
අළුත් දවසක ඇරඹුම සටහන් කරමින් උදෑසන රිවි කිරණ අළුත් සිතුවමක් අහස පුරා සටහන් වන්නට විය. සිහින් තිර රෙදි අතරින් පෙරී එන සුමුදු ආලෝකය ඔහුගේ මුණ ආලොකමත් කරන්නට විය. ඒ පිළිබඳ වගක්වත් නැතිව ඔහු තවතවත් දැත මා බඳවටා ගෙනයමින් නිදන්නට විය. මා දෙනෙතෙහි නිදිමතක් නොවූවද උණුහුමට නිදන්නට සිත් විය. එහෙත් එයටත් වඩා මා බොහෝම ආසාවෙන් පුංචි දරුවකු මෙන් තවතවත් හරිබරි ගැහෙමින් නිදනා ඔහු දෙස බලා උන්‍නෙමි. රන්වන් හිරු කිරණ සිප ගන්නා ඔහුගේ වතද රන්වන් ලෙසින් දිස්විය.මා දඹරඟිල් ලෙන් ඔහුගේ වත පුරා සිහින් රේඛා සිතුවම් කරමින්ම කල්පනාවට වැටුනි.
ඉඳිරිපස දොරකඩට වී සුපුරුදු ලෙසින් එහෙත් සඟවාගත් කුතුහලයෙන් මා මඟ බලා උන් නෙමි.එහෙත් මා බලාපොරොත්තුවෙන් සිටියද ඊයේ සවස ඔහු ගෙදර පැමිණියේ සුපුරුදු සිනහවෙන් මුව සරසාගෙනමය. මා ඔහු එන පෙරමගට ගොස් බෑගය අතට ගත්‍තේද සිතෙහි රැදි කුතුහලය පිරි දෙනෙත ඔහු වටා යවමිනි. එහෙත් මා නෙත සෙවූ දෙය මට සොයා ගත නොහී විය.
"මොනවද මැණික අද හොයන්නේ මේ ඇස් කරකව කරකව????"
"නෑ නෑ මං මුකුත් බැලුවේ නෑ............" මා හතර අත නිමක් නැතිව දුවන දෑසට සිතින් තරවටු කළෙමි.
"නැත් තේ මොකද සුදු හාමිනේ මං දැක්ක වෙලාවේ ඉඳන් මගේ වටේ මොනවද හොයනවා........ මොකද අද මට කෙල්ලෙක් හම්බුනා කියලවත් ආරංචියක් ආවද?????" ඇසක් ඉඟි මරමින්ම ඇසූ ඔහු ගෙට පියමැන් නේය.
"වැඩේමයි කෙල්ලෝ බැලුවම මට මොකද........." දිව දික් කරමින් ඇද කල මාද ඔහු හා සමාන්තරව ඔහුගේ අතෙහි එල්ලී ගමන් කළෙමි.
"මගේ පිස්සු කෙල්ල මං දන්නවා නොකිව්වට ඉරිසියාව කියලා............."
"අනේ නැ........."
"ඇයි ඒ........" කාමරයට මා හා පියනඟමින්ම ඇසීය.
"එයාලා ඉතින් දැන් බැලුවට වැඩක්යැ........ ආයේ ඉතින් ඔයාව කොහෙද මගෙන් ගන්නේ.........."
"හදිස්සියෙන්වත් ගත්තොත්............" ඔහු මේ සැරසෙන් නේ කුමටදැයි මා දනිමි.
"එයාලා ඔයාව ගත්තට මට මොකද........ මගේ හැන්ඩ්සම් මහත්තැන් පොඩ්ඩ එයාලා තඹෙකට ගණන් ගන්නැ කියලා මම දන්නවා. ඉතින් මට බය නැ."
