සුපුරුදු ලෙසින් දවස ගෙවිලා ගිහින් සවස් යාමයේ මාද බිමින් වාඩි වී ඇයගේ සුරතල් වැඩ දෙස ආදරයෙන් නෙත් යොමා සිටියෙමි. පුංචි කමට දැන් කරනා දඟ වැඩ සිතා ගත නොහැකි තරමටය.
"තාතී තාතී........." සුදු දෝණි මං බලන්නටත් කලින් ඇසිල්ලෙන් ඉඟිල්ලිලා ගියා. ඇවිදින අපිටත් වඩා වේගෙන් එයා දැන් දණගාන දිහා මං බලන් උන්නේ සතුටත් පිරි ආදරයෙන්. තාත්තා දැක්කම ඉස්පාසුවක් නැතුව නලියන දෝණි ගිහිල්ලා නැවතුනේ තාත්තගේ දෙපතුල ළඟ. මා දිහා ආදරෙන් බලා සිනාවක් පෑ ඔහු අත තිබූ බෑගය මා ගන්නාතුරුවත් නොඉඳ එය බිමින් තබා සුදු දෝණිව දෝතින් ගෙන මුහුණට තබා සිප ගත්තේ උතුරා යන සෙනෙහසිනි.
"තාතී තාතී......." ඇයට එකතු කරගත හැකි වූ අකුරු කිහිපය කියමින් ඇය ඔහුගේ මුළු මුහුනම සිඟිති දෝතින් පිරිමදිමින් අතොරක් නැතිව සිප ගත්තාය.
"හා හා මගේ පැටියෝ..... තාත්ති තුරුලේ දූවිළිනේ වස්තුවේ....... කෝ කෝ මගේ සුදු බණ්ඩියා......." කියමින් ඔහු ඇයව දෙතුන් පාරක් ඉහලට ඔසවමින් ඇයගේ බඩෙහි නිකට අතුල්ලන්නට විය. ඒ පහසින් කිති කැවී ඇකිලෙන දෝණි සුපුරුදු ලෙසින් තාත්තාගේ උරහිස මතට දෙපා තබා තාත්තාගේ අත් වාරුවෙන් සිට ගනී.
"දැක්කද අම්මි අපේ රාජධානියේ පුංචි කුමාරි......." ඔහුගේ බෑගය පපුවට තුරුළ් කරගෙන තාත්තාගෙත් දොණියැන්දාගෙත් සුරතලය රසකර කර විඳිම්න් උන් මාදෙස බලා ඔහු කීය.
"හැමදාම දැන් නවතින්නේ තාත්තගේ කරේ චූටි කුමාරි........" මා සිනාවක් පා කීමි.
ඔහු සිනා සෙමින් ප්‍රවේසමෙන් ඇයත් රැගෙන කාමරයට පැමිණියේය. මාද ඔවුන් දෙදෙනා පසින් විත් කාමරයට පිවිසියේ දවස පුරාම දඟවැඩ කර තාත්තා තුරුලේ සුරතල් වන ඇය දෙසය. උරහිස මතින් යන ගමන් කුඩා දෙපා පොඩි එය මත ගසමින් ඇතැම් විටක ඔහුකේ කෙහෙරැළි එක මිටට අල්ලා ගනිමින්ද. තවත් විටක මහා හඩින් සිනාසෙමින් එක එක ශබ්ද මුවින් පිට කරමින්ද ඇය සතුට ප්‍රකාශ කරයි. මිණිකැට වන් දෙනෙත් යුවලෙහි කාන්තිය මුළු නිවස පුරාම විහිඳුවමින් තාත්තීගෙත් මගෙත් පුංචි කුමාරි ඇඳ උඩට තාතාගේ කර මතින් පැමිණ සැපත් විය.
මොහොතක් එක විඳිහකින් සිටි නොහැකි ඇය තාත්තාට යන්නට නොදී අත බදා ගත්තාය....... ඔහු මා දෙස බැලීය.
දවස පුරාම අම්මි අල්ලන් සෙල්ලම් කල ඇය දැන් තාත්තාව අල්ලා ගැනීමට සැරසෙන බව පුරුද්දට අපි දෙදෙනාම දැන උන් බැවින් දෙදෙනාටම එක විට සිනහා නැඟින. ඇය දීප්තිමත් වූ දෑස් අප දෙස යොමු කර ඇයද සිනාසෙන්නට විය.
"මගේ හොර චූටි මැණික......... මේ මේ මගේ හොර චූටි මැණික......" කියමින් ඔහුද ඇය තුරුළු කර කිතිකවමින් ඇදෙහි හාංසි විය.
