
හරි හරි හාවි අද වෙන්දේසියක් එහෙම දාලා නෙමෙයි. මම මේ ගුලත් අරන් යන්න කියලා. බඩු පැක් කරනවා........
හා හා ඇස් ලොකු කරන් බලන්න ඕනි නෑ. මේ පුංචි නැති ලොකු ස්ථාන මාරුවක්............ කතාව කොහෙන් පටන් ගන්නද මංදා..........
කොයින්ද..........
කොයින්ද.........
හරි පටන් ගන්නම්කෝ. ම්ම්ම්ම්ම් කොහෙන්ද.......... ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.............
හරි හරි බනින්න එපා ඇඹරුනේ සැජ්ජාවට. අනේ වචනත් නෑ වගේ.........
මං මේ කියන්න ආවේ පොඩිම පොඩි රහසක්. ම්ම්ම්ම් ගොඩක් අය නැතත් ටිකක් අය දන්නවා. මං හිතන්නේ මං හිතනවට වඩා පිරිසක් මේ ගැන දන්නවා. ඒ වගේම මේ ගැන අපි පුංචි බයිට් එකක් දීලා ආපේ ආදරණීය පබලු අක්කණ්ඩිය මා එක්කත් අයියණ්ඩි එක්කත් ටිකක් අමනාපෙන් ඉන්නෙත්.
අනේ ඉතින් මේක මටම කියන්න උනානේ.........
බැ බැ දැන් කෝම හරි කියනවා.......
අද රචනය. මාත්තුකාව
මගේ ආදර පෙම්බර දයාබර තව බර බර හාවා............
මාගේ හාවා......... හාවාට මට වඩා වේගෙන් පණින්න පුලුවන්. මා පළමු වරට හාවා අඳුනා ගත්දාම හාවා මට වඩා පැන තිබුනි. එදා බ්ලොග් මැරතන් තරඟයයි. රෑ නිදි මරාන හාවා බිඟු ලන්තයේ කමෙන්ට් 97කින් ප්‍රථමයා වෙද්දි මම 72කින් දෙවෙනියා වුනෙමි. එදා මා පෙන් ඩයිවරයක් නැති වූවාට හොරෙකු කල හාවා බිඟු ලන්තයේ උකුස්සා ඩිලීට් කරන්නට යෝජනා කලේය.
ඉන් දවස් කීපයකට පසු මාගේ පූසන් දායාද ලද ආකාරය පිළිබඳ ලිපියට හා ගුලෙහි මුලින්ම පුතිචාර දැක්වූ හාවා. ඊයක් එවා තිබුනි. එදා සිට ඇති නැති සියළු කාරණා කියමින් හාවාට නංගෙකු නැති හෙයින් මාගේම අයියකු ලෙසින් සිටි හාවා මාගේ දුකට සැපට විභාගයට සියල්ලට උදවු කරන ලදී. මාද හැකි අයුරින් හාවාගේ දුකට සැපට හිටියෙමි. (හැබැයි අයියාගේ භාන්ඩ ඇල්ලීම මට තහනම් කල අතර අයියාට නංගීගේ ඕනෑම භාන්ඩයක් ඇල්ලීමට අවසර ඇතැයි කීය.)
එදා සිට හැමදාමත් ඉඳ හිට බනිමින් සැර දමමින් නංගීව බලා ගන්නා ලදී. අභාගය කල පසු අයියා පාඩම් කරන තුරු රෑ දෙගොඩහරි ජාමයක් වන තුරු මෙලෝ වැඩකට නැති වාක්‍ය කියවමින් සිටිම මට පුරුද්දට යන ලදී.
ඔහොම බැනුම් අසමින් වටේ කැරකෙමින් සිටි මා අයියාගේ ආදරය දිනාගත් විස්වාසවන්ත නැගණියක් වීමෙන් ඔහු පිළිබඳ සියළු දෑ (එකක් හැර. ඒක නොකිව්ව බව කීවේ පස්සේ) දැන සිටියෙමි. මෙලෙසින් ලං වූ අයියා මා සිතට ඇතුළු වන බවක් දැනුනද මා සඟවා සිටියෙමි. (ඒක හරි ගිය වැඩක් නෙමෙයිලු. පස්සේ එහෙම කිව්වා.)
