
කම්මැළිකම බේරෙනවා......... නිදිමත ඇස් වලට තට්ටු කරනවා....... හනේ ඉතින් ගෙදර තට්ට තනියම ඉන්න කොට ඔහොම තමාලු. ඔන්න ඉතින් ගිය මාසේ ගිය නිසා මේ මාසෙට වැඩ අල්ලන්න හදන් නේ...... මේ වැඩේ කරන්න බැ. වන් ජීබියක් මට පනින්න තියා හැරෙන්නවත් මදි. ඒ නිසා මේක වහාම ක්‍රියාත්මක වෙන පරිදි මාරු කර ගන්න තමා හිතුවේ. හැබැයි ඔය වහාම කවදා ලබයිද දන්නැ. දෙයියෝ දනී මම නොදනී තමා............ මොනවා කරන්නද ඉතින්........
අද නම් ඉතින් ලියන් නේ කම්මැලි කමටමයි. මකරා අයියට උන පොරොන්දුව ඉටු කරනවද කියලා හිතලා ආයේ ඔන්න ඒ ලිපිය ඊළඟට දානවා හිතුවා. අද සුට්ටන් කතාවක් මතක් උනා....... කාලෙකින් කන වැටුන සිංදුව නිසා. මේක වෙද්දි මං වැඩිම උනොත් 2 වසරේ වගේ ඇති. ඊට වැඩි නම් නැ අඩු වුනොත් මිසක්. ඒකාලේ අපි හිටියේ අපේ අම්මගේ මහ ගෙදර. එහේ ඉතින් අපියි මාමලයි දෙගොල්ලම හිටියා.
මාමාට හිටියේ ඉතින් ලොකු පුතාලා දෙන් නෙකුයි දුවෙකුයි. ඒ අය අපට වඩා ටිකක් වැඩිමල්. මටයි අයියටයි කතා කලේ දුව පුතා කියලා. ඉතින් අපි ඔය ඇච්චා කාලේ ලොකු අයියා ඉස්කෝලෙත් ගිහින් ඉවරයි......... ඔය අයියා ඉතින් එළිවුන වෙලේ ඉඳන් රෑ වෙනකම්ම එකම සිංදු යන කැසට් පීස් වගයක් වැඩ කලා...... පොල් කටු හැන්දේ මිට වගේ....... කියලා පටන් ගත්තම ඉවර වෙන්නේ වෙන කොහෙන්වත්. ඒකාලේ ඉතින් බයිලා තමා දාලා තිබුනේ වැඩි හරියක්ම. ලොකු අයියා නැගිට්ට වෙලේ ඉඳන් නින්දට යනකම්ම ඕක වැඩ.
දවසෙ වැඩි හරියක් ගෙදර ඉන්න මටත් ඉතින් ඔය සිංදු කෑලි කෑලි ටික ටික පාඩම් උනා. සාමාන්‍යයෙන් සිංදුවක් යනකොට වචන ටිකක් අඳුරන් කියන්න තරම්. ඇයි ඉතින් හැමදාම එකම සිංදු ටිකනේ ගියේ. ඒත් ඉතින් අර අපේ සන්සරසිඳු අයියට අසා ලිවීමේදි මිස් උනා වගේ තමා මටත් හැමදාම ට්‍රයි කලත් එක සිංදුවක පදයක් අල්ල ගන්නම බැහැ. කොච්චර කරත් ඒ පදේ අන්තිම ටික ඇහෙන්නැහැ.

මගේ පුංචි කුමාරි පමා ඇයිද සැදැවේ
ආල හැඟුම්........... වැඩක් නෑ වචනේ තේරෙන්නැ.
මොන වදයක්ද...... දැන් දවස් ගානක් තිස් සේ ඒ සිංදුව යද්දි ළඟටම ගිහින් කන තියන් හිටියා.........
ම්හු..... වැඩක් නැ..... වචනේ ඇහෙන් නෙම නැ........
ඇහුනට පැහැදිලි නැ. වචනේ හොයා ගන්න.
මොනවා කරන්නද..... අහස පොළව ගැට ගගහ අපේ සන්සරසිඳු අයියා කලා වගේම මාත් කල්පනා කලා දවස් ගානක්ම අතන වචන ටික හොයා ගන්න.
ම්හු මෙලෝ වැඩක් නැ...... හැමදාම ආල හැඟුම් තැනින් පස් සේ ඇහෙන්නැ හරියට........ දවසෙම කල්පනා කලත් ගැලපෙන වචනයක් නැ...... :( :(
මාත් ඉතින් දවසෙම ඕක හොයාගන්න හැටි තමයි හිතුවේ. ආයි කියන්න ඕනි නෑනේ පොඩි එකෙක්ට දෙයක් හොයාගන්න ඕනකමක් ඇති උනාම. රට පෙරලලා හරි වැඩේ කෙරෙන්න ඕන.
