෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Monday, January 31, 2011

කවුද කීවේ අතාත්විකව බැඳුනා කියලා?????



මොකක්ද මේ කතාව????

ඇයි හැමෝම කියන්නේ....... අන්තර් ජාලය මහා භයානක ලෝකයක් කියලා..... ඒකේ ඇතිවන බැඳීම් බොරු පුස්සක කියලා..........

ඔව් ඉතින් මිනිස්සු කවද්ද වටින දේ අගේ කලේ........ පරාළ තමන්ගේ ඇහේ තියන් අනුන්ගේ ඇහේ ලී කුඩ හෙව්වා මිසක.

ඒකනේ කියන්නේ........ හොඳ වැඩක් කරන කොට අහක බලන් යන අය තමා යන්තම් වැරැද්දක් උනත් උඩ දාගෙන අන්තර්ජාලේ භයානකයි කියන්නේ.

ඒක නම් ඇත්ත හැමෝම දිහා සැකෙන් බලන අයට පේන්නේ සැකෙන්ම තමයි........

මේ අපි අතර තියන බැඳීම් ගැන උනත් එහෙම බලන අය තමා ඉන්නේ.......

හැබැයි අපි හැමෝම එකතු වෙලා පෙන්නන්නේ ලෝකයක්ම අතාත්විකයි කියන ලෝකෙත් හදවතින්ම බැදිලා ඉන්න බව නෙමෙයිද?????

ලෝකය පුරාම අන්තර් ජාලය ජංජාලයක් වීගෙන යන යුගයක් පැමිණ ඇති බවට කාටත් නොරහසකි. සයිබරයේ සිදුවන අපරාද දැන් සැබෑ ලොවේ සිදුවන ඒවාටත් වඩා දරුණු තත්වයට පත්ව ඇත. ඒ නිසාම අන්තර් ජාලය භාවිතයේදි හමුවන පුද්ගල ඇසුරන් ගැන ඇත්තේ නොපහන් හැඟීමකි. සමස්තයක් වශයෙන් ගොඩක් දෙනකුගේ ඇත්තේ එවන් අදහසකි.........

ඒ අතරින් අපි.......... බොහෝමයක් දෙනා මුහුණින් නාදුනන්නන් වුවද සැවොම එක පවුලක් බව අමුතුවෙන් කීමට අවැසි නැත. අපි අතරින් කෙනෙක් යනු අපේම සහෝදරයෙක් මිස වෙනකකු නොවන වග සිතීම අපි අතර ඇති දැඩි බැඳීමට රහසයි..... පුංචි පවුලක් නොවුනු අපි අතර ඇති බැඳීම හදවතින්ම ඇතිවූ බැම්මක් බව කීමට අවැසි නැත. එය අපූරුවට පසක් කරමින් මේ දිනවල අපි හැමෝම අපේ පවුලේ සහෝදරයකු වන ඉළංදාරියා වෙනුවෙන් හැකි පමණින් දායක වීමට සිදුවී ඇත.


පුංචි පුංචි කවි පදත් සමඟ අපි අතර සැරි සරන ඔහු වෙනුවෙන් කල හැක්කේ මේ සඳහා හැකි පමණින් ඔහු වටා රොක් වී ඔහුගේ සිහිනය සැබෑ කිරීම නොවේද???????

ඉතින් ඔබට හැකි පමණින් ඒ සඳහා කැප වෙන ලෙසින් පුංචිම පුංචි අයැදීමක් කරමි.............


මේ සම්බන්ධව විමසීම් හා අධාර කිරීම සඳහා පහතින් විස්තර සටහන් කරනු ලැබේ.


විමසිම්
0772332071
0718050116
facebook :

D.M.D.T.B. දිසානායක
බෑංකු ගිනුම් අංක 71408612
(ලංකා බෑංකුව මාතලේ )

ඔබට මේ ගැන පුංචි හෝ නොපහන් හැඟීමක් සැකයක් ඇත්නම් වෛද්‍ය සහතික සමඟින්ම සියළු විස්තර මෙම සබැඳියෙන් ගොස් බැලිය හැක.

Sunday, January 30, 2011

මැස්සා..........

දවස් 7කුත් ගෙවිලා ගියා...... දවස් 7ම මෙලෝ සිහියක් නැතුව ඉතිහාස පොතෙන් පටන් අරන් අඳෝනා අතරින් ගිහින් ඊයේ 50 වෙනි කතාවත් ලිව්වා....... ඉතිහාස කතාව නැවැත්තුවේ නැමේ කස්ටිය කම්මැලි ගැහුන නිසා ටිකක් පමා කරානේ.

අද ලියන්නම දෙයක් නැති නිසා වැපා අයියගෙන් ඊ තලයක අමුනලා යවලා මං ඇහුවා අද අන්තිම දවසද කියලා...... උත්තර ආවේ සතියටනම් දවස් 7යි තමා හැබැයි ඉතින් බස් එකේ බෝඩ් එකේ හෙට දිනෙත් (වැප්නි සාතන් මහතාගේ සතියට දවස් 8කි) තියන නිසා අදත් ලියලා හෙටත් ලියමු කියලා....... හෙට අපි හැමෝම මේ දවස් වල දන්න අපේම සහෝදරයෙක් වන ඉළංදාරියා අයියා වෙනුවෙන් වෙන් කරන්න තමා බස් පියා වන වැප්නි සාතන් මහතා තීරණය කරේ.

ඒ අනුව පිලිතුරු ඊයෙහි අද මැස්සෙක්වත් නැති වෙයි කියා යැවූ මට මැස්සා ගැන එහෙනම් ලියන්න කියලා වැප්නි සාතන් මහතාගෙන් ඊයක් ලැබුනා......

ඉතින් අද එහෙනම් හා පැටික්කි මැස්සා ගැන රචනයක් ලියනවා....... (හා පැටික්කි හොඳ දරුවා කියන දේ අකුරට අහනවා...... {දන්නෝ නොදනිති})


ගෙමැස්සා.......



ගෙමැස්සා අප නිවෙස් වල නිතර දෙවේලේ වාසය කරන්නෙකි. සුදු පූසාට අනුව මැස්සාද මඳුරුවා මෙන්ම ගෙවල් වල පාළු කැපීමට මහඟු සේවාවක් කරන්නෙකි. මේකා ගැන සොයා ගෙන සොයාගෙන යාමේදි මනුස්පයාගේ පහසුව තකා මේකා සත්ත්ව රාජධානියට ඒ කීවේ දන්න හැටියට කිව්වොත් Animalia රාජධානියට අයත් වේ. එහි Arthropoda වංශයට ඉන් පසු මොවුන් වෙන් වේ..... එම වංශයෙහි වන උප වංශ දෙක අතරින් Mandibulata උප වංශයටත් අයත්වේ.

එතනින් වර්ගීකරණයේ තවත් පහලට යන විට Insecta වර්ගයටත් තවත් පහලට යන විට Diptera ගෝත්‍රයටත් අයත්වේ.
ඔය Diptera කියලා දාලා තියෙන්නේ කට කහනවට නෙමෙයි. Di යන්නෙන් ද්විත්ව යන්නත් ptera යන්නෙන් පියාපත් අදහස් වෙනවනේ. ඒ අනුව පියාපත් යුගලක් සහිත අය තමා...........
මේ ගෝත්‍රයටම තමා මඳුරු මලයලත් අයිති වෙන්නේ........

මේ ගොල්ලෝ ශරීර ප්‍රමාණයෙන් කුඩා අය. හැබැයි කෘමි රාජධානියේ කාගෙත් ලක්ෂණයක් වෙන දේහ ටැග්මීකරණය දකින්න පුලුවන්. ඒ කිව්වේ හිස, උරස, උදරය, ලෙස දේහය කණ්ඩ වලට වෙන්වෙලා තියනවා කියන එක.මේ ගොල්ලන්ගේ සුහුබුලාට ඒ කීවේ ඔය අපි වැටේ කැරකෙන ලොක්කට පියාපත් යුගලයි කීවනේ තියෙන්නේ. ඒවා පටලමයයි. ආයේ ඉතින් ඕන්නම් ඔන්න ඔය ළඟ ඉන්න එකෙක්ව අල්ලලා බලලා පරිස්සමෙන් යවන්න.

එතකොට මේ වරිගේ අනිත් ඇත්තන්ට වගේම මෙයාලගෙත් උරසේ තමා උපාංග තියෙන්නේ. පාද තියනවා 6ක්..... ඒවා තියෙන්නේ යුගල බැගින්.

