෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Tuesday, September 13, 2011

පුංචි කිටියා රැවටිලා..........


පුංචි දිනිති උදේම නැගිටලා එයා ළඟ හිනා කටක් පුරවන් ඉන්න අම්මා දිහා බැලුවා. අම්මත් ආදරෙන් දිනිතිගේ ඔළුව අතගාලා දිනිතිව ආදරෙන් සිපගෙන වඩා ගත්තා.

දිනිති තාම මොන්ටිසෝරි යන ගෑණු ළමයෙක්. දිනිති හැමදාම උදේම නැගිටිනවා. එයා කවදාවත් අම්මටයි තාත්තටයි කරදර කලේ නෑ. දිනිති තමා දිනිතිගේ අම්මටයි තාත්තටයි තිබුන වටිනම වස්තුව.

අදත් දිනිති උදේම නැගිටලා අම්මාගේ උරට හේත්තු වෙලා ලස්සන මුතු ඇට දසන් දෙපල පෙන්නලා තාත්තා එක්ක හිනා වෙලා මූණ සෝදන්න ගියා.

දිනිති මූණ සෝදන්න යද්දි කිටියත් දිනිති එක්කම හිනා වෙවී ගියා. කිටියා තමා දිනිතිලගේ ගෙදර ඉන්න පුංචි පූස් පැටියා. එයා තාම පුංචියි.

අම්මා දිනිති‍‍ගේ පුංචි මුතු ඇට වගේ කිරිදත් ටික මදින්න උදව් උනා. මූණත් සොදවලා දිනිතිට මොන්ටිසෝරි යන්න තාත්තා අයන් කරලා තිබුන ඇඳුම ඇන්දුවා. කිටියත් ඒ පස්සෙන්මයි. දිනිති උදේ අම්මා හදලා දීපු කිරි එක්ක බොද්දි කිටියත් අම්මා පීරිසියට දාපු කිරි ටික හනි හනිකට ගුඩුස් ගුඩුස් කියලා බිව්වා.

සුදු දුව අපි යමුද........ දිනිතිගේ තාත්තා ඇහුවා.

යන්න කලින් අම්මා ළඟ දණගහලා දිනිති අම්මට වැන්දා. තාත්තටත් වැන්දා. පුංචි කිටියා මේ ඔක්කොම බලන් උන්නා.

දිනිති අම්මා දීපු වතුර බෝතලෙත් කරේ දාන් තාත්තගේ අතේ එල්ලුනා. දිනිති ඉස්කෝලේ යන්න පොඩ්ඩක්වත් කම්මැලි නෑ. උදේ නැඟිටිද්දි අම්මට කරදර කරන්නෙත් නෑ.

දිනිතිලා එක්ක අම්මත් ගේට්ටුව ළඟට ආවා. ඇයි පුංචි කිටියත් ආවා. ඒත් ඉතින් කිටියා ඉස්‍කෝලේ යන්නෑනේ. ඉතින් අම්මත් එක්ක කිටියා නැවතුනා දිනිතිට ටටා කියන්න. දිනිති අම්මටයි කිටියටයි අත වැනුවා.

ඔන්න ඉතින් දිනිති එදා ඉස්කෝලේ ඇරිලා අම්මා එක්ක ගෙදර ආවා. ඇවිල්ලා මූණ සෝදලා ඇදුම් මාරු කරලා දිනිති කන්න වාඩි උනා. ඒත් අඩුවක්........

කෝ කිටියා....... වටපිට බැලුවා. කිටියා පේන්න නෑ.

හැමදාම දිනිති ඉස්කො‍්ලේ ඇරිලා ඇවිත් දවල්ට කද්දි කිටියත් කනවා. ඒත් අද කිටියා නෑ.

පුංචි කිටියා කෝ කියලා ඉතින් දිනිති අම්මගෙන් ඇහුවා. අම්මත් දිනිති එක්ක කිටියව හොයන්න පටන් ගත්තා.

කිටී කිටී......... පුංචි කීටී...... දිනිතිගේ අම්මා කිටියට කතා කරා. ගේ පුරාම බැලුවා. කිටියා හිටියේ නෑ. ඇයි ඇඳ යට මේස යට හැම තැනම කිටියව හෙව්වා. ඒත් කිටියා හිටියේ නෑ.

කොහෙද මේ කිටියා ගියේ..... දිනිතිගේ අම්මා හිතුවා.

