෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Monday, August 29, 2011

හා චීචගේ මොන්ටිසෝරියේ ඊළඟ දවස............. (ළමා ගී)

ගිය සඳුදාවක ළමා කවි කට්ටියම එකතු වෙලා කිව්වට පස්සේ ළමා ගීත දෙන්නම් කිව්වට මොකද තාම එකක්වත් කිව්වේ නෑනේ....... ඔන්න අද හා චීච කට්ටියටම පරණම පරණ සිංදු ටිකක් මතක් කරන්න යන්නේ.......... මේ ටික අපි හැමෝම පුංචි කාලේ ආසාවෙන් කියපු ඒවා. බලන්න බබාලටත් මතකද කියලා........


වලාකුලින් බැස
සමන්කුලත් වැඳ
එලෝ බලා යනවා....
අනේ මගෙන් වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා.......

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

බෝවිටියා දං පලුකන් වාරේමේ නොවැ පොඩි නංගෝ.......
කුරුළු කැලේ සුදු වැල්ලේ මාදං
වැහි වැහැලා නංගෝ......
සිහිවෙනකොට තොල කටද තෙමෙයි මේ
මා යනවා නංගෝ.....

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

ඕළු පිපීලා විල ලෙලදෙනවා
සුදට සුදේ නංගෝ........
ඕළු නෙලාලා
දෙන්නද සුදු නංගෝ......
එන්න දියේ බැස මාහා
දෙන්න ඔබේ අත මාලා.....
ඕළු නෙලාලා
මාල ගොතාලා
පළදිමු අපි මාලා........

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ
හඳ මාමේ.......//

කිරි පැණි මට ගෙනැවිත් දෙන්කෝ.....//
හිමින් සැරේ හඳ මාමේ.....
ගී කියා ඔබටයි අමතන්නේ//
මේ පුංචි නංගා ඔබගේ හඳ මාමේ

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

අම්බිලිමාමේ ඔබ මොකද කරන්නේ//
පුළුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

මිහිකත නළවාලා
මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙල ගුරුලිය සැරදේ

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

හඳපානේ හඳපානේ....
හඳපානේ.... රෑ යාමේ......

දිය ගොඩ සැමතැන කිරි ඉතිරේ
ගස්වැල් කිරි මුහුදේ කිමිදේ
මද මුදු සුළඟින් අප නැළවෙන්නේ
බැබලෙන හඳ පානේ......

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ පාට පාට ඉරි හැඩ දාලා.....

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවනේ....
එකම දැයක් වී මහ බලයක් වී පෙරටම යමු ලංකා.... ලංකා....

ඉපදුන අප හට ලක් පොළවේ
සුරු විරුකම් උපතින් හුරුවේ....
දක්වමු දස්කම් දස්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ........



බාගත කරන්න


අද දාපු වැඩි හරියක් සිංදු සුනිත් ශාන්තයන්නේ. ඔය ටික හොයාගෙන හොයාගෙන යද්දි මට වටිනා කියන මැණික් ගොඩක් මුණගැහුනා. ඔන්න මං දැන් ඒ මැණික් ගොඩ ඔය හැමෝටමත් පෙන්නන්නයි හදන්නේ........ කවුරුත් මැණික් ගොඩට ගොඩවෙලා බලලා එන්නකෝ එහෙනම්.......... එහෙනම් ඔන්න හා පැටික්කි ලේසියෙන්ම ලමා ගී කියන ලොකු මාතෘකාවෙන් ගොඩ ගියා...... හැබැයි ඉතින් ඔය අඩවියේ නැති වෙනත් සිංදු එකතු කරලා සැරින් සැරේට ලිපි පෙලක් දාන්නම් ඒ වගේම ඒ අඩවිය අප්ඩේට් වෙලා නැති නිසා ගොඩ කාලෙකින් ඒ අයිතිකාරයා අප්ඩේට් කරනවනම් ඒ අදහසත් අතඇරලම දාන්නම්. -කොහොමද සිම්පල් ප්ලෑන් එක හාවිගේ......-

සැ:යු :- මං ඒ බ්ලොග් පිටුවේ සබැඳිය දාන්න අවසර ඉල්ලලා ඊයක් යැව්වත් තවමත් පිළිතුරු ලැබුන්නැහැ. ඒ නිසා අයිතිකාරයා ඉවත් කරන්න කිව්වොත් ඉවත් කරනවා කිසිම වලියක් නැහැ.

සැ:සැ:යු:- හෝව් හෝව් මේක වහලා දාලා එහේ යන්න නෙමෙයි ඔය පහලින් තියන පෙට්ටියට මොනවා හරි ලියලා යන්ට ආ කැමති නම් පුලුවන් අර මැණික්ගොඩේ නැති සිංදු ටිකක් මට මතක් කරලා දෙන්ට.