එතකොට තියනවා ස්පර්ශක.... මේවා රසායනික ප්‍රතිග්‍රාහක. එව්වා සංවේ දී ව්‍යුහ ලෙස ක්‍රියා කරනවා.ඒ කීවේ. රස උණුසුම සිසිල වගේ දේවල් හදුනා ගන්න භාවිතා වෙනවා. ආග්‍රහනයටත් වැදගත්.

වැදගත්ම දේ මේ කස්ටියගේ ඇස්...... වරිගේ අයට තියෙන්නේ සංයුක්ත ඇස්. ඒ කීවේ අක්ෂිකා රාශියකින් සෑදිලා තියෙන්නේ. බලන්නකෝ යට පින්තූරේ. ඒ අර කාපට් එකක් නම් නෙමෙයි. සංයුක්ත ඇසක පින්තූරයක්. මේ සංයුක්ත අක්ෂිකා එක එකක් මගින් වෙන වෙනම ප්‍රතිබිම්භ හදනවා. ඒනිසා හැදෙන්නේ විචිත්‍ර ප්‍රතිබ්ම්භයක්.




එතකොට මෙයාලට තියෙන්නේ තරල නිපානයට හැඩ ගැසුනු මුඛ උපාංග. ඒ කීවේ මැස්සෙක් ඔය ඕන තැනක වැහුවම දොස්තර ලෙඩ බලනවා වගේ දෙයක් තිය තිය බලන්නේ. ආන් ඒක. ඒක හරියට ස්පොන්ජ් එකක් වගේ. තෙත් සහිත ආහාර මත තියලා තරලමය ද්‍රව්‍ය ලබා ගන්නවා. ඔව් ඔව් පුදුමදත් අහනවා.

මේ Insecta වර්ගයේ අය පූර්ණ රූපාන්තරණයක් පෙන්නනවා. ඒ කිව්වේ ජීවන චක්කරේ දි පිලිවෙලින් සුහුබුලා => බිත්තර => කීටයා => පිලවා => නැවත සුහුබුලා යන විදියට තමා කැරකෙන්නේ.......

සංසේචනයෙන් පස්සේ ඇති වන බිත්තර සුහුබුල් ගැහැණු මැස්සන් ආහාර ඇති ස්ථානයක ආසන්නයෙන් දමනු ලබනවා. වේගවත් වර්ධනයක් පෙන්නනවා. මෙම බිත්තර වලින් පාද රහිත කීටයෙක් ද ඒ කීවේ ඔය ෆා අක්කා බැදලා එහෙම බස් වල බෙදන ඉහඳ පණුවානේ ඔය....... ඉන් පස්සේ මෙම කීටයා පිලවකු බවට පත්වී පසුව අන්තිමට ගෙමැස්සෙක් එන්නේ.

මැස්සා ඉතින් හොඳ සතා කියලා හැමෝම දන්නවනේ........ ආයේ හැම තැනම තියන්නේ අර තියන වෙද නලාව වගේ එක තමා. කුණු ගොඩද, වැසිකිළියද, කැසිකිළියද, කෑම පිගානද ඔක්කොම එකයි. (ආයේ හෝද ගෙන එන්නයැ.).ඒක නිසා ඉතින් හොඳ විශබීජ වාහක තනතුරක් තියන කෙනෙක්. ලෙඩ රෝග පතුරවන එක හරිම සිම්පල් ප්ලෑන් එකක්.

ඈක්කා කියනවට වඩා හොඳ ඉතින් කෑම බීම ආදිය ආරක්ෂා කරගන්න එක. ඒකට ඉතින් ඔන් මැස්සන් මරන්නට මොකක්ද වට රවුමේ පෙලගැසෙමු නෙමෙයි. වට්ටියක් වගේ හොඳ ආවරණයක් මඟින් ආහාර පානආව රණය කර ගන්න. අමුවෙන් ගන්නා ආහාර හොඳින් සෝදා ආහාරයට ගන්න මැස්සන් බෝවන කසල ගොඩවල් වගේ ස්ථාන ඉවත් කරන එකයි කෙරෙන්න ඕන. පරපණ අපිට කරදරයි කියලා උනත් නසන්න අයිතියක් නෑනේ. ආයේ ඉතින් පරිසර සමතුලිතතාවට ඒකා පොඩි උනා කියලා නෑ වැදගත් වෙනවා.............

ඔන්න ඔහොමයි ගෙමැස්සා ගැන කෙටියෙන් කස්ටයට තේරෙන තරමට........ මේකට ඉතින් මැස්සෙක්වත් එන එකක් නැ. කමක් නැ මක් කරන්නද....... මෙය වැප්නි සාතන් මහාතාට අපලයක් නොවේවා....!!!!! "ලු"

Friday, January 28, 2011

අද හා ගුල වසා දැමේ.........


අඩේ දොර අරිනවකෝ....... අරිනවද අපි කඩන්නද?????

මොකද හප්පේ මේ උදේ පාන්දර ක්ලෝස්ඩ් කියලා ගහපු දොරවල් කඩන චන්ඩියා.........

ගල් හාවියේ..... අරිනවා දොර........ කට හඬ නිකම් හුරුයි හුරුයිත් වගේ..... අනේ ඕන එකක්......

අද හාවි ගෙදර නෑ..... පේන්නැද්ද බෝඩ් එක?????

එතකොට ඔය කියවන්නේ මොකාද????? හුටා දැන් මොකද කරන්නේ....... ෂැක් කට තියන් ඉන්න බැරි උන හැටි. කොහෙද කට නිසා නහින්නේ මාළුවා කියලා විතරනේ කියලා තිබ්බේ........ කියන එකාට කිව්වනම් නරක ඇති හාවොත් කට නිසා නහිනවා කියලා........

සද්දේ නැතුවම ඉන්නවා........

දොරේ යතුරු හිලෙන් බලන්නමයි හිත ඕනි දෙයක් බලනවා මොකාද ඇවිත් ඉන්නේ කියලා.........




මොකක්...... පාර වැරදිලාවත්ද මෙච්චර කස්ටිය........

ඒයි පුළුන් නැට්ටියේ අරිනවා දොර....... අපි දන්න කියන අය.......

එළියෙන් එන සද්ද බද්ද නම් සුභ නැති පාටයි...... එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි.........

ඕනි දෙයක් අරින්නෑ මං දොර..........

ඒයි හොර හාවි දොර අරිනවද නැද්ද?????

හුහ් අපි බයවෙයි ඕවට...... අපි අරියි දොර........

බරකරත්ත කරබරත්ත අස්සේ මොකක්ද ආපු සද්දේ........ අප්පා මොකක්ද ඒ පෙරලන් වැටුනේ............. හප්පා හාවිගේ ගෙදරට සින්ඩියම පාත් උනා වගේ...... කොක්කු යක්කු ආ මොකද බොලේ මේ...........

අප්පා කස්ටිය හැමෝම පෙරලගෙන කියාගෙන........ මුකුත් උස්සවයක් එහෙම තියනවා කිව්වද???? O.o

කවුද බොලේ මේ 50 බෝඩ් ලෑල්ලක් වැරදුනා ඉටිපන්දම් ලෑල්ලක් ගහපු කේක් එකක් උස්සන් එන්නේ....... මං පොඩි එකීට 50ක් ලබන්න හිතලවත් නෑ. ආ මේ හසියාට කවදත් අස්පුට් හින්දා වැරදිලා වෙන්නැ........ ඒ මදිවට හසී අක්කා මන්නෙකුත් උස්සන්.........
කස්ටියට වැරදුනා උනත් මට කේක් උෂ්ෂන් එන්නැ මේ ජීවිතේට........ ඍජුපෝම් කේක් වෙන්නැ.........

හෆ්ෆා බස් මාෆියාවත් ඇවිල්ලා අද..........

කස්ටිය දොර පළු කඩාගෙන අලාභ කරගෙන ආවට වැඩක් නෑ...... අද නෝ පාටි...... පාන් වාටියක් වත් නෑ. (පාන් ගනන් නිසා වාටි විසික් කරන්නෑ දැන්.)

මේ කස්ටියට කේක් දීලා මට ඇති වෙලා..........