මාගේ අභාග ප්‍රථිපලද මුලින් බැලූ අයියා මාව ටිකක් විතර භය කර ප්‍රථිඵල පවසන ලදී. ආයේ ඉතින් මාගේ පේපර් බැලුවේ ඔහු බව හා පැටික්කි බලන්න එන කවුරුත් දන්නා රහසකි.
ඔහොම ගිහින් අයියාට හිත ගිය කුමාරියක් ඇති බව මා හට පවසන ලදී. ඒ හරහා ඇති වූ වේදනාවන් නිසාවෙන් අයියා අමුතු වන්නට විය. ඔහේ කියනා දෙයක් අසමින් ඕනි දෙයක් කියන තුරු බැනුම් අසමින්ද ලඟ කැරකී කැරකී සිටි නිසා අනේ මංදාය. පසුව අයියා නොසිතූ වෙලාවක හාවා විය.
මා අත්හැර දමා තිබූ අදහස නොසිතූ ලෙසකින් ලැබූවෙකි. උතුරන්නාවූ ආදරය නැගණියක් ලෙසින් ලැබූවද ඊටත් නොදෙවෙනි සෙනෙහසක් හා ආදරයක් අද මාගේ දයාබර හාවා ලෙසින් ඔහු මා හට දෙයි. පැන්ඩා අයියා පැන්ඩි අක්කී ගැන ආඩම්බරයෙන් කියන්නාක් මෙන්ම මටද කියන්නට ඇත්තේ කාට නොවටිනා වුවත් මගේ සුදු හාවා මට කියාගත නොහැකි තරමින් වටින බවය. ම්ම්ම්ම් ටිකක් විතර සැරය. හැබැයි ඒ මොහොතකටය. ජීවිතයේ ලද මිල කල නොහැකි ආදරයක් හිමි වූයේ ඔහු නිසාවෙනි.
මාගේ කෙටි කතාවල හැමදාමත් අන්තිමට කියනවා වාගේම ආදරෙයි ගොඩාඩාරියක් මගේම සුදු මහත්තයට............
ඉතින් අද සිට මා මාගේ දුප්පත් හා ගුල මාගේ සුදු හාවාගේ නවාතැන වන හසියාගේ නවාතැන වෙතට රැගෙන යමි.............


ane mawa tapaliloooooooooooooooo
ReplyDeleteහරි එහෙනං දැන් අපිත් මේවා ප්‍රසිද්ධියේ කතා කලාට කමක් නැහැනේද..?මදැයි ටික දවසක් හරි අපිත් රහස් රැක්කා...
ReplyDeleteමුල ඉඳන් බ්ලොග් එක කියෙවුවෙ නැතත් ....අගක් මුලක් නොතේරුණත් ...මේ පොස්ට් එකට කොමෙන්ටුවක් දාන්න හිතුවා...සුබපැතුම් හාවී (අක්කා වෙන්න ඇති).
ReplyDeleteජය මංගලම් කිව්වා
ReplyDeleteඅයියණ්ඩි ,හොර හාවි එක්ක විතරක් නෙවෙයි අර හොර හාවා එක්කත් අමනාපෙන්. :p :p :p
ReplyDeleteහාවා හාවා..ඉ ර් ර් ර් ර් ර් ර් ර්
එත් අපරාදේ කියන්න බැ හාවට රගපාන්න පුලුවන් ආයේ සුපිරියටම.හාව විතරයා හොර හාවිත් එසේමයි. :e :e :e :e
අයියණ්ඩි ගැන නම් කතා ඕනම නැ. ග් ර් ර් ර් ර් ර් :h :h :h
හරි දැන් ඒවයෙන වැඩක් නැ :r :r :r
හලේ හපොයි..මෙන්න වැඩක්...හා හා එකත් ජයසිරි මංගලම් කිව්වලු.:m :m :m මගේ හා කුමාරි සතුටින් ඉන්න.හසියා ඔයත් ඉතින් මයේ මලයා නේ.දෙන්නම සතුටින් ඉන්න.
එහෙනම් මෙන්න මම ගියා.
අයේ ඉතින් කඹ නෙවෙයි ගැටෝ කේක් දුන්නත් අපි නම් කන්නේ නැ :p :p
මේ හොර හාවි මටවත් කිව්වේ නෑනේ.අහුවෙයල්ලකෝ දෙන්නාම... එහෙනම් නෑනෝ පාටියක් ලෑස්ති කරන්න... සුබ මංගලම් ජය වේවා..!
ReplyDeleteඑළ..
ReplyDelete:O මොනාද දෙවියනේ මේ වෙන්නේ...
