උඩ මාතෘකාව දැක්කනේ. වැඩකට නැති දෙයක් තමා. (කවුද අර හාවි කවද්ද වැදගත් ඒවා ලිව්වේ කියලා අහපු පණ්ඩිතයා..... )මේකත් රට හාවා අඳිනවා වගේම සොන්ටිමෝරි වැඩක්. ඒනිසා ඉතින් ඔන්න බලලා මටයි හා පරම්පරාවටයි බැන බැන යනවා එහෙම නෙමෙයි.
දැන් ඉතින් කියන්න දෙයක් නැ. අද හා චීචගේ මොන්ටිසෝරියට ආපු අය ඉඳගමු බලන්න........ සූටි බබාලට (මරු සූටි තමා කමක්නැ මෙහෙම කියමුකෝ.... ) අද රට හාවා අඳිනවා වගේම කියලා දෙනවා "ල" යන්නෙන් මාව්වෙක් අඳින හැටි.
කාවද අපි අද අඳින්නේ.............?????
අන්න හොඳ ළමයි. (එකෙක් කට හෙල්ලුවේ නැ. ශික් විතරක්)
ඔන්න ඉතින් පින්තූර එකින් එක බලන් යන්න තමා තියෙන්නේ. (කුරුමිණි අඩු හා හකුරු වලට ආසන්න අකුරු ඇත්තියක් වන මම යන්තම් ගැටගහලා ලොකුවට ලියාගත්තු අකුරු ටිකට මුකුත් කියනවා එහෙම නෙමෙයි ඔන්න.)
මාගේ ලාලිත්‍යෙයන් පිරි මුතුකැට වන් අකුරින් ලියූ "ල" යන්න දැන් පහත පරිදි මාළුවෙකු බවට හැරවිය හැක.
ඔය සැකිලිලට දන්න පරිදි ඇස් කන් නාස ආ නැ නැ ඇස් කට වරල් දැමූ විට මාළුවා පහත පරිදි දිස් වෙනු ඇත........ හික්ස්........
චූටි බබාලට හරිනේ???? දැන් ඊළඟ වැඩේ නම් ටිකාකාකාකාක් විතර අමාරුයි. "ර" යන්නෙන් බල්ලෙක් අඳින්න තමා අපි හදන්නේ. හරිද......
හැමෝම ගනිමු බලන්න අළුත් කඩදාසියක්. (සොරි වෙන්න ඕනා ලොකුවට "ර" යන්නක් ලියා ගන්න නම් පුදුම විදියට අමාරු උනා. ඒ නිසා ඇහැක් හැටියට ඒ කිව්වේ "ර" යන්නක් හැටියට පුංචිවට ඒ කිව්වේ පුළුවන් උපරිමෙන් ලොකුවට ලිව්වා.)
පහලින් බබාලට බලන්න පුළුවන් "ර" යන්නයි බව්වා බබාගේ ඇට සැකිල්ලයි දෙකම. ඒක තමා පස්සේ අපි බව්වෙක් කරන්නේ. රට හාවා වගේම තමා ටිකක් විතර. හැබැයි ඉතින් මෙව්වා පොඩි අයට අඳින්න තමා හොඳ.
එතකොට ඔය සැකිල්ලට වලිගයක් හෙම දාලා ඇස් දාලා ගත්තම අතිවිශිෂ්ඨ විදියට පහත ආකාරයෙන් බලා ගන්න පුලුවන්. (හොඳ වෙලාවට හූ කිව්වට නෑහෙන්න මං කලින්ම කන් වල ඇඹ ගහන් ආවේ.... අනික ඉතින් ඇතුලට එද්දි කැරට් කංකුං උඳුපියළි ඇරෙන්න තක්කාලි බිත්තර හෙම ගේන්න තහනම් නිසා මං බේරුනා ඔන්න. :D :D)
එහෙනම් බබාලා අදට පාඩම ඉවරයි. "ත" යන්නේ අලියා අඳින්න මට මතක නැහැ. මාත් මේවා රූපපෙට්ටියේ කවුරු හරි අඳිනවා දැකලා මතක තියා ගතපුවා. මගේ නිර්මාණ නෙමෙයි. (එච්චර දෙයක් පුලුවන් නම් මං මෙහෙම ඉඳීයැ.) අනික් අර රවුම් වලින් අඳින ඒවා අඳින්න තරම් චිත්තර කරුම හැකියාවක් මට නැහැ. අපි ඉතින් වැස්ටර්න් කාරයෝනේ.;) ඇස් පෙනීම දුරුවල අය ඔව්වා මත කිලික් කරලා ලොකු කරලා බලා ගන්න.
