ඇයි ඉතින් කීයක්ද....... දවස් 21ක් සැප ගන්න ගියා. (ඒක නම් නියම සැප හාවා දන්නවා ඇත්ත කතාව.හාවාගේ කන් දෙක යහතින් තියන එකත් පුදුමද මංදා. ) කියලා නොගිය එකද..... ආ මං පෝස්ට් එකක් ලියලත් ගියේ..... ඒත් හාවත් ගෙදර දොරේ නොහිටි නිසා පබිලිස් කොලේ නෑ. ඒත් ඉතින් දන් නෝ දනිති මං ගිය වග. ඒ පාර ගිහින් ඇවිත් නොකිව්ව එක. ඒකනම් ඉතින් කම්මැලි කමටම තමා. ගිහින් එද්දි ලැප් රාජයාත් ටිකක් ලෙඩ වෙලා.(තාමත් ලෙඩින් තමා)
එහේ ඉද්දි දුක සැප හොයලා බලපු හාවට ඉතින් සුවිශේෂ ඉස්තූතිය. ඊට පස්සේ කාංචන අයියණ්ඩිත් පබලු අක්කණ්ඩිත් ඒ දෙන්නත් හැම වෙලේම අකුරක් හරි කොටලා එව්වා. ඊටත් පස්සේ ඉස්වීට් මාර වොයිස් එකකින් මාර ටෝක් දීපු අපේ මාර අයියණ්ඩි. මාරයා කතා කරා කිව්වම සුලුපටුයැ.(මොකක් උනත් මාර අයියා ඉරිදා හවස 4ට විතර කතා කරා හවස 6ට මට එකසිය ගානට උණ. සඳුදා සියල්ල අත්හැර බෙහෙතුත් අරගන්න වෙලා තමා නැවතුනේ) ආයේ ඉතින් අම්මා අප්පා කතා කරා වගේ තමා පුතේ කියලා කතා කරාම මාරයා කෙසේ වෙතත් වැරදිලා සුරලෝකේ සක්කරයා අමතලද කියලත් හිතුනා. ඔයිට වැඩිය කියන්න ගිහින් මට මඩ වැදුනොත් කවුද වග කියන් නේ.....???? ඊළගට ජේ ඩී අයියයි, ශානු අක්කයි. දවස් කීපයක්ම කට්ටකාලා ශානු අක්කා මට කතා කරේ සමාවෙන්ට ඔනි ඉතින් කතා කොරපු හැටි හාවා දනී. විනාඩියයි, දෙකයි, තත්පර කීපයයි ඔය වගේ තමා. අනික ඒ දෙන්නා කොන්පරන්ස් දාලා කතා කරලා මං ඒ දෙන්නගේ කතා අහන් හිටි එක තමා වැඩි හරියක් වුනේ. හික්ස්........ අනික හාවා අතේ පණිවිඩ එවපු හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා. හැමදාම ආන් අරයා මතක් කලා මෙයා මතක් කලා පණිවිඩයක් තිබුනමයි.
ඇස් බී මාමගේ පුහුණුවට ගිහිල්ලා ආවට පස්සේ මං පල් හෑලි කියවනවා වැඩිද මංදා........... කමක් නෑ. අහන් හිටියට ඉස් තූතියි.
දැන් අද කතාවට...............
මුලින්ම මාව මේ වැඩේට උනන්දු කරපු (මගේ ළමා ගී අහන් ඉන්න බැරි තැනද මංදා ) මෙහෙම වැඩක් යෝජනා කරපු මගේ හාවට ගොඩාඩාඩාක්ම ස්තූතියි.....!!!! තව මා එක්ක තරගෙට ළමා කවි කියන්න ඇවිත් කවි ටික මතක් කරගන්න උදව් දීපු ලේන් කණියා මල්ලිටත් ස්තූතියි.........!!!!
ආ කෝ මේ චූචි බබාලා ටික හා චීචගේ මොට්ටසෝරියේ........ හා චීච කාලෙකට ඉස්සර චිත්තර පන්තියක් කරා මතක ඇතිනේ. අද මේ කාලයක් ඉඳලා කරන්න හිතන් හිටි වැඩක් තමා චීච ළමයි ටිකගේ උපකාරෙත් ඇතුව කරන්න හදන් නේ.
ඔය බබාලා කවුරු කවුරුත් පුංචිම කාලේ කියපු කවි පද මතක ඇතිනේ...... අද කියන් නේ සුට්ටං කවි ගී. ඒ කියන් නේ ඔය පද පහ හයකට වඩා නැති පුංචි ගීත, කවි වගේ ඒවා.......
පුංචිම කාලේ දොයි දොයි දොයි දොයිය බබා...... වලින් පටන් ගත්තට ඉතින් අපි මුලින්ම කියන් නේ ඕක නෙමෙයිනේ. අද නම් බබාලගේ මතකෙත් එක්ක චීචගේ මතකේ ගෙනියන්න වෙන් නේ.
ගොඩක් අය ඔය චූටි කාලේ වාඩි කරන් පද්දන ගමන් කියනවා මේන් මේක.....
වැනෙන්න කලු වැනෙන්න.......
එලි වෙනකන් වැනෙන්න.....
රෑට බතට වැනෙන්න.....
වැනෙන්න කලු වැනෙන්න............
බත් කවන්න බබාගේ අම්මා බබාට මේක කියනවා.......
චුට්ටන් බට්ටිත්තා
දං ගෙඩියක් දැක්කා
චූටි හොටෙන් ඇන්නා
ඩිංග ඩිංග කෑවා.........