ReplyDeleteඅප්පට සිරි...දැන් නේ යකෝ මොලේට වැට්ටේ....මේක චුට්ටි මොලයක් නිසා ප්‍රමාද උනා වටහා ගන්න..
ReplyDeleteතවත් වෙඩිමක්.... වෙටලප්පන් ඕනේ හරිය
අඩේ මරු ඈ..... ජය මංගලම් කිව්වලු :t
ReplyDeleteහිටුකෝ ඔය හසියව අල්ල ගන්න :f
ඔන්න අපෙනුත් සුභ පැතුම් හරිද. හොරා වගේ හංගගෙන හිටියට කොහොම හරි කියන්න උනානේ..
ReplyDeleteඅප්පට රත්ගමයා 'වෙටලප්පන්' කියන්නේ මොනාද?
ReplyDeleteකමක් නෑ ඉතින් හාවි අක්කටයි හාවා අයියටයි
මංගලම් ජය මංගලම්..
වේවා සිරි සුභ මංගලම්..
අම්මපා මේක දැන් මගුල් සක්වලක් වෙලානෙ.... මුන් දෙන්නව තියන්න වටින්නෙ නෑනෙ. මෙච්චර කල් හංගන් හිටියනෙ මේ සුභාරංචිය.(තවත් ලණුවක් නොවේවායි පතමි)
ReplyDeleteඔන්න එහෙනම් දෙන්නටම මගෙන් උණු උණුවේ සුභපැතුම්. නිවෙන්න කලින් ගනිල්ලා.
මතක ඇතුව පාටිය දියල්ලා... :D
මෙච්චර කල් සත්තුන්ට තිබ්බෙ මඟුල් 2යි. එකක් අවුවයි වැස්සයි දවසට නරියගෙ මඟුල. අනික ඌරො කැකුණ තලන දවසෙ හබන් කුකුලන්ගෙ මඟුල . ඔන්න අද 3 වෙනි එක. ජය මංගලම්
ReplyDeleteජය වේවා...අපේ උණුසුම් සුභ පැතුම් පැන්ඩිටත් කියන්න ඕනි..
ReplyDeleteමගුලයි.. තව හාවෙක් :D :D
ReplyDeleteඊයෙ බශ් එකේ හාවට බනින කොට මං හිතව්වෙ මට කියලා :D :D :D
යකොඩෝ මේ හසියාට ගිය කල ඇහ්.. මරු මරු :D මංගලම් ජය මංගලම්.. :D
සතුටයි සතුටයි බෝ වෙන්නෙ.. :D
බර්ර්ර්ර්ර්ර්... :P
සැක කලෙමි කිසිත් නොකීවෙමි...
ReplyDeleteසුභ මංගලම්.....
යකෝ මේ හා ජෝඩුව කාලත් මදිනේ.. දීපල්ලා දැන් කැරට් කේක් එකක් හරි ඉක්මනට.
ReplyDeleteසුබ අනාගතයක් දෙන්නටම !!! :D :D :D
එහෙනම් සුභ මංගලම් කිව්ව ඕං!!!
ReplyDeleteඒකත් ජයසිරි මංගලම් කිව්වලු ඈ......... මගෙන් සුභ පැතුම් දෙන්නටම.. පට්ටම සතුටුයි ඇ........ හැමදාමත් සතුටින් ඉන්න දෙන්නම...
ReplyDeleteජයවේවා කිව්වා එහෙනන්..........:-D
ජය මංගලානී....
ReplyDeleteසුබ පැතුම් මගෙනුත් මෙන්න.
මෙන්න මගුලක් කතා කරනව. :f
ReplyDeleteසුබ මංගලම් කිවුව ඕං....
හම්මියෝ ඇති යන්තම් මේ මුට්ටියා මේක දාලා. නැත්තම් මේ අවුරුද්ද ඉවරවෙනකම් අනික් අයට බලන් ඉන්ට තමා වෙන්නේ හික් හික් හික් :) මේක කිව්ව නැතුව හංගන් හිටියට අපිට වෙනම පාර්ටියක් දෙන්ට ඔනෙ :p
ReplyDeleteඑහෙනම් හා මුට්ටියේ ඒකත් ජයසිරි මංගලම් කිව්ව ඕන් :D
හා අක්කට සහ හා අයියාට අපෙන් සුභ පැතුම්.. දැන් හැබැයි ඉතින් අපිට කැරට් පාටියක් වත් ඕන හොඳේ...