ආ උඩ බිම බලන්න එපා....... කස්ටිය මේ දුවගෙන ඇවිත් තියෙන්නේ මේක මගේ පිප්ටි වෙනි පෝස්ටුව නිසානේ....... යන්තම් බඩගාලා දණගාලා 50ක් ලිව්වා....... බ්ලොග් සතිය නිසා වේගවත් උනාට මොකද නිවාඩු ගන්න ඕන තව සති 3ක් වත්.

පටන් ගත්ත දවසේ ඉඳන් මේ වෙනතුරු මට කැරට් කංකුං දාපු අය වගේම මාව බලන්න ආපු අයවත් ආදරෙන් මතක් කරන්න එපැයි. (මතක් කරනවා විතරයි කේක් නෑ ඔන්න.)

පටන් ගත්තු දවසේ ඉඳන් මේ වෙනකම් උදව් කරපු හැමෝවමත් ඒ වගේම මම බ්ලොග්කරණයට ආවේ කවුරු හරි නිසා උනාවෙකෝ..... මුලින්ම කියෙව්වා මතක හැටියට පිස්සා අයියාගේ ලිපියක්...... අමතකම කරන්න බැරි කෙනෙක් ඉන්නවා ඒ හාවි ලැප් සුට්ටට සිංහල දාගන්න දස වද දීපු ශාකුන්තල අයියා..... මතකද මංදා. අයියටත් බොහොම ස්තූතියි කියන ගමන් හැමෝටම ගොඩාක් ස්තූතියි කියනවා. (අද නම් දාලා ලින්ක් දාන කම්මැලියි)

දැන් ඉතින් කස්ට්ය හිතින් බයිනවලු..... දොරවලුත් කඩන් ආවේ මෙව්වා අහන්නද කියලා......... ඔන්න ඒ නිසා ඒ ටික 100 වෙනි ලිපියක් ලිව්වොත් ලියන්න කියලා අරන් තිව්වා.........

දැන් ඉතින් හා පැටික්කි ඇවිල්ලා මුලින්ම පුංචි පුංචි ලිපි වල්පල් ලියලා දැන් එහෙන් මෙහෙන් කවි කතා ලියමින් ගමනේ යා....... ඉස්සරහට කොහේයාද දන්නෑ ඉතින්..........

උපන්දින , විභාග අරව මේවා දහසකුත් දේ අස්සේ යන්තම් පෝස්ට් 50කුත් ලිව්ව එහෙනම් ඔන්න හාවි.............

දැන් ඉතින් ගෙනා කේක් එකම අර මන්නෙන් කපන් කන්න කස්ටිය. ඒත් ඉතින් මොකක්ද වගේ වගේ........ කස්ටිය කැමති දෙයක් කරගන්නකෝ එහෙනම්.........

සැ. යු :- යන ගමන් අර පහල බෝඩ් එකත් කියවන් යන්න........... එහෙනම් කඩන් බිඳන් ආවට පින් ඈ කස්ටියට......... (දොරත් කඩපු අයට මොන ස්තූතිද.....)

ඔබ සොයන තරු එළිය.....


සඳ එළිය සරණ ලොව
දිළිසෙනා තරු එළිය දැක
තරුවකට සිත් බැඳුණ
ඔබ......
අතරමංවී මංදාකිණියක
නුඔ වසඟ කළ
තරු එළිය සොයයි
නුඹ......
ඒ තරුව සැඟව ගොස්
නුඹෙන් ගිලිහුණ දින
ඔබට.....
ඇස් වසඟ කළ
දිළෙන තරු එළිය
මෙන් කාන්තිය නැති
වුවද....
රහසේම ළඟින් හිඳ
සිත් අහස එළිය කල
සඳත් නැති
අමාවක
වේද?





සැ.යු - අතිසාර්ථක ලෙස ඊයේ ඉතිහාස පිටුවට ප්‍රතිචාර අඩු වූ හෙයින් ඊළඟ ඉතිහාස පිටුව පමාකර බැවින් අද අඳෝනාවකි...........

Thursday, January 27, 2011

මෙව්වා කියවන්න කම්මැලියොද?????? 03

මේ ඡායාරූප එකතුව ඉදිරිපත් කරන තුන් වන ලිපිය. පළමු ලිපිය බලන්න මොතනින් යන්න. මෙතනින් දෙවන ලිපිය බලන්න පුලුවන් . ලිපි දෙකටම හිතුවට වඩා කට්ටියගේ ප්‍රතිචාර තිබුනත් ඊයේ ඉතිහස පොතේ පිටුව පෙරලන්නැතුව හිටියා කම්මැලි හිතෙයි කියලා කට්ටියට.

ඒ වගේම ඒ ලිපි දෙක කියවපු අයට අපේ හසිත තව බොහොම වැදගත් කරුණු ටිකක් එකතු කරලා තිබුනා බලපු නැති අය ගිහින් බලලා එන්න. බොහොම වැදගත් කරුණු ටිකක් මාත් නොදන්න කරුණු ටිකක් අපේ පුරාවිද්‍යා ලොක්කා වන හසිත ලියලා ගිහින් තියනවා. ඒ වගේම ගොඩක් දෙනා අහපු ප්‍රශ්න වලටත් පැහැදිලි පිලිතුරු දීලා තියනවා. දෙවෙනි ලිපියටත් ඒ වගේම කරුණු ටිකක් එකතු කරලා තියනවා ගිහින් බලන්නකෝ.

මේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේම පිහිටා ඇති විහාර ස්ථාන දෙකක් ගැන. මේ ලිපියෙන් තන්තිරිමලේ රජමහා විහාරයේත් ඒ යන අතරමඟ තිබෙන අළුත් ගොඩනැගෙමින් පවතින විහාරස්ථානයක් වන නෙල්ලි කුලම විහාරයේ ඡායාරූපත් ඇතුලත් වෙනවා.



නෙල්ලි කුලම විහාරස්ථානයේ ඉදිවෙලා තිබෙන හා තවමත් ඉදිවෙමින් පවතින බුදුන්වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේ ඇතුළු අසූමහා ශ්‍රාවක පිරිස තමා මෙතන දකින්න පුළුවන් වෙන විශේෂත්වය. දැනට ගොඩක් දුරට මේ පිළිම වහන්සේලා හදලා ඉවරයි. ඒත් තවම වැඩ අවසන් කරලා නෑ. කවුරු හරි තණ්තිරිමලේ පැත්තේ යනවනම් නෙල්ලිකුලම විහාරය බලන්නත් අමතක කරන්න එපා. ඇත්තටම ටිකක් විතර අමුතු වැඩක්. ඔය තියෙන්නේ එහි ශ්‍රාවක පිරිසෙන් කොටසකගේ ඡායාරූපයක්.



නෙල්ලිකුලම විහාරය ගැන ලීවට පස්සේ ලියන්නේ තණ්තිරිමලේ රජමහා විහාරය ගැන. මං ඒ ගැන ගොඩක්ම විස්තරයක් නම් දන්නැහැ. පහුගිය කීවේ කකුල් දෙකේ කොටි කරදර මේ ප්‍රදේශයන්ටත් බොහෝ ලෙස තිබුනා කියලා තමා දැන ගන්න ලැබුනේ.



මෙය අක්කර 250ක පමණ ගල් තලාවක් සහිත කැලෑ ප්‍රදේශයක් සහිතයි. (මං මතකයෙන් මෙව්වා ලියන්නේ වැරද්දක් තියනම් සමාවෙලා දන්න කෙනෙක් නිවරදි කරන්න.) පහල තියෙන්නේ එම ප්‍රදේශයේ ඡායාරූපයක්.



මෙහිත් ඉතිහාසාත්මක වටිනාකමක් ඇති විහාරස්ථානයක්. සංඝමිත්තා තෙරණිය ඇතුලු පිරිස ශ්‍රී මහා බොධීන් වහන්සේ ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කරවීමේදී මෙම ස්ථානයේ එක රැයක් බෝධීන් වහන්සේ තබා තිබූ බව කියවෙනවා. මෙම සිද්ධිය සිහිපත් වීම සඳහා බෝධීන් වහන්සේගේ වෙනත් ශාඛාවක් මෙහි රොපණය කර ඇති බවට විශ්වාසයක් තියනවා.

මෙය 19වන සියවස දක්වා හඳුනාගෙන නොතිබූ අතර 1960දී මෙය ප්‍රතිසංස්කරණය කිල බවද සඳහන් වෙනවා. මෙහි ඇති ශෛලමය සැතපෙන පිළිම වහන්සේ හා සමාධි පිළිම වහන්සේගේ ඡායාරූපයන් තමා පහත තියෙන්නේ.


