හපොයි මෙදා පාරත් කට්ටිය රණ්ඩු වෙනවද මංදා........ ගියපාර දාපු තැටියම මේ පාර දාන්න බෑ නොවැ, ඉතින් මගේ සුදු හාවා ඇතුළු කට්ටියගෙන්ම අවසරයි......
අනේ මංදා අද නම් කොහෙන් පටන් ගන්නද කියලා.... ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් ඊයේ දවස ගැන දැනන් හිටියේ තුන් දෙනයි. ඒ අයියයි, අක්කණ්ඩියි,අයියණ්ඩියි. ඒ තුන් දෙනා ඉබ්බියි,හසාරි නංගියි එක්ක එකතු වෙලා කරපු දේ පුංචි වෙනසක් විතරයි අර අයියා ලියපු පෝස්ට් එකේ තියෙන්නේ.
දවසේ හැටියට මට කියලා තිබ්බේ අයියට උදේම සෙමිනා එකක් කියලා. ඉතින් වෙනදට 4ට නැඟිටින කෙනා 3ට නැඟිටලා 4 වෙද්දි එන්නත් පිටත් වෙලා ඉවරයි. අක්කණ්ඩියි, අයියණ්ඩියි කලින්ම පාටියක් ඉල්ලලා තිබුනා. මට එදා උදේ 11ටත් එන්න කියලා මං අදි මදි කරත් ඉතින් දැඩි බලකීරීම හා තර්ජන ගර්ජන මැද පාටිය දුන්නැත්නම් මරණ තර්ජන සයිස් එකෙන් හිටියේ. අනේ ඉතින් සුදු අයියත් කීවේ නැතෑ එයත් දවසෙම සෙමිනා කියලා තනියම ඉන්නැතුව යන්න කියලා.
අනේ ඉතින් අසරණ හාවි උන මම නාකියාගෙන ඇඳපැළඳගෙන 11ට එන්න කියපු එක 11.30ට විතර කියපු තැනට ගියා. අනේ මගේ අසරණ පෝන් එකත් කැඩුනනේ. එතන ඉන්නවා කිව්ව අක්කණ්ඩිවයි,අයියණ්ඩියි පේන තෙක්මානෙක නෑ. යාන්තම් හොයලා හොයලා තාත්තගෙන් බැනුනුත් අහලා අක්කණ්ඩිට අත වනලා අඬගහන් නමට හරියක් දාගෙන තාත්තවත් යවලා ගියේ නැතෑ. අනේ මම අර හරකා පිටිපස්සේ යන කරත්තේ වගේ (දැන් අහන්නෙපා අර දෙන්නගෙන් කවුද හරකා කියලා හික්ස්.....) යන පස්සෙන් අවුවේ කරවෙවී ගැහි ගැහි ගියේ නැතෑ. ගිහින් ගිහින් අන්තිමට ආපු තැනේ හැටියට සැකේ ආවට ඔන්න ඔහේ ගියා.
එළවළු කොටුවට හාවෝ පැනපි........ මෙන්න බොලේ පාන්දර 4ට සෙමිනා සෙමිනා කියලා ගෙදරින් එළියට බැහැපු කෙනා ඉන්නවා. අනේ ඉතිං මංම නිසා හොඳයි............ එතනින් එහාට ඉතින් ඕනි නෑනේ. අපිට පාටිය ලැබෙන ලදී තමා..... හික්ස්....
ඇත්තටම ඊයේ දවස ගැන ලොකු පුදුමයක් දුන්නා. යාන්තමට හොර වැඩේ දැනිලා තිබුනත් මං යනකම්ම දකිනකම්ම විශවාස කලේ නම් නෑ. ජීවිතේ සමරපු ලස්සනම උපන්දිනේ සහ මට ලැබුන ලස්සනම තෑග්ග. ගතකලේ පුංචි වෙලාවක් උනාට සුදු අයියයි, අයියණ්ඩියි, අක්කණ්ඩියි එක්ක ගතකරපු ඒ වෙලාව නම් ජීවිත කාලේ පුරාවටම මතකයි. ඔව් මතක තියේවි නෙමෙයි මතකයි.