"පිස්සි.......... ආදරෙයි ගොඩාරියක්........ මං මගේ සුදු මැණිකව දාලා කෙහේ යන්නද........ මගේ ජිවිතේ මගේ පණ ඔයානේ........" සුපුරුදු හාදුව මා නලලත තබමින් මා තුරුළු කර ගනිමින් කීය.
"හ්ම් හ්ම් මං දන්නවනේ මගේ පිස්සු මහත්තයා ගැන...... ඒකනේ ඉතින් මාත් මෙච්චර ආදරේ කරන්නේ........" මා එලෙස කියමින්ම පපුවට තුරුළු වී සිටින ගමන්ම ඔහුගේ කමීසයෙහි බොත්තම් ටික ගැලෙව්වෙමි.
ඇඳ මතින් වාඩි වූ ඔහුගේ කමීසය ගලවා මා කර මතින් දමා ගත් මා ඔහු ළඟ බිමින් වාඩි වී සපත්තු දෙක සෙමෙන් ගලවන්නට වීමි. සුපුරුදු ලෙසින් මහන්සිය අදද ඔහුගෙන් පියාඹා ගොස් වැනිය. කතාවක් නැතුවම මා හිස අතගාමින්ද සිටි ගමන් සිඹිමින්ද සිටියේය.
"හ්ම්ම් හරි හරි දැන් බාත් රූම්.......... මෙන්න තුවාය.........." මා ඇඳ මත තබා තිබූ තුවායද දී ඔහුව පිටත් කර හැරීමි.
ඔහු දොර වසා ගෙන වතුර මලෙන් වතුර වෑහෙන තුරුද සිටි මා ඔහුගේ බෑගයට දෙනෙත් ගෙනගියේ හොරෙකු පරිද්දෙනි. නැත සොරෙක් විලසින් මා සෙවූ දෙය එහි නොවීය.
"සුදු මැණික........" මම දැහැනින් බිඳී ගැස්සී ගියෙමි.
"කොහෙද අප් පේ උදේ පාන්දරම දුර ගමනක් ගියේ............."
"කොහෙවත් නැ මහත්තයෝ......... ඔයා දැන්ද නැඟිට්ටේ.........." සැබැවින්ම ඔහු නැඟිටිනු මට නොදැනුනු හෙයින් ඇසීමි. මා තවමත් කුතුහලයෙනි. මට අමතක වුවද ඔහුට අමතක වන්නට විදියක් නැත. එහෙත් තවමත් විශේෂයක් නොදුටුවේ අද ඔහුට අමතක වූවාවත්ද.......??? මා සිතට දුකක් කොහේදෝ සිට එබිකම් කරන්නට විය.
"හ්ම්ම් ආයෙත් යනවද ඔය........????" මා සිනාසීමි.
"ම්ම්ම් නැඟිටලා ටිකක් නම් වෙලා ඒත් ඉතින් කොහේදෝ දුර....... ගමනක ගිහින් හිටි නිසා කතා කලේ නැ මම.........." අවුල්ව තිබූ මා හිසකේ අතර ඇඟිළි දුවවමින් ඒවා කන පිටුපස රදවමින් පිළිවෙලට සකස් කරමින්ම ඔහු කීය.
"අද පැංචා නිවාඩු දිනයක්ද???? ආ..... නැඟිටින්නැද්ද වැඩට යන්න.."
"කෝ ඉතින් මගේ එලාම් ඔරලෝසුව නැඟිටලා වෙන කොහෙදෝ ගියා මිසක් මට නැඟිට්ටෙව්වයැ. වෙනදට නම් එලාම් එක ගහලා හත් අට පාරක්ම." ඔහු හරිය මට අද එයද අමතක විය.
"අනේ මහත්තයෝ ඔයා සනීපෙට නිදන් ඉද්දි මට ඒක අමතකම උනා."
"හ්ම්ම් හ්ම්ම් මටත් දැනුනා මගේ දිහා කන්න වගේ බලාන කල්පනා කරද්දි."
