෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Monday, March 14, 2011

ඉතින් ඔයාට මතකද............????



කාන්තිමත් තරු එළිය සමඟින් සඳ එළිය නහවමින් තිබූ අහස් සිතුවමෙහි විසිරී තිබූ කාන්තිමත් තරු වියැකෙමින් හිරු කිරණ සෙමෙන් ඇදෙමින් සිතුවම ආලෝකමත් කරන්නට විය. ස්වභාව ධර්මයේ සිත්තරාගේ තෙළි තුඬගින් සඳ මැකෙන්නට විය. සෞම්‍ය වූ රන්වන් වර්ණයකින් අහස් සිතුවම සිතුවම් වෙමින් අතරින් පතර මිහිරි වූ කුරුළු නාදයෙන් එය ගීතවත් වන්නට විය. සංගීත වාදන වෘන්දයක් මෙන් එකිනෙකා තම සුමිහිරි ගීත නාදය කරන්නට විය. සොඳුරු වූ සංගීතයෙන් මුසපත්ව රාත්‍රියෙහි පිණි බිඳු වලින් තෙමී ගිය තුරු ලතා තාලයකට පාද තබන්නට සෙමෙන් පටන් ගත්තේ ගත දැවටෙන සිහිළ් සුළං රැළි ඒ අතරින් දුර ගමනක් යමින් සිටියදීය. තණපත් අඟ රැදි පිණි බිඳු අතරින් දඟ කරමින් තාලයට සමනල රෑනක් සුළං රැළත් සමඟම ගමනෙහි යෙදී සිටියහ.

මා මතකයට ආවේ කුඩා කල සිට ආසාවෙන් රසවිදි ගීතයකි.

"කියන්න සුළඟේ ඔබ කොහි සිටදෝ එන්නේ
හෙමින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ.........."

සවනට සුපුරුදු වූ තවත් ගීතයක් වාදනය වීම නිසා මා සොඳුරු සිතුවමෙන් දෑස මෑත් කළෙමි. ඔහුගේ රුව රැදි තිබූ මාගේ දුරකතනය ගෙන මා නැවතත් ඇඳටම වැටිනි.

සුපුරුදු ලෙසින් දිගු නිහැඬියාවකි. අවට හඬ දෙන කුරුළු ගීතත් ඒ අතරින් පතර ඔහු රෑ පුරා වාදනය වන්නට ඉඩ හැර තිබූ ගීතත් ඇසෙන්නට විය. මා තවත් ඒවාට සවන් යොමු කර ඔහුගේ හඬ අවදි වන තුරු නිහඬවම බලා සිටියෙමි.

‍"ගුඩ් මෝර්නින් මගේ සුදු නෝනේ.........."

‍"ගුඩ් මෝර්නින් මගේ සුදු මහත්තයෝ........" සුපුරුදු ළයාන්විත හඬ මා දෙසවන් සිප ගත පුරා දැවටෙද්දි නිරායාසයෙන්ම මුවඟ රැදි හසරැල්ලත් සමඟින් මා කීවෙමි.

‍"ආදරෙයි ගොඩාඩාඩාඩාරියක් මගේම සුදු නෝනට කියන්න බැරි තරම්ම."

‍"මාත් ඒ වගේම ගොඩාඩාඩාඩාරියක් ආදරෙයි මගේ සුදු මහත්තයට." සොඳුරු වූ කතාවන් රැසක ඇරඹුම ලෙසින් එය සටහන් වන්නට විය. දිනපතාම පාන්දරින් මෙලෙසින් ඇරඹෙන කතාබහ අවසන් වනුයේ මා එළවමින්ය.

‍"අද මැණික මොනවද කරන්නේ??" හිටි වනම ඔහු ඇසීය.

‍"ම්ම්ම්ම් විශේෂ මුකුත් නම් නැහැ වස්තු. ඇයි ඒ????"

‍"අද හවසට මං එන්නම්?? අපි බීච් යන්??"

‍"හා මහත්තයෝ..... කීයට විතරද??"

‍"ම්ම්ම්ම් මං එන්නම්කෝ 3ට විතර."

‍"හ්ම්ම්ම් හාකෝ එහෙනම්..........." මං ඇවිත් ඉන්නම්. ලෙසින් කී මා වෙලාව දෙස නෙත් යොමු කලෙමි. තවමත් 6.15ය. මා නැවතත් ඔහු කතාවකට මුල පුරන තෙක් බලා උන්නෙමි. එහෙත් වූයේ සුපුරුදු එළවීම පටන් ගැන්මය.

‍"හා හා දැන් ඇති අපි නැඟිටිමු."

‍"අනේ තව විනාඩි 15යි."

‍"බැ බැ සුදු මැණිකට පරක්කුවෙයි. නැඟිටිමු අපි."