ඉතින් මං වෙනුවෙන් පෝස්ට් එකක් දාලා සුභ පතපු මගේම ආදර සුදු හාවට ගොඩාඩාඩාඩාක් ස්තූතියි කියනවා. ඒ වගේම මගේ දවස ලස්සන කරන්න කරපු දඟ වැඩේටත් හරිම ආදරෙයි.හැමදාම කියනවා වගේ ජීවිතේ හාමදාමත් ආදරෙයි කියලා තමා කියන්නේ...... ගොඩාඩාඩාක් ආදරෙයි......
ආ මේ තියෙන්නේ සියල්ලේ එකතුව............
ඒ වගේම මගේ දවස ලස්සන කරන්න හෙන ගේමක් දීපු මගේම අක්කණ්ඩිටත්, අයියණ්ඩිටත් බොහොම ස්තූතිවන්ත වෙනවා. ඒ දෙන්නා නැත්නම් එහෙම දවසක් නෑ තමයි. මේ ඒ දෙන්නා දීපුවා තමා.......
ඒත් එක්කම ළඟ නැති අඩුව දැණුන මගේ ආදර යෙහෙළිය ඉබ්බිටත් ළඟ හිටියේ නැතත් දෙපැත්තම පරිස්සන් කරන් ප්ලෑන් හෙල්ප් දීපු එක ගැන ස්තූතිවන්ත වෙනවා. එයා නැති අඩුව නම් දැනුනා ටිකක්. වෙනදට මං මුළු දවසම ඉබ්බි එක්ක තමා. ඒත් කමක් නෑ මේ පාර විතරනේ....... ආ යන්න කලින් තෑගි ටික දීලා ගියේ.....
ඒ වගේම හසාරිටත් ගොඩක් ස්තූතියි. හසාරිගෙන් ඉතිං අයියට ලැබුන සහයට ගොඩක් ස්තූතියි. ඇයි අයියා අතේ එවපු කාඩ් එක. ඒකටත් ගොඩාඩාක් ස්තූතියි.
ඒ වගේම දැනගත් වහාම ඉඳන් ක්‍රියාත්මක වුන චන්දික අයිය (කෝච්චි අයියා) ටත් මාරයා අයියටත් ඒ වගේම සුභ පතපු හැමෝටමත් ගොඩාඩාඩාක් ස්තූතියි. මං මේ බ්ලොග් අවකාශේ සමරණ දෙවන උපන්දිනය. ඒත් එදා වගේම එදාටත් වඩා ආදරෙන් ඔය හැමෝම මා එක්ක ඉන්න එක ගැන හදවතින්ම සතුටු වෙනවා ඒ වගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.........
ආ කාට නැතත් ඉතිං පොඩ්ඩට කේක් එපැයි. ඒ නිසා ඕන් මගේ සුදු හාවා ගානේ කේක් එකක්.
සැයු:
කාට හරි මතකනම් කියමු බලන්න මේ කෙක් එක දැකපු තව තැනක්....... හික්ස්........
.
කාට හරි මතකනම් කියමු බලන්න මේ කෙක් එක දැකපු තව තැනක්....... හික්ස්........
.







ම්ම්ම්ම්ම්ම් ආයෙත් මගේ සුදු හාවිට සුභම සුභ උපන්දිනක් කියලා ප්‍රාර්ථනා කරනවා... :g :g :g වැඩි වෙයිද පැටී?
