෴ " සඳ මඬල නුඹම විය, ඝණ අඳුරැ රැයේ මට... පන්හිඳක රැඳුනු නුඹ, ගීතයක් විය නොදැනීම... අවදි කරනු මැන ඔබ හඬින් මා සිතුම් ලොව...."෴'

Wednesday, September 7, 2011

පැපරාසි කැමරාවෙන් ගුටි නොකා........

අනේ මංදා හා පැටික්කි නම් කවදා හරි ගුටි කනවා මේ පැපරාසි වැඩේ කරන්න ගිහිල්ලා....... අදත් ඕන් පැපරාසි නෙතට අහු උන සුට්ටං කස්ටියගේ පින්තූර දෙක තුනක් තමා අදත් ඉතින්........... මේ නිකම් ඉන්න බැරුවට ඉතින් කරපු වාඩ තමා ඒ කාලේ......

මේ ඇවිල්ලා ජුරාසික්ලාගේ ඉස්මෝල් සයිස් කෙනෙක්. මෙයාලා ඉතින් ගස් වල ඉඳන් ඔළුව වන වන ඉන්න එක තමා රාජකාරිය. පෙන්සුයි කලාවෙදි වත්තට කටුස්සෙක් එන එක වාසනාවක්ද මොකක්දලු. හැබැයි හැමදාම වත්තේ ඉන්න කසුට්ටා ඒකට අයිති නෑලු............ මේත් ඉතින් පාන්දරක කතුරුමුරුංගා අත්තක හිටි කසුට්ටෙක් තමා.........

අර ගැලපෙන වේස නිරූපණය හොඳ හැටිම දකින්න පුලුවන්නේ ඉතින්.......... පේනවනේ ..........



ඊළඟට පැපරාසි නෙතට අසු උනේ දිවා ආහාරය ගනිමින් සිටින ටිං ටිං කෙනෙක්ව...... මේ ඇවිල්ලා කොකෝවා ඇට වල රසය විඳිනා තුන් ඉරි අප්පුවෙක්. පේනවනේ..... කොච්චර හයිය ‍ආවරණයක් තිබ්බත් යන්තම් කහ ගැහුන ගමන් කොකෝවා ගෙඩි හැම එකම හිල් කරලා යන එක තමා මෙයාලගේ වැඩේ. සැරින් සැරේ කට්ටිය ඇවිල්ලා කනවා ඊට පස්සේ. ගෙදර ලේනට දෙන්නවත් ගෙඩියක් ඉතුරු කරන්නැහැ මේ තුන් ඉරි අප්පුලා..........




















එතකොට මේ........ අපිට අනුව නම් රාත්තිරි භොජනය හැබැයි ඒ ගොල්ලන්ට මං හිතන්නේ උදැසන භොජනය. මොකක් හරි භෝජනයක් ගන්නා වැම්පයරයෙක්.එල්ලිලා ඉන්න පුරුද්දනේ ඉතින්. අර වව්ලගේ ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕනා වගේ තමා. කිසි භයක් නැතුව කනවා. මෙයාලගෙනුත් ගහක ගෙඩියක් බේර ගන්න විදියක් ලැ. තියන ඔක්කොම කාලා දානවා....... මේත් රෑ 10ට විතර ආපු එහෙම කෙනෙක්ව යන්තම් බේරලා කරලා පොටෝවකට අර ගත්තා..........





