ඊට පස් සේ ටිකක් ලොකු උනාම උකුලේ කලේ තියා ගන්නවා.......
ටිකිරි ටිකිරි ටිකිරි ලියා
කලෙත් අරන් ලිදට ගියා.....
ලිද වට කර කඹර ගොයා
කකුළ කාපි දියබරියා..........
කලෙත් අරන් එද්දි අර පියාඹන සමනලයා දැක්කම.........
රන් වන් පාටයි සමනළයා
රෝස මලේ පැණි බීලා ගියා....
ආයෙත් ඒවිද ඒ සමනළයා
මල් වල පැණි බොන්ටා........
ඒ අතර මඟදි දකිනවා අපේ පිනා මාමව......
අම්බලමේ පිනා පිනා
වළං කඳක් ගෙනා ගෙනා......
ඒක බින්දා ගොනා ගොනා
ඒකට මට හිනා හිනා........
ඔය හිනා වෙවී ඉන්න අතරේ තමා බබා දකින් නේ කොරටුවට ආපු හාවා........
කිරි සුදු හාවා
පැන පැන ආවා
එළවළු කොටුවේ
දළු කොළ කෑවා.......
දැක මගේ පඹයා
බය වී වෙව්ලා
වැටට උඩින් ඌ
පැනලා දිව්වා............
සුදු හාවා යද්දිනේ අර තාරාවා දැක් කේ..........
මගේ පොඩි තාරා
පී පී ගෑවා
හොට රතු පාටයි
ඇඟ සුදු පාටයි
අර අර පේනා
සීතල වතුරේ
පීන පීන නෑවා...........
පී පී තාරා පාඩුවේ නෑවට බලු හාමි දඟයානේ.........
මා ගෙදර නැති වේලේ
කවුද මගේ බෝලේ
පෙරලා පෙරලා
මිදුලේ හිටියේ........
ඊට පස්සේ තාත්තා එක්ක රවුමක් යද්දි දකින අය......
අපේ ගිරවා කොළ පාටයි
උගේ හොටේ කහ පාටයි
වෙලේ කොකා සුදු පාටයි
කපුටු හාමි කලු පාටයි............
ඇයි දකින පලතුරු......
ජම්බු ජම්බු රතු පාටයි
ඉඳුනු ඉම්බු රතු පාටයි
පැණි වරකා හරිම රසයි
පැණි වරකා හරි සුවඳයි (අන්තිම පද 2 සුවර්ම නැ)
දන්න කෙනෙක් මේකත් මට පුරවලා දෙන්න.....
අන්න අතන කූඹි පෙළක්....... මේකේ ඉතිරි පද ටික මතකනෑ චීචට.
තව කළු කූමියෝ පස් දෙනයි
තෙල් කූඹියෝ පස් දෙනයි...... මේකත් මතක නෑ.........
ටික ටික ලොකු වෙද්දි වත් තේ පිපුණ ලස්සන මලක් දකිනවා......
රෝස මලේ
නටුවේ කටූ
වන බඹරෝ
ඔහොම හිටූ.......
නටුව නොවේ
මල සිඹිමි
මම ළමයෝ
පැණි උරමි.........
ඔහොම කිව්වට රොස මලත් පරදිනවා......
බෙල් ලේ කිරි පබලු වැළයි
දෑතේ පොඩි වළලු පෙළයි
පොඩි නංගී දුටු තැනදී
පරදින් නේ රෝස මලයි.......
ඇයි රෑට දකින ඒවා........
බැබළි බැබළි ආකාසේ දිලිහෙන මල් තාරකා
දිලිහි දිලිහි ආකාසේ බැබලෙන මල් තාරකා
---------------------------------------------------- ඕන් පදේ අමතක උනා.......
ගන්නත් බෑ දෙන්නත් බෑ පුංචි රුවන් තාරකා
එතනින් අපි ටිකක් ලොකු වෙනකොට අපි චුට්ටක් ලොකු කවියක් කියමු.........
කෙහෙල් ගෙඩිය ලෙලි ගහලා පාරට දැම්මා
මේ බලන්න මට උනදේ ලිස්සලා වැටුනා......
දණිස් දෙකම හම ගිහිල්ලා ලේත් ගලනවා
නොන්ඩි කකුල බිම තිය තිය බෙහෙත් හොයනවා........
ඒ වැටුනට අපි නවතීද........
ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ......
කඩා....න්ට බැරි කටු අකුලේ
කඩා දෙන්න මගේ මලේ........
ඊටත් පස් සේ කියන්‍න යන් නේ යුගයේ ජනප්‍රියම ගීය වගේ කාගෙත් කටේ තියන එකක්......
වත්තට යන්නම්
මලක් කඩන්නම්
අම්මට දෙන්නම්
දීලා වඳින්නම්
පොත් ටික ගන්නම්
පාසල් යන්නම්
අකුරු ලියන්නම්
ජයක් ලබන්නම්.........
ඊටත් පස් සේ ඔය ආදර්ස කවි පන්ති එහෙම.....
සිරිමත් මගේ සකි
යහපත් ළමයෙකි
වැඩටත් හපනෙකි
නුවනත් ඇත් තෙකි.......
උදයෙම පිබිදී
මුහුණට දිය දී
කුළ දෙවි නමදී
ගේ දොර අමදී......
පාඩම් කරනට
පත පොත ගෙන සිට
සිත වෙන දෙයකට
නොහරී කිසිවිට......