ReplyDeleteඇත්තම කියලා එන්න හැදුවනම් කියයි අනේ දුරවැඩියි.ඔයා පව්.ඔයාට මහන්සියි බ්ලා බ්ලා බැලැක්ෂීප් විත් බාල්දි උදලු විත් කොකු.මා නොදන්න මගේ හාවි... :p :p
ම්ම්ම්ම් ඊයේ දවස ලස්සන කරන්න උදව් කරපු අක්කණ්ඩිටත් අයියණ්ඩිටත් හසාරිටත් ඉම්මිටත් මගෙ හෘදයාංගම ස්තූතිය.ඒ වගේම මගේ බ්ලොග් පෝස්ට් එක හරහා ඇවිත් හාවිට සුභ පතපු හැමෝටමත්, බස් හරහා හාවිට සුභ පතපු හැමෝටමත් හාවිගේ උපන්දිනේ එයාගේ ජීවිතේ ගතකරපු ලස්සනම වගේම සුන්දරම ඊටත් වඩා ආදරණීයම උපන්දිනය බවට පත්කරන්න සිතුවිල්ලකින් හරි උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි... ගොඩාරියක් පිං... මං හිතනවා මට ඒ දේ කරගන්න පුළුහන් වුණා කියලා.හැබැයි අඩු පාඩු දෙක තුනක් තිබ්බා... මගේ අමතක වීම හා කලබලය නිසා ඒ දේවල් කරගන්න බැරිවුනා... හික් හික්... :e
ආදරෙයි හැමදාමත් ගොඩාරියක් මගේ සුදු හාවිට....!!! :g :g :g
හාවිට 22ක් වෙනවද.. හලේ.. එහෙනම් සම වයසේ නෙව,. සුභ උපන්දිනයක් කියලා ආයෙමත් ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteනිකන් ඉඳලා නම් හරියන්නේ නෑ, අපිට කේක් කෝ,..
මේ මේ බොලා දෙන්නගේ වර්චුවල් කේක් කාලා ඇති වෙලා තියෙන්නේ හරිය! :a
ReplyDeleteඇත්ත කේක් දෙන්නේ කවදද? ඉක්මනට ලැබෙන්න සලස්සන්න වෙයි හරිය. ඕං ආයේ මම නරක පූසයි කියන්ට එපා! :d
අනේ මගේ සුදු හාවාට කිවාම මට ලැජ්ජයි අෆ්ෆා :P
ReplyDeleteඑනිවේ සුභ උපංදිනයක්..අර දඟ වැඩෙ නම් පංකාදු 5 යි.. :D
හා පැටික්කිට හැපි හැපි බර්ත් ඩේ එකක් වේවා කියලා එක සිතින් හදවතින් බොක්කෙන් සර්වාංගෙන්ම පතනවා
ReplyDeleteදෙපළගේ ඉදිරි දිවියත් මේ විදිහටම හැපි හැපි තබ්ලාවේ ජිම් එකයි බුම් එකයි [හරිද මන්දා] වගේ ඉන්න ලැබේවා කියල පතනවා. ඕන් කිව්වා මේන් ගියා :-)
අඩේ මෙයා තව අවුරුද්දකින් නාකි වෙලාද? අනේ පව් අසරණී. මොනා උනත් සුබ මෙව්වා එකක් වේවා!
ReplyDeleteමේ හාවී නම් වාසනාවන්ත හාවියෙක්! සුභ පැතුම් වේවා කිව්වා ඔන්න!
ReplyDeleteමේක නම් ටිකක් විතර හැගීම බරයි බරයි වගේ ..
ReplyDeleteදුකේ බෑ.ඇඩෙන්නත් වගේ.. :t :t :t :t
හාවියේ අර තෑගි ඔක්කෝම ඔයාට දුන්නේ අක්කණ්ඩිද? හික්zz :p :p :p :p
ප /ලි
මෙහි නොලියු රසවත් සිදුවීම් තවත් ඇති අතර ඒවා ලගදීම බලාපොරොත්තුවන්න.:f :f :f :f
අඩේ..... තෑගි දොදායිzzzzzz :D
ReplyDeleteහා පැටික්කියේ...උපන් දිනයක් නම් හැම අවුරුද්දෙම ඒවි..වටින්නෙ ඒක නෙමේ...ඔය දෙන්නගෙ ආදරේ..ඒ ආදරේ හැමදාම රඳව ගන්න..ආදරේ වටිනාකම, බැඳීමේ වටිනාකම තේරුම් ගන්න....ඒක තමා ගොඩාක් වටින්නෙ...