ReplyDeleteමේ මොකක්ද මේ? කිසිම දෙයක් තේරෙන්නේ නැහැ.
ReplyDeleteමම අදමයි මේ පැත්තෙ අවේ. ඉස්සෙල්ලම දැක්කෙ මේ පෝස්ට් එක. කාලයක් හිතේ හිර කරගෙන හිටපු දෙයක් බොහොම ලස්සනට වචන වලට ගැලපිලා එලියට ඇවිත් තියනව. ඔය තියන සතුට හැමදාම හිතේ රැදෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
ReplyDelete(ඔය කියන හාවගෙ බ්ලොග් එකෙත් හාවි ගැන මොනවද ලියල තියනවා. දැන් ගිහින් ඒකත් බලන්න ඕන.)
ඔන්න තව කොල්ලෙක් අමාරුවේ වැටුනා
ReplyDeleteඔන්න එහෙනම් දෙන්නටම ජයසිරි මoගලම් කිව්වා :m
හයියෝ .... ඉරිදා ට්‍රිරිට් එකක් ගන්න බෑරි වුනානේ ... , චික් විතරක් ...
ReplyDeleteමොනා උනත් දෙන්නටම සුහේ සුභ පතනවා !!! :o
හාවිත් ඉදලා ඉදලා පැන්නේ හොද පිම්මක් .... වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම්
ReplyDeleteෂා...කාලෙකට පස්සෙ බ්ලොග් කියවන්න ඇවිත් මුලින්ම දැක්කෙ සුභම සුභ ආරංචියක් නොවැ! ඔන්න දෙන්නාටම අපේ උණුසුම් සුභ පැතුම්!!!!!!!!!!
ReplyDeleteසිරාවටම මටනං කලින්ම ඕක හිතුනා.
සුබ පැතුම් මගෙනුත් දෙන්නටම
ReplyDeleteමේ හසියාත් මරම පොරක් නෙ
මුව කලත් මදිනේ
සුබ පැතුම් මගෙනුත් දෙන්නටම
ReplyDeleteමේ හසියාත් මරම පොරක් නෙ
මුව කලත් මදිනේ
හලේ මරුනේ තව මගුල් කීයක් එලියට එන්න තියෙනවද දන්නෙ නෑ....! නියමයි නියමයි....! සන්තෝසයි ඈ...!!!! ජය මංගලම් දෙන්නටම
ReplyDeleteඔන්න ඉතින් හාවටයි, හාවිටයි මගෙනුත් සුභ පැතුම්... :)
ReplyDeleteඑහෙනම් හාවිගේ හාපෝතකයව අන්තිමේදී අපිටත් හඳුන්වා දුන්නා නේද ? මම තුන් හිතකින් වත් හිතුවේ නෑ ඒ වාසනාවන්තයා හසියා කියලා ..
ReplyDeleteඑහෙමනම් ...දැන් ඉතින් හාවයි හාවියි දෙන්නම බොහෝම පරිස්සමෙන් සතුටෙන් ඔයාලගෙ ආදර කතාව ලියාගෙන යන්න .... ඔයාලගේ අනාගතේ ලස්සන වේවා ... හසියට තෙල් කෑම කන්න දෙන්න එපා (තරබාරු වෙයි)
එහෙනම් සහෝදරී මගෙනුත් සුබපැතුම් ..
සියළු පැතුම් ඉටුවන සුභම සුභ අනාගතයකට සුභ පැතුම්.
ReplyDeleteමඟුලයි... සුභ පැතුම් නංගියා...!!!
ReplyDeleteහැබැයි මට නොකියා හිටිය එකට නම් මම ඇත්තටම තරහයි... :p
අඩේ එහෙනම් ඔන්න අපෙනුත් සුභ පැතුම්..
ReplyDeleteහාවිටත් හාවෙක් හම්බ වෙලා එහෙනම් ඈ..
ලොල්ය.. එහෙනම් දෑඟිලි එකට බැන්ද ඈ...?? :D
ReplyDeleteමුලු බ්ලොග්ග ලියන සනුහරෙන්ම සැබැ ජිවිතේදි මං අඳුරන එකම එකා ඔය හාවා නෙ බොල , මම තාම දන්නෙ නැනෙ සීන් එක , කෝ මේකගෙ නම්බරේ.....
ReplyDeleteඅප්ප තව ටිකෙන් අමතක වෙනවා ..හා ජෝඩුවට මගෙන් උණුසුම් සුභ පැතුම් !!!