එතකොට සුදෝ සුදු කවි පන්තියේ කවි.........
මුල්ම කවිය උන
ගොඩ මඩ දෙකම සරුසාරය පල බරය
කටුරොද ගම්මාන තරමක් පිටි සරය
ඒ ගම මැදින් ගලනා ගඟ මන හරය
කඩ මංඩිය පිහිටියේ ගම කෙල වරය
ආයේ මැදදි හමුවන මේ කවි ටික.......
මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම් මේ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන් නේ නැහැ මේවා
මල්වල හොඳ සුවද මිස පාටක් කොහි ද
ඒවා මොලොක් බව තේරෙනවා මට ද
එළියක් කියා මොකවත් හෙම තියනව ද
මට තේරුම් ගන්න අම් මේ බැරි මොක ද
ඊළඟට
උණුසුම දැනේ දහවල මට රැයට වඩා ............ ,
ඇඟිළි තුඩට මට දැනෙනවා............ ,
ලස්සන කියන දේ.........,
ඇයි අම් මේ අඬන් නේ....... ,
මේ වගේ මතකම හිටින කවි කීපයක් තියනවා...............
ඊටත් පස් සේ එන අපේ අඳුර දුක නිවාවි කවි පන්තියේ
යමං කළුවෝ ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනව
උඹට වගේ මගේ ඇඟටත් හරිම මහන්සිය දැනෙනව
අඳුර තමයි අපේ ඇඟපත නිවන්න දෙවියෝ එව් වේ
හනික යමං ගාල් වෙන්න පිඳුරු ගොඩේ ගෙයි මුල් ලේ
චීච දන්න කවි ඔය ඇති.හිතුවට වඩා මේ වැඩේ බරපතලයි. වක්කඩ ගැලුවා වගේ මගේ නන්ස්‍ටොප් සිංදු සැට් එක කටට එනවා. ඔය හාවා නම් කන් දෙක වහන්ද මංදා මගේ නන්ස්‍ටොප් ළමා ගී කැසට් පටිය අහන් ඉන්නවා අමාරුවෙන් හරි. මේ සංරක්ෂණ කතාව දැම් මෙත් මෙව්වා සුමිහිරි හඬින් තාලෙට ගැයෙද්දි අහන් ඉන්න ආසකමට වෙන්නැ........ හික්ස්........
දැන් කට්ටියම චීචට අමතක උන කවියි බබාලා දන්න කවිත් චීචටයි අනික් ළමයිටයිත් ඇහෙන්න හයියෙන් කියමු එහෙනම් බලන්න..............
සැ.යු:- සමාවෙන්ට ඕනෑ මෙච්චර දිගට ලියන්න හිතුවේ නැහැ. හැබැයි අපි කවුරුත් දන්න කවි නිසා නීරස වෙන එකක් නෑ කියලා හිතලයි දැම් මේ. කාට හරි මේ මාගල අපහසුවක් උනා නම් සමාවෙන්ට ඕනා...........
සැ.සැ.යු:- අද ලියලා යන්න අවසර තියෙන් නේ ළමා ගී නොවන කවි වශයෙන් භාවිතා කරන ඒවා විතරයි ඔන්න। ළමා ගී සැට් එකකුත් මේකට ලැබෙන චාරය අනුව දාන්න හිතන් ඉන්නවා.......... එහෙනම් පහල පෙට්ටියට අද පන්තියටම ඇහෙන්න කවියක් ලියලා යන්ටකෝ.............................. බලාපොරොත්තු වෙනවා හැමෝම අළුතෙන් එක කවියක් හරි ලියලා යයි කියලා................
අන්න අතන කූඹි පෙළක්....... මේකේ ඉතිරි පද ටික මතකනෑ චීචට.
තව කළු කූමියෝ පස් දෙනයි
තෙල් කූඹියෝ පස් දෙනයි...... මේකත් මතක නෑ.........
ටික ටික ලොකු වෙද්දි වත් තේ පිපුණ ලස්සන මලක් දකිනවා......
රෝස මලේ
නටුවේ කටූ
වන බඹරෝ
ඔහොම හිටූ.......
නටුව නොවේ
මල සිඹිමි
මම ළමයෝ
පැණි උරමි.........
ඔහොම කිව්වට රොස මලත් පරදිනවා......
බෙල් ලේ කිරි පබලු වැළයි
දෑතේ පොඩි වළලු පෙළයි
පොඩි නංගී දුටු තැනදී
පරදින් නේ රෝස මලයි.......
ඇයි රෑට දකින ඒවා........
බැබළි බැබළි ආකාසේ දිලිහෙන මල් තාරකා
දිලිහි දිලිහි ආකාසේ බැබලෙන මල් තාරකා
---------------------------------------------------- ඕන් පදේ අමතක උනා.......
ගන්නත් බෑ දෙන්නත් බෑ පුංචි රුවන් තාරකා
එතනින් අපි ටිකක් ලොකු වෙනකොට අපි චුට්ටක් ලොකු කවියක් කියමු.........
කෙහෙල් ගෙඩිය ලෙලි ගහලා පාරට දැම්මා
මේ බලන්න මට උනදේ ලිස්සලා වැටුනා......
දණිස් දෙකම හම ගිහිල්ලා ලේත් ගලනවා
නොන්ඩි කකුල බිම තිය තිය බෙහෙත් හොයනවා........
ඒ වැටුනට අපි නවතීද........
ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ......
කඩා....න්ට බැරි කටු අකුලේ
කඩා දෙන්න මගේ මලේ........