එතකොට මෙයා........ මෙයාලා නම් අපරාදකාරයෝ........ ඇත්තම කියනවනම් අත් අඩංගු වට ගන්න ඕනා...... හැමදාම කාඹරංකා (බස් වල යන අයට සාමරංගන් මතකනේ ) අමු ගැට කඩ කඩ ඒ ඇතුලේ ඇට ටික කාලා ගෙඩිය විසික් කරන වැඩේ තමා කරන්නේ....... දැන් බලන්න රට ආහාර අර්බුදේකට යන්න මේවත් බලපානවනේ...... (කවුද එහෙම කීවේ???? )






















සැ.යු:- අනේ ඉතින් මම ඔය දන්න විදියට තමා සත්තු පස්සේ පන්නලා රැකගෙන ඉඳලා ඡායාරූප ගන්නේ. සත්තුන්ගේ ඡායාරූප ගන්න උත්සාහ කල කෙනෙක් දන්නවා ඒකට තියෙන්න ඕන ඉවසීම. ඇයි ඉතින් අපිට ඕනි ඕනි හැටියට ඉන්න කියලා ගන්නයැ. ඒ නිසා අඩු පාඩුත් පෙන්නලා දීලාම යනවනම් හරිම සතුටින් භාර ගන්නවා.......... විචාර කියලා මේවට කරන්න තරම් දෙයක් නැහැනේ ඉතින්...........

32 ක් ඇවිත් ගිහින්.....:

  1. චෝයි පැපරාසි කෙරුවාව.... :r :p
    හාවිගේ මේ පැපරාසි කෙරුවාව හන්දා මටත් මඟරැකලා ඉදලා තඩිබායිද මන්දා..... :n

    ඔය තුන් ඉරි අප්පුලා එක්ක කොරන්න බැරි වැඩේ තමා දළඹුවොයි ඳළඹු කෝෂයි කන එක.... දැන් සමනල්ලු අඩුවෙන්න ඕකත් හේතුවක් වෙලා... :r

    අර කොකෝවා ගෙඩිය දැක්කහමනම් කටට කෙලත් ඉනුවා... කොකෝව ගෙඩියක් ඇහැට දැක්කේ නෑ හරියටම අවුරුදු පහකින් විතර වගේ... ඒ වගේම කොකෝවා ගෙඩියක් බඩට ගියේ නෑ අවුරුදු හයකින් විතර වගේ.... :s :s :s

    ReplyDelete
  2. සික් මේ හාඩි නම් කුජීතයි.. පාඩුවේ කෑම සුට්ටක් කන්නවත් දෙන්නේ නෑ නේ සත්තුන්ට.... :c


    ප.ලි - හැක් හැක් හැක්... සාමරංගනේ තමා එල.. මතක් වුනා පරන සිද්ධිය.. :q

    ReplyDelete
  3. නයිස් ෆොටෝස් ටික.

    ReplyDelete
  4. පැපරාසි හා පැටික්කි :d

    ReplyDelete
  5. හිටු හාවිටත් ඕකම කරන්න ඕනෙ. හාවි පැන පැන යන පැපරාසි ෆොටෝ එකක් ලඟදීම බලා පොරොත්තු වන්න

    ReplyDelete
  6. දැන් සත්තු ටික හාවිට එලව එලවා පහර දෙන පින්තූරෙ ගන්නෙ කවුද එතකොට.

    ReplyDelete
  7. ඔය හාවී හොරෙන් කැරට් කන පින්තුරක් කාගේ ළඟවත් නැද්ද.....

    ReplyDelete
  8. තාම ඔය සේරම ගස් ඔයාලගේ ගෙදර වත්තේ තියෙන එක සතුටට කාරණාවක්. ලස්සනයි . අනේ අර මාල ගිරවා හරි හැඩයි. ඔන්න ඔහේ කාපුදෙන් නැතුව වවාගෙන කන්නද . ෆොටෝ ටික ලස්සනයි.අපි ඉතින් විචාරකයෝ නෙමේනේ . ඕවා අපේ විද්වත් විචාරක මාර තුමා ට ඉදිරිපත් කාලේ නැද්ද

    ReplyDelete
  9. නියමයි අර කිව්වත් වගේ සත්තුන්ගේ පින්තූර ගන්න හරි අමාරුයි.. මමත් අවස්ථාවක් ආපු වෙලාවට අනිවාර්යෙන් අරගන්නවා...