ඔය බාගත කරන ඒවා ඇම් පී තිරි ඈ..............

23 comments:

  1. අනේ වාසනාවන්.... නියමයි මගේ හාවියේ.... :g :g :g :g
    හොවෑ හොවෑ ගගා අනාගතයේදී කට්ටිය අඩනකොට මට ෆිල්ම් එකක් බල බලා ෆන් එකේ ඉන්න පුළුහන්... මොකද නළවන්න අය ඉන්නවනේ.... හික් හික්..... :r :t

    ReplyDelete
  2. හරි ශෝයි හාවි පැටියෝ,, ඔය මුලින් තියෙන සිංදුවට මං හරී ආසයි. අනික් ඒවා අපේ දුවට අහන්න දෙන්නත් පුළුවන්. මට ඔයාගේ කලින් පෝස්ට් එකත් මඟ ඇරුණා. ඒ ලිපියටත් බොහොම ස්තූතියි.

    ReplyDelete
  3. වටින සිංදුටික.මෙන්න මගෙනුත් කැරට්.

    ReplyDelete
  4. හරිම අගෙයි . මේ දවස්වල අපේ බනීට සිංහල සින්දු අහන්න ආසාවක් ඇති වෙලා . ඉස්කෝලේ අලුත් වාරෙදි තම තමන්ගේ රට ..භාෂාව ගැන පන්තියේ කතාවෙනවලු . දන්නා කවි දෙක තුන කියල අතිනුත් හදල කිව්වලු.

    ReplyDelete
  5. තාමනම් මට මෙව්වයේ අවස්සතාවයක් නෑ. ඕනේ උනොත් ඉතිං හාවගෙන් ඉල්ලගන්ට බැරියැ :q

    ReplyDelete
  6. නියමයි හා නංගි. දැන් ඉතිං කට්ටියට ආපහු ළමා කාලෙට යන්න පුලුවනි.

    ReplyDelete
  7. අනාගත ප්‍රයෝජනය උදෙසා

    ReplyDelete
  8. ලස්සන සිංදු සෙට් එක. ජය වේවා! :b

    ReplyDelete
  9. අපට ඉතිං මෙව්වා මොනවා කොරන්ටද..මංම කියං මංම නැළඋනොත් ඇර..:D

    ReplyDelete
  10. @ ෴ හසියා ෴

    :i :i :i :i :i :i

    හැ....... එහෙම නෙමෙයිනේ කිව්වේ කලින් තාත්ති මට. මං ඔයා එකතු කරලා තියලා තියන ෆිල්ම් ගොඩ බලනකම් තාත්ති බලාගන්නම් කියලනේ නළවන අයව. හික්ස්........ :b

    @ හරී පිණිපලස

    මගේ අම්මේ හරී අක්කව දැක්ක කල්.

    මාත් හරි ආසයි ඒ සිංදුවට.
    යුආර් වැල් කම් අක්කා.... දෝණිට අහන්න දෙන්නකෝ එහෙනම්. :c

    @ රාජ්

    බොහොම ස්තූතියි රාජ්..... :c

    @ Bindi

    බොහොම ස්තූතියි අක්කියා.

    ආ එහෙනම් බනීව දාන්නකෝ හා චීචගේ පන්තියට. සිංහල කවි ගී සියල්ල කියලා දෙන්නම්. එයත් ඉතින් බනියෙක්නේ.......... හික්ස්.... :q :q

    @ පූසා

    අප්පා මෙන්න චන්ද දිනපු අයත් ඇවිල්ලා.
    ඕන උනොත් කියන්නේ...... ඉල්ල ගන්නකම් දැන්ම රෙඩි පිට තියා ගන්නකෝ.... හික්ස්..... :q :q

    ReplyDelete
  11. @ blog gadol

    මේ වයසක උන්දැල ටික කොහේ ළමා කාලෙට යන්නද අයියා ඉන්න පොඩි අයට කියලා දෙනවා මිස. හික්ස්........ :a :a

    අයියා හෙට හොඳට එක්සෑම් කරන්න........ :c

    @ ශානු

    අන්න තේරුනා අක්කට.......... :r

    @ සීතල අයියා

    බොහොම ස්තූතියි අයියා....... :c

    @ මාරයාගේ හෝරාව

    මුකුත් නොකියමි.
    කියන්න කම්මැලි නම් සිංදු ටික දාගෙන නැළවෙන්ට. :h

    ReplyDelete
  12. හා හා! මරු මරු! දැම්ම මෙව්වා ටික ලියලා තියාගන්න ඕන.ඉස්සරහට උවමනා වෙන්න බැරි නෑ!