මෙම සමාධි පිළිමයට පසෙකින් තවත් කුඩා ලෙස නිර්මාණය කල සමාධි පිළිමයක අනුරුවක් දකින්න පුළුවන්. ඒත් එහි මෙම සමාධි පිළිමයෙහි මෙන් පැහැදිලි ස්වභාවයක් නැහැ. ඔය පහලින් චකින්න පුළුවන් වන්නේ එහි ඡායාරූපයක්.



අන්තිමටම මේ තියෙන්නේ සැතපෙන පිළිම වහන්සේගේ ඡායාරූපයකත්.......


මෙහි අවට තවමත් නටඹුන් විශාල වශයෙන් පවතිනවා. ඒ වගේම මෙහි ගලින් වටවූ පොකුණු කීපයක්ද දැකිය හැකියි.

සැ.යු :-
අද ලිපිය දිග වැඩි උනාද මංදා. හිතාගෙන හිටියට වඩා ඡායාරූප දෙක තුනක් එකතු කරන්න උනා. ඒ නිසා සමාවෙන්න ඕන කියවන්න කම්මැලි හිතුනනම් එහෙම. ඒ වගේම මේ ලිපි පෙලෙහි පලකරණ සියළු ඡායාරූප හා පැටික්කි ගනිපුවා ඒනිසා ඒවායේ ඇති අඩුපාඩු ගැනත් සමාවෙන්න. ඒ වගේම කලින් ලිපියෙදි ඉල්ලුවා වගේම මෙම ලිපියෙහි වැරදි අඩුපාඩු සහ දන්නා තවත් විස්තර ඇත්නම් සඳහන් කරලා යන්න කියලා කාරුණිකව ඉල්ලනවා........

Wednesday, January 26, 2011

තලාවට ‍පෙම් බැඳ.......


ළං වන්නට ‍නොහැකි
දුරින් හිදි තලාවට
‍පෙම් බැඳි ‍නෙළුම
විය මම.......

සියප‍තෙහි රැදි
නේක විසිතුරු වර්ණ
නුඹ දුටුවද
මා කී ‍ලෙසම අසථිර
විය සියල්ල
මලින් හමනා මුදු සුවද
‍ලොව සදා සරමින්
සුවඳ කරනා බව කීවද
‍ලොවම
ඔ‍‍බේ සිත් ‍ලොවට
සුවඳ ‍නොම ‍දෙන
පරවුණ මලකි
මා අද......

ඔබ ‍සෙ‍නේ අයදිමින්
පිපි ‍නෙළුම් කැකුළියට
ළං වන්න වරම් නැති
සදා ස්ථිරත්වයම රැදි
තලාවය නුඹ තවම......


Tuesday, January 25, 2011

මෙව්වා බලන්න කම්මැලියොද?????? 02

හා පැටික්කිටත් අතපය තියන් ඉන්න බැරි කමට දවස් 7ට ලිපි 7ක්ම දාන්න හිතුනා. එක දිගට ඉතිහාස පොත දිග ඇරියොත් කස්ටියට එපා වෙයිද මංදා........ ඒ උනත් කමක් නෑ. අදට මේක දානවා........ හෙට වෙන කතාවක් දානවා...... :D
කලින් ලිපියෙන් පස්සේ මේ ලියන්නේ දෙවනි ලිපිය. මේ ලිපියෙදි අනුරාධපුර නගරයේ තවත් ප්‍රසිද්ධ ස්ථානයක් වන ඉසුරුමුණි විහාරය ගැන. අප්පා කස්ටියට මතක් උනේ පෙම් යුවල නේද ඔය කට පියා ගන්න. ඒ ගැනත් පුංචි විස්තරයක් තියනවා. මං ඉතින් මේ ලියන්නේ මං දන්න හැටියටනේ.



මුල්ම ඡායාරූප ටික ඉසුරුමුණියේ ප්‍රසිද්ධ ඡායාරූපයන්. අනුරාධපුර නගරයේ තියන බව ඉතින් කියන්න ඕනි නෑනේ.
ඉසුරුමුණියේ පොකුණට බස්නාහිර පැත්තෙන් තියන ගල් පව්වෙහි කොටා ඇති නෙළුම් පොකුණක දියෙහි ඉන්න ඇත් රූප කීපයක්. ඉන් එකක් තමා ඔය පහලින් තියෙන්නේ. ගලින් කොටලා තිබුනත් බොහොම තාත්වික ගතියක් දකින්න පුළුවන් ඒ රූප වල.


ඒ රූපයට උඩින්ම පැරණි විහාරයට උතුරින් ගොඩක්ම ප්‍රසිද්ධ මිනිසා සහ අශ්ව හිස දකින්න පුළුවන්. රාජ ලීලාවෙන් වාඩි වෙලා ඉන්න මිනිසෙකුත් ඔහුගේ දකුණු උරහිසට උඩින් අශ්වයකුගේ හිසක් දකින්න පුළුවන්. මේක හත් වන ශතවර්ෂයට අයත් කියලා තමා සඳහන් වෙන්නේ. (වැරදි නම් දන්න කියන අය නිවරදි කරත්වා.... )



පිළිම ගෙට දකුණින් ඇති ගල් පවුවේ තිබුන රජ වාසල දර්ශනයක් සහිත මූර්තිය වර්ථමානයේ තියෙන්නේ විහාර කෞතුකා ගාරයේ. ඒක තමා ඔය යටින් තිබෙන ඡායාරූපය. නොදැකපු අය නම් නැති බව දන්නවා. මෙය පිටින් ගෙනෙන ලද්දක් බවට විශ්විවාස කරනවා. මෙයත් 5-8 පමණ සියවස් වලට අයත් කියලා සලකනු ලබනවා.මේ මූර්තියෙහි මැද කිරිටයක් හිස පලන් පිරිමියෙකුත් ඔහුගේ පසෙකින් ස්ත්‍රියකුත්. ඔහුට පිටු පසින් විජිනි පතක් අතින් ගත් කෙනෙකුත් ඉන්නවා. වම් කෙලවරෙහි පපුව හරහා දෑත් තබා ගත් පහත් අසුනක හිදින පිරිමි රුවක්ද දකින්න පුළුවන්.



මාහාචාර්ය පරණවිතාරණ මහාතා පවසන ආකාරයට මෙහි මැද ඇති රුව දුටුගැමුණු රජතුමාගේ කියලා සඳහනු වෙනවා. ඔහුට වමෙන් සිටින්නේ සාලිය කුමරු බවත් දකුණු පසින් අශෝකමාලා බවත් එතුමාගේ අදහස.

මේක නම් ඉතින් තිබෙන ප්‍රසිද්ධම හා විවාධාත්මක කැටයමක්. කවුරුත් දන්න කියන ඉසුරුමුණි පෙම් යුවල.මේ මූර්තිය පිටින් ගෙනත් රක්ෂිත බැම්මට සවිකර තිබූ බවත් එය රන්මසු උයනෙන් ගෙනෙන ලද්දක් බවත් විශ්වාස කරනවා. මෙයත් වර්තමානයේ විහාර කෞතුකාගාරයේ තබා තිබෙනවා.



මෙම යුවල ගැන පොත් පත්හි "ආසනයක් මත හිඳගෙන සිටින සිය පෙම්වතාගේ දනින් නැමුණ වම් කකුළ උඩ ප්‍රේමිය සැපසේ හොවී සිටින්නීය. පති තම වමතින් පෙම්වතිය තමා වෙත පමුණවා ගන්නට තැත් කරද්දි ඒ සුන්දරියගේ ප්‍රේමාර්ද්‍ර වතහි ව්ළියෙන් බරවුන බැල්මක් පහල වේ. වල්ලභයාගේ උරහිසට පිටුපසින් කඩු මිටක්ද ඔහුගේ මුහුණේ රළු කාමුක පෙනුමක්ද දිස්වේ." ලෙසින් සඳහන්වේ.

දැඩි පෙම් බැඳුමකින් වෙලීගිය මේ යුවල සාලිය කුමරු හා අශෝකමාලාව බව මාහාචාර්ය පරණවිතාරන මහාතාගේ අදහස.මෙම මූර්තිය පස්වන ශත වර්ශයට පමණ අයත් යැයි සලකණු ලබනවා.