‍"අනේ......................."

‍"හ්ම් හ්ම් නැඟිටිමු නැඟිටිමු පරිස්සමෙන් ඇඟ සෝදන් ලෑස්වෙන්නකෝ දැන් ගිහින්."

‍"හුම්........"

‍"හා හා තව විනාඩි 10යි ඔන්න."

‍"හා හා......" ඔහු විනාඩි 10ක් යැයි කීවද ඔහුටම එය අමතක වන බව මා දනිමි. නැවතත් අතොරක් නැතුව පිස්සු කතා ගොඩක් කියවන්නට වුනෙමු. අවසන ඔහුට අමතක බව දන්නා හෙයින් මා වෙලාව කියා කතාව මොහොතකට විරාමයක් තැබූවෙමි.
.........................................................................................................

වෙනදාට එන්නට දවස් 2කට පෙර සිටම කියනා ඔහුගේ අද උදෑසන ලද හදිස්සි කැඳවුම අනුව මා ඔහු එනතුරු සුපුරුදු ස්ථානයට වී මඟ බලා උන්නෙමි. තොළඟ රැදි සුපුරුදු සිනහව සමඟින් ඔහු මා වෙත පැමිණියේය.

‍"ම්ම්ම්ම් ගොඩක් වෙලා බලන් හිටියේ නෑනේද මැණික.....??" යැයි අසමින් ඔහු පා එසවීය. මාද ඔහු හා සෙමෙන් ඔහුගේ අතෙහි දැවටෙමින් වෙරළ දෙසට ඇදෙන්නට වුනෙමි.

වෙරළෙහි වූ ගල් බැම්මෙහි ගලක් මතින් මා හිඳවූ ඔහු ඊට ආසන්න ගලක් මතින් වාවි විය.

මොහොතක් දෙදෙනාම දෙනෙත් කලකින් දුටුවෙකුගේ වෙනස්කම් සොයන්නට මෙන් නිල්වන් සයුර දෙස යොමා සිටියෙමු. මොහොතකින් මා ගෙල වටා සීතලට යමක් දැවටෙනු දැනී මා ගැස්සී ගියෙමි. මා හට දෙනෙත් අදහාගත නොහැකි විය. ලස්සන සිහින් වූ රන්දමක් මා ගෙල වටා එතී තිබුනි.

‍"සුදු මැණිකට අද දවස මතකද????"

‍"ම්ම්ම්ම් නැහැ මං හිතන්නේ........." අසන්නේ මා සිතෙහි වූ කාරණාව නිසාමදැයි යන සැකයෙන් මා පැවසුවෙමි.

‍"හ්ම්ම්ම්........ මතකම නැද්ද?????"

මා හිස දෙපසට සන්කරමින් නැතැයි කීමි. ඔහු මේ සැරසෙන්නේ කුමක් පිළිබඳවදැයි යන්න හරි හැටිම මට තේරුම් ගත නොහැකි විය.

‍"ඔයාට ඒක අමතක වෙලාද?? "


සැ.යු:- මෙහි ඉතිරි කොටස 16 වනදාට පලකරනු ලැබේ. කුට්ටි කිරීමේ කලාව නිසා නොව අවශ්‍යතාව මත එලෙස කරන ලදී.

26 comments:

  1. ඒ පාර මොකක්ද? අනේ මන්ද මේ හාවනම්....හොර හාවෙක්මයි හොර හාවි වගේම..... :j

    ලස්සනයි හාවියේ.... :t
    මොකෝ 16 දාන්නේ? එදා හාවගේ උපන්දිනේද? ආ? :r මේ මට රහසින් වත් කියන්නකෝ‍‍‍‍...:a මං කාටවත්ම කියන්නේ නෑ...:e දන්න කියන 10කට විතර කියන්නම්කෝ... :f

    ReplyDelete
  2. අක්කේ....හච් කපල් පැකේජ් එක ද තියෙන්නේ...නැතිනම් ඔය හැටි වෙලා කතා කොරන්නේ සල්ලි ගස් වලින් කඩලද...
    මාලේ දුන්නේ මක්කටා...16 වෙනිදා වෙනකම් ඉන්න බෑ..ඉක්මනට දාපියෝ...
    නැති නම් මම මේක හැක් කොරනවා...හික්....

    ReplyDelete
  3. හික් ය. 16 වෙනිද මක්කයි විශේ ශත්වෙ...???

    ReplyDelete
  4. ඔහොම හොදයිද හාවි.. :p :p :P
    16 වෙනකල් ඉන්නම එහෙනම්. :b :b :b :b
    ඒත් මොකක්ද මේ විශේෂත්වේ :m :m :m :m

    ReplyDelete
  5. ඉතින් 16 ම දාන්න තිබුනනේ... කමක් නෑ මොකක් හරි හෙතුවක් ඇතිනේ....අපි ඉතින් ඉන්නම්කො.......