ReplyDeleteමගෙන් සුබ පැතුම් ! දෙන්නටම....
වාසනාවන්..වාසනාවන්...
ඔබේ දිවිමඟ වාසනාවේ
සුවහසක් මල් පිපේවා !
හාවියේ.... ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා..... සුභ පැතුම මගෙනුයි අක්කගෙනුයි දෙන්නගෙන් ම හොඳේ.....
ReplyDeleteකෝ අර හා නාම්බා.... හික්... හික්....
සුබම සුබ උපන් දිනයක් හා වී . ඔන්න මගෙනුත් නෙලුම් මල් පොකුරක් . හාවයි හාවියි සතුටින්ම ඉන්න කියල පතනවා
ReplyDeleteසුභ උපන්දිනයක් කිව්වා එහෙනම් , ඔය ඇවිල්ලා ටිකක් සීතල වෙච්ච සුභ පැතුමක් :d
ReplyDeletehappy brthday
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා හා පැටික්කි නංගිට...
ReplyDeleteපරක්කු වෙලා හරි මගෙනුත් සුභ පැතුම්... ශිහ් කලින් දන්නවනම් අපිත් එනවනේ පාටියට.... :d
ReplyDeleteබුදු අම්මෝ වයසයි නේද?
ReplyDeleteසුභ පැතුම්!
-කතන්දර ආතා
සුභ උපන්දිනයක් හාවියේ. තෑගි ටික නම් ශෝක්. හප්පේ ඉස්ටිකර් කොළත් තියෙනවා.
ReplyDeleteඉතින් යලුවනේ මමත් ඔයාලා වගේ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා.... හැබැයි ඉතින් ඔයාලා වගේ ලොකුවට නම් නෙමේ බොහොම පුංචියට....
ReplyDeleteපොඩ්ඩක් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා හොද නරක කියල Comment එකෙක් දාලා යන්න....
ජයවේවා!!
www.yakagethithpola.blogspot.com
සුභම සුභ උපන්දිනයක් හාවියේ...!!!!
ReplyDeleteඅනේ මේකේ සුභ පතන්න පොඩ්ඩක් පරක්කු උනා.බලන් ගියාම බ්ලොග් ආවකාසේ මගේ සම වයස් කට්ටිය බර ගානක් ඉන්නවනේ.ආ එව්ව මෙව්ව ඇති දැන් කෝ කේක්.ඕං මම නරක සිංහයා කියන්නෙපා හරිය .............:D
ReplyDelete@ ෴හසියා෴
ReplyDeleteඅපොයි වැඩි නැතෝ................ :g :g :g :g
හරි ඉතින් ඒ උදළු බාල්දි සේරම සාදාරණයි නෝ...............
මුකුත් අඩු පාඩුවක් නෑ ඔන්න. මං කියපු එක තමා ඔය රෝගේ..... :a හික්ස්...... :q
ගොඩාඩාඩාඩාඩාක් තැංකූ තාතා........ :g :g
ආ මෙහෙත් එහෙමයි...... හික්ස්..... :i :i :i :i
@ ප්‍රාර්ථනා
බොහොම ස්තූතියි ප්‍රාර්ථනා....:c ඔය තියෙන්නේ කපන් කන්ට..... හික්ස්..... :p
@ පූසා
ඉතින් නොකා ඉන්නකෝ මෙයා..... අපි බලෙන් කැව්වයැ..... හික්ස්......... :p
කියන්ට දෙයක් නෑ කෝමටත් නරක පූසානේ..... හික්ස්...... :p
@ Bunny
මං -ල් හාවා කිව්වයැ මල්ලි ලැජ්ජා වෙන්න....... :p
බෝම ස්තූතියි ඈ.....:c
පංකාදු තමා..... මං තමා බය උනේ........ :n
@ Hasitha
බොහොම ස්තූතියි හසිත...........:c කතාවෙන් නම් පරණ හසිත ඇවිත් වගේ ආයේ......... :r
හරි ඇති මාත් දන්නැ...... ආ යන්ට කලින් කේක් කෑල්ලක් කාලා යන්ට.......... හික්ස්......:p
@ සීතල අයියා
ReplyDeleteඒක නේන්නම් සීතල අයියේ........ :s
බොහොම ස්තූතියි.......... :c
@ deeps
වෙන කාගේ වාසනාවද අක්කා..........