සැ.යු :-
කලින් ලිපියෙදි ඉල්ලුවා වගේම මෙම ලිපියෙහි වැරදි අඩුපාඩු සහ දන්නා තවත් විස්තර ඇත්නම් සඳහන් කරලා යන්න කියලා කාරුණිකව ඉල්ලනවා........

Monday, January 24, 2011

මෙව්වා කියවන්න කම්මැලියොද?????? 01

මේ සතිය බ්ලොග් සතියලුනේ වැප් අයියාගේ කැලැන්ඩරේ හැටියට...... උදව්වක් හැටියට මාත් අඩුම තරමේ දෙකකට වඩා දාන්න හිතුවා.(සතියට පෝස්ට් දෙකක් අනිවා දාන්න ඉහලින් ඕඩර් කරලා තියන නිසා සතියට පෝස්ට් දෙකක් දැනට පලකරනවා අනිවාරෙන්) ඉතින් මොනවා ලියන්නද ඔච්චර???? හා පැටික්කිත් ඔන්න ඔහේ ලියන්න ගත්තා හා පැටික්කිගේ රූප පොතෙන් අහුල ගත්තු රූප ටිකක් පිළිබඳව. බොරු කියන්න ඕනි නෑනේ. මෙව්වා කියවන්න කස්ටිය ගොඩක් වෙලාවට කම්මැලියි කියලා දන්නවා ඒ උනත් මට හිතුන නිසා ලිපි කිහිපයක් ලියන්න හිතුවා.

හා පැටික්කි මේ ලිපි ටික ලියන්නේ දන්න දන්න හැටියට හා පොත් පත් වලින් සොයාගත්තු දේවල් තමා. ඒ නිසා ලොකු විස්තරයක් ලියන්න නම් බලාපොරොත්තුවක් නැ. ඒ වගේම ඉතින් වල්පල්ම ලිය ලිය තිබුන බ්ලොග් එකේ මෙව්වා හරි යයිද දන්නෙත් නම් නෑ....... ලියලම බලනවා කියලා හිතුවා....... :D




මේ පින්තූරේ මොකක්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනි අය කව්රුවත් නෑනේ..... කවුරුත් දන්න කියන රුවන්වැලි මහා සෑය තමා. කලේ කවුද කියලත් ඒ සිද්දීත් දන්නවා උනාට පෝස්ට එකට මං ටිකක් ලියනවා. දුටුගැමුණු මහ රජතුමා විසින් ඉන්දියාවේ රාම ග්‍රාමයෙන් වැඩම කරන ලද සර්වඥධාතූන් වහන්සේ නිධාන කොට තනන ලද්දක්. ශ්‍රී ලංකාවේ චෛත්‍ය අතරින් මෙම චෛත්‍ය අග්‍රස්ථානයක් ගන්නවා. කුලී නොලැබ වැඩ කිරීම තහනම් කල නිසා මෙය දුටුගැමුණු රජතුමාගේ ධනයේම ප්‍රතිඵලයක්.

මේ චෛත්‍යෙය් වැඩ අවසන් කලේ දුටුගැමුණු රජතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමා විසින්. පසුව සොළී ආක්‍රමණ වලින් ජරාවාස වුණ මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කලේ මහා පරාක්‍රමභාහු රජු විසින්. මේ චෛත්‍ය පිහිටා තිබෙන අක්කර 5ක් වන සෑ මළුව වටා ඇත් පවුරක් දකින්න පුළුවන්ත ඇතුන් මළුව දරා සිටිනා ආකාරයට එය තනා තිබෙනවා. කලින් තිබුන පුරාණ ඇත් පවුරෙන් දැනට ඉතිරි වී ඇත් ඇත් රූප 6ක් බස්නාහිර පඩිපෙළ දෙපස තිබෙනවා. ඒවා පුරාවිද්‍යාදෙපාර්තමේන්තුව මගින් ආරක්ෂා කෙරෙනවා.


මෙහි කොත්කැරැල්ල දර්ශනය වීම ගැනත් කතාවක් තියනවා දන්නවා ඇතිනේ මං හිතනවා නොදන්න අය නැතුව ඇති කියලා.

හ්ම් ඊළඟට තියන බුද්ධ ප්‍රතිමා වහන්සේ නම් අපිට දැකලා හුරු පුරුදු ප්‍රතිමා වහන්සේලට වඩා ටිකක් වෙනස්. මේ මිරිසවැටිය දාගැබෙහි ප්‍රධාන පිවිසුමෙහි තිබෙන පිළිම වහන්සේ........



මේ මිරිසවැටිය දාගැබ. මෙයත් දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දක්. මෙය දුටුගැමුණු රජතුමා අනුරාධපුරයේ තැණු ප්‍රථම දාගැබ. මෙහි සධාතුක කුන්තායුධය (මෙය දන්නා කෙනෙක් පැහැදිලි කර දෙනු මැන පොතකින් සොයා ගත්තකි.) නිධාන කොට තිබෙනවා. මහා සංඝයාට නොපිළිගන්වා මිරිස් වැටියක් වැළඳීමෙන් තමන් කල වරදට දඬුවමක් වශයෙන් මෙම චෛත්‍ය සාදන ලදැයි මහා වංශයේ සඳහන් වේ.


අනුරාධපුර දාගැබ් අතරින් හොඳම ආරාක්ෂාවුනු වාහල්කඩ ඇත්තේ මෙහිය.




සැ.යු:-
ඡායාරූප මත ක්ලික් කිරීමෙන් එම රූප විශාල කර බලාගන්ටත් පුළුවන්ලු. ලිපිය ගැන පුංචි අදහසක් හරි ලියන්න. මං දන්න තරමින් හසිත මේ ගැන වැඩි දෙයක් දන්නවා ඇති. ඒ වගේම අනිත් අයත් දන්න කියන දේවල් සහ වැරදි එහෙම තියනවනම් කියලා යන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා..........

Tuesday, January 18, 2011

සිනා කැන් රදවන්න.....


අකුරු මා ඇස රැදෙන
දවයි මා සිත දැඩිව
ලොවක් රවටා මුවට
සිනා කැන් රදවනෙමි
සිතින් මා වැලපුනද
රිදෙන බව නොකියාම
තව තවත් රිදව ගමි

මට

උරුම එය නිසාවෙන්ම......

Monday, January 17, 2011

කළුව‍රේම කාටද කලන්තේ.......????


කම්මැලි කම කිව්වම ඉතින් අර වැප් අයියට හැදිලා තිබුන කම්මැලිකම තියන දවස් තමා මට ‍ගෙ‍වෙන් ‍නේ හා පැටික්කිගේ පරණ පොරොන්දුවක් තිබුනා මකරා අයියට ..... මතකද මංදා..... ඉස්කෝලේ යන කාලේ පොඩි පොඩි කතා කියන බවක්...... ආ පොරොන්දු උන්නෑනේ...... මං හිතලා බලන්නම් කියලනේ කිව්වේ........කම්මැලි කම යන්නත් එක්ක ඔන්න ඔහේ එකක් ‍දෙකක් ලියලා දාන්න හිතුවා..... ආ නෑ කොටලා දාන්න........

අපි ට්‍රිප් එකක් ගියා පෙරුම් පුරලා පුරලා 2007දී......... (ඊට කලින් ගියා ඌරු සිටා වැව බලන්න 10දි.) පෙරුම් පුරලා කිව්වේ ඒක අවුරුදු ගානක ඉඳන් පුරලා ගියේ....... ( හා පැටික්කිල නම් ඉස්කොලෙන් නිල ලෙස ට්‍රිප් නොගියට අවුරුද්දට ගමන් 5ක්6ක් ට්‍රිප් තමා....... :P)

අවසර ගන්න වැඩ වලට එහෙම අඹ ගෙඩියේ පාරවල් වැරදිලාවත් දන්නැති උනාට සිතියම් පොත් තියාගෙන ඇඳලා ලියුම් ලියලා (තාමත් සමහර ලකුණු කර ගතපුවා මා ළඟ තිබ්බා) රක්ෂණය එහෙම කරගෙන් ලෑස්ති කරන් ගියා.......(මහන්සි උනා මා‍සෙකටත් වැඩිය. ගි‍යේ වාර අවසා‍නේ නිසා පංතිභාර මිස්‍ට බලන්න තියන ‍පේපර්ස් පවා බලලා ඉවර කරලා දුන්නා ඉතින්.) ගියාට මොකද දවස් දෙකයි ගමන (ඒ කිව්වේ 3යි...) ඒ ගමනේදි උන අකරතැබ්බයක් අකර තැබ්බයක් කිව්වට අකරතැබ්බයක්ම තමා..... මේක උනේ අපි ගමන ඉවර කරලා එන දවසේ. නම් හරියටම මතක නෑ කියලා හිතාගන්න‍කෝ කෂ්ටිය‍ගේ.......

