෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Wednesday, March 16, 2011

ඉතින් ඔයාට මතකද........???? 02 සමඟ ටු‍ඩේස් ඉස්පෙසල්.......


අද කොටස දාන්න කලින් 14 වෙනිදා ලිව්ව කතාවේ මුල් කොටසේ අන්තිම ටික මතක් කරලම ඉන්නම්.........
...............................................................................................................................
...............................................................................................................................

වෙනදාට එන්නට දවස් 2කට පෙර සිටම කියනා ඔහුගේ අද උදෑසන ලද හදිස්සි කැඳවුම අනුව මා ඔහු එනතුරු සුපුරුදු ස්ථානයට වී මඟ බලා උන්නෙමි. තොළඟ රැදි සුපුරුදු සිනහව සමඟින් ඔහු මා වෙත පැමිණියේය.

‍"ම්ම්ම්ම් ගොඩක් වෙලා බලන් හිටියේ නෑනේද මැණික.....??" යැයි අසමින් ඔහු පා එසවීය. මාද ඔහු හා සෙමෙන් ඔහුගේ අතෙහි දැවටෙමින් වෙරළ දෙසට ඇදෙන්නට වුනෙමි.

වෙරළෙහි වූ ගල් බැම්මෙහි ගලක් මතින් මා හිඳවූ ඔහු ඊට ආසන්න ගලක් මතින් වාවි විය.

මොහොතක් දෙදෙනාම දෙනෙත් කලකින් දුටුවෙකුගේ වෙනස්කම් සොයන්නට මෙන් නිල්වන් සයුර දෙස යොමා සිටියෙමු. මොහොතකින් මා ගෙල වටා සීතලට යමක් දැවටෙනු දැනී මා ගැස්සී ගියෙමි. මා හට දෙනෙත් අදහාගත නොහැකි විය. ලස්සන සිහින් වූ රන්දමක් මා ගෙල වටා එතී තිබුනි.

‍"සුදු මැණිකට අද දවස මතකද????"

‍"ම්ම්ම්ම් නැහැ මං හිතන්නේ........." අසන්නේ මා සිතෙහි වූ කාරණාව නිසාමදැයි යන සැකයෙන් මා පැවසුවෙමි.

‍"හ්ම්ම්ම්........ මතකම නැද්ද?????"

මා හිස දෙපසට සන්කරමින් නැතැයි කීමි.

ඔහු ලද ඇසිල්ලකින් තවත් පුංචි පෙට්ටියක් මා වෙත යොමු කරන්නට විය. කුඩා මල් වැටුනු කොළයකින් ආවරණය කර තිබූ පෙට්ටිය දෙසත් ඔහු දෙසත් මා මාරුවෙන් මාරුවට බැලීමි.

‍"මේකත් බලන්නකෝ?????"

‍"ඇයි කියන්නකෝ මේ????" මා එය නොගෙනම ඔහු හමුවේ මා සිත්හි වූ පැණය තැබීමි.


‍"අද වගේ දවසක ඇරඹුන දෙයක් නිසා මට ජීවිතේට වටින මැණිකක් ලැබුනා..............." මා ඔහු දෙස බැලීමි. ඔහුගේ දෑසෙහි හපන් කමක් කල දරුවකු මෙන් නලියන්නට විය. මා ඔහුට තවත් ළං වුනෙමි.



.....................................................................................................................................

ආවානේද අදත් හොරෙන් කියවලා හීන මවලා පස්සේ මට වල් හාවි කියලා යන්න. ඒවා කොහෙද........ අද කතාව ඔතනින් ඉවරයි. (මෙන්නෝ කඩු පොලු මුගුරු ගේනවෝ...... මාව බේර ගන්නෝ.......... )

හෝව් හොව්......... කස්ටිය මම නිදුක් වෙත්වා...... කෝ කියන්න වාඩි වෙලා......... කෝ මේ වෙලාවට නැති මාර බණ කන්නද....... පටන්න ගන්න මාර අයියා මෛත්‍රී භාවනාවක් කස්ටියට........

හා හා සංසුන් වෙන්නැත්නම් ඔන්න ඔහේ මං කියලා දානවා.........

හ්ම්ම්ම් සිංඩිය පුරා පැන පැන යන ( පැන පැන කිව්වට ලිපි ගාන බැලුවම බඩගාලා ගිහින් තියෙන්නේ..... ) හා පැටික්කිට අද විශේෂ දවසක්........

ඔව් ඔව්......... හා පැටික්කිගේ සිතේ තිබුන පුංචි ආසාවකට යන්තම් එහෙ මෙහෙ කරලා තනියමම අටවා ගත්තු පුංචි හා ගුලට අවුරුද්දකුත් වෙලා......... හ්ම්ම්ම් අවුරුද්දක් කිව්වට මට නම් කල්පයක් වගේ........

මුලින්ම ඉතින් මං මේ වියුණු සටහන් කියවන්න ආවේ රිද්ම පත්තරේ ගිය පුංචි නිසදසක් දැකලා. ඒ ඇවිල්ලා මුලින්ම පය තිබ්බේ පිස්සා අයියගේ පලා මල්ලට. හපොයි පලා පැටලිලා වැටිලා යන්තම් නැඟිට්ටා. ඒ නැගිටලා වට පිට බලද්දි දැක්කා Bunny කියලා කෙනෙක්. හිමින් සැරේ ගියා ඒ ගෙදරට...... හප්පා..... එතන ඊට පිස්සු හැදෙනවා. ආයේ ආපස්සට ඇවිත් ගියා ශාකුන්තල කියලා තිබුන ගෙදරකට. එතන්ට ගියාම මොළේ ඩිංගක් විතර මඤ්ඤං උනා. ශාකුන්තල අයියගේ ලිපි ටිකක් කියෙව්වා. ඒ එක්කම ටයිම් පීස් ඔරලෝසුව කියලා රන්දිකා අක්කාගෙද කොහෙද ලිපියක් කියෙව්වා මතකයි. ඒ පදවැල හරිම ආසාවෙන් බැලුවා.