සැ.යු :- මතක හැටියට තව දීපු එක පොරොන්දුවයි තියෙන්නේ මට. ඒකත් ලියන්න බලමු. (ඒ කෙනාට ඒක මතකද දන්නැ. මතක නම් ලියමු බලන්න මං දීපු පොරොන්දුව. {අමතක නම් ඉතින් මාත් මොකට ලියනවද....}) අදට ගියා. බැන බැන යන ගමන් බැනලා හරි කමක් නැ ඔය පල්ලෙහා කොටුවට ඔය කැරට් අලයක් දෙකක් දාගෙන යන්ට. :D :D

හලේ මෙයාටත් හිතෙන දේවල්.. :k :k
ReplyDelete:o
ටීචර, ටීචර, කෝ මකරයෙක් අඳින හැටි කියලා දීලා නෑනේ.
ReplyDeleteෂෝයි තීත..
ReplyDeleteදෙන්න හිතෙනවා කුණු කැරට් අලයකින් මූණටම...
ReplyDeleteඋදේ පාන්දර කියවලා දවස සතුටින් පටන් ගන්න හොඳ පෝස්ට් එකක් හාවියේ.
(දැන් ඉතින් කොල හොයන්න යන්න ඕන)
ලස්සනයි. :f
ReplyDeleteහා පැටික්කිට ටීචර්ට තැන්කූ. මම දැනන් හිටියෙ ර යන්නෙන් හාවා අඳින හැටි විතරයි.
ReplyDeleteඑල එල චුටි මෑඩම්
ReplyDeleteඅඩේ සෝයි අෆ්ෆා......... චූචිකාලෙ මතක් උලාලේ........ :c
ReplyDeleteචිත්ත අඳිල්ල බැ කූවට ඔය ඇඳලා තීන්නේ සෝයි එකට :e
මේක මරු ....
ReplyDeleteහික් හික්
:e Yakado mama motta sooli giyanan matath maawwekwath adinda puluwan wenawa ne...
ReplyDelete:t
ReplyDeleteහාවී ටීච දන්න දේවල්....... :t
ReplyDeleteඅලේ චෝයි චීට...
ReplyDeleteෂෝයි පාඩම.ආයෙ කවද්ද පටන් ගන්නෙ....
ReplyDelete' හරිම ලස්සනයි ගුරුතුමී...' පබලු කිව්වා :P
ReplyDeleteපණුවෙක්ව අදින්න පුලුවන් අකුරක් නැද්ද? :D
ReplyDeleteමොනා උනත් ටීච නම් ලස්සනයි අලේ :P :P
ReplyDeleteහරිම අපූරුයි....
ReplyDeleteසෝයි අප්පා මේක
ReplyDelete@ සිරකරුවා
ReplyDeleteහිතෙන දේවල් නෙමේ සිකා පුතේ කට පියන් ඉන්න බැරුවට කරන්න වෙන දේවල්............ :d :d
@ Podi Kumarihami
චීචර් මකරෙක් අඳින හැටි කියලා දෙන්නම් කියලා කාටවත් කීවේ නැ පැණි පොකු දරුවෝ......... :p :p
@ තාරක Dilsh@n
ස්තූතියි තාරක දරුවෝ........:d
@ priyantha.ඒබී
සැහ්....... මං හිතුවේ නැ කවුරු කිව්වත් පැණි ප්‍රියා පුතා ඔහොම කියයි කියලා........... :s :s
බොහොම ස්තූතියි.......... :c
කොළයක් හොයන්න ඔච්චර අමාරුද???? :j
@ Praසන්ன
බොහොම ස්තූතියි ප්‍රසන්න පුතේ.........:d හික්ස්....... :p
@ පිණිබිඳු...