බොහොම ස්තූතියි.......... :c
@ පබලු
ඉතිං අඬන්නකෝ............. :a
අපෝ නෑ අක්කණ්ඩි දුන්නේ හර කටු ගැහුණු පැස්බරා...... :p හික්ස්.......
කියන දෙයක් අර වරායේ තියනවයැ කියන ගල උඩට නැඟලා කියන්න ඕන්...... හික්ස්...... :p
@ ජේ.ඩී
දොදායිස්ස්ස්ස්ස්ස් තමා.............. :p
@ දිල්
හ්ම්ම්ම්ම්ම් ගොඩක් වටිනා උපදෙසක්............. බොහොම ස්තූතියි අක්කා.... අපි දෙන්නත් බලාපොරොත්තු වෙන්නේ ඒක තමා.......... :i :i
ආයෙමත් බොහෝමත්ම ස්තූතියි මගේ දිල් අක්කියා....... :g :g
@ Jeew
ReplyDeleteබොහොම ස්තූතියි අයියා............... අක්කවත් මතක් කලා කියන්ට.............. :r
ඕන උඩහින් පැන පැන උන්නා....... හික්ස්...... :a
@ Bindi
ගොඩක් ස්තූතියි අක්කියා...... ඕන් සුවඳ හමන්න හා ගුල ඇතුලින්ම පොකුර තියලා තිව්වා.............. :c :c :g
@ ඇනෝ
තැන්ක් යූ........ කවුද කිව්වනම් තව වටිනවා......... :r
@ නිසුපා
බොහොම ස්තූතියි අක්කියා.......
අක්කියා මං මේ පැත්තේ දකින අළුත් මුහුණක්..... ආදරෙන් පිළිගන්නවා........ :c :c
@ කින්නරාවි
බොහොම ස්තූතියි අක්කියා........
සැහ් එහෙනම් අපිට කොට ඩාන්ස් එකක් බලා ගන්න තිබ්බා..... හික්ස්..... :q :q
ඔන්ලයින් කේක් කාලා දැන්නම් ඇති වෙලා අෆ්ෆා ඉන්නේ
ReplyDelete@ කතන්දර Kathandara
ReplyDeleteහික්ස්..... කතන්දර ආතා ඕක කියල යන්නමද දන්නැ මේ පැත්තේ ආවේ.......
බොහොම ස්තූතියි අයියා....... :c
@ පිණිබිඳු...
බොහොම ස්තූතියි අක්කා.........
හික්ස්..... බබාලා බලන්න යනකොට එහෙමලු..... හික්ස්.... :a
@ යකා මහත්තයා
ම්ම්ම්ම්ම්....... බලමුකෝ එහෙනම්......... :c
@ නචියා
බොහොම ස්තූතියි අයියා......... :c
@ The Lion
ඕක මොකක්ද දිගට හරහට හැම එකේම සුභ පතලා තිබ්බේ.............
හරි හරි නරක සිංහයා නෙමේනේ.... බාබ Q සිංහයානේ.......... හික්ස්....... :p
@ ChammA
ReplyDeleteබොහොම ස්තූතියි...... සීතල උනාට පරණ වෙන්නෑනේ......:c
@ ශානු
හපොයි අක්කියත් පටන් ගත්තද ඒ පාර..... :n