"කනවා තමා....... වෙන කාගෙවත්යැ මගේනේ.........." මා ඔහුට කිති කවමින්ම කීමි.
"හා හා හපොයි ඇති ඇතියෝ........ හොර කෙල්ල........."
"ඇත්තටම අද යන්නැද්ද පැටී..........."
"හ්ම්ම්ම් ඇඟට ටිකක් හරි නැ වගේ සුදු නෝනේ නොයන්නයි බැලුවේ......" මා පිටි අල්ල නළලට තබා බැලීමි එහි රස්නයක් නැත.
"ඇයි මහත්තයෝ මොකද ඔයාට????"
"නැ නැ කලබල වෙන්න එපා. එහෙම අමාරුවක් නැ. මේ පුංචි අමාරුවක්." කියමින් ඔහු ඇසක් ඉඟි මැරීය.
"මං හිතුවේ ඉස්‍කෝළේ යන බබාලට විතරයි හොර ලෙඩ කියලා. දැන් බලන් ගියාම වැඩට යන මගේ අලි බබාටත් හොර ලෙඩනේ. අම්මි සැරයි ඔන්න. හොර ලෙඩ ගත් තොත් දෙනවා තිත්ත බෙයි."
"අපොයි හැමදාම අම්මි ළඟට වෙලා ගෙදර ඉන්න දෙනවනම් මම බොන්නම් තිත්ත බෙයි." ඔහු මා නහය මිරිකමින්ම පැවසීය.
"හා හා කෝ හොර ලෙඩ පැංචට කුක්කු එකක් හදන් එන්න අම්මි." මා වටා එතී තිබූ ඔහුගේ දෑත ලිහමින් මා නැඟිට්‍ටෙමි. සිතට ආයෙමත් දුක එබිකම් කරන්නට විය. වැඩ නිසා මහත්තයට අමතක වෙන්නැති. හ්ම්ම්ම් කමක් නැ. සිතූ මා ඇඳෙන් බැස හිස පීරගෙන මුහුණ සෝදන්නට නාන කාමරය වෙතට ගියෙමි.
"අම්මි........" මා දොර වසන්නට හදන විටම ඇඳේ හාංසිවීම ඔහු මට කතාකළේය. මා නැවතත් ආපසු එබෙමින්ම ඔහු දෙස බැලීමි.
"අම්මි හිතුවනේද මට අමතක වෙලා කියලා අද දවස??? ආ මැණික????" මා පුදුමයෙන් පිරි දෙනෙතින් සිනාවක් පා හිසින් ඔව් යැයි කීමි.
"මට අමතක උනේ නැ මැණික. අමතක වෙන්නැහැ. අපි දෙන්නම ආරයෙන් බැඳුණ දවස අමතක කරන්නේ කොහොමද මැණික මම????"
"මං ඒත්.........."
"මං දන්නවා මං ඊයේ ආපු වෙලේ ඉඳන් මැණිකගේ ඇස් හෙව්වේ මොනවද කියලා........."
"මං හිතුවා මහත්තයට වැඩත් එක්ක අමතක වෙලා කියලා."
"නැහැ සුදු මැණික මං අද නිවාඩුත් දාලයි ආවේ. ලෑස්ති වෙන්නකෝ. අපි දෙන්නා අද ලොකු රවුමක් යනවා..........." මා බලාපොරොත්තු වූවාටත් වඩා පුදුමයක් ඔහු පුරුදු ලෙසින්ම මා හමුවේ තැබීය. මා ආපසු ඇඳ වෙත පැමිණ ඔහුගේ පපුව මතින් හිස තබා ගත් තෙමි. ඔහු ගැන එලෙසින් සිතූ මා ගැන මටම දුක සිතුනි.
"ආදරෙයි ගොඩාරියක් මගේ මහත්තයට. කියාගන්න බැරි තරමටම. මට සමාවෙන්න අමතක උනා කියලා හිතුවට." මා ඔහුගේ පපුව සිප ගිනිමින්ම කීවෙමි.