    ReplyDelete
  10. කොකෝවා..... ආසාවෙ බෑ...

    හාවි වෙලාවක කනව සත්තු වත්තෙ අනික් සත්තුන්ගෙන් හොඳ කෑමක් හික් හික්....

    ReplyDelete
  11. දැන් හාවි ගැන පැපරාසි පොටෝසුත් ලඟදිම පලවෙයි .........:D

    ReplyDelete
  12. මං නම් පැපරාසි පොටො ගන්නෙ ගැණු ළමයින්ගෙ :P

    ReplyDelete
  13. ම්ම්ම් මටනම් තියෙනවා පොඩි තරහක් මේ හා නෑම්බි එක්ක. මුකුත් කියලත් බැහැ නොකියත් බැහැ. :s

    ReplyDelete
  14. හරි හරි... කතුරු මුරුංගත් තියෙනවා.. ගස් ලබුත් තියෙනවා..කාඹරංකත් තියෙනවා... ඒ මදිවට කොකෝවත් තියෙනවා.. දැන් අර හාවට කියන්න "කාගේ වාසනාවද ඉතිං" කියලා කොමෙන්ට් එකක් දාන්න කියලා..උන්දැට ඒවා අමතක වෙලා..:D:D:D

    @බින්දි...

    හපොයි මේ නීත්‍යානුකූල නොවන ඡායාරූපවලට විමාර දෙන්න ගිහින් මගේ ජ්‍යාතන්තර විචාරක බලපත්තරේ අහෝසි කොරන්න ඉඩ තියේ..මං නැහැ ඕවට..:D

    ReplyDelete
  15. කවුරු හරි ලග තියනවනම් මේ හවි හොරාට අනිත් අය වවපු කැරට්.උඳුපියලිය, කන්කුන් කන Photo එකක් දාන්නකො.... :p

    ReplyDelete
  16. ලස්සන පින්තූර ටික හාවි .

    අර මුල් ෆොටෝ එකේ ඉන්නේ බෝදිලිං කටුස්සෙක් උන් එක්ක විහිලු හොඳ නෑ උන් වෛර බඳිනවා උන් හරි නපුරු සත්තු ජාතියක් .

    ReplyDelete
  17. :d ෂ ලස්සන වැඩක්..

    ReplyDelete
  18. පැපරාසි හාවී.. නියමයි.. රැකගෙන ඉඳලා තව පොටෝ ටිකක් අරන් දාන්න.. ලස්සනයි වැඩේ.. ඇත්තටම සත්තු‍න්ගෙ පොටෝ ගන්න එක ‍ලේසි නෑ.. මමත් ට්‍රයි කරලා නම් තියේ.. ඒත අරගෙන නෑ :D

    ReplyDelete
  19. හොරෙන් හරි කන්නෙ බඩ සුට්ටක් පුරෝ ගන්නනෙ හාවියෙ..ඕකට ඉතින් මේ තරම් බනින්න ඕනෙයෑ....

    මහන්සි වෙලා හරි ගත්ත පින්තූට ටික නම් නියමයි. හා පැටික්කිලාගෙ වත්තෙ පළතුරු තියෙන හැඩයි...

    ReplyDelete
  20. හාවි ෆොටෝ ගත්තේ මොන කැමරාවකින්ද?
    සෑහෙන්න මහන්සි වෙල තියනවා.
    @ හාවා
    හාවා කොකෝවා ගෙඩි පිටින්ද කන්නේ??.... :DDD

    ReplyDelete
  21. @ ෴හසියා෴

    හී..... තැංකූ.......අපොයි නෑ නෑ. එයාලා මිනිස්සු වගේ නරක නෑ. ඒනිසා එහෙම වෙන්නැ තාත්ති. ඕව්වා මිනිස් ගතිගුණනේ. :q

