හරි කවුරු නාක උනත් මං නාක නැති නිසා ආවා මේ පැත්තේ පිපිලා කියලා ආරංචියක් ආව දැකුළු මල් ටික කඩන්න. අපරාදෙනේ. ඒ නිසා........ ආ තව සුට්ටෙන් අමතක වෙනවා......
ඔබ සැමට හැපි බර්ත් ඩේර්........!!!!!
හරි හැමෝටම ආවඩා ආයුබෝවේවා පාන්දරම.......!!!! (මරණෙ අයියට හැර හැබැයි )අද නම් ආවේ මාසගානක් තිස්සේ ඩරාෆ්ට් වල දුක් විඳින මේ බ්ලොග් අවකාශෙට මූණ ඔබාගන්න ඕන උන කට්ටියක්ව හා හා පුරා කියලා හදුන්වා දෙන්න....... අර මතකනම් මෙව්වා කියවන්න කම්මැලියොද කියන ලිපි පෙළට ඡායාරූප ගනිද්දිම අතරමඟදි හමු උන පිරිසක්. ඇත්තම කියනව නම් නවක නළු නිලි පිරිසක් හඳුන්වා දීමට ලැබීම ගැන මං වෙනම කියන්නම් ඒ ගැන. දැන් ඔන්න පිළිගන්න ඔබ සැමගේ නෑදෑ හිතවතුන් වන නවක තරු පිරිවර.......
මෙයා ඇවිල්ලා පොටෝ එකක් ගන්න හොඳ ඇක්සන් පාරක් දුන්නේ ඉසුරුමුණියෙදි. ඇත්තම කියනවනම් ගහ උඩ අභිරහසේ රඟපාන නළුවෙක්. අර සෝබනේට ආඩම්බරෙන් චන්ඩි කාලා ඉවර වෙලා බන්ඩි අතගාන අවස්ථාව තමා මේ. නම නම් අහගන්න බැරි උනා දන්න කියන නෑයෙක් අඳුර ගත්තොත් නම කියලා යන්න කිෂි අවුලක් නෑ..........

මේක ඇවිල්ලා බෝම ජැන්ටල්මන් ලුක් එකක්. පේනවනේ. හොඳ ලස්සනට ආසනාරූඩ වෙලා සිටිනා ආකාරය. පොඩ්ඩක් මූණ පේනවා මදි. ඒක මේ අර කප් ආර්ටිස්ට් අයියගේ වැරැද්ද මිසක් වෙන වැරැද්දක් නෙමෙයි. බොහොම ආකර්ෂණීය දැකුම් කළු නළුවෙක් බව බැලු බැල්මට පේනවනේ........... හෙයාස්ටයිල් එක එහෙම පේනවනේ...... බෙකම් කොණ්ඩේ හදන්න අහගත්තෙත් මෙයාලගෙන්ලුනේ......... ආ තව ටිකෙන් අමතක වෙනවා මෙයත් ඉසුරු මුණියෙදි තමා කැමරා ඇසට මාට්ටු නැ නැ සමා වෙන්න හසු උනේ.......

මෙයා නම් බෝම අහිංසකයා........ මේ කොටු නොදැම්මා කියලා ෂිංඩි වලින් අවුලක් වෙයිද මංදා. දුම් වැටි වලට ප්‍රචාරයක් නෙමෙයි ඇත්තම කියනවනම් මේ බෝබු කෝටුවකින් දත් මදින ගමන්. ( ආ දැන් නඟරං බට්ටෝ අහන්න එපා බෝබු කෝටු මොනාද කියලා. ) නළුවෝ උනාම හොද හැන්ඩ් සම් විදියට ඒකත් කරන්න එපායැ.......
ඇත්තම කියනවනම් මෙයාව දැක්කම මට මතක් උනේ මගේ නැති උන කළු නංගිව. මතකද එයාව???? බොහොම අපූරුවට මං කතාකරනකම් කන්දෙක හරව හරව අහන් හිටියා. දාලා එන්න දුක හිතුනත් ඉතින් ගෙදර ඉන්න බරැක් ඔබාමාගෙන් කොහෙද ඒවට ඉඩ........ ඒකා මුළු ලෝකෙම පාලනය කරනවා. (ඒකිව්වේ අපේ අම්මා තාත්තත් ඒකට පිටින් යන්නෑනේ.) අභයගිරිය සෑ මළුවෙදි තමා මට මේ පුංචි නළු බට්ටව මුණ ගැහුනේ. කොච්චර බැළුවත් එපාවෙන්නැති බොහොම අහිංසක බැල්මක්.