ReplyDeleteජෝක් එකක් යැයි සිතා කමෙන් නොකීරිම පිළ බද පොරි වෙන්ට නගා... සීරියස් විස් යු පහෑ....
ReplyDeleteඔයාගෙ පොස්ට් එක මම දැක්කෙ අද උදේ. එකකොට මම හිතාගත්තා අද මගේ කතාව ලියලම තමයි ඔයාගෙ බ්ලොග් එකට කමෙන්ට් එකක් දාන්නෙ කියල.
ReplyDeleteඇත්තටම මේකේ පොඩි පොඩි හොඩුවාවල් එහෙන් මෙහෙන් තිබුණත් කතාව ඇත්ත කියල හරියටම සුවර් වුනේ කොල්ලගෙන් ඇහුවමයි. ඔන්න ඔයාල දෙන්නටත් මං සුභ පතනවා ඒ වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා.. :)
හැමෝටම හොරෙන් වැඩේ ගෙනිහින් නේද :a දැන් හරි එහෙනම් අපෙනුත් සුභ පැතුම්!!!:m :m ඔන්න එහෙනම් සතුටින් ඉන්න දෙන්නාම :q :o
ReplyDeleteසුබ පැතුම්.., ඉස්සරහට ම යන්න..,
ReplyDeleteජය..! ස්තූතියි..!!
හැමෝටම බොහෝමත්ම ස්තූතියි....!!! :b
ReplyDeleteනම් නම් වශයෙන් ස්තූති කරන්න බැරිවුනාට සමාවෙන්න ඕනි හොදේ..... :r :g සමහරු අපිත් එක්ක අමනාප වෙලා හිටියා...අපි කිව්වේ නෑ කියලා.:s ම්ම්ම්ම්ම් ඇත්ත අපි හැමොටම එක පාර කියන්න තමා හිටියේ...ඇත්තම කියනවනම් අවුරුදු උත්සවේදී....:r ඒත් අදාල පාර්ශවයට එන්න බැරිවුනානේ..... :s ඉතිං ඒකයි මේවගේ පෝස්ට් එකකින් අදාල පාර්ශවේ කට්ටියටම කීවේ....(පොඩි එකීගේ ආසාවනේ....) :e
අර උඩ කියලා තියෙන ඒවනම් පට්ට කෙප්ප...:a ඔවා හිතලා බලලා කිරලා මැනලා ඔළුවට දාගන්න ඕනි....නැතිනම් ඔළුව කචල් යනවා....ඔළුවට නොදාගන්නවාමනම් වඩාත් හොදයි... :r ම්ම්ම්ම්ම් ඉතිං අපි දෙන්නට සුභ පතපු හැමෝටම බොහෝමත්ම ස්තූතියි නැවතත්....!!! :m :b
මම හාවෙක් වූ ෴ හසීයා ෴
බෙර සද්දේ ඇහෙද්දි පෙරහැර එනවා කියලා දැනන් හිටියා.. ඒත් නිලමේ කවුරු ද කියලා තමා හිතා ගන්ඩ බැරුව හිටියේ. හප්පේ.. බැලින්නම් මේ අපේ කළු කොට නිලමේ (නව හාවා නිළමේ තුමා) නේ.... ඔන්න මගෙනුත් දෙන්නටම සුබ පැතුම්.....
ReplyDeleteඒකත් ජය සිරි (හා) මංගලම්...............
ReplyDeletehttp://aluthkolla.blogspot.com
බොලේ අදනේ මේක දැක්කේ.......... හි හි
ReplyDeleteසුභ නං ඉතිං කලින්ම පතලා ඇති....... දැනුත් පතන්නම්කෝ. :D
ඒකත් ජය සිරි මංගලම් කිව්වලු එහෙනම්....වෙන මොනවා කියන්නද? උණුසුම් සුභ පැතුම් ඔන්න..... :t
ReplyDeleteහාවිටයි හාවටයි මගෙනුත් සුභ පැතුම් ඕං..... :c
ReplyDeleteඅද නොවැ දැක්කෙ...
ජයසිරි මංගලම් කිව්ව එහෙනම්...!!!!
කාලෙකින් නොව ආවේ.
ReplyDeleteපුහ්... මගේ ගෙදර ඉඳන් නේද මෙවුන් දෙන්නා
හොර ගල් අහුලලා තියෙන්නේ....