    හිහ්..... තුන් ඉරි අප්පුලා නම් දළඹුවෝ, වේයෝ, මෙරුවෝ කන්න රුසියෝ. අපේ සුදුත් ළඟින් යන මෙරුවත් අතදාලා අල්ල ගන්න තරම් පෙරේතයි. ඒත් ප්‍රධානම අවුල ඕක නෙමෙයි. සමනලයින්ට බිත්තර දාන්න ධාරක ගස් දැන් නැති එකයි. :r

    ආ...... නාඩා ඉන්නකෝ...... මං ගෙනත් දෙන්නම්කෝ කොකෝ පැලේකුත්...... :g :g :g :g

    @ සෝරෝ

    කවුදැ අයියේ හාඩි? පව් එයා........... හික්ස්....:p

    හැබැයි අයියේ සමහර පැති වල සාමරංගන් කියලා ඇත්තටම භාවිතා වෙනවලු. :a

    @ Praසන්ன

    තෑන්ක්ස් අයියා.......

    හැමදාම ඇවිත් යන අයියට සුභම සුභ උපන්දිනයක් වේවා....!!!! අර බුකියේ ලියු එක මතකනේ? :a

    @ ශානු

    යැ යැ අක්කි...... හික්ස්...... :d

    @ Chanaka Aruna Munasinghe

    අපි බයවෙයි ඔය බොරු වලට........ :p

    ReplyDelete
  22. @ පිණිබිඳු...

    ඇයි මගේ සුදු හාවා ඉන්නේ අක්කා....... හික්ස්.......... :q

    @ සිතුවිළි නිහඬයි

    දැනටනම් කා ළඟවත් නෑ තමා සිනි අක්කා....... හික්ස්......... :q

    @ Bindi

    දැන් සේරම නෑ අක්කා. අනෝදා ගහයි කතුරුමුරුංගා ගහයි ඉගිලුවා ගෙදර අනිත් ටික හදන්න. ඒත් පැල හොය හොය සංරක්ෂණය කරනවා.

    ඔය ගිරව් හරි හීලෑ පාටයි අක්කා. අපේ අල්ලපු ගෙදර මනුස්සයෝ එහෙම ආපු ගිරවෙක්ව අල්ලන් දැන් කූඩු කරන් ඉන්නවා පව්........... :s

    අපොයි ඒ විචාරනම් එපා. මට මඩක් එයි කියලා බයෙන් ඉන්නෙත් මේ.......... :n :n

    @ Dinesh

    අර අපේ පොඩ්ඩා හරියටම දන්නවා ඒකේ ලේසි පහසු බව. හික්ස්.........

    ඒක හොඳා. මාත් ඉඩ ලැබුනු ගමන් කෝම හරි ගන්නවා........ :c

    @ පිස්සා පලාමල්ල

    අපොයි කුරියර් කරන්නද ගෙඩියක්? හික්ස්.......

    හික්ස්..... එහෙම වෙන්නැ. මේ සයිබරේම සත්තු කීයක් ඉන්නවද එහෙනම්. :q :q

    ReplyDelete
  23. @ The Lion

    හපොයි බය හිතෙන කතා එපා............ :n :n

    @ Bunny

    ඒකනේ කට්ටිය _ල් හාවා කියන්නේ...... හික්ස්......... :q

    @ ..ChAnDiKa..

    ඒකට ඉතින් අයියට මම හේතුව කිව්වා. සමාවත් ඉල්ලුවනේ........
    හැබැයි අයියා මං අහපු එකට උත්තර එව්වේ නැහැ ඒත් මට ඒක දැනගන්න ඕනා.

    @ මාරයාගේ හෝරාව

    දැන් ක.මු නැ. ග.ල ත් අළුත් ගස් තාම පොඩියි. කොකෝ නම් කීපයක්ම තියේ. ඒත් මව් ගහ කැපුවා. :s :s

    හික්ස්............

    @ කේෂාන් De சில்வா

    අපෝ අපි හොල වැඩ කලන්නෑ...... අපි ඔඳ ආවියෝ............... :c :c

    ReplyDelete
  24. @ හිස් අහස

    බොහොම ස්තූතියි සඳරු..........