දවසක් ලොකු අයියා බයිසිකගේ පිහිදාන අතරේ මිඳුලේ ඇවිඳින මට ඇහෙනවා අමුතු වචනයක්. කලින් අහලම නැති.
හරියට හරි ඒකතමා වචනේ...... දාලා බැලුවම තාලෙටත් නියමෙට ගැලපෙනවා.....
හුරේ එහෙනම් මිෂන් එක අවසානයි මම වචනේ හොයා ගත්තා. දැන් ඉතින් හරියටම ගැලපෙනවද බලන්න සිංදුව ආයේ යනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා........ :D
හරි ඔන්න සිංදුව යනවා..... මම අමාරුවෙන් මතක තියා ගත්ත වචනෙත් එක්ක මුමුණනවා.......
හරියටම හරි ඒක තමා වචනේ........ සංතෝසේ බැරුවා.......
මගේ පුංචි කුමාරි පමා ඇයිද සැදැවේ
ආල හැඟුම් බෝල බෙයාරිං
පාළුවේ ආල හැඟුම් බෝල බෙයාරිං.........
කොහොමද පුංචි හාවිගේ ගැලපිල්ල????? :D :D :D :D
සැ.යු:- හොඳ වෙලාවට හා පැටික්කි ලැජ්ජාව වැඩි කමට කාටවත් ඇහෙන්න පුංචි කාලේ උනත් ගේ දෙවනත් වෙන්න සිංදු කියන කෙනෙක් නෙමේ. එහෙම උනා නම් ඉතින් වස ලැජ්ජාව. ඔය බයිසිකල් වල බෝල බෙයාරිං කියන වචනේ තේරුම දැන ගත් තේ මං බොහොම ආදරේ කරපු විද්‍යාවට ටියුෂන් ගිය සර් ගෙන් අහගෙන. සර් ඉතින් මාත් එක්ක සර් ගේ දුව එක්ක වගේම ගොඩක් හොඳයි. ඒ නිසා බය නැතුවම ඇහුවා. ඒ 8 වසරෙදි විතර.

හම්මෝ,,,හිනා වී හුස්මත් හිරවෙයී....
ReplyDeleteහාවියේ සිරාවටම මේකන ෆට්ට කතාව :t මේ තාමත් ඔහොමද ඈ?
ReplyDeleteමේ හා අක්කේ....සිරාවට ලැජ්ජාව තිබුනයි....බොරු නේ...ඒක පොතකින් අහුලපු වචනයක් නේ....ඉකේයියා... (හිනා වෙන සලකුන දැම්මෙමි)
ReplyDeleteආල හැගුම් බෝල බෙයාරිං :D මරු ගැලපිල්ල :D
ReplyDeleteමෙන්න මම පද වැරදියට හිතාගෙන හිටපු සින්දුවක්
ReplyDeleteකෙසේ කියන්නද
ඔබ මා අතහැර ඉවත ගියා කියලා
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ බොනවත් කියලා
@ පබලු
ReplyDeleteඅපොයි එව්වා හරි කර ගන්න එපා........... :q :q
@ පූසා
හෙහ් හෙහ් තාමත් ඔහොම නැත්තෙත් නෑලු සුදු පූසෝ......... :a :a
@ රත්ගමයා
තිබුනා තිබුනා........... මොන පොත්ද. තාමත් තියනවා දෙයියනේ කියලා......... :a
මේ ඔය වචනේ මං තහනම් කරනවා ඔය පාර. ඔයාට රත්ගමයා නෙමේ කියන්න ඕනේ ඔන්න ඔය නම. :b
@ Yohan Kanishka | යොහාන් කණිෂ්ක
ගැලපෙනවනේ මල්ලි........ මං කිව්වේ වචන වලට...... හික්ස්...... :p
@ පිණි බිඳු
හික්ස්....... ඒකත් මේක වගේම නොවැ.......... :q :q
හාවි හදපු තව සින්දු එහෙම තියෙනවනම් දාන්නකො...! :e
ReplyDeleteහික් හික් හාවීත් හොයාගන්න වචන :q :q :q :q
ReplyDeleteදෙයියනේ ! මිල්ටන් මල්ලවආරච්චි මහත්තයා හිටියනම් මොනවා වෙයිද ?
ReplyDeleteබෝල බෙයාරිං :e එල එල
ඕං බලන්ටකො වැඩේ.. .. .. ..
ReplyDeleteවෙලාවට අයියන්ඩි සිංදුවට ගැලපෙන කුණුහබ්බයක් නොකීවෙ.
හිකිස්. කැටිපොල් ඩී.