ඊටත් පස් සේ කියන්‍න යන් නේ යුගයේ ජනප්‍රියම ගීය වගේ කාගෙත් කටේ තියන එකක්......
වත්තට යන්නම්
මලක් කඩන්නම්
අම්මට දෙන්නම්
දීලා වඳින්නම්
පොත් ටික ගන්නම්
පාසල් යන්නම්
අකුරු ලියන්නම්
ජයක් ලබන්නම්.........
ඊටත් පස් සේ ඔය ආදර්ස කවි පන්ති එහෙම.....
සිරිමත් මගේ සකි
යහපත් ළමයෙකි
වැඩටත් හපනෙකි
නුවනත් ඇත් තෙකි.......
උදයෙම පිබිදී
මුහුණට දිය දී
කුළ දෙවි නමදී
ගේ දොර අමදී......
පාඩම් කරනට
පත පොත ගෙන සිට
සිත වෙන දෙයකට
නොහරී කිසිවිට......
එතකොට සුදෝ සුදු කවි පන්තියේ කවි.........
මුල්ම කවිය උන
ගොඩ මඩ දෙකම සරුසාරය පල බරය
කටුරොද ගම්මාන තරමක් පිටි සරය
ඒ ගම මැදින් ගලනා ගඟ මන හරය
කඩ මංඩිය පිහිටියේ ගම කෙල වරය
ආයේ මැදදි හමුවන මේ කවි ටික.......
මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම් මේ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන් නේ නැහැ මේවා
මල්වල හොඳ සුවද මිස පාටක් කොහි ද
ඒවා මොලොක් බව තේරෙනවා මට ද
එළියක් කියා මොකවත් හෙම තියනව ද
මට තේරුම් ගන්න අම් මේ බැරි මොක ද
ඊළඟට
උණුසුම දැනේ දහවල මට රැයට වඩා ............ ,
ඇඟිළි තුඩට මට දැනෙනවා............ ,
ලස්සන කියන දේ.........,
ඇයි අම් මේ අඬන් නේ....... ,
මේ වගේ මතකම හිටින කවි කීපයක් තියනවා...............
ඊටත් පස් සේ එන අපේ අඳුර දුක නිවාවි කවි පන්තියේ
යමං කළුවෝ ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනව
උඹට වගේ මගේ ඇඟටත් හරිම මහන්සිය දැනෙනව
අඳුර තමයි අපේ ඇඟපත නිවන්න දෙවියෝ එව් වේ
හනික යමං ගාල් වෙන්න පිඳුරු ගොඩේ ගෙයි මුල් ලේ
චීච දන්න කවි ඔය ඇති.හිතුවට වඩා මේ වැඩේ බරපතලයි. වක්කඩ ගැලුවා වගේ මගේ නන්ස්‍ටොප් සිංදු සැට් එක කටට එනවා. ඔය හාවා නම් කන් දෙක වහන්ද මංදා මගේ නන්ස්‍ටොප් ළමා ගී කැසට් පටිය අහන් ඉන්නවා අමාරුවෙන් හරි. මේ සංරක්ෂණ කතාව දැම් මෙත් මෙව්වා සුමිහිරි හඬින් තාලෙට ගැයෙද්දි අහන් ඉන්න ආසකමට වෙන්නැ........ හික්ස්........
දැන් කට්ටියම චීචට අමතක උන කවියි බබාලා දන්න කවිත් චීචටයි අනික් ළමයිටයිත් ඇහෙන්න හයියෙන් කියමු එහෙනම් බලන්න..............
සැ.යු:- සමාවෙන්ට ඕනෑ මෙච්චර දිගට ලියන්න හිතුවේ නැහැ. හැබැයි අපි කවුරුත් දන්න කවි නිසා නීරස වෙන එකක් නෑ කියලා හිතලයි දැම් මේ. කාට හරි මේ මාගල අපහසුවක් උනා නම් සමාවෙන්ට ඕනා...........
සැ.සැ.යු:- අද ලියලා යන්න අවසර තියෙන් නේ ළමා ගී නොවන කවි වශයෙන් භාවිතා කරන ඒවා විතරයි ඔන්න। ළමා ගී සැට් එකකුත් මේකට ලැබෙන චාරය අනුව දාන්න හිතන් ඉන්නවා.......... එහෙනම් පහල පෙට්ටියට අද පන්තියටම ඇහෙන්න කවියක් ලියලා යන්ටකෝ.............................. බලාපොරොත්තු වෙනවා හැමෝම අළුතෙන් එක කවියක් හරි ලියලා යයි කියලා................

නියම කවි ටික මගේ හාවියේ.... :t :t කාගේ වාසනාවද නේද.... :g :g :g :g :g හික් හික්....
ReplyDeleteමටත් ඔන්න කවියක් අනිවා කියන්න කීවනේ.... ඔන්න මමත් හොද කවියක් ලියනවා.... :r
අව්ව පායලා
අව්ව පායලා
අව්ව පායලා ළමයෝ...
අව්ව පායලා......
ඕක තිබ්බේ පරණ පුස්කොල පොතක. :a කොහොමද හොදයි නේද? :b
ගස වතුසුදු
ReplyDeleteවී පිරිසිදු
පොහොය නැත දු
සිල් ගත් බඳු
මහ පුදුමෙකි
මලෙක මලෙකි
නැහැ එහි සකි
සමනලයෙකි
නැණ ගුණ දම්
රුව පැහැ තුම්
ඇති අය නම්
රෝස කුසුම්
හා පැටික්කි දැක්ක කල්. අඩේ පරණ මතකයක් ඇවිස්සුනා. ඒ කාලේ ඕවා නන්ස්ටොප් තමා නේද.