ReplyDeleteඅපි හැමෝම මුලින්ම ඉගෙන ගන්න රට හාවා නේ ඒ චූටි පුතේ........ :k
හා හා වෙල් කම්.......... :g
@ ඉළංදාරියා
ඉළං දරුවගේ මොන්ටිසෝරි ඇවිල්ලත් පොඩි කමටද බාසාව ඇහුවලු........ :k :k :q
@ ජේ.ඩී
මෙන්න බලමුකෝ ඉතින් චීචගේ චිත්තර ගැන ගුණ අගුණ කියන මොන්ටිසෝරි දරුවෙක්.........:a :a චීච අමාරුවෙන් හරි ඇන්දා ඉතින්......... :j :j
@ වැප්
වැප් පුතා මොන්ටිසෝරි ඇවිත්......... :b
මොකද දරුවෝ හික්කාවද ඔය දරුවට???? හික්ස්......... :q :q
@ තරිඳු
තරිඳු පුතාත් මොන්ටිසෝරි ඇවිත් කතා කරන හැටි.......... :k :k
ඒකනේ මොට්ට සෝලි දැන්වත් යන්න........... :q :q
@ හිරණ්‍ය
ReplyDeleteබොහොම ස්තූතියි හිරණ්‍ය දරුවෝ.......... :d
@ සෝරෝ
අපිත් කඩු හරඹ නොදන්නවට දන්න දේවල් තියනවා දිව කොට සෝලෝ පුතේ.......... :q :q
@ මාරයාගේ හොරාව
ඔව් ඔව් චීට චෝයි......... :d
මාර පුතා ආවට බය කරනවා එහෙම නෙමෙයි මේ බබාලා ටික......... :k :k
@ dinesh
බොහොම ස්තූතියි දරුවෝ....... :d
දිනේෂ් පුතා හැමදාම මොන්ටිසෝරි එන්නද කම්පනාව?????? :k :k
@ පබලු
කෝ පබලු චමරි......... :d හා හා බෝහොම ස්තූතියි ඔන්න එහෙනම්........:g
@ අනුරාධ
ReplyDeleteම්ම්ම්ම් බලමුකෝ පණු පුතේ කම්පනා කරලා........... :j :j
@ Pirate Bunny
බනියා පුතාත් වයසට නෙමෙයි වැඩ........... :h
@ Dinesh
පන්තියේ දිනේෂ් පුතාලා ගොඩයි.......... :r
බොහොම ස්තූතියි.......... :c
@ හරී - පිණිපළස
බොහොම ස්තූතියි හරී දෝණියේ.......... :g
දෝණිගේ දෝණිටත් කියලා දෙන්න කෝ ලොකු උනාම....... :q :q
තීත ඇයි තීතගේ මාළුවා හතරට නැමුලා? :j අනික ඔය ඊත පහලින් ඉන්න සතාට අපේ පැත්තේ කීන්නේ නරියා කියලා :q (මත පේන හැටියේ වැලැද්දක්ද මන්දා)
ReplyDeleteඅලේ තෝයි කීන්නෙ... නීමයිනෙ... :e
ReplyDeleteචීතට බැලිද අපිටත් තිත්ල අදින හැති ගැන මොන්දිසෝලියක් දාන්න? :r
අපේ හාවිට ජය වේවා....!! :t නියමයි හාවියේ....දන්නවනේ ඉතිං මමනම් හැමවෙලාවෙම හිතන්නේ ක්‍රියෙටිව් අයිඩියාස් ක්‍රියෙටිව් තින්කින් කෙනෙක්ගේ තියෙනම් ජීවිතේ ගොඩම තමා....
ReplyDeleteඒ කියන්නේ අපේ හාවිත් ගොඩ වගේ.... :b
මේ ඒක නෙවේ....ම්ම්මම් කවුද අර හාවා? :r
(එතකොට මගේ අහිංසක හාවා පවු නොවැ....)
@ පූසා
ReplyDeleteඑතකොට පූසා පුතාගේ බඩට යන්න අමාරුනේ....... ඒ නිසා........... :k :k
ඇත්තද පුතා....... ඔන්න පුතා ආස හප්‍පෙක් හිතා ගන්නකෝ එහෙනම්......... :j :j
@ Hasitha ජයසූරිය
පොඩි පුතාටත් බෝම ස්තූතියි.......... :c
පොඩි පුතා තාම මොන්ටිසෝරි යන වයසට ඇවිත් නැහැනේ පැංචෝ.........:g හික්ස්...... :p
@ ෴ හසියා ෴
ඇම් ආර් හසියා පන්තියට ඉගෙන ගන්න ඇවිත් නෙමෙයි වගේ. දැන් කවුද මේ අයගෙන් ඔයාගේ දරුවා????? :a :a හික්ස්..........:q
මෙව්වා මගේ අයිඩියාස් නෙමෙයි ඇම් ආර් හසියා. මාත් මේ රූප පෙට්ටියේ දැකපුවා. ඇම් ආර් හසියාට වගේ අයිඩියාස් බස් කොයින්ද අපිට.......... :j :j
ආවනම් දරුවත් එක්කන් යන්න. ලැජ්ජ නැද්ද මිස්ලගේ පුග්ගලික විස්තර අහන් නේ...... :p :q :q :q
මම අද තමයි ර යන්නෙන් බව්වා අඳින්න ඉගෙන ගත්තේ. තැන්කූ චීචර්...
