෴ " සඳ මඬල නුඹම විය, ඝණ අඳුරැ රැයේ මට... පන්හිඳක රැඳුනු නුඹ, ගීතයක් විය නොදැනීම... අවදි කරනු මැන ඔබ හඬින් මා සිතුම් ලොව...."෴'

Tuesday, September 13, 2011

පුංචි කිටියා රැවටිලා..........


පුංචි දිනිති උදේම නැගිටලා එයා ළඟ හිනා කටක් පුරවන් ඉන්න අම්මා දිහා බැලුවා. අම්මත් ආදරෙන් දිනිතිගේ ඔළුව අතගාලා දිනිතිව ආදරෙන් සිපගෙන වඩා ගත්තා.

දිනිති තාම මොන්ටිසෝරි යන ගෑණු ළමයෙක්. දිනිති හැමදාම උදේම නැගිටිනවා. එයා කවදාවත් අම්මටයි තාත්තටයි කරදර කලේ නෑ. දිනිති තමා දිනිතිගේ අම්මටයි තාත්තටයි තිබුන වටිනම වස්තුව.

අදත් දිනිති උදේම නැගිටලා අම්මාගේ උරට හේත්තු වෙලා ලස්සන මුතු ඇට දසන් දෙපල පෙන්නලා තාත්තා එක්ක හිනා වෙලා මූණ සෝදන්න ගියා.

දිනිති මූණ සෝදන්න යද්දි කිටියත් දිනිති එක්කම හිනා වෙවී ගියා. කිටියා තමා දිනිතිලගේ ගෙදර ඉන්න පුංචි පූස් පැටියා. එයා තාම පුංචියි.

අම්මා දිනිති‍‍ගේ පුංචි මුතු ඇට වගේ කිරිදත් ටික මදින්න උදව් උනා. මූණත් සොදවලා දිනිතිට මොන්ටිසෝරි යන්න තාත්තා අයන් කරලා තිබුන ඇඳුම ඇන්දුවා. කිටියත් ඒ පස්සෙන්මයි. දිනිති උදේ අම්මා හදලා දීපු කිරි එක්ක බොද්දි කිටියත් අම්මා පීරිසියට දාපු කිරි ටික හනි හනිකට ගුඩුස් ගුඩුස් කියලා බිව්වා.

සුදු දුව අපි යමුද........ දිනිතිගේ තාත්තා ඇහුවා.

යන්න කලින් අම්මා ළඟ දණගහලා දිනිති අම්මට වැන්දා. තාත්තටත් වැන්දා. පුංචි කිටියා මේ ඔක්කොම බලන් උන්නා.

දිනිති අම්මා දීපු වතුර බෝතලෙත් කරේ දාන් තාත්තගේ අතේ එල්ලුනා. දිනිති ඉස්කෝලේ යන්න පොඩ්ඩක්වත් කම්මැලි නෑ. උදේ නැඟිටිද්දි අම්මට කරදර කරන්නෙත් නෑ.

දිනිතිලා එක්ක අම්මත් ගේට්ටුව ළඟට ආවා. ඇයි පුංචි කිටියත් ආවා. ඒත් ඉතින් කිටියා ඉස්‍කෝලේ යන්නෑනේ. ඉතින් අම්මත් එක්ක කිටියා නැවතුනා දිනිතිට ටටා කියන්න. දිනිති අම්මටයි කිටියටයි අත වැනුවා.

ඔන්න ඉතින් දිනිති එදා ඉස්කෝලේ ඇරිලා අම්මා එක්ක ගෙදර ආවා. ඇවිල්ලා මූණ සෝදලා ඇදුම් මාරු කරලා දිනිති කන්න වාඩි උනා. ඒත් අඩුවක්........

කෝ කිටියා....... වටපිට බැලුවා. කිටියා පේන්න නෑ.

හැමදාම දිනිති ඉස්කො‍්ලේ ඇරිලා ඇවිත් දවල්ට කද්දි කිටියත් කනවා. ඒත් අද කිටියා නෑ.

පුංචි කිටියා කෝ කියලා ඉතින් දිනිති අම්මගෙන් ඇහුවා. අම්මත් දිනිති එක්ක කිටියව හොයන්න පටන් ගත්තා.

කිටී කිටී......... පුංචි කීටී...... දිනිතිගේ අම්මා කිටියට කතා කරා. ගේ පුරාම බැලුවා. කිටියා හිටියේ නෑ. ඇයි ඇඳ යට මේස යට හැම තැනම කිටියව හෙව්වා. ඒත් කිටියා හිටියේ නෑ.

කොහෙද මේ කිටියා ගියේ..... දිනිතිගේ අම්මා හිතුවා.