ReplyDeleteඅපුච්චියේ...!!! :t මහත් සේ ලොල්යැ හිකිස්යැ......
ReplyDeleteමේ චූටි ටීචර් කවි ගොඩාරියක් දන්නව නෙව.... මාගල කරදරයක් නම් නොවුනි. එහෙනම් ඉතින් අලුතින් පටන් ගන්නට යන වි.වි ජීවිතයට කොන්ග්‍රැජුලේෂන්ද මොකද්ද එක ඉත සිතින් පතමි!!!!! :e
මේ ඇවිත් ඉන්නේ . ලොකු ඉස්කෝලෙට යන්න කලින් මොන්ටිසෝරි කවි ටික පාඩම් කරගන්න එපාය නේද . මේක නම් නැගල යන මාතෘකාවක් හාවී . අපේ ඇවිදින පුස්තකාල ලේඛනාරක්ෂක මණ්ඩල හෙම මේ පැත්තේ එනවද .
ReplyDelete''හාවා කන් දෙක සොලවනවා
අලියා හොඩ වැල පද්දනවා
කුරුල්ලෝ අහසේ පියඹනවා
පුංචි ළමයි අපි කැරකෙනවා ''
තව ගොඩාරියක් දන්නවා . අනික් අයටත් චාන්ස් එකක් දෙන්න එපාය . මන් ආයේ එන්නම්කෝ .
ම්ම්ම් බොහොම කාලෙකින් ඇවිල්ල තියෙන්නේ. දැං ඉතින් කවද දිහාටද නගේ වැඩ පටන් ගන්නේ? අපිනම් යන්නත් ලඟයි ඕන් :e
ReplyDeleteකොහේද අනේ හා පැටික්කි ගිහින් හිටියේ, මාත් සැරෙන් සැරේ හා ගුලට ඇවිත් බැලුවා, කෝ යාළුවට සුභ පතලා ගියා ගියාමයි පැත්ත පලාතකවත් නෑ, හා ගුල වහලා.. හී හී...
ReplyDeleteමේ කවි දැක්කම ආයෙමත් මම පොඩි කාලෙට ගියා. මටත් ඔය හිස් තැන් තියෙන ඒවා නම් මතක නෑ.. තව මතක් කරලා දාන්න බලන්නම්..
ඔන්න ආයේ නම් හා ගුල පාළුවට අරින්න එපා හොඳේ..
හි හි කට්ට කාලා කට්ට කාලා දවහ් ගානකින් හාවිව කන්ටෑක් කර ගත්තා එක පාරක් ගන්නකොට දොයි මතේ කතා කලේ :g
ReplyDeleteමෙන්න එහෙනම් කවියක්
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා
:t:t:t:t
සා....... මලු කවි ටික ඈ. අයෙ සුට්ටන් කලෙට ගියාවගේ :D
ReplyDeleteපුංචි බලු රාළේ
ReplyDeleteමා ගෙදර නැති වේලේ
කවුද මගේ බෝලේ
පෙරළ පෙරළා හිටියේ මිදුලේ
පුංචි මමයි කේතලේ
මහතයි මිටියි
මෙන්න මගේ අත
මෙන්න මගේ බඩ
මාව ගන්නකෝ
රත් කරන්නකෝ
තේ හදන්නකෝ
රසට බොන්නකෝ
මේක කියවන්න ගිහින් මට නිකං පිස්සු වගේ!!! හැබෑට හාවිට මොකද වෙලා හිටියේ? අපි දන්නෙත් නෑ
ReplyDeleteහිංචි පිංචි හාවා ඉද්දි තනිවෙලා
ReplyDeleteජාලෙ ඉඳපු හාවි දැකල හෙමින් ලං වුණා....
හාවා දැකපූ හාවී මුකුලු කම් කලා
දෙන්න එම පවුලක් දැන් ඉන්නේ හිනැහිලා...
ඕන්න මමත් ලිවුවා කයියක්.. හොඳද මන්දා :b :f
21කේ පුහුනුවෙන් පසු ඔලුව කොලොප්පන් වු තවත් කෙනෙක්...
ReplyDeleteහික්...
ආ අක්කටත් මාන්දම හැදිලා පුහුනු වෙන්න ගොහිල්ලා.....
යකෝ මේ ටීච ළමයින්ට වඩා හුරතල් වෙන්න හදනවනේ...
ReplyDeleteඅර හාවත් ලෝක කපටියා..ඌට අහං ඉඳලා ඇති වෙලා..ඒ වදෙන් බේරෙන්න මේ අපිටත් කනක් ඇහෙන්න නැති වෙන්න වැඩේ සැට් කොරලා..හෆොයි අපි කවද කරපු කරුමයක්ද මේ ගෙවන්නේ..:D
(මගේ ඔය වොයිස් එක ගැනනං කියන්න එපා නගේ..මේ ලගකදී ඉඳන් අපේ සැට් එකක් මට හෙන කොක්ක නමේ හැටියට කට හඩ ළපටි වැඩී කියලා...)
පැණි වරකා හරි සුවඳයි
ReplyDeleteපැණි වරකා හරිම රසයි
ඉඳුනු ඉම්බු රතු පාටයි
ජම්බු ජම්බු රතු පාටයි
හම්මෝ.. හෙන ගේමක් දීලා මාත් කවියක් ලිව්වා. ලස්සනයි නේ??? :D
වැඩක් තියේය හා ටීචට කතා කලාට උත්තර දෙන එකක්ය.