කොහොම හරි ශාකුන්තල අයියගේ බ්ලොග් එකේ තිබුන ලින්ක් එකකින් සිංහල දාගන්න හැදුවා. ඒ ලිපිය බලාගෙන කරන්න ඕන ඒවා හිමින් හිමින් කරන් සිංහල දා ගත්තා. එතන ආපු ලැංවේජ් බාර් ( හා හා බෝතල් විකුණන බාර් එකක් නෙමෙයි කෙල හලන්නේ.... ) එක මාගේ නුවණක්කාර වැඩක් නිසා නැතිම උනා. ආයේ අන්ඉන්ස්ටෝල් කලා ආයේ දැම්මා. ම්හු....... ඒක නෙමෙයි ආයේ ආවේ........ හලේ................ ඒ උනාට ශාකුන්තල අයියගේ බ්ලොග් එකෙන් තව ගැජට් එකක් අහුල ගත්තා. යුනිකේත එසැනින් පරිවර්තකය. ඔන්න ඉතින් ඒකෙන් අකුරු අමුණලා දැම්මා එතනම තිබුන ඊ ලිපිනයකට බයෙන් බයෙන් සිංහල දාගන්න හැටි අහලා. ශාකුන්තල අයියා මට පිළිතුරුත් එක්ක පුංචි විස්තරයක් දුන්නා. හරි ආයේ කලා.... ම්හු...... හරි ගියේ නැ. ලියලා යැව්වා මං ඒ බ්ලොග් එකක් ලියන අදහස හිතින් අත ඇරියා කියලා. ඒකට පිළිතුරු ලෙස ලැබුනේ කොහොමද දැන් සිංහල ලියන්නේ කියලා. ඇත්තනේ...... මං සිංහලෙන් මේ ලියන්නේ....... ඔන්න වැඩේ මොළේක තරම........

ඒ ඔක්කොම අතරේ ලිපි කියවද්දි කොහෙන් හරි ගිහින් වැටුනේ අපේ දුකා අයියගේ මාළිගාවට. මුලින්ම කියෙව්වේ පුංචි විරුල් ගැන. අමුණලා කරලා හා හා පුරා කියලා කමෙන්ට් එකක් දැම්මේ එතන තමා මම. අයියට මතකද මංදා ඇම් ඇස් කියලා දාලම තමා ලිව්වේ. ඊට පස්සේ දුකා අයියගේ එපා හිරු පායන්න ලිපි පෙල හැර අනෙක් හැම ලිපියක්ම ලැබුන ලැබුන වෙලාවට කියෙව්වා හිමින් හිමින්. කමෙන්ට් එක්කම. ඒකත් එක්කම මට හිතේ තිබුන ආසාව වැඩි උනා. ඇස් බී යූ එකේ තිබුන පාර දිගේ ගිහින් බ්ලොග් එකක් හදන හැටි බැලුවා. එතන තුන් වර්ගයක් තියේ. දවස් ගානක් කම්පනා කරලා ටක් ටික් ටුක් ගහලා තෝර ගත්තා වර්ඩ් ප්‍රැස්. හලේ කරන්නෙම මැටි වැඩලු........... මතක කියලා එකවුන්ට් එකක් හදලා ඇතුලට ගියාම නිකම් කරකවලා අත ඇරියා නෙමෙයි කරුවල කාමරේක අඳුරන්නැති කට්ටියක් අතරේ ඉන්නවා වගේ. දවස් දෙක තුනක් ඒක ඇතුලේ කැරකුනත් මුකුත්ම හිතා ගන්න බැරි උනා. දැන් නම් ඉතින් හිතුනෙම මේ වැඩේ මට අකැපයි කියලා. ඒ උනත් ඔන්න ආවා ආයේ මුලට......... මේ පාර ටක් ටික් ටුක් නොගහම බ්ලොගර් තොරගත්තා.

හුරේ අළුතින්ම මේල් එකකුත් හදාගෙනම යාන්තම් අටෝ ගත්තා. අවුලක් නැ තියන එව්වා ටිකක් ටිකක් තේරෙනවා. එහේ මෙහේ යද්දි කියවපු පුංචි පුංචි වචන දැක්කම ඒවා වෙනස් කර කර යන්තම් අටෝ ගත්තා. හරි......... දැන් නමක්........ මදෑ...... ලොකුම පුරස්නේ ඒක.......... ම්හු..... මතක..... ම්හු..... හරියන්නැ. ගොඩක් අය දාලා තිබුනා වගේ අර කාගෙද බ්ලොග් අවකාශය. නැ නැ හරි යන්නැ. වෙන නමක්........ නම් 10ක් විතර ලිය ලිය මැකුවා. ටිකකින් මතක් උනා බනී....... ශිට් ඒත් කවුද හිටියනේ ඒ නමින්. හරි එහෙනම් මං සිංහල උනා මතක අස්සෙන් අවුස්සලා ගත්තු නමක් එක්ක....... ඒ තමා හා පැටික්කි (MS) කියන මේනම......... ඒකත් හරි.

ඊ ළඟට මගේ ගුරුතුමාගේ නිවහනට ගොඩවැදිලා දිග ඇර ගත්තා ප්‍රොෆයිල් එක හදන්න. ඔව් ඔව් දුකා අයියගේ ප්‍රොෆයිල් එක බලන් මං මගේ එක ලිව්වා. හරිම සිම්පල්........ ඒකත් හරි. සිංහල බ්ලොග් කියවනය ගැන එතකොට පුංචි දැනීමක් තිබුනා රවුම් ගහලා. ඉතින් මුලින්ම මං ආසම පොතක තිබුන පිදුමක් ලියලා පබ්ලිශ් කලා. (ඒක දැනට මගේ ලිපි පෙලේ නැහැ. පස්සේ කාලෙක ඒක මගේ අතින් ඩ්‍රාෆ්ට් උනා. ) ඒ ගමන්ම ගිහින් සිංහල බ්ලොග් කියවනයට ෆීඩ් ලිපිනයත් අමාරුවෙන් ලිපි කීපයක් කියවලා බලලා ගැටගහගෙන ඉල්ලීමක් දැම්මා.

දැන් ඉතින් බලා.................න ඉන්නවා මම. වෙයිටින් වෙයිටින් වෙයිටින්..............

හුරේ මෙන්න මේල් එකක් ආවා වැඩි කාලයක් ගියේ නැතුවම. මං බලාපොරොත්තු උනේ දවස් දෙක තුනක්වත් බලන් ඉන්න. එදා එවෙලෙම හා පැටික්කිත් බ්ලොග් අවකාශයට කියන මේ ලිපියෙන් මේ යන ගමන ආරම්භ කලා. මුලින්ම මකර අධිරාජ්‍යයාගෙන් තමා කැරට් අලයක් හම්බුනේ. ඊට පස්සේ අද වනතුරු මේයන එන කැරට් දෙන හැමෝම.......... ම්ම්ම්ම් අද මේක මාගල වගේ කමක් නැ අද විතරනේ......