"හා හා යන්න යන්න ගිහින් ලේස්ති වෙන්න ආවා මෙතන මගේ ඇඟේ කෙළ ගාන්න."
"යනවා තමා. හැබැයි යන්නේ කෙලත් ගාලම තමා. පිස්සා..........." පපුවෙහි කිහිප තැනක් ඔහුට සිතා ගන්නටවත් කාලය නොතබමින් සිපගත් මා දිව ඇද කර නාන කාමරය වෙත දිව් වෙමි.
ඉතින් මේ දඟකාරයාට තවතවත් බැදෙමින් ආදරය කරනු මිස මා වෙන කුමක් කරන්නද........?????


අනේ මන්දා හාවියේ ඔය මගේ හිත කියවනවා වගේ....නියමයි....ආදරේ උතුරනවා....උතුරලා දෝරේ ගලනවා.... :t :t :e :e
ReplyDeleteමගේ ඈන්ගලේ හුරතල් වෙන්නෙත් ඔය විදහටමතමා....අහලා බලන්නකෝ හමබවුන වෙලාවක.....ඔයත් මගේ ඈන්ගලේ වගේම තමා ඕන් හාවියේ... :a :a :a
නියමයි...දිගටම ලියන්න..... :g :t
මේ හාවියේ අර ඔයාගේ හාවානම් මාර ලකී පොරක් ආ.....නෑ නෑ ඉතිං මං එහෙම කීවේ හැමදාම කැරට් කංකුං උදුපියළිය හම්බවෙන නිසා හාවාගේ මොලේ වර්ධනය වෙලා ඇති කියලා.මේ හාවා කව්ද හැබෑටම....? :r :a
හා හා යන්න යන්න ගිහින් ලේස්ති වෙන්න ආවා මෙතන මගේ ඇඟේ කෙළ ගාන්න.. :f :f
ReplyDeleteලස්සනයි හාවියේ
ReplyDeleteහ්ම්ම්...හාවි මේ දවස් වල හීන දකිමින් අපිද හීනවල අතරමං කරමින් හිදිනවගක් පෙනේ.මෙය ඉතාම සෝචනීය තත්වයක් නොවනබව ප්‍රකාශ කරමි..
ReplyDeleteප/ලි
හාවියේ ආදරේ නම් ආදරේම මිස අන් කවරක්ද..............
අද මේ බ්ලොග් කාරයන්ට මොනවද වෙලා තියෙන්නේ. ප්‍රියන්ත අරහේ කෙල්ලෝ බලන්න යනවා. එහෙං හාවි, හාවෙක් එක්ක ආදරේ කරනවා. අනේ අනිච්චං මම මේ කල්පනා කලේ 'හා' ලෝකෙත් මේවා තියනවාද කියලා. කමක් නෑ. අපේ ආදර පොඩි (කරන ජාති දිහා බැලුවාම පොඩි පාටක් පෙනෙන්ට නම් නෑ) හා පැටික්කිටයි, ඒ හා හාදයාටයි සුබම සුබ අනාගතයක් පතන්නම්!
ReplyDeleteවැඩිහිටියන්ට පමනයි ඒක හිංදා මම කියෙවුවෙ නෑ(හොරෙන් කියෙවුවා)
ReplyDeleteO_O
ReplyDeleteඇත්තටම මේ කතාව ගැන කියනවනම්........
ReplyDeleteමේක හාවිගේ සත්‍ය සිදුවීමක් නම් ඉතින් කොරන්ට දෙයක් නෑ :a
හැබැයි මේක හාවි වෙන කිසිම වැඩක් නැති නිසා ඔහේ හිත හිතා ඉන්නකොට ඔළුවට ආව කතාවක් නම්,
හාවිට තිබ්බේ සුදු මැණිකව ඔයිට වඩා තව පුදුම කරවන්න. ඒ කියන්නේ අර ලොකු රවුම එක්කගෙනම් ගිහිල්ලා කොහේ හරි ලස්සන තැනකට ගිහිල්ලම සුදු මැණිකෙව පුදුම කළානම් මරු!