කොහොම හරි එදා එන දවසේ ආවෙත් ෆුල් ෆන් එකේ...... බෑ බෑ කිය කිය ආවේ. (අපි එළුවන් ‍නො‍වේමු.) ඒ හිටපු සිටුඒෂන් එකත් එක්ක එද්දි නිකමට වගේ ඩැයිවර් අංකලුත් ඉන්න තැන යාළුවෙක්ට කියවුනා රොදේ හුළංවත් ගියා නම් කියලා. (අංකල් කිව්වට අපේ පාසලේම නංගි කෙනෙක්ගේ අයියා කෙනෙක්.) දන්නවනේ ඉතින් ඩයිවැර් කෙනෙක්ට ඔය වගේ දෙයක් ඇහුවම...... අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දැවිලා අළුවෙලා යන බැල්මට් එකක් දැම්මා. අපි එතනින් එහා කතාවකුත් නැතිව ඒ කතාවත් අමතක වෙලා උන්නේ.....

එක පාරට බෂ් එකත් නැවැත්තුවා. ම්ම්ම්ම 7ට ඉතර ඇති ඒ වෙලාව නම්. ම්ස්ලත් මොකද බැලුවා...... අපිට යන්තමට ඇහුනා කියනවා රෝදෙක හුළං ගියා කියලා..... ස්කූබිට ම්ල්ක් ෆාදර් පැනපි. අපි හොල්මං. අර ළමයට තව හොඳ බැල්මක් තෑගි ලෙසින් ලැබුනා. කට්ටියටම පුල් අස්පට්. (ඒ කියන හැටි පෙනුමෙන් නම් අර ළමයට පින් දෙන තත්වයක් හැමෝගෙම තිබුනේ... ;D )

ආයේ ඉතින් බස් එක නැවැත්තුවා විතරයි කට්ටිය පෝලිම් හැදෙනවා..... (අනේ මංදා නිකමට හරි නැවැත්තුවොත් ළඟ පාත ගෙදරකට හරි පෝලිමක් හදා ගන්නවා..... :@ ) දැන් ඉතින් 7 කියන්නේ කළුවර වෙලාවක් නිසා එක්කෙනෙක් විදුලි පන්දමක් වගේ ටෝච් එකකුත් අරන් තමා ගියේ. කට්ටිය ඉතින් වාරේ එනකම් පෝලිමේ ඉන්න ගමන්නම කතාව දාන් උන්නා.

එක පාරටම එක යාළුවෙක්ට කලන්තේ වගේ කිව්වා. ( කෂ්ටිය බනින්න එපා ඇච්චි කතාවක්. දැන් තමා පට්ටාන් ගන් ‍නේ.... )මාර කේස් එක එක ටෝච් එකයි තියෙන්නේ. ඒ යාළුවට ටෝච් එක අල්ලන්න අර ළමයා ඉන්න තැන දන්නෑ.(ඒ ‍ටෝච් එක ඉල්ල‍ගෙනත් බෑ‍නේ ඉතින්... :D :D :D :D) මොකද ටෝච් එක තියන් උන්නේ පෝලිමේ මුලම කෙනෙක්. දැන් මොකද කරන්නේ. කමක් නෑ කියලා කට්ටිය කළුවරේම අර ළමයව උස්සන් යන්න තමා ට්‍රයි එක. මං ළඟ හිටි නිසා අත් දෙකෙන් අල්ල ගන්න ලැබුනා. හරි මං කකුල් ‍දෙ‍කෙන් අල්ලන්නම් කියලා එතන ම‍ගේ ළඟම හිටි අනිත් මාළුවා නැවුනා. ‍දෙපැත් ‍තෙන් ඉන්න කට්ටියත් ෆුල් ‍රෙඩිපිට බලන් ඉන්නවා කකුල් ‍දෙ‍කෙන් අල්ලනකම් එක්කන් යන්න.

ඒ අස්සේ අර කකුල් ‍දෙ‍කෙන් අල්ලන්නම් කිව් ළමයාත් හරී කිව්වා.

අනේ ම‍ගේ කකුල් ‍දෙක අත අරිනවා හ‍ලෝ..... උඩ පනින සද්දයක් ආවා.

ඔය මගේ කකුල් දෙක..... මෙන්න ළඟම හිටි එක්කෙනෙක් උඩ පැනලා කෑ ගහනවා....

අ‍නේ ‍සොරි හ‍ලෝ......

මං හිතු‍වේ .....දි‍ ‍ගේ කියලා......

කට්ටිය හොල්මං අර ළමයාත් ‍බො‍හොම අමාරු‍වෙන් උන්‍ ‍නේ. කට්ටිය හිනා සාඟ‍රේ බහින්න වැඩි ‍නවලාවක් ගත්‍ ‍තේ නෑ. හිතාගන්න පුළුවන්‍ ‍නේ ‍වෙලා තියන ‍දේ..... කළුවර ජරමර තමා. කකුල් දෙකෙන් උස්සන්නම් කිව්ව යාළුවා උස්සලා තියෙන්නේ එතන හිටපු වෙන යාළුවෙක්ගේ කකුල් දෙකෙන්. කළුවරේ හදිස්සියට කව්ද බැලු‍වෙත් නෑ කා‍ගේ කකුල්ද බලන්නත් බෑ ඉතින් අහුඋන කකුල් දෙකෙන් අල්ලලා. වැ‍ඩේ අසාධාරණත් නෑ‍නේ ඉතින් කළුව‍රේ ඉද්ඳි. ඉතිරි ටික කියන්න ඕන නෑ‍නේ ඉතින්......

අනේ ඉතින් අන්තිමට කලන්තේ පැත්තක තියලා මම පයින් යන්නම් කියලා ඒ යාළුවා පයින්ම ගියා අන්තිමට. එදා ‍කෝම හරි බෂ් එකත් හදා ‍ගෙන අතරමඟ යාළු‍වොත් බස්ස‍ගෙන අපි ඉෂ්‍කෝ‍ලෙට එන‍කොට පාන්දර 4 ඉතර ‍වෙලා.



‍සැ.යු.-
මේ ගම‍නෙම තව සිද්ධි ‍දෙක තුනක් තියනවා. බලමු‍කෝ ලියනවද කියලා තීර‍ණේ ‍කොරන්‍නේ ‍මේ‍ ලිපියට තියන චා‍‍රෙ අනුව තමා. ‍මොකද ‍මේ ‍මම ඒ කිව්‍වේ හා පැටික්කි ‍වෙන අය‍ගේ කතා ලිව්වට ‍මෙ‍‍හෙම කතා ලියලා නෑ‍නේ....... :D :D :D :D

Tuesday, January 11, 2011

ඔබෙන් නික්මෙමි..........



"ඔයා අද හරි වෙනස් වගේ......" ඔහු මාගේ දෑස ඔහුගේ දෑසට පටලාගන්නට උත්සාහ කර බැරිම තැන කීවේය. මා හොරෙන් ඔහුගේ දෑසට මාගේ දෑස අහු නොවන ලෙසින් ඔහු දෙස බැලීමි. ඔහුට මේ දැනෙන වෙනසට හේතුව මට කියා ගන්න හැකි උනානම්......
මටත් නොදැනිම මා මුවින් සිහින් ඉකි ගැසීමක් නික්මිය.

"මං අඬන්න දෙයක් කීවේ නෑනේ මගේ රත්තරනේ......."

"කෝ දැන් ඔය ඇඬිල්ල නවත්තන්න." මා ළඟින් වාඩි වූ ඔහු මාගේ හිස ඔහුගේ වම් උරහිසට බර කරගෙන හිස අතගාන්නට විය.

මා කඳුළු පිරි දෙනෙත් පියාන ඒ සුවය වින්දෙමි. කෙහෙරැළි පුරා හිමින් සීරුවේ දඟ කරන ඔහුගේ ඇඟිලි තුඩු ගෙනා සුවය මා සිත පිරි මදින්නාක් මෙන් දැනුනි.