‍" මං ලියන මේ පුංචි විකාර කියවන කමෙන්ට් දාන නොදාන හැමෝටමත් සිංහල බ්ලොග් කියවනයටත් ලාංකීය සිතුවිළි වලටත් හා පැටික්කිගේ බ්ලොග් ගුරුතුමා උන දුකා අයියටත්, පැටික්කි බලන්න ‍මෙහාටත් පනින 191‍දෙනාටත් හා පැටික්කිට මේ පැත්තට එන්න උදවු වුන ශාකුන්තල අයියටත්, හා හා පැටික්කිගේ හා හදවතේ පත්ලෙන්ම බොහෝමත්ම ස්තූතියි.....!!!! කියලා කියනවා. වැදගත් කියලා ලිපි නම් මේ බ්ලොග් එකේ ලියවිලාම නැතුව ඇති. ඒත් ඒ හැම දෙයක්ම කියවන හැමෝටම ගොඩාඩාඩාක්ම ස්තූතියි......... විභාගෙත් අතරේ කරගෙන කස්ටියගේ පාඩම් කරන්න කියන තර්ජන ගර්ජන මැද කරගෙන ගියපු මේ බ්ලොග් එක නිසා ජීවිතේට ලැබුන අත්දැකීම් දැනමුතුකම් වටින් කියන දේවල් බොහෝමයි. දුකට සැපට වෙනසක් නැතුව බොහොමත්ම තදින් බැඳුන සහොදර සහෝදරියන් මිතුරු මිතුරියන් පිරිසක් ලබන්න ගොඩක්ම පින් කරලා තියනවා. ඒ එක්කම හා පැටික්කිගේ ජීවිතේට තවත් වටිනාම වටිනාම කියා නිමකල නොහැකි තරම් වටිනා දෙයක් ලබන්නත් ගොඩාඩාරියක් වාසනාවන්ත උනා. (ඒක මොකක්ද කියලා කියන්න තව කල් තියනවා. සමහරු දන්නවා අනික් අයට හිමින් කියන්නම්කෝ.) හැමෝටම බොහොමත්ම ස්තූතියි.......... ඒ වගේම කීප පාරක්ම මේ හාගුල වහන්න හිතුවම ඒකට ඉඩ නොදීපු අය නම් වශයෙන් නොකිව්වත් ඒ අය කවුද දන්නවා. ඒ අයටත් බොහොමත්ම ස්තූතියි.............

එදා ඉඳන් අද වන තුරුම මේ කළු සුදු හා රතු එකතුව දෙවතාවකදි දවස් දෙකකදි හැර දිගටම තිබුනත් අද වනතුරුත් මට ඒක වෙනස් කරන්න හිතුන්නැහැ. අකුරු ලොකු කලාට පස්සේ තවම එක්කෙනෙක්ගෙන් විතරයි කියවන්න ඇහැට අමාරුයි කියලා පුංචි චෝදනාවක් නොවන අදහසක් ආවෙත්. ඒ අයියණ්ඩිගෙන්. මං ඉතින් හිතනවා මේ හාගුලේ ඇඳුම කාටවත් හිරි හැරයක් කරදරයක් නැහැ කියලා. (අයියණ්ඩි අමාරුවෙන් හරි කියවනවා කියලා මම දන්නවා. ) අවුරුද්දක් පුරාවට විවිධාකාර විකාර ගොඩක් ලියලා කියවන්න දුන්නා මදිවට තව පම්පෝරියකුත් ගැහුවා ඔන්න එහෙනම්.

ඔන්න එහෙනම් හා පැටික්කිගේ දුප්පත් හා ගුලට අවුරුද්දක් පිරුණා...... !!!!

මාගේ කතාව මින් අවසානයි අසා සිටි නොව කාලය කමින් කියවූ ඔබ සැමට ඉස්තූතියි..............

ඔන්න ආත්තමාත්තකාමී ලෙසින් කියනවා ‍මට ජය වේවා.......!!!! කියලා...........



‍කේක් වලට රණ්ඩු වී‍මෙන් වළකින ‍මෙන් ඉල්ලා සිටිමි. මම‍නේ දන්නේ කස්ටිය ‍මෙතන ‍කේක් කුඩු හලලා ගියාම අස්කරන්න තියන අමාරුව. ඊටත් මීට පස්සේ ‍කේක් ‍දෙන්නැ. මං හිතන් ‍නේ මං තමා වැඩිපුරම ‍කෙක් දීලා ඇත්තේ.......

‍සැ.යු:- අද තමා මං මේ අවුරුද්ද පුරාවට ලියපු දිගම ලිපිය ලිව්වේ. කවදාවත් කතාවක් උනත් මං තියාගෙන ඉන්න සීමාවට වඩා දිග වෙන්න දුන්නැහැනේ. ගියපාර ලිපියට සුදු පූසා ඒකට කළු පටි බැදන් විරෝධයක් පාලත් තිබුනේ. සමාවෙන්න ඕනා මෙච්චර දිග ලිපියක් ලිව්වට.

එහෙනම් සුපුරුදු විදියට යන ගමන් අර පුංචි භාජනේට කැරට් කංකුං උඳුපියළිය වගේ මට කන්න පුලුවන් දෙයක් දාලා යන්නකෝ............

49 comments:

  1. අහ් මේ පැත්තේ එන්න තමයි උන්නේ අද උදේම....‍බලං ගියහම හාවි වෙලාවට දවසට වැඩනේ‍‍‍.... :t :t

    අහ් අපේ හොර හාවිට ඔන්න මගෙනුත් ඉස්‍ඉස්සෙල්ලම සුභ පැතුම්‍‍‍...දිගටම ලියන්න....ඒ වගේම ඔයාට තව ලිපි ‍ගොඩාක් ලියන්න වගේම බ්ලොග් අවකාශයේ පැන පැන යන්න ශක්තිය‍ ධෛර්යය ලැබෙන්න කියලත් හදවතින්ම සුභ පතනවා....ඒ වගෙම කැරට් කංකුං උඳුපියළිය වැඩි වැඩියෙන් ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... :g :a :t :d

    මේ අර හාවා බ්ලොග් ලියන කෙනෙක්ද? ඒ කියන්නේ අපි නොදන්නවා වුනාට අපිට නොකියාම හොර හාවි ගොඩගිහින් වගේ...අපිට කේක් ඕනි....ම්ම්ම්ම් නෑ නෑ අපිට පාර්ටි එකක් ඕනි ඕනි ඕනිමයි..... :a :r :m :s :m :s

    මේ ඇත්තටම වුන සිද්ධියක්ද? නියමයි හාවියේ...ඔයා මාර ලකී ආ.... :t
    මේ අර පුංචි පෙට්ටියේ තිබ්බේ මොකක්ද? කැරට් අලයක්ද? :r

    කේක් මදී.....!!! කේක් මදී.....!!! කේක් මදී‍‍‍....!!!