    ReplyDelete
  13. අඩේ මන් අරයව සෙට් වෙච්ච ගමන්ම මතු ප්‍රයෝජනය තකා මේව ටික පුරුදු කරෝනව :r :b

    ReplyDelete
  14. හාවා ශේප් විය හාවීට කෙලවිය.....හිකිස් හී හී....
    ස්තූතියි හාවියේ..
    මමත් මේ මැණික් ගොඩට ගොඩවෙන්නය් හදන්නේ....

    ReplyDelete
  15. දැන්ම මේවා එක්කාසු කරන එක හොදයි නේද නංගියේ..ඉස්සරහට කොයිතරම් වැදගත්ද

    ReplyDelete
  16. @ කතන්දර මාමා

    උවමනා වෙන්න බැරි නෑ නෙමෙයි. උවමනාවෙයි....... හික්ස්... :q

    @ Crazy Hasi

    රෑ ජාමෙට ඇම් ඇම් සිහින බලද්දි මං හිතුවා ඔහොම වෙයි කියලා. හික්ස්.....

    ඒ මේ එයාව සැට් උනාම මට මල්ලි දෙන පාටියට අපේ පාටිය කපමු...... හික්ස්...... :r:b

    @ priyantha

    පිස්සුද අයියේ...... හාවා කිව්වේ එයා බලපු ෆිල්ම් ඔක්කොම මං බලනකම් එයා අනිත් වැඩ ඔක්කොම බලා ගන්නම් කියලා. හික්ස්....... :a

    හා හා මැණික් ටිකෙන් ළමා ගී සැඳෑවක් රේඩියෝවට කරන්න පුලුවන් නම්. මං රේඩියෝවේ නැතත් ඉස්සර ඉඳලම එහෙම එකක් තිබ්බනම් කිය කිය හිතපු කෙනෙක්. :r

    @ සිතුවිළි නිහඬයි

    ඔව් ඔව් ඔයාගේ අප්පච්චිටත් හොඳ ආරංචියක් වෙයි ඒක......... :r

    මාත් මගේ අප්පච්චිට සීඩී එකකට ගහලා දෙන්ට කිව්වා සිංදු ටික. :a :a

    ReplyDelete
  17. බොහොම ස්තුතියි නඟා, අපේ පොඩි එකාට සෑහෙන්න වැදගත් මේ ටික ......

    ReplyDelete
  18. දකුණ නැගෙනහිර ගීතය හරිම අඩුවෙන් ඇහෙන ගීතයක්, අනෙක් එව්ව නම් ඉඳලා හිටලාවත් ඇහෙනවා ඒත් දකුණ නැගෙනහිර ගීතය මතක ඇති කාලෙක අහුනේ නෑ.. හාවිගේ හොඳ වැඩක්..

    ReplyDelete
  19. හිකිස්... මාත් ඔක්කොම ටික බාගන්න ඕනේ.. කවදා හරි උවමනා වෙන්නේ නැතෑ..

    ReplyDelete
  20. ඔව් ඔව් මාත් හිතන්නේ මේවා ඉස්සරහට වැදගත් වෙයි........
    එක හින්දා ලියල තියාගන්න වෙනවා.....

    ReplyDelete
  21. ස්තූතියි හා පැටියෝ මේ සිංදු ටික දුන්නට. වැඩ ඇරිලා ගිහින් නංගට සිංදු කියන්න ඕන. වැඩිපුරම කියන්න ඕන කළුම කළු ක‍ට්ටකළු කියන සිංදුව

    ReplyDelete
  22. @ පන්සල් හන්දිය

    ‍වෙල් කම් අයියා......

    අර දීපු ලින්ක් එ‍කේ ‍ගොඩාඩාක් සිංදු තියනවා. ඒ අයිති කාරිය ඒක අප්‍ඩේට් කරාවි........ :r :r

    @ චතුර....

    ම්ම්ම්ම්ම්..... මට නම් ඔය සිංදු ඇ‍හෙන් ‍නේ එ‍හෙමත් ‍වෙලාවක තමැ. දැන් ඉතින් ළමයින්ටත් තියනව‍නේ චක බක ‍දෙක ‍දෙක සිංදු........... :h

    ‍බො‍හොම ස්තූතියි අයියා........... :c

    @ ප්‍රාර්ථනා

    අනිවා‍රෙන් අක්කා........ හික්ස්........ :d

    @ නාට්‍යකාරයා

    ‍බො‍හොම ආද‍රෙන් පිලිගන්නවා හා නිවහනට............. :c :c

    ඒකත් නරක නෑ...... අභාවයට යයි නැත්නම්.... :r

    @ batti

    ඒක මාත් ආසම සිංදුවක්..... හරි ‍ජොලි‍නේ ඒක කියද්දි........... :q

    ReplyDelete
  23. hi හාවී මම ගොඩක් ආස ඒත් 2-3 පාරකට වඩා ආහලා නැති සින්දුවක් තමයි 'වලාකුලින් බැස' ගොඩක් ස්තුතියි හොයලා දුන්නට.

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)