ඔන්න අම්මා දිනිතිත් එක්ක වත්තේ කිටියා හොයන්න ගත්තා. අඹ ගහ උඩත් කිටියා නෑ. පුංචි පඳුර යටත් කිටියා නෑ. දිනිතිට දුක හිතුනා. දිනිති අඬන්න ගත්තා.

ඒත් ඉතින් කිටියා නෑනේ........ අම්මා දිනිතිවත් වඩාගෙන වත්ත පුරාම කිටියව හොයනවා. කිටියා නෑ. පාරට ගිහින්ද බැලුවා ඒත් නෑ.

දිනිතිගේ අම්මා දිනිතිවත් එක්කන් කාලා ගිහින් හොයමු කියලා ආවා. දිනිතිගේ පුංචි තාරුකා වගේ ඇස් වලින් මුතු ඇට වගේ කඳුළු බිංදු වැටෙනවා.

අනේ කිටියා කොහේ ගිහින්ද....... දිනිති අම්මා කවපු බත් කටවල් දෙකමයි කෑවේ. අම්මටත් දුකයි.

දිනිති වෙනදා වගේ සෙල්ලම් පෙට්ටියෙන් බඩු අරන් සෙල්ලම් කලෙත් නැහැ. කිටියා එනකම් මග බලන් හිටියා. අම්මා දිනිතිට කිරි එකකුත් හදලා දුන්නා. ඒත් කොහොමද බොන්නේ........ කිරි ඉල්ල ඉල්ල වටේ කැරකෙන කිටියා නෑනේ.
ඉතින් දිනිති කිරි එකත් ඉතුරු කලා.

දිනිතිගේ තාත්තා ගෙදර ආපු ගමන් අම්මා ගිහින් තාත්තට විස්තරේ කිව්වා. තාත්තත් කිටියව හෙව්වා. වහල උඩත් බැලුවා. එහා ගෙදර අක්කගෙනුත් ඇහුවා. ඒත් කිටියා නෑනේ. ඉතින් තාත්තාත් හවස ඇඟ සෝදන් දිනිතිත් තුරුළු කරන් වාඩි උනා.
දිනිතිට සෙල්ලම් බඩු පෙට්ටියෙන් සද්දයක් ඇහුනා....

දිනිති දුවලා දුවලා සෙල්ලම් බඩු පෙට්ටිය ළඟට ගියා.

හරි පුදුමයි මෙන්න අපේ කිටියා......... දිනිති හයියෙන් කෑ ගැහුවා. අම්මයි තාත්තයි දුවගෙන ආවා.

කිටියා මොකද මේකේ කරේ...... අම්මත් ඇහුවා.

තාත්තා හිනා වෙවී කිටියව එළියට ගත්තා. කිටී දිනිතිගේ සෙල්ලම් මීයව බදාගෙන හිටියා. හැමෝටම වුන දේ තේරුනා.

කිටියා සෙල්ලම් මීයට රැවටිලා. එයා ගන්න ගිහින් පෙට්ටියට වැටිලා. තාත්තා හිනා වෙවී කිව්වා. සෙල්ලම් මීයා බදන් ඉන්න කිටියා දිහා බලලා තුන් දෙනාම හයියෙන් හිනා වුනා...... කිටියත් ලැජ්ජාවෙන් දිනිතිලා දිහා බැලුවා.



සැ:යු :- ප්‍රථම කතාව ඕන්............ හරි නෑ නෑ වගේ.... කෝමද මංදා........

38 ක් ඇවිත් ගිහින්.....:

  1. චෝයි.... සිඟිති සුරතල් කතා.... :e :g

    හැමදාම වගේ ලස්සනයි හාවියේ... :g

    බලන් යනකොට හාවිගේ හාවා වෙච්චි මං හරි වාසනාවන්තයි නෙවැ..... :i අපේ හා පැටව් නැළවිළි ගැන කිසිම පුෂ්නයක් මං ඇති කරගන්න ඕනි නෑ වගේ... හා හාමිනේ ඉන්නවනේ..... :r :d

    ReplyDelete
  2. හ හා..නියමයි නියමයි.හාවි දස්සි.අපි පොතක් ගහමුදැ :e :e :e

    ReplyDelete
  3. මෙන්නෝ සුදු පූෂ්ට මඩ ගහනෝ. අර චිත්තර තරඟෙ තරහ තවම තියෙනව වගේ

    ReplyDelete
  4. හි හි හි ළමයි අඬනකොට හාවාට කිසි කරදරයක් නැති වේවි

    ReplyDelete
  5. හික් හික්!! මම ආපහු 2 වසරට ගියා වගේ දැනුනා හාවි

    ReplyDelete
  6. ලස්සනයි හාවී.. චිත්‍ර ටිකකුත් එකතු කරලා පොතක්ම ගහමු.