    ReplyDelete
  2. හාවිගේ මේ ලිපිය කියවන්න ඕනේ නිසාමයි අද ලෙක්චර් එකත් කට් කරගෙන ගෙදර හිටියේ :k කොහෙද කතාව කියවන්න ගත්තා විතරයි ඒක ඉවර වුනා :s ඕවත් දිග ලිපිද ඈ

    අවුරුද්දේ උපන්දිනේට සුභ පැතුම්! :t
    ජයවේවා :b

    ReplyDelete
  3. සුභ පැතුම්‍‍‍...දිගටම ලියන්න :t :t
    වෙනද වගේම අදත් ලිස්සලා ගියා නේද? :h :d

    ReplyDelete
  4. බලන්නකො ටිකක් ළං උනා විතරයි කතාව නැවැතුත්වනෙ :j හාපැටික්කිට අපෙන් සුභ පැතුම්.. තව ගොඩාක් කල් දිගම දිග ලිපි ලියන්න ලැබේවා... තව දෙයක් අනේ අයියණ්ඩිට විතරක් නෙවෙයි මටත් කියවන්න අමාරුයි.. ඒත් ඉතින් දිගටම කියවනව..

    ReplyDelete
  5. හාවිගේ බ්ලොග් එක තව චිරාත් කායක් පවත්වාගෙන යන්නට මගෙනුත් සුබ පැතුම්.
    කේක් එක පොඩි වැඩියිනෙ 191 දෙනෙකුට. :q

    ReplyDelete
  6. හාවියේ කතාවනම් හොඳටම හොඳයි. කතාවක් ඉවර කරන්න හොඳම විධිය කියල මම හිතන්නෙත් අතර මැදින් ඉවර කරන එක. කියවන අය තමන් කැමති විධීයට ඉතිරිය ගොතා ගනීවිනේ.
    හාවිගේ වසරක බ්ලොග් කෙරුවාවට මගෙන් උනුසුම් සුභ පැතුම් එකතු කරන්නම් මෙතනම.
    අදනම් මේ කලු සුදු රතු නිසා ඇස් රිදෙන්න ගත්තා. ඒත් මේ අනන්‍යතාවය දිගටම තියා ගන්න.
    ජයෙන් ජය..!!!

    ReplyDelete
  7. මෙහෙමත් හාවියක් .... හික් හික් ..... මගෙනුත් සුභ පැතුම් ඕං ....

    ReplyDelete
  8. සුබ පැතුම් හාවියේ.. :m :m තව අවුරුදු ගාණක්ම ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. :b :b බැලුවාම අපි සමකාලීන බ්ලොග්කාරියෝනේ.. :o :b උම්ම්ම්ම්ම්මාහ් :g :g තව දවස් ටිකකින් මටත් අවුරුද්දයි... :i හික් හික්...:d මේ හොර හාවීගේ හාවා ගැනත් කියන්නකෝ.. අපි පවුනේ :c

    ReplyDelete
  9. සුබපෑතුම් ඔන්න අපෙනුත්...ඇත්තටම ඔය නමේ අගට තියන MS කෑල්ලේ තෙරුම මොකද්ද හාපටික්කි....ඔන්න දන්නෑති නිසා අහුවෙ.......එහෙනම් ජයවේවා කිවා

    ReplyDelete
  10. සුභ උපන්දිනයක් හාවියේ ඔන්න මමනම් පොරකන්නේ නැතිවම කේක් කැල්ලක් ගත්තා

    ReplyDelete
  11. මුලින්ම..
    සුභ පැතුම්..!

    ඊ ළගට..
    බොහෝම සංතෝෂයි නගේ...බ්ලොග් එක ගැන වගේම අර හොර වැඩවලටත්..ඒවත් ඉතිං කෙරෙන්ට එපැයි.

    බලාගෙන ගියහම මං ගිය පාරවල්වලමනේ මේ හාවිත් ගිහින් තියෙන්නේ...මාත් ඉතිං ඔය සාකුන්තල ළමයාගේ සහ අර ප්‍රවීන් ඉන්දරනාම කියන ගොයියගේ ලිපි හරහා බොහෝම දේවල් ඉගෙන ගෙන යන්තං මේ බ්ලොග් කටුව අටෝ ගත්තේ..ඔය කිව්වත් වගේ මාත් වර්ඩ්ප්‍රෙස් පැත්තේ හක්කලං කොරන්ට ගෙහුං ඇන ගත්තා නෙව...

    ඊ ළගට දුකා..හැබැයි එතනදී පොඩි වෙනසක් තියේ..
    "එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට" කියන්නේ මට බ්ලොග් ලියන්න ආසාවක් ඇති කරවපු සහ මම ආසාවෙන්ම කියවපු අදටත් දුකාගේ ලිපියක් එනකල් බලන් ඉන්න තරමට මාව පත්කරවපු ලිපි මාලාව..

    ඔන්න ඔහොම එකම පාරේ ආවට...උඹේ ඊට වඩා ලොකු වෙනසක් තියෙනවා..අපි ලියන්න මහන්සි වෙද්දී..උඹ කියවන්න මහන්සි වෙනවා ඊට වඩා..මං හිතන්නේ මං දන්න කියන කිසිම බ්ලොග් එකක..(දේශපාලන ඒවායේ ඇර) මේ අපි වගේ පිස්සෝ ලියන හැම අඩවියකම උඹේ කමෙන්ට් එකක් නැති බ්ලොග් රචකයෙක් හොයා ගන්න නැති තරං...

    මම එහෙම බ්ලොග් ලිවිල්ලට වඩා අනුන්ව දිරිමත් කරන්න වෙහෙසෙන කිහිපදෙනයි දැකලා තියෙන්නේ..
    ඒ අතරිනුත් උඹ දැන් හුගාක් කාලයක ඉඳලා ඒ දේ අදටත් කරගෙන එනවා..ඇත්තටම මම හුගාක් නගාට ගරු කරන්නේ අන්න ඒකට..

    හා හා මේක ඇතුලේ මමත් පෝස්ට් ලියන්න ඕන නැහැනේ..ඔන්න මං නැවත්‍රනා..
    නගාට ජයෙන් ජයම වේවා..!
    (මෛත්‍රි කිරිම ඉතා වැදගත් පින් වතුනි..ඒත් මේතනදී හැර..)

    ReplyDelete
  12. තව අවුරුදු 180ක් විතර ලියන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....