"අම්මි එන්නැද්ද????" ඔහු මා දෙස බලා ඇසිය. දවස පුරාම වූ මහන්සිය නැති කරමින් ඇරඹෙනා මේ පුංචි සුරතල් යුද්ධය මා සිතට ආශ්වාදයක් විය. මා ආසා වූයේ එය මා හට රිසි සේ විඳින්නටය. ඔහුටද එලෙසින්ම බව මා දනිමි. දිනයෙහි කෙතරම් මහන්සි වී මොන ගැටළුව හිතේ තිබුනද ඔහු ඒවා ගේට්ටුවෙන් ඇතුළට ගෙන එන්නේ නැත.
"ආ දැන් චූටි මැණික අම්මි එක්ක ගීන් තාත්තියට තේ හඳන් එන්නකෝ...... තාත්ති නාගෙන එන්නම්කෝ......." කී ඔහු ඇයගේ බඩ සිපගත්තේය.
මදක් බලා උන් දෝණි කී සියල්ල තේරුනාක් මෙන් මා අතට පැන්නාය. මා ඇයද ගෙන ඔහුට තේ සෑදිමට ආවෙමි.
නාගෙන පැමිණි ඔහු මා අසලින් ඉස්පාසුවක් නැතුව දණගාමින් ප්ලාස්ටික් හැදි කෝප්ප පිඟන් ගෙන සද්ද දාමින් යම් යම් වැඩෙහි නිරත ඇය දෙස බලා උන්නේ අපිරිමිත වූ පිය සෙනෙහස දෑසින් දෝරේ ගලායද්දීය.
"මගේ චූටි මැණික තාත්තිට තේ හදනවද ඔය????" ඇය අත දුටු කෝප්පය දුටු ඔහු ඇසීය. යන්තමින් මෝදු වූ කිරි දත් පාමින් ඇය සිනහා වී ඔහුට දෑත පෑවාය. ඔහු ඇයව දෑතට ගෙන පපුවට තුරුළු කර ගනිද්දී පපුවෙහි වූ දිය බිඳු වල සීතලට ඇය මදක් ඇකිලී ගියාය.
"සීතලයි නේද තාත්තියා ළඟ..... තාත්තී නෑවනේ........" ඇය සීතලෙන් ඇකිලෙණු දුටු ඔහු කම්මුලක් සිප ඇයට ඇස් ලොකු කරමින් කීවාය. ඇයද කී දෙය තේරුණාක් මෙන් තාත්තාගේ මුව දෙස බලා ඉඳ ඔහුගේ සිසිල් කම්මුලට මුහුණ තබා මා දෙස බැලුවාය.
"තාත්තිටයි දෝණිටයි මං සාලේ පැදුර දාලා ඇති...... යන්කෝ මං එන්නම්......." මා කීවේ සුපුරුදු ලෙසින් එය දන්නා නිසාවෙනි.
"අපි අම්මි එක්කම යමු නේද දෝණි......" ඔහු මා අසලට ඇයව තුරුළු කරගෙනම පැමිණ කීවේය.
හ්ම්ම්ම්ම් යමුකෝ එහෙනම්. කියමින් මා ඔහුගේ තේ එකද ගෙන හැරුනෙමි. තේ එක ඔහු අතට දි දෝණිව මා තුරුළට ගත් මා ඔහු එය බොන තුරු ඇය හා බලා උන්නෙමි.
"හරි තාත්ති කුක්කු බිව්වා. අපියමු........" කියමින් ඔහු දෝණිව වඩා උන් මා බඳ වටා සුරත යැවීය. ඔහුගේ බඳට ඇයත් අතැතිව තුරුළු වූ මා ඔහු සමඟම පැමිණ පැඳුරෙහි වාඩි වීමි.
වාඩි වූ ඇසිල්ලෙහි බිමට පැනගත් දෝණිට රජකාරී දහසකි. තාත්තා වටේ යමින් දෙදෙනා අතරින් යමින් මොන මොනවදෝ කියයි.
"තාතී අම්මී..... තාතී අම්මී......" ලෙසින් අතරින් පතර අකුරු අහුලමින් කියයි.
එලෙසින් කිහිප විටක් දඟ කල ඇය මහන්සි වූ විට තාත්තාගේ උකුළෙහි නතර විය.
"චූටි දෝණිට මහන්සියි නේද........????"