@ තාරක Dilsh@n
ReplyDeleteඋවමනාවෙන් නැතුව ඔහොම හැදුන ඒවා ගැන නම් හොයන්න මතක ගබඩාව තව අවුස්සන්න වෙනවා................ :j :j
@ හසී
වචනේ ගැලපුනා තාලෙට තේරුම හොයන්නේ කවුද ඔය වයසට....... අපි සැටිස්....... හික්ස්......... :b
@ හිස් අහස
හොඳ වෙලාවට නැත්තේ නේද සඳරු....... හික්ස්...... :d :d
හෙහ් හෙහ්.........
@ බූරු පුතා
ඌප්ස්...... ඒකත් හැබෑව නේන්නම්....... හා මොළේට කම්පනාවට ආවේම නෑනොවැ ඔය බූරු මොළේට ආවට........ :o කැටපොල් ඩී තමා......... :q :q
ෂා.... නියම ගැලපිල්ල නෙව!!!! හිකිස් හිකිස් හි...හික්.... හිනාවත් හිර උනෝ!!!!!
ReplyDeleteහා අක්කේ..ගැලපිල්ල අසමානත් නැ ඉතිං
ReplyDeleteසමහරුන්ගේ ආලය බෝල බෙයාරිං වගේ තමා..එහාට කැරකෙනවා මෙහාට කැරකෙනවා.. :D
අනේ ඔය මවුස්පොයින්ටර් එක වටේ මොනාදෝ කැලි හැලෙන එක ගලවලා දාන්නකෝ..සයිට් එක පට්ටම ස්ලෝ වෙනවා ඒ මගුලට.. :-/
හාවි විත් බෝල බෙයාරිං.... :p :p :q :q
ReplyDeleteඅපි නොදන්නවයෑ....හාවි දේකට අතගැහුවොත් ඉතිං අයේ අතාරිනවා බොරු....හික්ස්.... :r :a
ටිකිරි මොලේක තරම..
ReplyDeleteමොනව උනත් ලස්සන කතාව..
හික් හික්... බලන්ගියාම අක්කත් දස්සි නොවැ
ReplyDeleteහොර බනිය කිව්ව වගේ එක අතකට ඒ සිංදුවෙ ඇති අවුලකුත් නෑ තමා :D
දැන්නං ඉතිං ඔවා මොරන හැටි දන්නවානේ..
ReplyDeleteඅපරාදේ කියන්න බැහැ බෝල බෙයාරිං නම් නියමෙටම ගැලපෙනවා එතනට.:e
ReplyDeleteමමත් ඉස්සර ඔය ඇහෙන්නේ නැති කෑලි වලට මගේ වචන දාගෙන හයියෙන්ම සින්දු කියනවා. එහෙම මතක් වෙච්ච එක සින්දුවක් තමයි මේ,
"උගුඩුවො මගේ රා බොන්නේ රාළහාමිලා" :D
හුහ් හුහ් හුහ් හූ................... හැ හැ හැ .................. ෆට්ටයි ඇ...........
ReplyDeleteතව මොනවට මොනවට ඔයවගේ කැලිදාලා සිංදු හැදුවද දන්නෙ නැ.......... හැක්xxxx
තව එකක් දෙකක් දාමු බලන්ට එහෙනම් ;)
@ punchisamanalee
ReplyDeleteඅපොයි අපොයි සමනලී අක් කේ හිර කර ගන්න එපා..... අයිතිකාරයා මටත් දොස් කියයි.......... :q :q
@ Pirate Bunny
ඒකත් එහෙමද...... අත්දැකීමෙන් වගේ කිව් වේ හුම් හුම්............ :r
හලේ එහෙමදැ....... දුකයි අප්පා...... හා හා අයින් කොරන්නම් මලේ.......... :s
@ ෴ හසියා ෴
යැ යැ හාවි විත් බොල බෙයාරිං........... :h
ඒ වගේම අතඇරියොත් ඉතින් අත ඇරියම තමා ආයේ අල්ලනවා බොරු.........:a හික්ස්........ :p
@ Dinesh
ටිකිරි මාරි කාලා නම් නෙමෙයි හැබැයි. :b
බොහොම ස්තූතියි අයියා. :c
@ Hasitha ජයසූරිය
ReplyDeleteනැතුව නැතුව............ :d
තවත් අත්දැකීමක් වගේ....... හුම් හුම්..........
මේ පැත් තේ පේන්න නැත් තේ පාඩම් කරන නිසා කියලා හිතනවා පොඩ්ඩා........ දැන් ඉතින් අපිට ඇපොයින්මන්ට් දාලා කතා කරන්න වෙන තත්වයක් තියෙන් නේ පොඩ්ඩට.:j
@ මාරයාගේ හෝරාව
හැබෑටම කොහොමදැ????