ඔන්න අම්මා දිනිතිත් එක්ක වත්තේ කිටියා හොයන්න ගත්තා. අඹ ගහ උඩත් කිටියා නෑ. පුංචි පඳුර යටත් කිටියා නෑ. දිනිතිට දුක හිතුනා. දිනිති අඬන්න ගත්තා.

ඒත් ඉතින් කිටියා නෑනේ........ අම්මා දිනිතිවත් වඩාගෙන වත්ත පුරාම කිටියව හොයනවා. කිටියා නෑ. පාරට ගිහින්ද බැලුවා ඒත් නෑ.

දිනිතිගේ අම්මා දිනිතිවත් එක්කන් කාලා ගිහින් හොයමු කියලා ආවා. දිනිතිගේ පුංචි තාරුකා වගේ ඇස් වලින් මුතු ඇට වගේ කඳුළු බිංදු වැටෙනවා.

අනේ කිටියා කොහේ ගිහින්ද....... දිනිති අම්මා කවපු බත් කටවල් දෙකමයි කෑවේ. අම්මටත් දුකයි.

දිනිති වෙනදා වගේ සෙල්ලම් පෙට්ටියෙන් බඩු අරන් සෙල්ලම් කලෙත් නැහැ. කිටියා එනකම් මග බලන් හිටියා. අම්මා දිනිතිට කිරි එකකුත් හදලා දුන්නා. ඒත් කොහොමද බොන්නේ........ කිරි ඉල්ල ඉල්ල වටේ කැරකෙන කිටියා නෑනේ.
ඉතින් දිනිති කිරි එකත් ඉතුරු කලා.

දිනිතිගේ තාත්තා ගෙදර ආපු ගමන් අම්මා ගිහින් තාත්තට විස්තරේ කිව්වා. තාත්තත් කිටියව හෙව්වා. වහල උඩත් බැලුවා. එහා ගෙදර අක්කගෙනුත් ඇහුවා. ඒත් කිටියා නෑනේ. ඉතින් තාත්තාත් හවස ඇඟ සෝදන් දිනිතිත් තුරුළු කරන් වාඩි උනා.
දිනිතිට සෙල්ලම් බඩු පෙට්ටියෙන් සද්දයක් ඇහුනා....

දිනිති දුවලා දුවලා සෙල්ලම් බඩු පෙට්ටිය ළඟට ගියා.

හරි පුදුමයි මෙන්න අපේ කිටියා......... දිනිති හයියෙන් කෑ ගැහුවා. අම්මයි තාත්තයි දුවගෙන ආවා.

කිටියා මොකද මේකේ කරේ...... අම්මත් ඇහුවා.

තාත්තා හිනා වෙවී කිටියව එළියට ගත්තා. කිටී දිනිතිගේ සෙල්ලම් මීයව බදාගෙන හිටියා. හැමෝටම වුන දේ තේරුනා.

කිටියා සෙල්ලම් මීයට රැවටිලා. එයා ගන්න ගිහින් පෙට්ටියට වැටිලා. තාත්තා හිනා වෙවී කිව්වා. සෙල්ලම් මීයා බදන් ඉන්න කිටියා දිහා බලලා තුන් දෙනාම හයියෙන් හිනා වුනා...... කිටියත් ලැජ්ජාවෙන් දිනිතිලා දිහා බැලුවා.



සැ:යු :- ප්‍රථම කතාව ඕන්............ හරි නෑ නෑ වගේ.... කෝමද මංදා........

Saturday, September 10, 2011

කේක් කේක් කේක්........... ඉස්තූති කේක්.......... :D



හපොයි මෙදා පාරත් කට්ටිය රණ්ඩු වෙනවද මංදා........ ගියපාර දාපු තැටියම මේ පාර දාන්න බෑ නොවැ, ඉතින් මගේ සුදු හාවා ඇතුළු කට්ටියගෙන්ම අවසරයි......

අනේ මංදා අද නම් කොහෙන් පටන් ගන්නද කියලා.... ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් ඊයේ දවස ගැන දැනන් හිටියේ තුන් දෙනයි. ඒ අයියයි, අක්කණ්ඩියි,අයියණ්ඩියි. ඒ තුන් දෙනා ඉබ්බියි,හසාරි නංගියි එක්ක එකතු වෙලා කරපු දේ පුංචි වෙනසක් විතරයි අර අයියා ලියපු පෝස්ට් එකේ තියෙන්නේ.