    ReplyDelete
  7. මේවා ඉවසන් ඉඳලා හරියන්නේ නෑ හාවාට විරුද්ධව මම අපහාස නඩුවක් දානවා! මකරයියා මගේ පැත්තට සාක්කි දෙනවා නේද?

    ReplyDelete
  8. ලස්සනයි හාවියේ.

    ReplyDelete
  9. හරිම අපූරුයි කතාව...

    ReplyDelete
  10. සුටි ළමයෙක් උනාද කොහෙද ආයේ ( ආ තාමත් සුටියි අලිද :D )

    ReplyDelete
  11. ලස්සන කතා පොඩ්ඩ! :) <3

    ReplyDelete
  12. හා පැටික්කිගේ නමටම ගැලපෙන කතාව , හරි හුරතල්
    @ හාවා ..
    ''තාත්ත අයන් කරල තිබ්බ ඇඳුම ....'' ඔන්න හාවෝ අපි දන්නේ නැහැ

    ReplyDelete
  13. සෝක් කතා පොඩ්ඩ

    ReplyDelete
  14. හිහ් හිහ්// මලු මලු... :d

    ReplyDelete
  15. ෂෝක් කතාව හාවියෙ..අර කිව්වත් වගේ සූටි කතාන්දර පොතක් ගහන්න තිබ්බා

    ReplyDelete
  16. ගොඩක් දවසකින් ආවෙ. හරිම ලස්සනයි.

    ReplyDelete
  17. කතාව ලස්සනයි.

    ReplyDelete
  18. හොඳයි හොඳයි,, දිගටම ලියන්න,

    ReplyDelete
  19. සෝයි නොවැ කතාව.. :b

    ReplyDelete
  20. @ ෴හසියා෴

    තැංකූ තැංකූ මගේ අයියා.............. :i :i

    ඇහ්...... හා හා කිසිම පුශ්නයක් එපා..... :g :g :g :g හික්ස්...........

    @ පබලු

    ගහමු ගහමු හීනෙන් පොතක් ගහමු..... මඩ බුබුල..... :p

    @ Chanaka Aruna Munasinghe

    සුදු පූෂ්ටවත් නැති අමාරුවක්නේ මේන් අධිරාජ්‍යයට තියෙන්නේ..........:h

    @ ශානු

    හැ..... එතකොට මටෙයි කරදර??? හික්ස්........ :d

    @ blog gadol

    අපොයි දැන් අයියව ගන්න එකක් නෑ. පුතාව දෙක වසරට දාන්ටකෝ අයියලගේ...... හික්ස්.....:d

    ReplyDelete
  21. @ පිණි බිඳු...

    බොහොම ස්තූතියි අක්කා......:c
    පොතක්නේ???? ගහමු ගහමු අක්කා.....
    මට දැන් ඔය ලණුව හොඳට හුරුයි....... හික්ස්....... :a

    @ පූසා

    හැ...... මේ මොකද බොලේ..... ලෝකේ ඉන්න එකම පූසා ඔයාද???? :h අර පුරු පුරු අයියා ඇවිත් ගියේ අගේට......... :p

    @ කල්

    බොහොම ස්තූතියි............... :c

    @ Dinesh

    බොහොම ස්තූතියි අයියා/මල්ලි...... :c

    @ ChammA

    අලි අලි දැන් අලි සූටි නේ..........:q :q

    ReplyDelete
  22. @ තනි අලියා

    ඒ පාර අලියෙකුත් ඉන්නවා බ්ලොග් කැලෑවට......... :b

    බොහොම ස්තූතියි......... ආදරෙන් පිළිගන්නවා මගේ පුංචි හා ගුලට.............. :c :c

    @ Bindi

    බෝම ස්තූතියි බින්දි අක්කා...........:c

    ඒක නෙමෙයි බනීලගේ තාත්තත් හාවා එකේ අයියටද කිව්වේ??????:a හික්ස්..... බලන් ගියාම අක්කත් හාවියෙක්......... නෑයෝ නෑයෝ..........:q

    @ deeps

    බෝම ස්තූතියි අක්කා...........:c

    @ චතුවා

    මලු? සොපින් මලු? බෑග් මලු? හික්ස්.... :p

    බෝම ස්තූතියි ඈ........... :c

    @ දිල්

    අක්කත් මට ඒ ලණුවම ගිල්ලවන්න හදන්නේ..... හා හා ගහමු ගහමු පොතක්...... හික්ස්...... :q

    ReplyDelete
  23. @ දයියා

    දයියා අයියා කාලෙකින් තමා........... කොහෙද ගියේ........????