ReplyDeleteඅයියනායක කවි මතකද
සෙවනැලි අවදි නොම වන වැව ඉවුරු කොනේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
මලකා කලුව ගිය ආයුධ කැබලි පෙනේ
දෙවියෙක් නැතත් මෙහි බලයක් තිබෙනු දැනේ...
හා පැටිස් හා හොර හාවා බබාට කියල දෙන්න අපි දන්න ළමා ගී අහගන්න කර උප්පරවැට්ටියක් බව පෙනෙයි.
ReplyDeleteකාරි නැ කාරි නැ පබලු නැන්දා කියපු කවිය කියලා මේ කවිත් කියල දෙන්ට.
ජ යන්න හල් ම යන්න ඊ ලගට බු යන්න
පුන්චි නන්ගි ගොත ගහනවා ජම්බු කියන්න
ජම්බු ගෙඩිය තව තව රතු පාට වෙන්නකෝ
ඔය ලස්සන පාට මගේ තොලට දෙන්නකෝ.
....................................
මිදුලේ සුදු වැලි තලා ( හරිද මන්දා )
සුර කුමරියෝ මල් සලා
නටති මෙදෙස බල බලා
ගිගිරි වලලු පය නොලා
................................
මල් වල සුමිහිරි පැනි
ඇදබොන බඹරා වැනි
හොද ළමයා නුවණිනි
හොද දේ තෝරා ගනී ( මේක මම ආසම එකක් )
..........................................
තවත් ළමා වැඩසටහනක් සමග නැවත පැමිනෙන්න.ජයවේවා!!
"ඇයි චමරි එන්න කැවුන් කන්න.."
ReplyDeleteඉතිරි ඩිංග මතක නැ :D
මුහුද හරි ලොකුයි
වතුර මහ ගොඩයි..
කටට ගන්න බැරි තරමට
ඒවා ලුණු රසයි.. :e
:D
ළමායි.. මෙහෙම හාවි කවි ලියලා තියන්නෙ බ්ලොග් එකේ පසු කාලීන ආයෝජන සඳහා.. පොත් පෙරලන්ටොන නැ.. බ්ලොග් එක බැලුවා.. බබාට කියලා දුන්නා.. සිම්පල් ප්ලැන් එක :D
@ ෴හසියා෴
ReplyDeleteඔන්න මගේ අයියේ ඉස්සර කවි ටිකට මේ තියන කවි ටිකත් අහුලන් කිව් වොත් මං ලැ.............. :c :c:m:c:c
ආ අද මගේ අයියා අර මට හවසත් කිව් වේ ඔය පුස්‍කොල පොතෙන්ම ගත්ත කවියක් වෙන්නැ. :r
වැස්ස වහිනවා
වැස්ස වහිනවා
වැස්ස වහිනයා ළමයෝ
වැස්ස වහිනවා..... හරිනේ ඒක............ :i :i
@ Praසන්ன
අප් පේ ප්‍රසන්න අයියා කවි ලියලා උදේම ඇවිත්. බෝම ස්තූතියි අයියා. :c
අන්තිම කවිය නම් අහලා නැ මම. :r
@ පිණිබිඳු...
වුන දේ ඉතින් කීවේ අක් කේ........ :n
හෝව් එහෙම යන්න බැ පන්තියෙන් අස් කරනවා එක කවියක් හරි නොකිව් වොත්........... ඇවිත් කියලා යන්න කාගෙන් හරි අහගෙන හරි ඔන්න..... චීච සැරා......යි..... :a
@ punchisamanalee
සමනලී අක්කා දැන් අයිතිකාරයා වගේමද කොහෙද කතා කරන් නේ......:a :a
අර සුභ පතපු එක මොකක් උනත් බෝම ඉස්තූතියි අක්කා.:g
ඔය බබාටත් අරකම තමා. කවියක් කියලා යන්ට අයිතිකාරයගෙන් අහගෙන හරි. නැත්නම් චීච බබාව අස් කරනවා පන්තියෙන්.......... :h
බනියාගේ කතාව ඉත සිතින් පිලිගන්නව...අම්මපා මගේ පොඩි උන්ට මොනා හරි ඔය ලමා ගීත ඔන උනොත් ඔබනවා හා ටිචගේ පංතියට..
ReplyDelete@ Bindi
ReplyDeleteඒකනේ. මං මේ වගේ පිලිවෙලට තමා යන් නේ........:a
ඒ කට්ටිය නම් මේ පැත් තේ එවෙන්නෑ අක්කා. ලී බෝනික්කා අයියා නම් ඇවිත් යනවා. අනික් අය නම් නැහැ.:r
මට ඕකේ අන්තිම පදේ අමතක වෙලා හිටියේ. බෝම ස්තූතියි අක්කා. බනියලා දෙන්නගෙනුත් අහලා කවි පෝලිමක් ලියන්න බැරියැ. ආයේ ඇවිත් ලියන්නකෝ........ :g :g
@ ..ChAnDiKa..