මේ ආදර පෙම්බර යුවල මුණගැහුනේ මිහින්තලේදි. මෙච්චර අපූරුවට ආදර ජවනිකා රඟපාන මේ දෙන්නව දැක්කම කස්ටිය වටෙන් දුවනවා. ඔය කිව්වේ පේමයෙන් උමතු වෙලා කොටනවා කියලා. මං නම් ඔව්වා දන්නැ. අධ්‍යක්ෂක මිස්ටර්ගෙන් තමා පිටපතේ එහෙම තියද අහන්න ඕනා. මොකද මං ළඟටම ගිහින් පොටෝ ගත්තා ඔය ඉන්නේ අපූරුවට. හැබැයි දකින දකින හැමෝම ළඟට යන්නවත් එපා කොටනවා කිව්වා. මොන මේ අනුන්ගේ ඔපාදූප හොයනකම් ඒ දෙන්නට ස්කිරිප්ට් එක ඉවර කරලා ඊළඟ ලොකේසැන් එකට යන්න ඇති.

හොඳයි ඊළඟට බොහොම ත්‍රසයෙන් භීතියෙන් ඇලලී යන දර්ෂනයක්.
සමාවෙන්න කුඩා දරුවන් දුරුවල හදවත් ඇත්තන් මෙය බැලීමෙන් වළකින්න.
ඇත්තම කියනවනම් මේක ටිකක් අමාරු උනා. මොකද බොහොම තදේට ඇවිලුණ සටනක් ඡායාරූපගතකරන්නන්ටද පහරවදින්න පුලුවන් නිසා. ඇත්තටම මේක ලංකාව නිසා තවත් බය හිතුනා. මොකද ලව් ඇට් ඇයිට් එකේ කැමතිම මතක වල දාන්න හදන කතාවක් මං හිතන්නේ මෙතන රූගත කලේ. කොහොම උනත් බොහොම නිර්භීතව හාවි එහි ඡායාරූප දෙකක් ගත්තා. තව ටිකෙන් අමතක වෙනවා. මෙම දර්ශනය රූගත වුනේ රුවන්මැලි මහා සෑය අභියසදී.


දිග වැඩියි වගේ අදට නළු නිළියන් හදුන්වා දීම මෙතනින් කොමාවක් දානවා......... ආයේ දෙවෙනි කොටසින් තව නළුනිලියන් කීප දෙනෙක්ව ඔබ හමුවට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ආ මම මේ මතක් කරලම කියන්න හිටියේ දන්න කියන කාව හරි ඉන්නවනම් නම පොඩ්ඩක් රූපේ අංකෙත් එක්ක සටහන් කරලා යන්න.:D මොකද මට නම් ටික අහගන්න බැරි උනා........... එහෙනම් අදට ඉවරයි. :D
සැ.යු:- මේ කාට හරි මේ කස්ටියව දාලා පිලුම් එකක් කරන්න ඕනි නම් මං කොන් ටැට් නම්බර දෙන්නම්. මගෙන් විමසන්නකෝ......... :P :P මතක ඇතුව යන ගමන් ගෙනාපු කැරට් කංකුං අර පෙට්ටියට දාගෙන යන්න. මාත් ජීවත් වෙන්න එපායැ. :D :D

අලේ හාවිම කස්ටිය දාලා පිචෑර් එකක් කොලන්න. අපි එන්නම් බලන්න.
ReplyDeleteදැන් හා පැටික්කී "දැකුළු" හරි කමක් නැහැ "මල්" කැඩුවාද..
ReplyDeleteනළුවෝ ටිකනං අපූරුයි..කැමරාකරණය අන්තිමයි..
එතකොට හාවිගෙ පාට් එක ඇට් කොරන්නෙ හාවිමද?
ReplyDeleteකැමරාකරණය MS හාවි....
ReplyDeleteකව්ද හා පැටික්කි කියන්නේ. අළුතින් බ්ලොග් ලියන්න ආව කෙනෙක්ද? එයා කළු නංගි ගැන පෝස්ට් එකක් දාල තියනවද??????
ෆිල්ම් ස්ටාර්ස්ලා ටික මේක දැක්කොත් හෙම නඩු දානව ස්වර්...
ReplyDeleteහෆොයී,.....යසට උන්නු අපේ හාවි
ReplyDeleteNice
ReplyDeleteහොද නළුවො ටික.කළු බලු පැටියා ඔයාගෙ දිහා බලාගෙනම ඉන්නේ.පින්තූර නරකම නැහැ.