කවදා වෙනකම් මේ සුවය විදින්නද...... මටත් නොදැනිම මා නෙතින් ගිලිහුණ කඳුළු ඔහුගේ බාහුව මත වැටිනි.

ඔහු මාගේ මුහුණ ඔහුගේ දෝතින් ගෙන මා දෙස බලා උන්නේ කඳුළු පිරි දෙනෙතිනි.

"ඇයි රත්තරනේ තවමත් අඬන්නේ....????"

"මං හිත රිද්දුවා නේද.....????"

"මට සමාවෙන්න රත්තරනේ........"

"මට ඔයාගේ වෙනසක් ටික කාලෙක ඉඳන්ම දැනුන නිසයි මං එහෙම ඇහුවේ...... සත්තයි."

මට ඔහු ගැන දුකක් ඇතිවිය. ඔහු දුක් වන්නේ ඔහු මා සිත රිදවූවා යැයි සිතාය. එහෙත් එය එසේ නොවන වග දැන් ඔහුට පැහැදිළි කල හැකි තත්වයක මා නොමැති නිසාවෙන්. මා නැවතත් ඔහුගේ දෑතින් මා මුහුණ මුදා ඔහුගේ උරහිසට හිස බර කලෙමි.

මද වේලාවක් කල්පනා කල ඔහු දිගු සුසුමක් හෙලා නැවතත් ඔහුගේ ඇඟිළි තුඩු මා හිසකේ අතර සෙමෙන් ගෙන යන්නට විය. ඔහු මා හිස පිරිමදින්නේ බර කල්පනාවක යෙදෙමින් බව මට දැනුනි.
ඔහු මා හිස තාලයකට පිරිමදිමින් හිටි ගමන් නවත්වමින්ද නැවතත් මතක් වූ සෙයකින් පෙරට වඩා ඉක්මනින් ඇඟිළි තුඩු දුවවමින්ද මා හිස පිරි මදින විට මට එය දැනුනි.

"මං ඇවිත් කොච්චර වෙලාද ඒත් ඔයා තවම මා එක්ක වචනයක් කතා කලේ නෑ. ඒ ඇයි රත්තරනේ.....????" ඔහු හිතෙහි තෙරපාගෙන උන් ප්‍රශ්නයක් මා ඉදිරියේ තැබීය. එහෙත් මා කුමක් කියන්නද......

මා තවමත් නිහඬවම උන්නෙමි.

"ඇයි කතා කරන්නැත්තේ?????"

"ම්ම්ම්ම් ම..... ම.... මට සති සති දෙක තුනකට ඔයාව මුණගැහෙන්න එන්න වෙන්නෑ....."

"ස.... ස..... සමහර විට ගොඩ...... කාලෙකට නැත්නම් සදහටම........" මා අද ඔහු හමුවේ කීමට ආ දෙය පුළුවන් ලෙසින් අකුරු අමුණා කීවෙමි.

ඔහු කඳුළු රැදි දිළිසෙන දෑසින් මා දෙස බලා උන්නේය.

"මොනවද රත්තරනේ මේ කියන විකාර කතා......." මාගේ හිත කඩාවැටෙන්නට වෙලාවක් අවැසි නොවීය.
හඬමින්ම කුරුළු පැටියකු සීතලට ගුළිවෙන්නාසේ ඔහුගේ පපුවට තුරුළු උනෙමි. ඔහුගේ කමීසයෙහි කිහිප තැනක් මාගේ කඳුළින් තෙත් වන තුරුම ඇඬුවෙමි. මා ඔහුට කුමක් කියන්නද......

ඔහු හදිස්සියේ යමක් මතක් වූ කලෙක මෙන් අත දෙස බැලීය.

"මධූ මේ වෙලාව......."

මාද ඔහු කී නිසාවෙන් ඔහුගේම ඔරලෝසුව වෙතටම දෑස දිවෙව්වෙමි. එහි හවස 4ත් පසුවූ බව සදහන් වී තිබුනි.

"අපි දෙන්නට කතා කරන්න ගියාම වෙලාවක් මතක නෑනේද......????" ඔහු මේ උත්සාහ කරන්නේ මා සිතෙහි වූ සියළු දුක් පිසදා මා සිත සතුටින් ගෙදර යවන්නටය.

මා දුක පිරි දෑසින්ම කඳුළුත් සමඟින්ම ඔහුට සිනාවක් පෑවෙමි. මා ගත් උත්සාහය අසාර්ථක බව ඔහුගේ මුහුනෙන් මට පෙනුනි.

"අපි ඕවා අමතක කරලා දාමු සුදු පැටියෝ......"

"ඔයා හිනාවෙලා සතුටින් ඉන්න එක තරම් මට වටින්නැහැ කිසි දෙයක්."


"හැබැයි ඒ ඔය බොරු හිනාව නෙමෙයි ඔන්න." මාගේ කඳුළු ඔහුගේ අතින් පිස කම්මුල් පිරි මදිමින්ම කීවේය.

අනේ මං කොහොමද අදින් පස්සේ මට ආයේ කවදා ඔයා දකින්න ලැබෙයිද කියලා ඔය ඇස් දෙක දිහා බලන් කියන්නේ..... මට ඔය ආදරේ ආයේ කවදා විදින්න පුළුවන් වෙයිද කියලා මං කොහොමද හිතන්නේ...... අළුත් කඳුළු වැල් මුහුණ පුරා ඇදෙන්නට ගත වූයේ නිමේශයකි.

"ඔය මගේ රත්තරන් ආයේ අඬනවා....."

"මං කොහොමද රත්තරනේ ඔය මූණ ඔහොම ගෙදර යන්න දෙන්නේ......" මට ඔහු ගැන වූ ආදරය තව තවත් වැඩි වන්නට විය. මට මා ගැනම දුක සිතුනි.

"නෑ නෑ මං අඬන්නෑ...... අපි යමු..... පරක්කුයිනේ......" මා හැකි ලෙසට අකුරු ටිකක් අමුණා ඔහුගේ හිත සනසන්නට තැත් කළෙමි.

"එහෙනම් මට පොරොන්දු වෙන්න අඬන්නැහැ කියලා......." ඔහු මා දෙසට ඔහුගේ දකුණත දිගු කරමින්ම පැවසුවේය.

"අපි යමු......." මා ඔහුගේ අත අල්ලා ගන්නා ගමන්ම කීවෙමි.

මා සිතෙහි වූයේ එකම පැණයකි.......

අනිද්දායින් පසු මට කුමක් වේද.....????

ඔහුට නොකීව එකම දෙය වූ මාගේ රෝගයත් ඒ සඳහා කල යුතු සැත්කම සඳහා අනිද්දා මා විදේශ ගතවිය යුතුය යන්නත්ය.............

අනේ මං ගැන වැරදියට හිතන්න එපා රත්තරනේ. මං ඔයාට නොකිය ඔයාව දාලා යනවා නෙමෙයි. ඔයාට ආදරේ නැතුවත් නෙමෙයි. මං කොහොමද ඔය ඇස් දෙක දිහා බලන් මං.... මං කියන්නේ මං මැරෙන්න ඉන්න කෙනෙක් කියලා......
අනේ මට සමාවෙන්න රත්තරනේ............
මා සිතින් මිමිණුවෙමි.

කඳුළු පිරි දෙනෙතින්ම මාගේ බසය ඇදෙන තුරු මඟ බලන ඔහු නොපෙනෙන තුරු බලා සිට බසයෙහි ඉදිරි අසුනට ඔළුව ගසා ගත්තෙමි.


...............................................................................................................................

සැ.යු.- වැරදී පබිලිස් වූවකි. මකන්නට තීරණය වූවකි. කරන්ට දෙයක් නැති කමට නොමකා පබිලිස්ම කරමි. දුක තමා.........
දන්න කෙනෙක් වැරදිලා පබිලිස් උනාම ගූගල් රීඩරෙන් අයින් කරන හැටිත් ලියලා යන්න තරහා නැතුව. මට ඒක බොහොම වැදගත්.

Monday, January 10, 2011

‍නොනිමි දින ගනිමින්......


එදා

හිරු රැසින් වියැ‍‍කි
පිණි ‍පොඳ
සඳ රැසින් යළි රැයට
වඩින තුරු
කල්පයක් යැයි සිතා
මඟ බලා උන්
මා..