කාලෙකින් තමා අයියා. අපි නොදනි ඇස් බී මාමා දනී තමා. පහුගිය ටිකේ පණ කඩාගෙන වැඩ කලේ ඒකනේ අයියා. හික්ස්.... :r
හා හා කාටත් බබාලට එකයි. කවියක් කිව් වේ නැත්නම් අස් කරනවා. මලිතිගෙන් හරි අහලා කවියක් ලියලා යන්ට ආයේ ඇවිත් ඔන්න........ :h
@ ශානු
අලේ ඉතින් නවල් එකක් අහු උනා එහේ ඉද්දිත් ඉතින් කෑවා. හරියටම කාලා දොයියන් උන්නු වෙලාවේ කතා කලේ. ඒකනේ මං පස් සේ ආයේ කතා කලේ අක්කිට. :i :i
අනේ ඕක නැළවිලි ගීයක්. මං ඉල්ලුවේ පොඩි බබාලා කියන කවියක්. ආන් අර යට ඉන්න මහත්තයටත් එක්කම කවි දෙකක් හොයන් ඇවිත් ලියලා යන්න.....:a :a හික්ස්.......
@ ජේ.ඩී
අර හවසට දානවා කිව්ව කවිය කොයි????????????:h
හාවිගෙන් ලිපියක් ආයේ දැක්ක එක කොයිතරම් සතුටක්ද ?
ReplyDeleteලස්සන කවි ටික .. මමත් පොඩි එකෙක් වුණා නම් මෙවුවට ප්‍රිය කරයි ..ඒත් මම ලොකු කොල්ලෙක්නේ ,,ඒක නිසා මේවා හොරෙන් බලලා හොරෙන් යනවා
වැදගත්ම එක ලමයින්ට මිස් වෙලානෙ..
ReplyDeleteහා හා හරි හාවා..
කැලේ මැදින් ආවා..
ඉඳගෙන ගඟ ගාවා..
වටපිට ඇහැ ලෑවා..
තබා නිකට ගාවා..
වීනාවක් වෑවා..
මිහිරි සින්දු කීවා..
නැටුම් තිහක් පෑවා..
මෙන්න හා වැඩ.. අංක දෙක
කිරි සුදු හාවා
පැනපැන ආවා
එලවලු කොටුවේ
දලුකොල කෑවා..
:t :t :t
හුටා..... මම නැති වෙලාවක ඇවිත් ලොකු පාඩමකුත් කොරලා. තියන්න වටින්නෙ නෑ මේ හා පැටික්කිව..කාලෙකට පස්සෙ ආ එක නම් වටිනවා. බොහෝම සතුටුයි....
ReplyDeleteමම ආසම කවියක් තියෙනවා හා පැටික්කියෙ...
" අම්මා මාව දොයි කරන්න
හදපු හැටි අගේ...
දොයි දොයි දොයි කියාලා
බයි බයි බයි කියාලා
අම්මා මාව දොයි කරන්න
හදපු හැටි අගේ ..... "
එස් බී මාමගේ පුහුණුව කෝමැයි..?
ReplyDelete@ RanDil
ReplyDeleteආ රන්දි අක්කා අද දෝණිගෙන් ඉතිරි කවි ටික අහන් එන්න ඇතිනේ. ඉඩ තියන වෙලාවට ඇවිත් ලියලා යන්ටකෝ............... :c :c
ආ අර කේතලේ මැද මං අහලා තියෙන් නේ මෙහෙමයි. :r
වතුර නටන කොට
හඩක් ඇසෙයි මට
මාව ගන්නකෝ
තේ හදන්නකෝ......
@ blog gadol
ඇයි අයියේ ඒ..... ඔන්න අයියට විභාග භිතිකාවද මංදා.......... :n
මුකුත් උනේ නෑ අනේ අයියේ. ඇස් බී මාමා නායකත්ව පුහුණු කියලා අපිව එහේ මෙහේ යැව්වනේ........ ඉතින් මාත් ගියා නේ. ගියාම උණත් හැදුනනේ. ගිහින් ආවම ජාලේ නැතිව ඉඳලා හුරු වෙලා ජාලෙට එන්න කම්මැලිත් හිතුනනේ.......... :a :a
@ රත්ගමයා
අපෝ....... නැ............ පිස්සුද අපේ ඔළුව තිබ්බ විදියමයි. බොරු නම් අර උඩින්ම ඉන්න හා අයියගෙන් අහන්ට. :n :n
ආ ඒකට කමක් නෑ. ඇවිත් ආයෙම කවියක් කියලා යන්ට අම්මගෙන් අහන් හරි.
හැබෑට පුහුණුවෙන් පස් සේ මේ දරුවා මේ අයි ගෝටුද අඩු වෙලා හොඳ ළමයෙක් වෙලා වගේ...... හික්ස්..... :d
@ මාරයාගේ හෝරාව
එහෙම තමයි ළමයි හුරතල් කරද්දි.........