    අනේ සත්තු එහෙම නෑ සඳරු. ඔව්වා මිනිස්සු හදාගතපු කතා. එයාලා හරි හොඳයි. :c

    @ රතු මුහුද

    අළුත් මුහුණක් වගේ..... ආදරෙන් පිළිගන්නවා...... :c :c

    බොහොම ස්තූතියි........

    @ MaRLaN

    කෙහෙල් ෆට්ටාද? :q

    තැංකූ මල්ලි........ :c

    @ Yohan Kanishka | යොහාන් කණිෂ්ක

    බොහොම ස්තූතියි මල්ලි. ඉවසීම තියනවනම් බැරි නැහැ. සමහර වෙලාවට දින ගනන් ඒ ගොල්ලෝ යන එන වෙලාවන් නෝට් කරන් මඟ බලන් ඉන්න වෙනවා. :c

    @ දිල්

    ඉතින් මං බැන්නයැ අක්කියෝ හොරෙන් බලන් හිටියා මිස. ඔන්න කෙළවත් ගිල්ලේ නෑ මං. හික්ස්......... :d

    බොහොම ස්තූතියි අක්කා. එහෙමට පළතුරක් නෑ ඔය ගස් දෙක තුනක් තියනවා. :c

    @ priyantha

    මගේ දුප්පත් ෆූජි ඩිජියෙන් අයියා. මුකුත් සෝප් උලලවත් නෑ. :r
    ම්ම්ම්ම් ඒක මහන්සියකටත් වඩා තෘප්තියක් අයියා........ :c :c

    හික්ස්...... :q

    ReplyDelete
  25. :b මේක කිව්වාම ඇති වගේ.
    තව පොටෝ ගහන්න ලැබේවා. හාවි මැක්‍රො පොටො ගහන්න ආසා නැද්ද?

    ReplyDelete
  26. සුභම සුභ උපන්දිනයක් වේවා Haa pAtikki හා පැටික්කියේ!!!! වාසනාවන්ත අනාගතයක් උදා වේවා!!!!

    ReplyDelete
  27. අඩේ ෆට්ට ෆොටෝ සෙට් එක...
    " හා - පැපරාසි "

    ReplyDelete
  28. හල්පේ හා කෙල්ල මහන්සි වෙලා ගත්තු යස පොටෝ ටිකක් නෙව :) අගෙයි අගෙයි

    ReplyDelete
  29. බ්ලොග් කියවද්දී හාවිව ගොඩක් දැකල තියෙනවා
    අද තමයි ඕන් මුලින්ම ගොඩ වැදුනේ
    හාවිගේ ෆොටෝ කෙරුවාව හොඳයි, වරදක් නැහැ... ඔය කෙරුවාවත් අබින් කනවා වගේ වැඩක්
    ඒ වගේම බොහොම හොඳ මානසික සුවයක් දෙන විනෝදාංශයක්....

    හිස් අහස >>
    මටනම් පෙන විදිහට ඒ බෝදිලිමෙක් නෙමෙයි, සාමාන්‍යයෙන් ගොඩක් පලාත්වල දකින්න පුළුවන් කොළ කටුස්සෙක්, අහිංසකයෙක්.
    ඒ වගේම බෝදිලිමා කියන්නෙත් බොහොම අහිංසක සතෙක්. එයා ගැන තියෙන්නේ බොරු මිත්‍යා මත විතරයි
    J

    ReplyDelete
  30. පැපහාවි............... හික් හික්

    ReplyDelete
  31. හා පැටික්කි තමයි හා පැටික්කි කිව්වාලු. ෂෝයි ෆොටෝස් ටික. ගන්න හුඟාක් මහන්සි වුණු බවත් පේනවා. මොකක්ද මේවා ගත්තු කැමරාව ???

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)