මට නම් සුදු මැණිකෙව පුදුම කළා මදි මදි වගේ :i
මේකට කොහොම comment කරන්නද? මොන්ටිසොරි හාවි ලියන ඒවා...
ReplyDelete-කාංචන
චිකේයියා....මොන්ටිසෝරි ලමයි වල් කරනවා.....ඉකේයියා ටිචර්
ReplyDeleteහාවියේ ලස්සන කතාවක්. කවුද ඒ වාසනාවන්ත හාවා....
ReplyDelete@ priyantha.ඒබී
ReplyDeleteහාවා නෙවෙයි , ඉත්තෑවා ඉත්තෑවා
හරි දැන් ඉතිං ලොකු රවුමක් ගිහිල්ල මොනවද හම්බවුණේ කියල කිවුවනං.... :q
ReplyDelete@ ෴ හසියා ෴
ReplyDeleteමේ වැඩේ හරියන්නැ. මං ලියන හැමදේම ඔයාගේ හිතේ තියනවා. :s :s
හෙහ් හෙහ් ඈන්ගලේ එහෙමද????? කොහෙද ඉතින් හම්බෙන්න කියනවයැ කවුද කියලා............ :h :h
බෝම ස්තූතියි මගේ අයියා........
නැ නැ මං එදත් කීවනේ...... එයා ලකී නෙමෙයි අනේ......... :h :h
අනේ මංදා....... ගුණ එව්වා කන්නැද්ද මංදා......... :a මං කීවේ ඈන්ගලේ කවුද කීව දවසට කියන්නම්.......... :a :p
@ සිරකරුවා
ඌප්ස්.......... :a :a
@ Angel
බොහොම ස්තූතියි අක්කියා........ :c
@ පබලු
අදත් අතරමං උනාද...... අනේ මං සිතියම ගහලා තියෙන්නේ...... හෙට ඉඳන් ඉටි පන්දමකුත් තියලා තියන්නම්කෝ.............. :r
මං කාවවත් අතරමං කරන්න හිතුවේ නැතෝ........... :n :n
සැබෑය අක්කණ්ඩියනි. :c :c
@ Podi Kumarihami
ReplyDeleteඔය නම් පිට කරන්නේ තරහා. පැණි ප්‍රියා අයියා පොකු අක්කව නැතුව වෙන කෙනෙක් බලන්ට ගියාට............ :a :a
මොන හාවෙක්ද අප්පා........ කවුද කීවේ හාවෙක් ගැන? :a :k
හෙහ් හෙහ් හා හා මං ගිණුමට බැර කරගන්නම් සුභ පැතුම අක්කියගේ......... :c
@ MaRLaN
හොරෙන් කියවලා කමෙන්ට් නොදා යන අයට වඩා ඔයා හොඳයි මලේ........ :c :c
@ Bunny
මොකද ඇසි පිය ගහන්න අමතක උනැයි මල්ලියේ?????? :p
@ පූසා
මෙය සත්‍ය සිදුවීමක් වෙන්න පිස්සුද???? මං තාම පොඩි එකී......... :s :s
හැබෑටම මට අවශ්‍ය වූයේද එයයි. ලෙඩින් කතාව දැම්මේ ඒ අරමුණින් ගමන එක්කන් යෑමට. එහෙත් ලිපිය දිග වැඩි වූ නිසා මෙලෙසින් පුදුමය කොට කරන්නට සිදු වියැ. :s :s
හාවිතා නොකියම දීග තල ගිහින් නොවැ..... කෝ පාටිය.....:D
ReplyDeleteකථාව නියමයි.....