අඩේ ඇත්තටම එහෙම වෙන්නැ. ඒත් ඉතින් දැන් කොහෙද අයියණ්ඩි..... මේ අනිත් අය දාන අළුත් ටිකත් මං පාඩම් කොරන් කියන්න ගත්තම. හික්ස්..... :d :d
ඒ කෙන් මේකෙන් කමක් නෑ කවියක් කියලා යන්ට. අයියලා අපිටත් වඩා පරණ නිසා අපි නොදන්න කවි දන්නවා ඇති. :h :h
(මං නම් හිතන් නේ අයියට ඒ තාම තියෙන් නේ ඒකාලේ බණ එහෙම කියද්දි තිබුන සුපින්වත් කටහඬ. ඇත්තටම කලබලයක් නැතිව අහන් ඉන්ට හැකි. ඒ කාලේ අයිය බණ කියද්දි අහන් ඉන්ට ආසා ඇති කවුරු උනත්.):a :a
@ සීතල අයියා
ReplyDeleteසීතල අයියා අයිස් කැටේ වගේ ලිස්සලා ගියා නේද...........:h
ලියන්නයි කිව් වේ හොයන් ඇවිත් වෙන කවියක්.............:h
@ priyantha
හරි හරි ඒ ඉතින් එකෝ.......මත් එක කාලෙක නේ....... හික්ස්....... :d
ම්ම්ම්ම් මං අහලා නම් නැ ප්‍රියා අයියා....:j
@ පබලු
ඔයාට වගේ අපිට හොර බබාලා නෑ අනේ...... හික්ස්. :p
ඕක පබලු නැන්දාගේ කිව්වට පබලු නැන්දගේ නංගිගෙනේ ඉතින්........ :a :a
ඔය ඊළඟ කවි පන්තිය මොකක්ද අක්කා...... මට හොඳට මතකයි......පද ටික ටැපලිලත් වගේ දැනෙනවා. :j :j
@ Bunny
ආ ඔය පොත මං ළඟ ඇති මං හිතන් නේ. එක වසර සිංහල පොතේ තියෙන් නේ. හොයලා බලන්න ඕනි.:r
ආන්න තව කවියක්...... කට්ටිය වල් හාවා වල් හාවා කිව්වට බලන්නකෝ අපේ පොඩි එකා හොඳ එකා....... :t :t
ඒකනේ. ඇත්තටම කොච්චර ඉංගිරීසි නර්සරි රයිම්ස් කියලා තිබුනත් මේවා එක තැනක නැහැ සිබිල් නැන්දා ලියපු තැන් කීපයක හැර. ඒකත් එක හේතුවක් මෙහෙම ලියන්න. :r
වාව් මාරයිනේ! ඔන්න මාත් හා පැට්ක්කිගේ හා ගුල පැත්තට ආවා.කවියක් දාන්නම කියලා ඉල්ලා තියෙද්දීත් දාන්නට බැරි වුණු එක ගැන සමාවෙන්න.හදිස්ස්යේ තමයි ලොග් වුණේ ඒකයි! ඊළග පාර ආහම කවි පොතක්ම දාලා යන්නංකෝ.
ReplyDeleteඉදිරියේදී අරඔන විශ්ව විද්‍යාල ජීවිතය සාර්ථක කර ගන්න සුභ පතනවා!
@ නිම්ශා
ReplyDeleteහප්පච්චියේ...... කම්මැලි අම් මෙක් වෙන්ට එපා. ඔන්න අම්මත් කවියක් ලිව්වා කියලා පෙන්නන්න එකක් හරි ලියලා යන්ටකෝ.............:g
@ හිස් අහස
මගෙන්ද ඇහුවේ..... හී සතුටුද ඉතින්......... :d
අප්පා මෙන්න කවුද බබෙක් ගේ තාත්තා කෙනෙක් ඇවිල්ලා. කවුද දන්නෑ මිස්ටර් සඳරුගේ බබා...... හික්ස්........ :p :p
@ සපතේරු උන්නැහේ
ඕක සිංදුවක් නේ සපත්තු අයියේ. ඒවා වෙනම එයි. :r
කිරි සුදු හාවා නම් ලියලා තියේ මං ඔන්න. :r
@ දිල්
අක්කත් මේ පැත්තට ආවේ බොහෝමත් කාලෙකට පස් සෙනේ ඉතින්......... :g
ආ ඔන් ඔන්න ඕකත් සිංදුවක්........... කවියක් කියන්න කවියක්............:h
@ චතුර
ReplyDeleteඅදද කොහෙද ඔයාව නම් මේ පැත් තේ දකින් නේ...... ආදරයෙන් පිළිගන්නවා හා ගුලට........:c :c
ඒක අවුලක් නෑ ඔය හැමෝම ඒක ගැන කියන නිසා මං නොකිය හිටියා.
@ කතන්දර මාමා
බොහොම ආදරයෙන් පිළි ගන්නවා මගේ පුංචි නිවහනට.............:c :c
ආන්න හොඳයි ඊළග පාර කවි පොතක්ම ඕනි මල්ලී......... :r
බොහොම ස්තූතියි මලයෝ........:c :c
කෝ මම ලිවුව කවියට මුකුත් කියලා නෑහැනේ :s
ReplyDeleteහා zzzz ඒ දෙවනි කවියේ මිදුලේ කියන එක තමා අවුල්.ඉතුරුවා නම් හරි ද කොහේ ද .මෙතන දන්න බබෙක් ඉන්නවා නම් අහගන්න. :පී
ReplyDeleteතව කවියක් මතක් වුනා :DD
සමනලයා හොද පොඩි ලමයා
යන්න එපා මා අත හැරලා
අත්තටු ඔබේ අල්ලන්න සිතයි මට
ඔබ තරහා වේද කියලා ද සැකයි ( ඉතුරුවා මතක නැද්ද ඉතුරුවක් නැද්ද මන්දා)
මේතියෙන්නේ.. අපිටත් අනාගතේ ඕන වෙන්නැතෑ.. :P ජයවේවා !
ReplyDeleteටීච ටීච, ඇයි ටීච පහුගිය කාලෙ ආවෙ නැත්තෙ . ඉස්ටයික් කළාද ?
ReplyDelete:t ඔකොම කවි ටික කටපාඩම් කරගන්න ඕන.ඉදිරි අනාගතයේදී හරිවටිනවා...ලස්සනම ලස්සනයි.........
ReplyDelete