ඇය කෙතරම් මහන්සි වුවද දීප්තිය අඩු නොවූ කුඩා මිණි කැට දෙක ඔහු වෙත දල්වා බලා උන්නාය. ඔහු ඇය උකුලෙහි සිටියදීම පැදුරෙහි හාන්සි විය. පුංචි සිතට මහා වස්තුවක් ලද්දාක් මෙන් සිනාසී ඇය තාත්තාගේ උස් පහත් වන බඩ උඩින් හාන්සි විය. ඔහුගේ සුරත ඇයගේ කෙස් මත දඟ කරද්දී වමතින් මා ඔහුගේ පපුවට තුරුළු කර ගත්තේ මා නලලත හා හිසද සිඹිමිනි.
සැ:යු:- මේක ඇවිල්ලා කාලෙකට පෙර ලියන ලද ඩ්‍රාෆ්ට් වලම දැකුළු මල් අසිරිය විඳිමින් තිබූ එකකි. පුංචි කවි ටික බලන්න ආවේ නැත්නම් ගිහින් බලලා කවියක් ලියලම එන්නකෝ.ඒකේ ළමා ගීත පෝස්ට් එක ලියන්න කලින් තව කවි අඩුයි වගේ. ඒවත් දන්න දන්න ඒවා ලියලා එවන්නකෝ කස්ටිය.

ජීවිතේ සුන්දරද මෙතරම්......
ReplyDelete:g :g :g :g :g :g :g :g
කියන්න දෙයක් නෑ මගේ හාවියේ කතාව සුපිරිම සුපිරි... :t :g
අපි දෙන්නාගේ අනාගතේ ඇත්තටම හැබැහින් වින්දා වගේ.
සතුටටද දුකටද මන්දා ඇඩෙනවා.... :S
රහසක් කියන්නද මගේ සුදු හාවියේ? :a
චූටි කුමාරිගේ අම්මි බබාට තාත්ති බබා ගොඩාරියක් ආදරෙයි කියන්න කිව්වා.... :g
මේ වගේ ලස්සන කතා තව තවත් හිතට ගලාගෙන එන්නත් ලියන්නත් ශක්තිය ධෛර්යය පතනවා මුළු හදවතින්ම. :g
හා හා හා පැට්ක්කියේ! මාරයිනේ! මොනවා නැතත් ෆැමිලි මැනේජ්මන්ට් ගැන හොද අත්දැකීම් තියෙනවා වගේ! විහිලුවට කීවේ! බොහොම ලස්සනයි....
ReplyDeleteආ...අමතක වුණා! කවියකුත් ලියලම යන්නම්කෝ....
නියමයි :)
ReplyDeleteරොමෑන්ටික් හාවී.....
ReplyDeleteකාලෙකට පෙර එකක් මොකද හදිස්සියෙම දාන්න මතක් උනේ. :t
ReplyDeleteමටත් ඉක්මනට තාත්තා කෙනෙක් වෙන්න ඕනෑ.... :b
ReplyDeleteලස්සනම ලස්සනයි හා නංගි. ලියලා තියෙන්නෙ හරියට තමන්ගෙ ඇත්ත අත්දැකීමක් වගේ. දැන් හාවාට මේක කියවලා මොළේ වයර් මාරු වෙයි. හික් හික්!!
ReplyDeleteඅඩේ... හාවට එහෙම නොහිතුනොත් තමයි පුදුමේ. මම හිතින් හා පැටික්කියි හාවයි දෙන්නා දැම්මා අම්මි, තාත්තිගෙයි තැන් වලට.. හී හී...
ReplyDeleteඅනාගතේ ගැන ලියලද මන්දා ලස්සන කතා ටික හාපැටික්කියේ :t :t :t :t
ReplyDeleteආ දැන් දෙන්නා එක වෙලාවට එකටමයි පෝස්ට් දාන්නේ නේද? :b
ReplyDeleteඔය විදියටම වෙන්න කියල පතනවා හාවියේ
ReplyDeleteසුන්දර ලස්සන ජීවිතයක්....හරියට මම දකින හීනයක තියෙන දෙයක් වගේ
ReplyDeleteඅම්මේ කැරට් අලේ මහත, මේ වගෙ කැරට් අල හෙදෙනවනම් අල බොන්චි ලීක්ස් වලට මොකද කරන්නෙ..?
ReplyDeleteමැස්සා.............. අහ් සොලි සොලි වැලදුනා නොවැ මැxxxxසා..... ;D
ReplyDeleteඇත්තටම මේකෙනම් මාරම රොමැන්ටික් ගතියක් තියෙනවා .. හරිම ලස්සනයි..
ReplyDelete@ ෴හසියා෴
ReplyDelete:i :i :i :i :i :i :i :i :i :i :i
@ කතන්දර මාමා
බෝම ස්තූතියි මල්ලියෝ...............