    හොද හොද සෙල්ලං එළිවෙන ජාමෙට කිව්වලුනේ... නේද.....

    ReplyDelete
  6. නෑ නෑ කිය කිය හාවෙක් හොයාගෙන .... පාටියක් දෙන්න වෙනවටද කියන්නේ නැත්තේ .... අඩුම ගානේ කේක් කෑල්ලක් හරි ඕනා ....

    ReplyDelete
  7. අක්කේ මට 16 වෙනකන් ඉන්න බෑ මට ඔයාගෙ මේල් ඇඩ්‍රස් 1යි පාස් වර්ඩ් 1යි දෙන්න මේක හැක් කරන්න.. රට්ගමට හරි කමක් නෑ

    ReplyDelete
  8. "හා මහත්තයෝ..... කීයට විතරද??"
    මේ කියලම තියෙන්නේ හා මහත්තයා ගැන.
    හාවිත් දැන් කතා කාරියක් වෙලානේ. ඉතිරි කොටස එනතකල් බලන් ඉන්න තමා වෙන්නේ....:D

    ReplyDelete
  9. @ ෴ හසියා ෴

    එන්නෙපා මුකුත් කියන්න මගේ හාවට...........:h :h

    ඔව් ඔව් හාවාගේ අවුරුදු 5හේ උපන්දිනේ.........:a මං දන්නැද්ද. ඊට හොදයි පත්තරේ දාන්නවා...... :h :p

    @ රත්ගමයා

    මල්ලි හරි මල්ලි. ඒක තමා තියෙන්නේ...... :a :a

    ඉවසන්නකෝ දවස් 2නේ........ :c

    මල්ලි පාස්වර්ඩ් එකයි මේල් එකයි මම දෙන්නද???? :a :a

    @ සුළඟිල්ල

    දවස් දෙකක් ඉවසන්න....... :c

    @ පබලු

    හොඳ නැතුව. මං කියන්නැ.......... :h

    එදාටම බලමු...........:b :b

    ReplyDelete
  10. @ නචී

    දිග වැඩි උන නිසයි කොටස් 2ක් කලේ............. :n

    එහෙම සෙල්ලමක් තියෙයිද මංදා........ :j

    @ ශාමින්ද

    හාවගෙන් ඉල්ල ගන්ට...... :i :i

    @ MaRLaN

    හරි මල්ලි මං රත්ගමස්ට දෙන්නම්...... දෙන්නක් වැඩක් නෑ හැක් කරන්න. :i
    එච්චර ප්‍රසිද්ධියක් එපා මට. හික්ස්........ :a :a

    @ priyantha

    අයියගේ ඒබී සීඩී හැලිලා ඒපාර. :a

    ඔව් ඔව්. එහෙම තමා. :a

    අනිත් අයත් ඔය කතා ගොතන්නේ හිමීට. අපි පරාදයි එතකොට.:S :S

    ReplyDelete
  11. හරි එහෙනම් රත්ගම ඒක බලාගනී

    ReplyDelete
  12. හ්ම්ම්.... මොකක්ද විශේෂත්වේ... :d ලස්සනයි කථාව :b

    ReplyDelete
  13. හරිම ලස්සනයි හා පැටික්කී....
    අද තමඉ ඉස්සෙල්ලම ඔයාගෙ පෝස්ට් එකක් කියෙවුවෙ... ඇත්තටමට මිනිස්සුන්ගෙ හිතට කතා කරන්න පුලුවන්කමනම් අඩු නැතුව පිහිටල තියෙනව...

    ReplyDelete
  14. හරි හරි .. මාර්තු 16 තමයි උදෙ තමයි වලිය පටන් ගන්නෙ, මම පෙබරවාරි 16 තමයි මරාගන්නෙ... ආයෙ මුකුත් නැහැ හුනා කිව්වා වගෙ කියන්නම් .. ඉලඟ කොටස ත්‍රස්‍යජනකම කොටස. සුදු මැනිකලා, හා පැටව් ඔක්කොම දුවන කොටස තමයි ඉලග කොටස. ගොඩක් තරුණියෙ ආදරෙ පෙන්නලා තමයි කඩු කිණිසි පෙන්නන්නෙ :D:D:D

    ReplyDelete
  15. 'සුදු මැණිකේ' කියන නම හාවිගේ ජීවිතයට බොහෝම සමීපයැයි මට නිකමට සිතේ. තවද කුමක් හෝ විශේෂ සැමරුම් දිනයක් පිළිබඳ සොඳුරු මතකයක් හාවිගේ කතා තුල අන්තර්ගත වීමට කුමක් හෝ හේතුවක් තිබිය යුතුමය. :j

    හාවි ලැජ්ජ වෙන්න ඕනේ නෑ.... අපි අපිනේ ඇත්ත කියන්නකො :d

    ReplyDelete
  16. මේ අර කේක් කැලි සම්බන්දයෙන් නම් මං නැ ඔන්න.. මං හාවා උනාට මේකි අක්කානේ :P

    ReplyDelete
  17. අම්මපා මෙහෙමත් කපටි හාවියක්..
    දැන් ඉතිං මොකා හරි කමක් නැහැ ඒ හාවාට 16 වෙනිදා ඔය කිව්ව එක කරේ බඳින්නම වෙනවා..