    ReplyDelete
  13. හලේ හලේ හාවෝ...එහෙනම් අවුරුද්දක්ම කෙටුවා ද.
    ජයවේවා!! :m :m :m

    "ඒ එක්කම හා පැටික්කිගේ ජීවිතේට තවත් වටිනාම වටිනාම කියා නිමකල නොහැකි තරම් වටිනා දෙයක් ලබන්නත් ගොඩාඩාරියක් වාසනාවන්ත උනා."
    මේක නම් අවුලක් නගේ..:c :c :c :c

    සමහර විට පබලු අක්කව මුණ ගැසීම වෙන්ටැ.( වෙන නැතුවට ) :e :e :e :e :e

    ඔහොම ඔහොම දිගටම ලියමු හාවී.. :t :t :t
    :t :t :t:t :t :t:t :t :t:t :t :t:t :t :t:t :t :t:t :t :t:t :t :t:t :t :t:t :t :t:t :t :t:t :t :t:t :t :t:t :t :t:t :t :t:t :t :t:t :t :t:t :t

    ReplyDelete
  14. @ ෴හසියා෴

    අපි එහෙම තමා....... අපි නෑනේ බොරු පොරොන්දු දෙන්නේ............ :k :k

    බොහොම ස්තූතියි මගේ අයියා............:c :c (අද අර මන්තර නෑ වගේ හා හා..... )

    හාවාද? නැ දැම්ම ඕනිනැ. ඊටත් කවුද හාවෙක් ගැන කිව්වේ???? නැ නැ පාටිත් නැ මුකුත් නැ. ඔය කේක් ගෙඩිය මං හාවගෙන් ඉල්ල ගත්තේ. ඕන්නම් කෑල්ලක් කන්ට. එපා නම් යන්ට........ :h :h :k

    අපෝ නැතෝ.......... අපි කවදත් ලියන්නේ හිතින් කතානේ......... :k

    කරන්න දෙයක් නෑ...!!! කරන්න දෙයක් නෑ...!!! කරන්න දෙයක් නෑ...!!! කරන්න දෙයක් නෑ...!!! :h :h

    @ පූසා
    අපෝ සුදු පූසාගේ හොර වැඩ. දිග ලිපි නේන්නම්. හා හා මීට පස්සේ කොට නොකර ලියන්නම් ලියනවනම්. :k

    බොහොම ස්තූතියි සුදු පූවෝ.......... :c :c

    @ සිරකරුවා

    බොහොම ස්තූතියි සිකා අයියා...... :c :c

    කෝ කවුද අනේ බලන්න අයියේ මේ කට්ටිය අයිසින් හලලා ලිස්සනවා. :k :k මං අස් කරලා දාන්නම්කෝ. කොන්ද කැඩුනැයි? :a :a

    @ Yohan Kanishka | යොහාන් කණිෂ්ක

    පෙනේද පොඩි හිටියා....... :h හා හා ඔච්චරයි අද කතාව....... :p :p

    බොහොම ස්තූතියි මල්ලියෝ....... :c අනේ කියවන්න අමාරු ඇයි අප්පා....... අලේ මං සළකා බලන්නම් කස්ටියගේ ප්‍රතිචාර අනුව........ :s :s

    ReplyDelete
  15. මම කිව්වෙ වලිය පටන් ගන්නෙ එදා කියලා.. බලිය කිව්වත් වැරදි නැහැ..
    කොල්ලටනම් ඔක තොයිලයක් වගෙ වෙන්වා.. කෙල්ලට වන්නමක්...
    ඉතින්, නංගි නැටිල්ල පටන් අරන් තියන්නෙ 16 වැනි මාර්තුවක.

    පව් හරිම දුක හිතෙන කතාවක් නංගි. එ කොල්ලගෙ ජිවිතෙ විනාශ වුනෙ 16 වැනිදා දවසක. බලන්න ඌ කොච්චර සන්තොෂෙන්ද කියන්නෙ පරමාණු බොම්බෙ ඌගෙ ඇඟට සෙට් කරෙ 16 වැනිදා කියලා.. බන්දැයින් පස්සෙ තමයි පුපුරන්නෙ :D


    නංගි බැන්දට පස්සෙ ඔය කටින්ම " 16 වැනිදා තමයි තැපැලෙන් බොම්බයක් ඇවිල්ලා මගෙ ජිවිතෙ විනාශ වුනා "..
    මෙහෙම නොකිව්වොත් මට ජුහ්......ජුහ්... කතා කරන්න

    ReplyDelete
  16. අවුරුදු පිරීමට සුභ පැතුම්..!!!

    ReplyDelete
  17. සුබ පැතුම් මගෙනුත්, ලියන්න දිගටම.
    මැණික්

    ReplyDelete
  18. ඔන්න මගෙනුත් සුභ පැතුම් හොදේ.. ආහ්.. අර අපි නොදන්න කථාවටත් සුභ පැතුව.. පවු අසරණ හා කොලුවා.. කොයි තරන් අසරණ වෙලා ඇද්ද.. දුකේ බෑ අප්පා...:s

    මොනව උනත් මේ වගේ හරබර ලිපි දිගටම ලියන්න ලැබේවා...

    ජය වේවා..
    මෙන්න මගෙන් කැරට් අලයක්...

    ReplyDelete
  19. හුරේ... ජයවේවා!!

    ඔන්න එහෙනන් අක්කට මලයගෙනුත් සුබ පැතුම්... :b :b :b

    ReplyDelete
  20. පරන කේක් එක දීල ශේප් වෙන්න නේද හදන්නේ...ඉකේයියා...
    මටත් අතීතෙ මතක් උනා හරිය..මම බ්ලොග් ලියන්න ආවේ මහා එපාකරපු එකියකගේ බ්ලොග් එකකට ගොඩ වැදිල නේ..අහංකාර හිංසකාවි..චික්..එදා ඉදලා ඕකි මාව කනවා,...
    හරි හරි..එව්වගෙන් වැඩක් නෑ..ඔන්න සුබ පැතුම් කිව්ව...මට ප්ලේන්ටියක් තිබ්බම ඇති..මම උදේට කාල ඉන්නේ...සීනි අඩුවෙන් දාන්න..මට කොලස්ටරෝල් තියෙනවා

    ReplyDelete
  21. ඒ කියන්නේ හාවි දැන් බ්ලොග් සීනියර් කෙනෙක් . මම බලා ගෙන හිටියේ හා පෝතකයෙක් ගැන හෙළිදරවු කරාවිය කියලා . බලද්දී හා පැටික්කිගේ සයිබර් බර්ත්ඩේ එක . ඉතින් මට මොවනවත් ගේන්න නම් බැරි උණා . හිස් අතින්ම සුබපතලා යන්නයි ආවේ . හරි හරි ඔයා නොකීවට අපි හොයාගන්නම් ඔයාගේ හාවා ගැන .

    කේක් ගෙඩියේ අර උඩම තියන සුරංගනා රූපේ හරිම රසයි . අයිසිං ගොඩක් දාලා හදලා තියෙන්නේ . මම ආපු ගමං ඒක කෑවා ..හැබැයි මට ෂුවර් නෑ ඒක අයිසිං කියලා ...කෑවට පස්සේ ඉතින් මොනා කරන්නද ?

    ඉතින් දිගටම ලියන්නකෝ හාවි දැන් ටිකක් කම්මැලියි වගේ සතියකට එකක්වත් ලියන්ඩ හාවි

    ජය වේවා !!

    ReplyDelete
  22. @ මාර අයියා: මගෙ බ්ලොගේ ඇවිල්ල බලන්න මෙයාගෙ කමෙන්ට් නෑ... ඔන්න එකක් පෙන්නුව හරිය.. තව ඕන නම් කියන්න....