අත්දැකීම්???? අපොයි නැහැනේ තාම............ :n
කෝ ලියලා නැහැනේ.......... :s
@ හසී
බොහොම ස්තූතියි අක්කා....... :c
කාලෙකින් මේ පැත්තේ........
@ පිණිබිඳු
කෝ කවුද කවුද........???? :p
@ Praසන්ன
නැහැ අයියේ ලියලා තිබුන දාන්න බැරි වුන ඒවා වගයක් තිබුනා..............:a
@ රත්ගමයා
ReplyDeleteහපොයි.......... :n
@ blog gadol
බෝම ස්තූතියි අයියා..........
වයර් මාරු වෙන්නෑනේ. මං බ්ලොග් එකට නොදැම්මට කතා ලියලා දෙනවනේ හාවාට. :a
@ ප්‍රාර්ථනා
හී......... ඒකත් එහෙමද...... :i :i
බොහොම ස්තූතියි..........
@ ශානු
බෝම ස්තූතියි අක්කියා......... :c
@ පූසා
නැහැ සුදු පූ. පෝස්ට් දෙකම දාන්නෙත් දැන් මම. අයියා බිසීනේ. ඒ නිසා එක වෙලාවට කියන්නේ මං ලොග් උන වෙලාවට තමා...........:c
@ Bindi
ReplyDeleteබෝම ස්තූතියි අක්කියා............... :c
@ දිල්
කවුරුත් දකින් හීන නේද ඕවා අක්කා????????? :r
@ Tanikada Jeewithe
අද වෙන්න ඕනි ඔයා මේ පැත්තේ ආවේ...... ආදරෙන් පිලි ගන්නවා........ :c :c
හාවෝ අල බෝංචි ලීස් කන්නෑනේ ඉතිං..........
@ ජේ. ඩී
මැස්සොත් උයනවද දැන්.....?? හික්ස්... :p
@ චතුර
අනේ මංදා..... කැන්ඩි අයියා නම් ගම් මාරු කොරද්දි අර මොකක්ද එකක් දාලා ප්‍රසිද්ධ කරන්න එපැයි. මං එදා අහම්බෙන් දැක්කේ........... :j
බොහොම ස්තූතියි කාලෙකින් මේ පැත්තට ඇවිත් ගියාට අයියා........ :c
හරිම ලස්සනට ලියල තියෙනව..
ReplyDeleteඇත්තමයි හා පැටික්කියේ..මෙතනට දෝණි වෙනුවට පුතු පැටියෙක් ආවනම් ඇත්තටම මගේ කතාව!!
හාවි හිතල තියෙන දුර..............:e :e :e
ReplyDeleteඅනේ මන්ද අක්කෙ මොනව කියන්නද කියල.... අයිය කිව්ව වගේ.. "ජීවිතය සුන්දරද මෙතරම්"
ReplyDeleteනියමයි නංගි නියමයි...ආයේ කියල වැඩක් නෑ....ඕක හීනෙම මාත් එහෙම පිටින්ම දකින දෙයක්....හසී අයියේ, ඔයත් හවියෝ ඔයාටත් මේ සුන්දර පවුල් ජීවිතය ඒ ආකාරයෙන්ම විඳින්න වාසනාව ලැබේවා කියල මන් ප්‍රර්ථනා කරනවා....ඇත්තටම මට මේක කියවල ඇස් දෙකට කඳුළු ආවා නංගි...ඇත්තමයි....නියමයි කියල අයෙමත් කියනවා ..............
ReplyDeleteහී හී ..නියමයිzz.. ඩ්‍රාෆ්ට් වල තියන පෝස්ට් ටික ඉක්මනට පබ්ලිශ් කරන්න හාවිzz..ඒවා සුදු ට විතරක් කියවන්න දීලා අපිට කරන්නේ අසාධාරණයක් බව මතක තියාගන්න :ඪD
ReplyDelete@ ඉන්දික
ReplyDeleteබොහොම ස්තූතියි අයියා...........
හෙහ් හෙහ්....... එහෙනම් චූටි පුතුව මතක් කලා කියන්නකෝ......... :c
@ priyantha
ඇහ්........ හරි හරි මම විතරයි ඕන් ඕවා හිතන්නේ..... පී...... :p
@ Hasitha
එහෙමද????? හා හා......... :p
@ සිතුවිළි නිහඬයි
බොහොම ස්තූතියි අක්කියා...........!!!! ඕවා ඉතින් කාගේ කාගෙත් හීන තමා අක්කා....... :c
ෂානේ....මරු අනේ :e මගේ අනාගතේත් මැවිලා පෙනුනා :c
ReplyDeleteජීවිතේ සුන්දරද මෙතරම්!!!!! :b :t
ReplyDeleteඇත්තටම අනාගතයට ගියා වගේ....