ReplyDeleteහප්පේ කාලෙකට පස්සෙ බ්ලොග් එකට පැනල තියෙන්නෙ.
ReplyDeleteඅපි ඉතිං ඔය බස් පැදිල්ලට නෑනෙ මාරය වගේ.
අර පූස් පැටවු දෙන්නනං මනුස්ස සතෙක් පංසලට පූජ කරපු දෙන්නෙක් වෙන්න ඇති.
ලස්සනයි.....
@ ශාමින්ද
ReplyDeleteඅලේ ශාමි අයියා මගේ එහෙම බලාපොරොත්තුවක් නෑ නොවැ...........:j :j
@ මාරයාගේ හොරාව
නැ නැ ඔය එන කස්ටියගේ ඔළුවේ වැදිලා කැඩිලා යන්නැතැ....... :b
හා හා හරි හරි ඉතින්........ විචාර නොදී ඔහොම කතාවක් අහන්න මං පුදුම වාසනාවන්තයි........... :a :a
@ පිණිබිඳු...
නැතුව බෑනේ...... අක්කිට ඕන්නම් කාක් කූඩුවක් තියන ගහක පාට් එකක් දෙන්න පුලුවන්....... :b :b
@ priyantha
වැරදුනා ඡායාරූපකරණය..... :p
ආ එහෙම කෙනෙක් ගැන කවුරු හරි දැන් කිව්වද ප්‍රියා අයියා...... :a :a
@ prasanna86k
ReplyDeleteහලේ ඒම වෙයිද??????:a
මං සහසක් කියන්නද සමහර නළුවොන්ට වඩා නම් මෙයාලා නියමයි.......... :c
@ පැන්ඩා
තාම යසට ඉන්නවා........ :p
අයියගේ අභාගේ ඉවර උනාදෝ.......... :a :a
@ රොබින්
ටෑන්ක්ස්........:c
@ JHOTHISHALANKA
ඔව් ඔව් මොකද අයිය පිලුම් එකක් කරනවද මෙයාලව දාලා.......... :a
ඒ පින්තූරේ නම් මට එපා වෙන්නෙම නැහැ අයියා........... :i
ඒ කියන්නේ ටිකක් විතර නාකයි....... :c :c
හා ලන්තයේ නළු නිළියෝ වෙන්න ඇති....වෙන නැතිනම් හොදා.... :p :p :p
ReplyDeleteඅලේ...මට පිලුම් එකක් කොරන්න ඕනා...කොන්ටැක් නම්බරේ එවන්න..
ReplyDeleteමේ ඒක නෙමේ හා අක්කේ...
ඔයා නේ ප්‍රධාන චරිතේ..ඇයි මේ ප්‍රධාන චරිතේ දාල නැත්තේ..මට නම් මතක් වෙනවා ලොම් හැලිච්ච් කලු තඩි හාවෙක් ව,,,
ඉකේයියා........
ලොල්ය.. සුබ උපන්දිනයක්??? ලොලේ ලොල්ය.. ඔයාටත් එසේම වේවා කියල පැතුව ඕන්.. හික් ය. නැත්නම් තරහ වෙයි නෙ
ReplyDeleteෂා මෙතනට අර හා පැටික්කියේ පොටෝ කෑල්ලකුත් දැම්මනං පංකාදු පහයි.. :b :q :e
ReplyDeleteහලේ මිහින්තලේ අර කුරුල්ලොත් ඉන්නවද? එහෙනම් ඉතින් ගිහින් හමාරයි. මගේ මරහඩ තැලිල්ලට මිනිස්සු බය වෙයි....!!!
ReplyDeleteමමනම් මෙතන කැමතිම අර සටන් ජවනිකාව රඟ දක්වන බිලාල ජෝඩුවට .ඒ නලු බට්ටොන්ට රඟ්පාන්න වේදිකා නාටියක් හරි අපි කට්ටිය එකතු වෙලා හදලා දෙමු . අපේ ගෙදරත් ඉන්නවා නලු බට්ටෙක් එයාව අපි මේන් රෝලට දාමු
ReplyDeleteඔයාට මහන ගොතන එක හිතට අල්ලලා ගියේ කොහොමද ? මටනම් සපත්තුවේ ලේස් දෙක ගැටගහන්නත් මාරම කම්මැලියි.