    ReplyDelete
  23. හොට් හොට් උණුසුම් සුබ පැතුම් හාවියේ... :b
    ඇත්ටම ඔය MS කෑල්ලෙ තේරුම මක්කැයි? :i

    අර ලස්සන කතාව කියවගෙන එද්දි එක පාරටම පොල්ලෙන් ගැහුව වගේ.. :h
    හූ... වල් හාවි... :q

    ReplyDelete
  24. අපෙනුත් උණුසුම් සුභ පැතුම්... දිගටම ලියන්න හැකියාව හා අදහස් ලැබෙවා කියලා පතනවා...

    ReplyDelete
  25. අටවගත්ත පැල ට අවුරුද්දකුත් වෙලා එහෙනම්... තවත් කාලයක් අපිට උදුපියලිය කැරට් ආදී එකී මෙකී නොකී හා ට්‍රීට් ලැබේවායි ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. :එ

    (හලේ අර පෙරේත රැළක් සෙට් වීම නිසා මට කේක් එකේ කුඩු වත් ලැබුනේ නැත. කලින් මෙහේ ආව අර උඩ කොමෙන්ටු දමා තිබෙන අයියලා අක්කලා නංගිලා මල්ලිලා ටික කේක් එකේ කුඩු හලා කේක් කා ඇත. මට කේක් නැත. හා පැටික්කිට කොස්ස මුල්ලකින් තියා ගොස් ඇත.)

    ReplyDelete
  26. @මලන් මල්ලී...

    මම ඔබගේ පැමිණිල්ල සම්බන්ධව ක්ෂණිකව සොයා බැළු අතර අඳාළ අංශ මගින් පවසනු ලබන ආකාරයට ඔබගේ බ්ලොගයේ සැක කටයුතු උපකරණ අටවා ඇති බවත්..ඒවා හා උගුල් වීමට හැකියැයි ආරක්ෂක අංෂ මගින් පුර්ව වාර්ථා ලබා දී ඇති හෙයින්..නැවත වතාවක් පරීක්ෂා කොට බලා ආරක්ෂක තත්වය තහවුරු කර ගත් පසු එහි පැමිණෙන බවත් ඉහළින් දන්වා එවා ඇත...
    ස්තූතියි..මෙ වගට...........වෙනුවට
    මාරයා

    ReplyDelete
  27. හා පැටික්කිගෙ බ්ලොග් එකට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් අපෙනුත් උණුසුම් සුභපැතුම්! අපේ බ්ලොග් එකට ඇවිත් අපිව දිරිමත් කරපු හැටි අපි කවදාවත් අමතක කරන්නෙ නෑ.

    අර අනිත් වැඩේ ගැනත් අපේ සුභපැතුම්. මටනං පහුගිය දවස්වල ලියපු ලිපි අනුව හිතුනා ඔහොම දෙයක් ඇති කියලා. හික් හික්!!

    ReplyDelete
  28. රවා අයියාගේ කමෙන්ට් එක තමා කමෙන්ට් එක ආහ්... :c :c

    ආ.. හා අක්කේ.. සුබ උපන්දිනයක් වේවා...!!

    :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t

    ReplyDelete
  29. කේක් නම් නැතත් කමක් නෑ..
    අවුරුද්දක් කියන්නෙ පොඩි කාලයක් නොවෙයි නෙ..
    දවස් වලින් නම් 364ටත් වැඩිද කොහෙද
    පැය වලින්ම බැලුවම කොච්චරද නේද
    මගෙනුත් සුබ පැතුම් එහෙනම්.

    ReplyDelete
  30. @ priyantha

    ප්‍රශ්‍ ‍නේ ති‍යෙන්‍ ‍නේ අයි‍යේ ඒ අය හිතා ගන්න ඒවට වග කියන්නත් ‍වෙලා ති‍යෙන් ‍නේ මටම‍නේ...............:n :h

    ‍බො‍හොම ස්තූතියි අයියා......... :c :c

    මං හිතන්‍ ‍නේ කියපු නිසා ‍වෙන්න ඇති........ :k :k

    @ ශාමින්ද

    ‍බෝම ඉස්තූතියි ඉස්තූතියි ශාමි අයියා......... :c :c

    @ හසී

    ‍බො‍හොම ස්තූතියි අක්කියා................

    හැබෑම‍නේන්නම්........ හුම් හුම් මං දැක්කා...........

    කවුද පවු?? හික් හික් කවුරු හරි උනා‍වේ අ‍නේ...........

    @ අසංක

    ‍බො‍හොම ස්තූතියි අයියා........... (මල්ලි‍‍යෙක් ‍නෙ‍මේ ‍වෙන්නැති‍නේ. :n )
    අ‍ලේ ඒ ම‍ගේ න‍මේ මුල් අකුරු. :a

    ජය ‍වේවා ජය ‍වේවා.......!!!!:c :c

    ReplyDelete
  31. @ Angel

    ඈ කානු අක්‍කා කෑල්ලක්යැ..... ඔය භාගයක් ‍නේ...........:q

    ‍බො‍හොම ස්තූතියි අක්කියා...........:c

    @ මාරයා‍ගේ ‍හෝරාව

    ‍බො‍හොම ස්තූතියි අයියා...........:c

    හුම් හුම් අහන්නත් සතුටුයිලු ඔන්න මට.:p

    හප්පා. අයියටත් ‍මේ ලිපි‍යෙන් භා‍ගෙකටත් වඩා ගැල‍පෙනව‍නේ............:a

    මං ඒ ලිපි ‍පෙල තිව් ‍වේ හදිස්සියට නැතුව ‍හෙමි ‍හෙමින් කියවන්න. ඒත් ඉතින් අන්තිමට දැන් ඇති ‍වෙලා තියන තත්‍ ‍වේ අයියා දන්නව‍නේ. කකුල් ‍කොරයි‍නේ ඉතින්..........:s :s

    කියවන්න නම් ආසයි තමා. කියවන හැම තැනකම පුලුවන් කමක් තියනවනම් අකුරක් හරි ලියලා එනවා. ඒත් දැන් ‍මේ ‍කොර උන කකුල් එක්ක ඒ වැ‍ඩේ බෑ අයියා. මා‍සේ අන්තිමට බැනුම් අහන්න බෑ‍නේ. දැන්නම් යන් ‍නේ ‍බො‍හොම අඩු‍වෙන්. අළුත් අයව එ‍හෙම මඟ ඇරිලා ‍ගොඩක්.:s :s :s :s

    ‍බො‍හොම ස්තූතියි අයියා.........:c
    (‍මොකක් කිව්වා......... මං හිතන්‍ ‍නේ අයියට ටිකක් ටැපලුනා. එක් ‍කෝ ‍වෙරළු අච්චාරුව කාලා වැඩි ‍වෙලා :r :r )

    @ MaRLaN

    අප්පා මට බෑ අවුරුදු 201ක් ඉන්න. ‍පොල් ගාන්නයැ මම.:s

    ‍බො‍හොම ස්තූතියි මල්ලි‍යෝ...........:c

    @ පබලු

    ‍කෙටුවදත් අහනවා........:n
    ‍බො‍හොම ස්තූති‍යෝ........:c

    හරියටම හරි පබලු අක්කව මුණ ගැසීම. (මාව කෑ‍වේ ආන් ඒ බුබුලුවා තමයි. :d)

    ReplyDelete
  32. අවුරුද්දට මගෙනුත් සුබ පැතුම් පුංචි හාවියේ...