@ කාංචන
ReplyDeleteහරි හරි කමෙන්ට් කරන්න බැරි හේතුව මං දැන් දන්නවනේ අවුලක් නැ අයියණ්ඩි. හික්ස්....... :p
@ රත්ගමයා
බෝඩ් බලලා ඇතුල් වෙන්න දන්නැද්ද රත්ගමයෝ????? කවුද අද මොනිටිසෝරි කිව්වේ????? :h :h :p
@ priyantha.ඒබී
අයියට නිසා කියනවා. එයාගේ කන් දිගයි. සුදුම සුදුයි. සුට්ටියි. හැඩයි. කාටවත් කියන්න එපා ඔන්න.......... :a :a :q
@ Praසන්ன
යන්තම් ඇති වැදගත් ප්‍රස්නයක්. :p
හම්බෙන්න රවුමක් යන්න එපැයි අයියා.
රවුමක් යන්න බැඳලා ඉන්න එපැයි අයියා.
බඳින්න හාවෙක් ඉන්න එපැයි අයියා.
ඉතින් ආයෙම මුලට.
මට මුකුත් හම්බුන්නැ..... :s :s :p
ආදරේ .... මෙකයි ආදරේ ..
ReplyDeleteඔන්න මමත් ඇහැක් වහගෙන කියෙව්වා...
ReplyDeleteහාවි කතාව පැත්තකින් තියමු...
ReplyDeleteමං අහන්නේ ඇයි අර එක කොමෙන්ටුවකට කිසිම හාහූවක් නැත්තේ..?
....................
කතාවත් හොඳටම හොඳයි...කොහොමත් උඹ දැන් පැහිච්ච ආච්චියෙක් වීගන එනවා...
මට හිතෙන්නේ අර දිග කන් දෙක විඳින්න වෙයි වගේ..
ඔන්න ටීච ළමයිව නරක් කරණවා.ඒ ගමන හාවිත් ඇඩල්ට්ස් ඔන්ලි කතා ලියනව වාගෙ.කොහොම උනත් ලස්සන කතාව.
ReplyDeleteසුන්දර ආදරයක්......
ReplyDelete@ priyantha.ඒබී
ReplyDeleteඔය හාවි කියන්නෙ බොරු. එයාගේ කන් කොටම කොටයි. නහයනම් දිගයි. උල්ම උල් නහයක් තියෙන්නෙ. සුදුම සුදු නෑ. කළුයි, දුඹුරුයි. පිට පුරා කූරු කූරු. කූරු වල අග්ගිස්සෙනම් යන්තම් සුදු පාටක් තියෙනවා. සූටි නෑ තඩිම තඩියි. කාටවත් කියන්න එපා ඔන්න..........
දැන් ඉතින් වෙන කුමක් කරන්නද.......
ReplyDeleteආආආආආ දරය කරනු මිස.....
ලස්සනයි හාවියේ.....
ටයිප් කිරීමට ඇති කම්මැලිකම නිසාවෙන් කතාවේ ගුණාතමක බව බාල කිරීම පිළිබඳව මාගේ බලවත් අප්‍රසාදාය මා මේ අවස්ථාවේ පලකර සිටිනවා......
ReplyDeleteපිං පිං....
ReplyDeleteඅප්පා ... අද දවසම කියෙව්වේ ආදර කතාමයි.. ම්ම්..නරකම නැ... ආදරේ සුන්දරයි නේ..හා අක්කියෝ ලස්සනම ලස්සන කතාවක්...
ReplyDeleteආදරේ උතුරනවා හා පැටික්කියෝ. හා මහත්තයා නම් බොහොම වාසනාවන්තයි.
ReplyDeleteහාවිට ලස්සන හා පෝතකයෙක් හම්බවෙලා වගෙයි . නෑ කියන්න එපා ! සඳරුට බොරු කරන්න බෑ හරිය . මේ ලියවිල්ලේ ආදරේ මේතරම් බේරෙන්නනම් මොකහරි වෙන්සක් තියෙන්න ඕන . මොනවා උනත් ඒ වාසනාවන්ත හා පෝතකයට මම සුබ පතනවා ...