    බොහොම ස්තූතියි අයියා.:c

    @ Praසන්ன

    බොහොම ස්තූතියි අයියා......:c

    අර පිටුව වේයෝ කයි ඔහොම පාළුවට ඇරියොත්........... :a

    @ හරී-පිණිපලස

    ආ බොහොම ස්තූතියි අක්කියා..... හැබැයි ඉතිං අම්මල හොඳයි කිව්වට බබාලට අප්පිරියද දන්නැ..... හික්ස්....... :d

    @ හිම කුමාරි

    බොහොම ස්තූතියි අක්කා....... :c

    ReplyDelete
  24. මේ මලු මලු මලේ මලු.....

    ReplyDelete
  25. අපුරුයි හාවියේ..මට ජානකී සූරිය අරච්චිගෙ පොතක් කියවනව වගේ දැණුනෙ..ඒ තරම් අපුරුයි..නරකද චිත්‍ර ටිකක් එහෙම දාල ලමා කතා පොත් ටිකක් ලීව නම්..

    ReplyDelete
  26. ලස්සන කතාවක්..

    මන් ආස බලු පැටියන්ට....

    ReplyDelete
  27. @ malmi

    ටැංකූ ටැංකූ.... සොපින් මලු..... :d

    @ පැන්ඩා

    නරක නෑ අයියේ අයියා ලියලා පළ කරන්නකෝ අපි ගඤ්ඤං.......... :p
    බෝම ස්තූතියි අයියා......... :c

    @ රහස් පරීක්ෂකයා

    බොහොම ස්තූතියි. මේ පැත්තේ හොර වැඩක් වුනේ නම් නෑ ඔන්න. :d

    මාත් ආස බලු පැටියන්ට තමා වැඩියෙන්..... :a :a

    ReplyDelete
  28. අපේ හා පැටික්කිටත් හිතෙන දේවල්!

    අපේ ගෙදරත් ඉන්නවා ඔය පූස් පැටව් ටිකක්!මට නම් මහ කරදරේ.ඔච්චරම පූසන්ට ආස නම් ඇවිල්ලා අරගෙනම යන්නකෝ!

    ReplyDelete
  29. චෝයි චෝයි....
    සිබිල් වෙත්තසිංහ ගේ කතා මතක් උනා මේක කියවලා...:D :D :D

    ReplyDelete
  30. @ කතා මල්ලි

    ඒකනේ..........

    මං වැඩියෙන්ම ආස බවුවොන්ට. පූසෝ හදනවා අඩුයි ගෙදර ලේනෙක් ඉන්න නිසා......... :r

    කතා මල්ලි අදමනේද මේ පැත්තේ ආවේ??? ආදරෙන් පිළිගන්නවා මගේ පුංචි නිවහනට......... :c :c

    @ priyantha

    එච්චල චෝයිදැ? :p

    මගේ අම්මේ සිබිල් නැන්දාගේ කතා වලට නම් ඉතිං අපි ඇබ්බැහි වෙනවනේ නිකන්ම...... :c

    ReplyDelete
  31. හා පැටික්කි මඩ ගැහෙනවද මන්දා අපේ පූසට... හික් හික්.... ශෝක් කතාව.. ආයෙ පොඩි කාලේ මතක් උනා...

    ReplyDelete
  32. අලේ මේ කතාව චෝයි.... මැද්දටත් පිංතූල කෑලි ටිකක් තිබ්බනම් තවත් චෝයි. කමක් කෑ ඕවරෝල් චෝයි එක චෝයි නෙ.තව කතා ඕනේ...

    ReplyDelete
  33. මගේ පොඩි එකාට කියලා දෙන්න තවත් ලස්සන කතාවක් ...

    ReplyDelete
  34. කතාව ලස්සනයි හාවියේ..

    ReplyDelete
  35. හික් හික් චෝයි කතාව....
    ලොකු ලොකු කතා ලියනවට වැඩිය පොඩි අයගේ කතා ලියන එක අමාරුයි

    මමත් ආස පුස් පැටවුන්ට තමා, හැබැයි ඉතින් ලොකු උනාට පස්සෙනම් කරදරයි
    ඤාව්... ඤාව්... ඤාව්...
    බව්වොනම් ඉතින් ඕනෙම නැහැ, මම හරිම අකමැතියි, මේක කිව්වා කියල කවුරුවත් මාත් එක්ක අමනාප වෙන්න එහෙම එපා

    ReplyDelete
  36. මං හිතුවේ කිටි හොරු අරන් ගිහිල්ල කියල

    ReplyDelete
  37. හරි ලස්සනයි.
    මමත් පූස් පැටව්න්ට ගොඩාක් ආසයී.

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)