හානේ..... හාවිත් බර්ත්ඩේකට පෝසට් එකක් දාලා.. හැපි බර්ත් යස්ටඩේ.... :p
ReplyDelete-කාංචන
@ Praසන්ன
ReplyDeleteඔව් අයියා ගොඩ කාලෙකට කිව්වට සති දෙකකට විතර පස්සේ..............:r
අපොයි ඇබ්බැහි උනොත් උනාමයි. මාත් දැන් ඈත් වෙලා ඉන්නේ ඒකෙන්. :a
ඔව් වෙන්නැති අයියා. මනුස්ප සත්තු එහෙමනේ පින් කරන්නේ......... :h
බොහොම ස්තූතියි අයියා..........:c
෴හසියා෴
නැ කැලෑ ලන්තේ නළු නිළියෝ........... :p
ඉතින් මොටද බැලුවේ.......... :h
@ රත්ගමයා
ඔක්කොටම කලින් හැපිම හැපි උපන්දිනයක් වේවා.....!!!!!:g :m
හා හා මං එවඤ්ඤං මලේ...........:a
අලේ මල්ලි හරියටම රූපේ කිව්වා අතිවිශිෂ්ඨයි. උත්කෘෂ්ඨයි.:h :q
@ සුළැඟිල්ල
ලොල් ලොල්........ මටත්.... හා හා බොහොම ඉස්තූතියි....... :p :p
@ ..ChAnDiKa..
ReplyDeleteවැඩක් නෑ. නිකම් බොරුවට ඔයාල මේ බලන ටිකත් නැති කරගන්න ඕනයැ...........:b
@ සංජු
අපොයි කුංචනාදේ...... ඔයාට එයාලා බයවෙයි අක්කණ්ඩි. භිය නොවන්න............:p :q
@ හිස් අහස
හෙහ් හෙහ් මං නම් කවදත් පූවොන්ට වඩා බල්ලොන්ට අදිනවා. ඒ නිසා කළු තමා මං ආසා.:i
අලේ අලේ නළු බට්ටා ගැන වචනයක් හරි කිව්වනම් නරක ඇති.:h
හපොයි ඒ ඉතින් හැමදාම කරන නිසානේ....... මං ඉතින් විවේකයක් අරන් වැඩ මාරු කර කරනේ කරන්න. මේ පේන්නැද්ද. ඒවා එපා වෙයි කියලා බයට මේ පැත්තේ පැන්නා....... :a :a
කාගෙද මේ ෆැමිලි ෆොටෝ ඇල්බම් එක අනේ.
ReplyDeleteහලි ලත්තනයි!
හෙහ්! මරැනෙ අප්ප
ReplyDeleteනලුවන් ගැන ලිපියක් ලියූ නිලියක්.හිකිz...
ReplyDelete\පබලු
@ Kathandara
ReplyDeleteකතන්දර අයියා අද මුලින්ම හා ගුලට ගොඩ වැදුනේ..... බොහොම ආදරෙන් පිලිගන්නවා. හාවිට ඒගැන ගොඩක් සතුටුයි............ :c :C :c :c
පැමිලි පොටෝ ඇල්බම් එක මගේ නේ ඉතින් අයියේ............. :c :c
@ Hasitha ජයසූරිය
ඔව් ඔව් නළු නිළියෝ කීවම එසේ මෙසේ අයයැ. :a :a
@ පබලු
ඒපාර අක්කණ්ඩිත් පටන්ගත්තද............ :s :s
මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම පවුලේ ඡායාරූප එකතුවක්...... මරු හාවී......
ReplyDeleteඔන්න මගෙන් කැරට් කිලෝ එකයි බඩ ඉරිඟුයි මස් ටිකකුයි කට්ටියටම........
http://aluthkolla.blogspot.com
අපූරුවට අරන් තියෙනවා නැගී එන කස්ටියගේ ෆොටෝ කෑලි ටික නම් හික්ස් . .
ReplyDelete@ අළුත් කොල්ලා
ReplyDeleteබොහොම ස්තූතියි........ පුංචි පවුල රත්තරංනේ අයියා....... හික්ස්.............. :q
නැ නැ මස් එපා....... ඉතුරුවා කමක් නෑ. :b
@ දුකා
අනේ අයියේ කිසි කරදරයක් නෑ. නළු නිළියෝ වගේ පොරකන්නෑ. දත් පෙන්නලා විරිත්තන්නෑ. මේකප් ඕනි නෑ. දහඩිය පිහින්න ඕනිනෑ........ :a :a
මෙන්න නළු නිළියෝ........ හික්ස්...... :q