ReplyDeleteහැබැයි සුදු දෝණි, සුදු පුතෙක් උනා නම් තවත් හොදයි වගේ.(මට)
පුතාලත් මෙහෙමනේ... :R
මනුස්සයෙක් වෙන්න පොතක් ලියන්න, ගහක් හිටවන්න, පුතෙක් හදන්න ඕනෙලුනේ. ගස් හිටවලා තියෙනවා. තව දෙකයි තියෙන්නේ :d
ReplyDelete@ පබලු
ReplyDeleteබොහොම ස්තූතියි අක්කණ්ඩී.............
කාට මොනවා?????? අපො නැ ඩ්‍රාෆ්ට් වල තියන ඒවා අනිවා පබ්ලිස් කරනවා..... :P
@ මලිති
බොහොම ස්තූතියි මලිති............ :c
හා හා ඔය මදෑ ඉතින් මැව්වා....... හික්ස්..... :d
@ ..ChAnDiKa..
මෙන්න දෙන්නා එක්ක මවන ගමන් කියපු එකක් ලියවිලා ගිහින්....... හික්ස්....... :d
@ රහස් පරීක්ෂකයා
අද තමා මේ පැත්තේ දැක්කේ....... අභිරහසක්වතු වෙලාද මේ දිහාවේ?????
අභිරහස් නැතුවට හා ගෙදරට ආදරයෙන් පිළි ගන්නවා.......... :c :c
සාමාන්‍යෙයන් තාත්තලා වැඩියෙන් කැමති දූලටනේ..... රහස් පරීක්ෂකයා මොකද පුතාලට කැමති........... :a
ආදරේ බේරෙනවලු හාවි !! .. අනේ ඉතින් හාවයි හාවියි දෙන්නා ඇස්වහක් කටවහක් නැතුව හැමදාමත් ආදරෙන් ඔකඳ වෙලාම ඉඳපල්ලා ..
ReplyDeleteමාසෙකට සැරයක් වත් ඉතින් මේවාගේ පෝස්ට් එකක් නොවැටුනොත් අපිට හිතාගන්න වෙනවා හා ගෙදර කලබලයක් කියලා ,,
@ Hasitha
ReplyDeleteවිභාගේ ඉවර වෙලා වගේ කාලෙකට පස්සේ මුලු බ්ලොග් අවකාශේ පුරාවටම හොල්මන් කරනවා දැක්කා................. :r
ආ ඒකට තව කල් තියෙන්නේ......... :a
@ හිස් අහස
ඇහ්...... අපියැ සඳරුනේ හැමදාම ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා කිය කිය ඉන්නේ.......... :p :p
මාසෙකට සැරයක් මෙව්වා???? මගේ අම්මියෝ..... මං පවු..........:n :n
විභාගයක් නම් ඉවර වුණේ නැහැ. ඔක්තෝබර් දිහාවට පටන් ගන්න නම් තියෙනවා.
ReplyDeleteපොඩි පොඩි ප්‍රශ්න වගයක් තිබුණා. දැන් ඔක්කොම හරි :)
මේ හීනෙත් මෙලෙසින්ම සැබෑ වේවා.... !!!
ReplyDelete@ Hasitha
ReplyDeleteආහ් ඒකද මේ සතුටින් රවුම් ගහන්නේ.............:r
විභාගේ හොඳට කරන්න........:b
@ නඳුන් උයන
අදමද මේ පැත්තේ ආවේ? ආදරයෙන් පිලිගන්නවා එහෙමනම්. :c
බොහොම ස්තූතියි සහෝ...... :c
ඔයා කොහොමද නංගි අපේ ගෙදර වෙන දේවල් දන්නෙ, කියන්න වදන් නැහැ නඟා, තනිකරම මම ගෙදර ගියාම වෙන ටික තමා කියලා තියෙන්නෙ ........
ReplyDeleteඒ වෙලාවට දැනෙන සුන්දරත්වය වචනෙන් කියලා නිම කරන්න බැහැ. ඇත්තටම චූටියෙක් ගෙදර ඉන්නවා කියන්නෙ ඉතිං ගෙදර දිවිය ලෝකයක්ම තමා .....
මම ගෙදර ගියාම එයාට අම්මවත් කාවවත් ඕන නැහැ, මම හිටියම ඇති, නිදා ගන්නකොටත් මගේ අතේ තමා හුඟක් වෙලේට නිදා ගන්නෙ, අනිත් එක මම හිත්න්නෙ කෙල්ලො උප්පත්තියෙන්ම තාත්තලාට ලැදියි ........