හික්ස්........ :j
@ කොට ජීවිතේ
ඔව් ඔව් අක්‍කා අපි දෙයක් ගැලපුවොත් එහෙම තමා............:b
අපොයි...... මම නම් හයියෙන් කිව් වේ නැ. ඒ නිසා හොඳට ගියා..........
හික්ස්........ ඒකත් ගලපලම ලියලා තියෙන් නේ.......... :a :a
@ ජේ.ඩී
මොකෝ නරි ටයිප්????? :q
මතක නැ අප්පා...... මතක් උනොත් දාන්නම් කෝ.........:d
ලස්සන කතාව හා පැටික්කියෝ...ඔයා තාමත් ඔහොමද? අර ඇහෙන්නේ නැති කෑලිවලට අතින් කෑලි දානවද? 'මකර අය්යගේ කීමක් ඉටු කිරීම පිනිස' නංගියේ මේවා නම් හොඳ වැඩ. මකර අධිරාජ්ජයට මේ අවුරුද්දේ ලබල තියෙන්නේ 'හාවෙක්නේ'.
ReplyDeleteපේජ් හිට් 10'000 ට ඔන්න ඉස් ඉස්සෙල්ලම මගෙන් සුභ පැතුම්.....10'000 ට 100'000+ පේජ් හිට් ගහන්න හැකියාව ශක්තිය ධෛර්යය කැරට් කන්කුන් උඳුපියලිය වැඩි වැඩියෙන් ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.....
ReplyDelete:g :g :g :g :g :g
"හැමදාම ආල හැඟුම් තැනින් පස් සේ ඇහෙන්නැ හරියට.". අයියෝ ඕක දන්නෙ අදද? කෝක ඇහුනත් එකයි. ඇහෙන එක හරි කියල හිතන්න.
ReplyDeleteමැණික්(සුළඟ)
හකිස් හිකිස් ලොල්.
ReplyDeleteඅල්ලපු ගෙදරට ගිය මගරිනා සින්දුව මතක් වුණා. ඒකත් ඔය වගේ චූටි ළමයෙක්ගෙ නිෂ්පාදනයක්නෙ.
හොඳ ළමයා, පොරොන්දුත් මතකයිනෙ.
@ Podi Kumarihami
ReplyDeleteහෙහ් හෙහ් නෑ කියන්න බැ. තවමත් අහුඋන වචනයක් දාලා කියනවා.......... :a :a
අනේ එව්වා නම් මං දන්නැ. එයාට උන පොරොන්දු වලින් අන්තිම එක තමා ඔය ඉටු කරන්න තියෙන්නේ. අනිත් 2ම කලා............... :a
@ ෴ හසියා ෴
බොහොම ස්තූතියි මගේ අයියා........... :g :g :d
යන එන වෙලාවට ඒවත් පේනවනේ............. :a
බොහොම බොහොම ස්තූතියි. ඔයා දෙන සහනාධාර වැඩි කරොත් වැඩියෙන් ලැබෙයි මට. මොකද කියන්නේ???? හික්ස්....... :q :q
@ මැණික් (සුළඟ )
හික්ස්...... එහෙමද කවුද දන්නේ........... :j
@ Chanaka Aruna Munasinghe
අපොයි මතකයි. මතකයි. කොහොම අමතක කරන්නද ඇහුවලු........ (මට ගිනි පිම්බොත් හාවා පවුනේ මගේ.....:n :n :d)
ඒකත් එහෙමද....... හුම් හුම්.........:c :c
තව පොරොන්දු තියෙනෝ. අර බෝල බෝල සත්තු පොරොන්දුව
ReplyDelete@ Chanaka Aruna Munasinghe
ReplyDeleteඒ සත්තු දාන්නම් කීවේ නෑනේ මම.........:r :r
අනිත් පෝස්ට් එක නම් සඳුදට දාන්නම්. අද කරන්න ගත්තා ලියන්න කම්මැලියි.:s
:a බෝල බෙයාරිං......... :C
ReplyDelete@ මුතූ - iRaMaLa
ReplyDelete:a :a :a :a හිමින් හිමින් කාටවත් ඇහෙයි. බලාගෙන.:p
හික් හික් මාරයි ඈ... මරු ගැලපිල්ල... :D
ReplyDeletehttp://anymusc.blogspot.com
Download music albums , videos and audios... Sinhala songs , English Songs
, Hindi Songs.. Any Song Free Download...100% FREE
http://www.anyvd.com
Sinhala Music Videos, Online Watch, New songs, Sinhala songs,Online watch videos ,
Sinhala Music ,Sinhala videos, Hindi music Videos, Hindi movie songs, Hindi Songs
http://letsenjy.blogspot.com
Do you like to Enjoy?
A collection of interesting articles , Read nice things here
Funny , Tragedy stories, Love stories, Love Quotes , Life Quotes, Allegory,
Fairy tales, Friendship , Something to learn for life.