ReplyDelete@ හා පැටික්කි (MS)
ReplyDelete"කාරණාව ඉටු කොරේ නැත්නම් මාව දවා අලු කරයි. එතකොට මගේ අහිංසක හාවා පවු නොවැ"
හාවා නෙවෙයි. ඉත්තෑවා ඉත්තෑවා
ලයන්නෙ මාලුවනම් හරිම හුරතල් පාටයි . අර රයන්නෙන් ඇඳපු බවුවට බූසි වලිගයක් දාල ගත්තනම් නියම ලේනා.
දැක්කනෙ පොරොන්දු ඉටු කරන එකේ වාසිය. කැරට් ගොඩාක් හම්බ වෙලා.
===========
@ අනුරාධ
ටිකක් මහතට ගයන්නක් ලියාගෙන ඇස් දෙකක් දා ගත්තනම් නියම පණුවා
මම අපේ හෙදර බිත්ති පුරාම මේව ඇන්දා හරිම ලස්සනයි හා අක්කේ ...
ReplyDeleteහෙට බස් හෝල්ට් වල අඳින්න ඕන ...
අලේ අලි තෝයි චීත... :b :b උම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්.. :g :g :i
ReplyDeleteට්ටර්...මූ මගෙන් ගුටි කනවා කන පැලෙන්න..
ReplyDeleteටීචර් මේ අයි ගෝ ටු ද ටොයිලට් ටීචර්
@ කොට ජීවිතේ
ReplyDeleteආ කොට දැරිවිත් ඇන්දද එහෙනම් බව්වව?????
@ Chanaka Aruna Munasinghe
නැ නැ එයා හාවා. ඔය ඉත්තෑවා වත් අක්කිගේ කතාවේ හාවාගේ. මගේ නෙමෙයි. :h :h
ලේනෙක් කරන්නත් පුලුවන් එයාව. ඔන්නම් අයියගේ අදහස අනුව ඒකත් ඇඳලා දාන්නම්. :b
හ්ම් හ්ම් කැරට් ගොඩාඩාඩාඩාඩායි................ :c :c :c :c
@ හිස් අහස
හපොයි ඔයාගේ අම්මා මට ගහයිද සඳරු?????:n :n
මං කවද්ද අප්පා ඔයාට අක්කා උනේ????? :j
හා හා නෝටි ළමයි තමා ඔය වගේ වැඩ කරන්නේ. සඳරු පුතා ඒවා කරන්න එපා........:g
@ හසී
ඔන්න ආවා හුරතල් කෙලි පැටියා. හා හා චීචගේ මූණේ කෙළ ගෑවා ඇති දැන්. හික්ස්......... :p :p
@ රත්ගමයා
හනේ ඉතින් ඉකේයියා පුතා කොච්චර මොන්ටිසෝරි ආවත් ඉගෙන ගත්තේ ඔය වාක්‍ය කියන්න විතරන. පවු අනේ......... :q :q
අනේ හරිම ෂෝයි ටීචර්..... සමනලීගේ ආසම සතා අලියා... බැරිද ටීචර්ට ඒකත් මේ වාගේ අදින්න කියාදෙන්න????
ReplyDeleteඇත්තටම මේ චූටි ටිචර්ට පුලුවන්නේ ලස්සනට චිත්‍ර අදින්න ම්???
අඩේ මාරයිනේ .. ආ... හිටුකෝ පොඩි එකෙක් අහුවුන ගමන්, ඔය වැඩ ටික මතක තියන් ඉඳලා මාත් පොර වෙන්න.
ReplyDeleteඋපතින චිත්‍ර ඇදීමේ හැකියාවක් සහිත නිසා මම උත්සහ කිරීමටවත් නොගියෙමි
ReplyDeleteහා තීතර් තව එකක් කියලා දෙන්නකෝ...............
ReplyDelete@ punchisamanalee
ReplyDeleteඅනේ සමනලියේ..... මට මතක නෑනේ අලියාව අඳින හැටිය. :s
බෑ සමනලී බබා. යන්තම් ඉරි දෙක තුනක් ඇඳලා මෙහෙම අටව ගත්තට චිත්‍ර අඳින්න බැහැ. :n :n
@ prasanna86k
හරි හරි අයියා වැඩකරු.......... :a :a
@ MaRLaN
උත්සාහ කලානම් යන්තම් හරි හැකියාවක් ඇති බව අඳුන ගන්න පුළුවන් වෙයි ඔයාට.:r
@ Hasitha
චූටි පුතා ලේට් කමර් කෙනෙක්නේ. බලන්නකෝ ඊළඟ දවසේ පාඩමත් තියනවා. :c :c