    ReplyDelete
  33. @ මාර අයියා:

    මගේ ගැටලුව සම්බන්දයෙන් ඔබගේ ක්‍රියාව අගය කොට සලකන අතර මා මගේ බ්ලොගයේ තබා ඇත්තේ හොරු ඇල්ලීමේ උපකරන මිසක් හා උගුල් නොවන බව සලකන ලෙස ඉල්ලා සිටිමි. මා මට අවුරුදු 18 වූ දින සිට මේ වන තෙක් මස් අනුභව නොකර සිටින අතර විශේශයෙන් හාවෙක් වැනි අහින්සක සතෙක්ව අනුභව කිරීමට කෙසේවත් හිත නොදෙයි. තවද අහින්සක සතුන්ට හින්සා කිරීම මන් තරයේ හෙලා දකින අතර හෙරක් නොවේනම් හාවිටද එහි පැමිනිය හැකි බව දන්නවා සිටින ලෙස ඉල්ල සිටිමි.

    මෙයට විශ්වාසී

    මාලන්

    ReplyDelete
  34. @ රවා

    අ‍නේ මංදා....... අයියට නම් නිය‍මෙටම පිස්සු.............:b

    අයියට පාඩම් කරලා වැඩි ‍වෙලා අයි ‍යේ. ඒකයි ‍මේ. නැත්නම් අයියා ඉස්සර ‍මෙ‍හෙම කි‍යෙව් ‍වේ නැ.:r :r

    ජුහ් ජුහ් කමක් නැති ‍වෙයිද දන්නැ. හික්ස්...........:q :q

    @ Lishan Puwakowita

    හා ගුලට ආද‍රෙන් පිළිගන්නවා.:c :c

    ‍බො‍හොම ස්තූතියි අයියා..............:c

    @ මැණික්

    ‍බො‍හොම ස්තූතියි අක්කියා............:c

    @ Pasan

    ‍හොදා ‍හොදා.............. හා හා ‍බො‍හොම ස්තූතියි අයියා...........:a

    අ‍නේද කියන් ‍නේ පව් පසන් ‍කොළුවා. දැන් සති කීයක් තිස් ‍සේ බලු කූඩු‍වේද නිදා ගන් ‍නේ. අ‍නේ පව්.............:p :p

    හරබර????? ආ ‍කේක් එ‍කේ බර ගැන ‍වෙන්නැ කී‍වේ. හා හා.........:r :r

    යන්තම් ඇති. ‍‍මෙයා‍ගේ ලෝබ කම ජුන්ඩක් අඩුකරලා අක්කා.:q :q

    ReplyDelete
  35. @ Hasitha ජයසූරිය

    ‍බො‍හොම ස්තූතියි ම‍ගේ මල්ලි‍යෝ.............:c

    @ රත්ගමයා

    නැ නැ හාවා ‍ගෙන් ඉල්ල ගත් ‍තේ ඔය ‍කේක් එක.:a

    අ‍නේ ඒ ‍කෙල්ලට මුකුත් කියන්නැතුව ඉන්න. :h

    දැන් කවුද කන්න ‍දෙන්න ඇහැව් ‍වේ???? හා හා ප්‍ ‍ලේන් නැ ඒ නිසා ‍සොරි තමා. ඔය කියන්න හදන් ‍නේ ‍ලොකු ‍ලෙඩ තියන ‍කෙ‍නෙක් කියල ‍නේ..........????:a :r

    @ හිස් අහස

    හ‍පොයි පික්සුද සඳරු????? ‍මොන සීනියර්ද...... තාම ජූනියර් ‍ගෙත් ජූනියර්.............:c

    ‍මොන හා ‍පොතකද........... හිස් අතින් ආවට එලවන්නැ අපි. තියන ‍දෙයක් තියන විදියට කන්න ‍කෝ............:c

    ඒක අයිසිං තමා මං හිතන් ‍නේ. සැක් සඳරුටත් දැන් ගෑණු ළමයි ‍පේන්ට බෑ ව‍ගේ.........:a :a

    ඉස්සර ලියපු හැටි දැක්කනම් සඳරු කියන් ‍නේ දැන් කඩිසරයි ව‍ගේ කියලා.......:q :q

    @ MaRLaN

    නැහැ මල්ලි‍යෝ. දැන් කකුල් ‍කොර ‍වෙලා‍නේ. ඉතින් පනින්න බැහැ ඉස්සර ව‍ගේ. ඉන්න‍කෝ මං කකුල් ‍‍හොඳ කරගත්තම.:s :s

    @ තාරක Dilsh@n

    ‍බො‍හොම ස්තූතියි මල්ලි‍යා...........:c
    ඒ ම‍ගේ න‍මේ මුල් අකුරු තමා.

    හා හා මාර භණ ජුන්ඩක් අහන්න ඔය තරහා නි‍වෙයි.:g
    මැට්ටා.......... එන්න එපා ඕවට.........:h :p

    ReplyDelete
  36. @ Dinesh

    ‍බො‍හොම ස්තූතියි ස‍හෝ................:c

    @ සංජු

    නැ නැ අක්කිට වැරදුනා. හාර ගත්ත ගුලට............:c හා හා ට්‍රීට් හුම් හුම්............:j

    කුඩු ටිකක් දකින්න තරම් අක්කියා වාසනාවන්ත ‍වෙලා. ඒ ගැන හිතලා හිත හදාගන්ට‍කෝ............ :g

    @ blog gadol

    ‍බො‍හොම ස්තූතියි පූස් අයියලා..........:c අභාග තාම ඉවර නැතුව ව‍ගේ කස්ටියට.:r

    අනික් වැ‍ඩේද???? අ‍නේ මංදා. හා හා කැමති ‍දෙයක් හිතා ගන්ට‍කෝ.........:a :a

    @ චතුවා (ළමයා)

    මල්ලි මල්ලිට ඒක ‍තේරුනානම් මට ‍පොඩ්ඩක් කියනවද ලියලා ති‍යෙන් ‍නේ ‍මොනාද කියලා??????:j :q