අද
පාළු‍‍වෙන් සිත් වැසූ
‍නොනිමි තනිකමින් පිරි
ඝන අඳුර තුළ
අතරමංවී
සඳ එළිය දකින්නට
කල්පයක් තත්පරය වූ
නිමාවක් නැති දින
ගනිමින්....




Sunday, January 2, 2011

මා ඔබේ වෙලා........



"ඇයි අමුතු විදියට බලන් ඉන්නේ????"

ඔහුගේ මුවග සිහින් සිනා රේඛාවක් මැවුනි.........

"ඇයි කියන්නකෝ......." මම නැවතත් කීමි......

"මගේ පැංචිගේ හැඩ බැලුවා මං මේ.........." මගේ කරේ තිබූ තුවායද ගෙන මා හිසද සිඹ නාන කාමරයට යන ගමන්ම ඔහු කීවේය.........

අපටම වෙන් වුන පුංචි කාමරයක්...... ඒත් මා වටා දොරෙ ගලන සිතුවිලි සමූහයක්.......

ඔහු හදිස්සියකින්ම මට මුණ ගැහුණු හැටි........ ඔහු සමඟ මිතුරු කමෙන් ගෙවූ දින...... ඔහු මට ආදරෙයි කිවූ දින......... දුක සතුට කදුළු සිනහා අතරින් ඔහුගේ ආදරයේ සුව විදිමින් මා ගෙවූ හැම දිනක්ම........ ඔහු සමඟ බොරුවට තරහා උන හැටි ආයෙමත් මාව යාළු කර ගන්න ඔහු වෙහෙසුන හැටි....... සියළු දේ ගැනම මා වටා ඔහු හීන මවපු හැටි..... ඒ හීන වල ඔහු සමඟ ජීවත් උන හැටි....... ඉතින් සියල්ල අතරින් ඔහු සමඟ දිවි ගෙවන්න හීන මවපු හැටි....... සියල්ලම මා සිත වෙලා ගනිමින් නාගෙන ආ මාගේ ගතට දැනෙන සීතල පරයමින් සිතට උණුහුමක් එක් කලාය.
මා හිදිස්සියේ ගැස්සී ගියේ ඔහුගේ හඬ මා සවන්හි රැදුන බවක් යන්තමින් දැනුන නිසාවෙනි.......

"ඔයා මට කතා කළාද????" තවමත් ඔහු නාන බව ඇසුන හෙයින් මා ඇසීමි.....

"යන්තම් ඇති මං හිතුවා ඒත් දැහැන් ගතවෙලා කියලා.........."

"දැහැන් ගතවෙලා තමා උන්නේ..... ඔයා තාමා දැහැන බින්දේ........"

"ඔයාට සීතලයි නේද???? ස්වීටර් එක ඇඳගන්න කියන්නයි කතා කලේ....."

"මං දන්නැත්ද මගේ පැංචි ගැන....."

"මට හිතුනා මැටි පිළිමේ වගේ තාම හිටගෙන ඇති කියලා....."

මට පුදුම සිතුනි...... මා නැවතත් මා දෙසම බැලීමි...... ඔහු හරිය මා තවමත් ඔහු යන විට සිටි තැන ඔහු යන විට උන්නාසේමය. මට නොදැනිම මා මුවග සිනාවක් ඇදුනි.

"හරි හරි මතක් කලාට බොහොම ස්තූතියි පණ්ඩිත පුංචෝ........"

"ළඟ හිටියනම් මගේ කනෙන් අල්ලන්න නේද හිතුවේ????"

පුදුමයක් නැත ඔහු මාව හැමදාමත් දකී. ඒ ආදරය නිසාම ඔහු ලද්දක් විය හැකියයි මා සිතා සිටියෙමි.

"නෑ මං ඔය මූණ මැද්දේ තියන ජම්බෝලෙන් අල්ලන්න හිතුවේ......"

"පිස්සා......."

"අන්න පැංචි බොරුවක් කිව්වා........"

මා හිනාව පිරුණු ඔහුගේ මූණ මවා ගන්නට තැත්කලෙමි.

"හරි හරි හිංචි පිංචි බොරුවක් ඔයාගේ පුංචි පැංචි කිව්වා......." මා මදක් තාලයකට කීවෙමි.

"පිස්සී....."

"මාව පිස්සු වැට්ටුවා මදිවට තවත් පිස්සු වට්ටනවා......." ඔහු කීවේ හිනාවද පිරුණු හඬින් බව හඳුන ගන්නට මට වෙහෙසක් වන්නට අවැසි නොවීය. එය මට දැනුනි.

"මේ පුරුද්දට පැය ගනන් ඉන්නැතුව ඉක්මනට එන්න...... මට පාළුයි......" කියූ මා ස්වීටරයද තුරුලු කරන් ඇඳ විට්ටමට කොට්ටය හේත්තු කර වාඩි වී දෑස් පියාගෙන උන්නෙමි.

මා ජීවිතයේ තිබූ සිහින පොකුරින් බලාපොරොත්තු රාශියක ආරම්භය අද වීය. යෞවනියකගේ සිහින කන්දරාවෙන් ලොකුම සිහිනයක් වූ මංගල උත්සවය.......
අප දෙදෙනාගේම දෙමාපියන් නෑදෑ යාළු හිතමිත්‍රාදීන්ගේ සුභ පැතුම් මැද සිත පුරා සැරි සැරූ ඔහුගේම වී ඔහු හා මේ සීතල උඩරටට පැමිණියේ කොතරම් ආසාවෙන්ද. එසේ වුවද සිත් කොනෙහි සැඟවී ගත් දුකක් වූයේ මාපියන්ගේ තුරුලෙන් මිදුණු නිසාවෙනි. එහෙත් ඔහු මට මාගේ මාපියන් සේම රැකවරණය දෙන බව මා සිත් දනී. ඒ විශ්වාසය මාගේ සිතෙහි දුක මෙන්ම බයද පළවා හැර දමා තිබුනි. මේ පුංචි කාමරය මට සුර ලොවක සැප පහසුව දැනෙන තැනක් විය. ඒ මා අයිති කරගත් ඔහු මාහා ඉන්නා බව දන්නා හෙයිනි.

මා හිටිවනම ගැස්සී ගියේ මුහුණ පුරා සීතල වතුර බිංදු දැවටුන හෙයිනි......

"මගේ පැංචි මොනවද ඔච්චර කල්පනා කරන්නේ?????" මා සිහින් සිනාවක් පෑවෙමි......

"දන්නවද මම දැන් ‍මෙතන්ට ඇවිත් කොච්චර වෙලාද කියලා????" මා පුදුමයෙන් ඔහු දෙස බැලීමි. සැබවින්ම ඔහු එන හඬක්වත් මට නෑසුනි.

"ගොඩක් වෙලාද?????" මා ඇසුවේ සැබැවින්ම ඔහු පැමිණි වෙලාවක් ගැන මට දැනීමක් නොතිබි හෙයිනි.

"හ්ම්...... කොහෙද ගිහින් හිටියේ?????"

"මමද????"

"ම්හු නෑ......" මා මද වේලාවක් දෑස් කුඩා කර ඔහු දෙස බලා සිටියෙමි.

"එහෙනම්???"

"මගේ පැංචි......." කියමින් මා හිස අතගාමින්ම ඔහු මාළඟින්ම වාඩි විය.

"මහන්සියිද????" මා පිළිතුරක් නුදුන් හෙයින් ඔහු නැවතත් මා හිස අතගාමින්ම ඇසීය.
මා ගොළුවකු සේ හිස දෙපසට සන් කර නැති බව කීමි.

"එහෙනම්..... ඇයි කතා නැත්තේ මගේ පැංචියේ?????" ඔහුගේ ආදරය උතුරණ දෑස් දෙස මට බැලුනි. ඒ දෑස් වල හැමදාමත් ජීවත් වන්නට මට ලැබුණි. මා සිහින දුටු ඒ දෑසෙහි රැදෙමින්ම සිහින සැබෑ කර ගන්නට ලැබුනි. මට කියා ගත නොහැකි හැඟීමකින් මා හිත පිරී යනු දැනුනි.......

"හිත පිරිලා......" මා සිහින් හඩින් කියමින්ම ඔහුගේ වතට බරවී ඔහුගේ පපුවට තුරුලු වුනෙමි......... සීතල කදුකරයෙහි සීතල රාත්‍රියක ගතට දැනෙමින් තිබූ සීතල පරයමින් මා ගත පුරා ඔහුගේ උණුසුම දැවටිනි.