ReplyDeleteලස්සනට ලියලා තියනවා .... මේ වගේ ආදරයක් ඇත්තටම තියේද ? අපොයි නෑ ...
@ ශාමින්ද
ReplyDeleteහෆොයි තාම මට කොයින්ද එච්චර වයසක් ඇහුවලු...... :p හික්ස්........
පාටිය හාවාගෙන් ඉල්ල ගන්න. :k
බොහොම ස්තූතියි අයියා........ :c
@ ඉළංදාරියා
හ්ම්ම් හ්ම්ම්ම්........... :i
@ තාරක Dilsh@n
තාම සූටි හින්දා වෙන්නැ........ :a :a
@ මාරයාගේ හෝරාව
මොන කමෙන්ටුවටද අයියේ????? :j
අලේ මං තවත් ලියල්ලැ. ලැ ලැ ලියලව හාවාට විතලක් කියවල්ල දෙලවා. දාල්ලැ තවත් කතා........... :s :s
විඳින්නේ මොකටද අයියා???? :n :n
@ dinesh
නැ නැ ආයේ ලියන්නෙම නැ. නැ බ්ලොග් එකේ දාන්නෙම නැ. :s
බොහොම ස්තූතියි අයියා........ :c
@ Dinesh
දිනේශ්ල දෙන්නම එක ළඟ අද. :c
සුන්දරත්වය විදින්න පුලුවන් නම් සුන්දරයි තමා.........:a :a :i
අංක අනුව කියන්නද.. කෝකද කියලා...
ReplyDelete(මම මේ දවස්වල පඳුරුවලට විඳිනවානේ..ගණන් ගන්ට එපා..හිහ්..:p)
@ priyantha.ඒබී
ReplyDeleteමකරා අයියාගේ මඩ ප්‍රචාර බව කරුණාවෙන් සළකන්න. :n :s
@ අනුරාධ
ඉතිරි පලුව හොයා ගත්තද අයියා????? :a :a
බොහොම ස්තූතියි අයියා.........
@ පූසා
නැත නැත ටයිප් කර නැවත ඉවත් කරන ලදී. අප්‍රසාදය ප්‍රසාදයෙන් භාරගෙන සමාව අයදිමි............. :c :c
@ MaRLaN
මොකටද මේ පිං???? :j :j
@ නිම්ශා
දවසෙම???? ඒක හොඳයිනේ ඉතින්........ :i :i
බොහොම ස්තූතියි නංගියෝ..............
@ පිණිබිඳු...
එහෙමද???? මං නම් ඔව්වා දන්නැ......... :k
@ හිස් අහස
හා පෝතක???? නෑ කියන්න එපා කිව්ව නිසා ඔන්න කියන්නැ. :p
ඔය ලියවිල්ලේ විතරද ආදරේ බේරෙන්නේ???? අනික්වා එතකොට???? හා හා හා පෝතක දැක්කොත් ඒක භාරගනී. :k :k
අපොයි නැත්තේ නැ. තියනවා......... බොරු නම් අහන්න....... :a :a
මටත් ඔය ආදරේ ඔහොම්ම දැනෙනවා...... තව මොනාද ඔනේ ජීවත් වෙන්න..........
ReplyDelete@ මාරයාගේ හොරාව
ReplyDeleteඒකවත් හරියට වැදෙයිද???? හික්ස්...... :p
@ නචී
හ්ම්ම්ම් ඒකනේ...... :c :c
ආදරේ කියන්නෙ ඔන්න ඕකටයි.. පට්ට කතාව හාවියේ :m
ReplyDeleteඔන්න හාවි මාත් ඔයගෙ කතාව කියෙව්වා. නියමයි!
ReplyDelete