මේ කස්ටිය හෝ ගාලා මවනවනේ.......... :j
එසේම වේවා අක්කිටත් ...... ටත්......... :d :g
@ නිම්ශා
නංගියටත් එසේම වේවා........... :c
@ මාරයාගේ හෝරාව
අනේ හපොයි කතාවක් ලිව්වම ඒකේ කතා නායිකාව මම වෙනවද???? එතකොට කතා ලියන හැමෝම ලියන ඒවා ඒ අයගෙද????? අලේ ඔහොම කලල්ල එපා අලේ අයියේ............ :s
මොන මල්ද මේක නිකම් අකුරු වැලක් නේ............ :a
ගෙදර එන්න කියපු විදිය නම් ඇල්ලුවේ නැ. මාව මස් කරලා අර හා මස් කන්න බලන් හිටි කෙනාට විකුණයි වගේ...... :s :s :s :s :n :n
@ නිශාචරයා Nishacharaya
ReplyDeleteමගේ අම්මේ අයියව දැක්ක කල්....... කොහෙද ගියේ මෙච්චර කල්. බ්‍ලොග් දෙකත් අප්‍ඩේට් උනේ නැ. එෆ් බී අප්‍ඩේට් උනෙත් නැ අයියගේ. හොයලා හොයලා බැරිම තැන හිටියා. බිසී උනාද අයියා????? නැත්නම් ගෙදර ආවද?????
අයියා දැකපු කල් තමා පුදුමෙනුත් පුදුමයි......... :c :c :c :c
@ blog gadol
හෙහ් හෙහ් අයියා හිතන දේවල්.......... :i
හ්ම් හ්ම් බලමුකෝ.......... :a :a
ඒකට මොකද අයියා...... නෙවර් මයින්ඩ් තමා.......... :c
@ Pasan
බොහොම ස්තූතියි ඇ.......:i කොහෙද ඒවටත් කැරට් දෙන්නේ අවාරෙට.......... :h
අනේ අයියා තාමත් බලු කූඩුවෙද ඒ කියන්නේ??????? :p:q
@ Snow Queen
බොහොම ස්තූතියි...........
හ්ම් හ්ම් එහෙමලු........ :p
සුභ පැතුම් මොකද ඈ??????:a :a
Comment කරන්න දෙයක් නෑනෙ... ඔය හැමෝම කියල තියෙන දේම තමයි මටත් කියන්න තියෙන්නෙ... ආදරය උතුරනව... මමනම් කියන්නෙ නව කථාවක් ලියන්න කියල.. මම කලිනුත් කිවුවද මන්ද?
ReplyDelete@ කේෂාන් De சில்வா
ReplyDeleteහ්ම්ම්ම්...... කලිනුත් කිව්වනම් තමයි. ඒත් මගේ නම් එහෙම අදහසක් නැහැ අයියා...... පුංචි සිද්ධි වලට මෙහෙම ලිව්වට ලොකු කතාවක් ලියන්න තරම් හැකියාවක් මට නැහැ අයියා......... :(
බොහොම ස්තූතියි අයියා......... :c
හරිම ලස්සනයි..ඇත්තම කීවොත් හීනයක් වගේ...
ReplyDelete@ Nishy
ReplyDeleteබොහොම ස්තූතියි......:c :c
හීනයක් වගේම තමා. ඒත් ඉතින් ඕනම කෙනෙක් කවදා හරි හැබෑ කරගන්න හිතන් ඉන්න එකක්. :r
අත්දැකීමෙන් ලියලා වගේනෙ අප්පා.... මරු මරු.. ඈ....
ReplyDeleteමටත් බදින්න හිතුනා බන්.... :D
@ අනුරාධ
ReplyDeleteමේ මේ මං තාම පොඩි එකී. මොන අත්දැකීම්ද.......... :n
මං ගානේ කඹයක් දෙන්නම් හොයාගන්න හොඳ පොල් ගහක්....... :p
:n එල එල.. කලෙකින් බැස්සේ. අප්පට සිරි හමත් වෙනස් කරලා. වැඩ කැලි ගොඩයි. එකසිය පන්සිය ගානට ලියත් එක්ක. වෙලාවක් තිබ්බොත් කියවමුකෝ..
ReplyDelete