    හනේ නංගියේ උඹ ගිය ඉස්කෝලේ නම විතරක් මට කියහං..වෙන මුකුත්ම එපා..ඒ ඇති...

    ReplyDelete
  18. @ MaRLaN

    එහෙනම් හරිනේ මල්ලි.........:a :a

    @ සිරකරුවා

    හික්ස්.........:p

    @ හසී

    බොහොම ස්තූතියි අක්කියා....... :c
    ඒක 16 වෙනිදට....... හික්ස්.......:p

    @ ෴මල් සුවදක්෴

    බොහොම ආදරෙන් පිළිගන්නවා මගේ හා ගුලට මේ සුවඳ රැගෙන ආපු මල් සුවඳ. :c :c

    බොහොම ස්තූතියි මල් සුවඳ...........:c :c

    හ්ම්ම්ම් අනේ මංදා ඒක ගැනනම් ඉතින්........:j :j

    ReplyDelete
  19. @ රවා

    මොන වලියක්ද රවා අයියා????:j
    හා හා අදත් ඔය තියෙන්නේ නොතේරෙන මොනවද ලියලා. බොහොම ස්තූතියි ඇ....... :p

    @ පූසා

    මේකයි සුදු පූසෝ අවුල. දැන් ආමණ්ත්‍රන ලියලා ලියලා ලියන්න ආමන්ත්‍රණ නෑ. කවදත් මං නම් වලින් ලියන්න කැමැත්ත අඩුයි. ඉතින් එකම ආමණ්ත්‍රන ටික තමා කැරකෙන්නේ............. :j :j

    ඇත්ත කියනවා සුදු පූසෝ..... 16 වෙනකම් ඉවසන්නකෝ. තව දවසයි පැය කීපෙනේ.........:b

    @ Bunny

    මල්ලිගෙන් කේක් කුඩක්වත් ඉල්ලගන්නවට වඩා ලේසියි ඉබ්බෙක්ගෙන් පිහාටුවක් ඉල්ල ගන්නවා. මං නොදන්න බඩ..........:p :p

    @ මාරයාගේ හෝරාව

    අනේ නැතෝ........ හාවගෙන් අහන්නකෝ බොරුනම් මං ඔහොම දෙයක් කිව් වේ නැ.:s :s

    ඒ ඇති උනාට වැඩක් නැහැ අයියේ. කොල්ලෝ ගන්නැ ඒ ඉස්කෝලෙට. :p:p

    ReplyDelete
  20. මම හූන කිව වගේ කිවුවේ නැද්ද හාවිට හා පෝතකයෙක් ඉන්නව කියලා . බලන්න ඉතින් අපේ ඇස්වහ කටවහ වදියි කියලා එයා ගැන කියන්නේ නෑ . 16 වෙනිදට කියයිනේ සේරම එදාට බලාගමු ...

    මට විතරක් කියන්න. ඔයාට ඉන්නේ රට හාවෙක්ද ? නැත්නම් හඳ හාවෙක්ද ?

    ReplyDelete
  21. @ හිස් අහස

    හා හා අපි ‍හෙටම බලමු‍කෝ....... :p :p

    ‍මොන හා‍වෙක්ද? හඳ හාවා දුර වැඩියි ඊටත් මායාවක්. ඒ නිසා හඳ හා‍වෙක් ‍නෙ‍මෙයි. රට හා‍වෝ ගැන දන්නැ. ‍මේ ‍හොඳ අ‍පේම හා‍වෙක්. හික්ස්.......... :a :a

    @ Praසන්ன

    ඒක‍නේ අයියා. ‍මේ අයට පිස්සු........ :b :b

    ReplyDelete
  22. මාර ලව් ස්ටෝරියක්නෙ...... හොඳයි හොඳයි ඔහොම යං............

    ReplyDelete
  23. අද 16යි කෝ කීයටද ඉතිරි කොටස දාන්නේ....
    හාවියෝ....ඉන්නවදෝ....
    පොරොන්දු උනානම් කතාව දාන්ටෝ......

    ReplyDelete
  24. ම්ම්ම්ම්...
    ආදරණීයයි... ගොඩාක්....

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)