    ‍බො‍හොම ස්තූතියි මල්ලි‍යෝ...............:c

    @ RoshanHerath

    ‍කේක් ඉතින් අර බඩජහරි‍යොන්‍ ‍ගෙන් ‍බේර ගන්නවා ‍බොරු අයියා.:n
    එ‍හෙම බැලුවම නම් ‍ඩොඩාඩාඩාඩාලියයි.........:i

    ‍බො‍හොම ස්තූතියි අයියා............:c

    @ Podi Kumarihami

    ‍බො‍හොම ස්තූතියි පැණි ‍පොකු අක්කියා............:c

    ReplyDelete
  37. සුභ පැතුම් නංගියා(අවුරුදු සැමරුමටයි නොකියපු අනිත් වැඩේටයි)... :t මටනම් කේක් කුඩුවත් ඉතුරු වෙලා තිබුනෙ නෑ ඔන්න :r

    ReplyDelete
  38. @ නිශාචරයා Nishacharaya

    අයියා එද්දි කුඩුත් නැතිව ඇති මයේ හිතේ.:n :r

    බොහොම ස්තූතියි අයියා......:c ආ අනිත් වැඩේ මං හිමින් පස්සේ කියන්නම්කෝ අයියට. :a :a

    ReplyDelete
  39. ඈවිදගෙන යද්දි අලුත් කොල්ලගෙ ගෙදර දොර ලඟ හාවියෙක් දෑකල පස්සෙන් ඈවිත් වෑටුණෙ හා ගුලට. කියෙව්වෙ නෑ තාම, පස්සෙ අනිවාර්‍යයෙන්ම කියවනව ඉවර වෙන්ඩම, ඒත් සුභ පතනවා අවුරුද්දෙ උපන් දිනේට. ඔයා මට වඩා අවුරුද්දක් වෙන්ඩම වෑඩිමල්නෙ හාවි......

    ජය වේවා.......

    :e

    http://aluthkolla.blogspot.com/

    ReplyDelete
  40. හාවෝ..... ජය වේවා!!!..... සුබ පැතුම්.... දැනුයි ගෙදර ආවේ.... එහෙනම් තුන් වෙනිදා හමුවෙමු... අර හාවිගේ හාවා මතක් කරා කියන්න...
    -කාංචන

    ReplyDelete
  41. හා පැටික්කියේ
    මුලින්ම සමාව ඉල්ලනව මේ පැත්තට එන්න මං පරක්කු වුනාට. මේ දවස්වල ආපහු විභාග භීතිකාව :s
    ඉතිං එහෙනම් ඔන්න හා පැටික්කියෝ. අවුරුද්දක් හිටියා වගේම දිගටම ඉස්සරහට මේ බ්ලොග් එකේ තවතව ලස්සන දේවල් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :t

    ReplyDelete
  42. මේ හාවිට මුලින්ම කැරට් ගෙඩියක්ම දීල නරක් කරල තියෙන්නෙ මමනෙ. :D

    ReplyDelete
  43. @ අළුත් කොල්ලා

    ආදරයෙන් පිළිගන්නවා මගේ හා ගුලට. ටිකක් විතර ඔයාගේ පිටුව බැලුවා. අපේ නිශාචරයා අයියා ඇෆ් බී දාලා තිබුන ලින්ක් එකකින් තමා ඒ පැත්තට පැන්නේ. :r

    බොහොම ස්තූතියි සහෝ............. :c :c

    @ කාංචන

    මේ වැඩේ නම් හරි යන්නෙම නෑ. සූකිරිට කියන එක කියනවා.......... :h :h

    බොහොම ස්තූතියි අයියණ්ඩි. :c (කාටවත් කියන්න එපා මමම ලින්ක් එක දීලා බැලුවේ කියලා. :a)

    හා ඔන්න හාවෝ අයියණ්ඩි ඔයාව මතක කොරා කියන්න කීවෝ......... :a :a

    @..ChAnDiKa..

    අනේ පමා උනාට අයියලා හැමදාම යන එන මගේම අයනේ...............
    හපොයි ආයෙමත් අභාගෙද????? :n :s

    බොහෝම ස්තූතියි අයියා............. :c

    @ Chanaka Aruna Munasinghe

    ඒකම තමා මයේ කමුරෙට හිටියේ......... :p :p

    ReplyDelete
  44. ලොල්ය.. මම දැනුයිනෙ අක්කෙ දැක්කෙ පොස්ට් එක.. හික් ය. මට ස්මාවෙන්න ඔනි පරක්කු උනාට. :D

    නියමය. දිගරම ලියන්ට ඔනි හරිය...??? ඔයාට ජය.. ;)

    ReplyDelete
  45. දිගටම ලියන්න සුභ පැතුම්... :t

    ReplyDelete
  46. මේ අවුරුද්දටම මේ පැත්තෙට ගොඩවැදුනේ අද තමයි. ඔන්න මගෙනුත් සුභ පැතුම්.. හැමදාම වගේ අදත් මම එනකොට කේක් ඉවරයි..මීට පස්සේ මට කේක් කුඩු ටිකකවත් එකතු කරල තියන්න හොඳේ..

    ReplyDelete
  47. හප්පේ මට සුභ පතන්න පරක්කු උනා නෙව. අපේ හා පැටික්කිට තව අවුරුදු බර ගානක් එක දිගට බ්ලොග් ලියන්න හැකි වේවා.....

    ReplyDelete
  48. @ සුළඟිල්ල | pinkie

    බෝම ස්තූතියි මල්ලියෝ........ :c :c

    පිළිතුරු දීමට පමා උනාට මටත් සමාවෙන්න මලේ............

    @ Nishy

    බොහොම ස්තූතියි අක්කියා.......... :c :c

    @ කැන්ඩි

    හම්මේ දැක්ක කල්...... අධ්‍යාපන වැඩත් එක්ක වෙලාවක් කලාවක් නැති වෙන්න ඇති. පමා වෙලා හරි ආවනේ...... නාවත් ඉතින් අමතක නැහැ ඔය කාවවත්.......... :c

    බොහොම ස්තූතියි අයියා...... හා හා මං වෙනම ඉස්පන්චියක්වත් අරන් දෙන්නම්කෝ......... :k :k

    @ පිණිබිඳු

    හරි හරි වැඩිය පරක්කු නෑ. හැබැයි ඉතින් නෝ කේක්. පේනවනේ උඩ ඉන්න බඩජහරියෝ ටික. :a :d

    බොහොම ස්තූතියි අක්කියෝ...... :c

    @ රොබින්

    ම්ම්ම්ම් අළුත් මුහුණක්...... ආදරයෙන් පිළිගන්නවා හා ගුලට. :c :c

    බොහොම ස්තූතියි සහෝ............ :c

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)