දවසේ හැටියට මට කියලා තිබ්බේ අයියට උදේම සෙමිනා එකක් කියලා. ඉතින් වෙනදට 4ට නැඟිටින කෙනා 3ට නැඟිටලා 4 වෙද්දි එන්නත් පිටත් වෙලා ඉවරයි. අක්කණ්ඩියි, අයියණ්ඩියි කලින්ම පාටියක් ඉල්ලලා තිබුනා. මට එදා උදේ 11ටත් එන්න කියලා මං අදි මදි කරත් ඉතින් දැඩි බලකීරීම හා තර්ජන ගර්ජන මැද පාටිය දුන්නැත්නම් මරණ තර්ජන සයිස් එකෙන් හිටියේ. අනේ ඉතින් සුදු අයියත් කීවේ නැතෑ එයත් දවසෙම සෙමිනා කියලා තනියම ඉන්නැතුව යන්න කියලා.

අනේ ඉතින් අසරණ හාවි උන මම නාකියාගෙන ඇඳපැළඳගෙන 11ට එන්න කියපු එක 11.30ට විතර කියපු තැනට ගියා. අනේ මගේ අසරණ පෝන් එකත් කැඩුනනේ. එතන ඉන්නවා කිව්ව අක්කණ්ඩිවයි,අයියණ්ඩියි පේන තෙක්මානෙක නෑ. යාන්තම් හොයලා හොයලා තාත්තගෙන් බැනුනුත් අහලා අක්කණ්ඩිට අත වනලා අඬගහන් නමට හරියක් දාගෙන තාත්තවත් යවලා ගියේ නැතෑ. අනේ මම අර හරකා පිටිපස්සේ යන කරත්තේ වගේ (දැන් අහන්නෙපා අර දෙන්නගෙන් කවුද හරකා කියලා හික්ස්.....) යන පස්සෙන් අවුවේ කරවෙවී ගැහි ගැහි ගියේ නැතෑ. ගිහින් ගිහින් අන්තිමට ආපු තැනේ හැටියට සැකේ ආවට ඔන්න ඔහේ ගියා.

එළවළු කොටුවට හාවෝ පැනපි........ මෙන්න බොලේ පාන්දර 4ට සෙමිනා සෙමිනා කියලා ගෙදරින් එළියට බැහැපු කෙනා ඉන්නවා. අනේ ඉතිං මංම නිසා හොඳයි............ එතනින් එහාට ඉතින් ඕනි නෑනේ. අපිට පාටිය ලැබෙන ලදී තමා..... හික්ස්....

ඇත්තටම ඊයේ දවස ගැන ලොකු පුදුමයක් දුන්නා. යාන්තමට හොර වැඩේ දැනිලා තිබුනත් මං යනකම්ම දකිනකම්ම විශවාස කලේ නම් නෑ. ජීවිතේ සමරපු ලස්සනම උපන්දිනේ සහ මට ලැබුන ලස්සනම තෑග්ග. ගතකලේ පුංචි වෙලාවක් උනාට සුදු අයියයි, අයියණ්ඩියි, අක්කණ්ඩියි එක්ක ගතකරපු ඒ වෙලාව නම් ජීවිත කාලේ පුරාවටම මතකයි. ඔව් මතක තියේවි නෙමෙයි මතකයි.

ඉතින් මං වෙනුවෙන් පෝස්ට් එකක් දාලා සුභ පතපු මගේම ආදර සුදු හාවට ගොඩාඩාඩාඩාක් ස්තූතියි කියනවා. ඒ වගේම මගේ දවස ලස්සන කරන්න කරපු දඟ වැඩේටත් හරිම ආදරෙයි.හැමදාම කියනවා වගේ ජීවිතේ හාමදාමත් ආදරෙයි කියලා තමා කියන්නේ...... ගොඩාඩාඩාක් ආදරෙයි......
ආ මේ තියෙන්නේ සියල්ලේ එකතුව............




ඒ වගේම මගේ දවස ලස්සන කරන්න හෙන ගේමක් දීපු මගේම අක්කණ්ඩිටත්, අයියණ්ඩිටත් බොහොම ස්තූතිවන්ත වෙනවා. ඒ දෙන්නා නැත්නම් එහෙම දවසක් නෑ තමයි. මේ ඒ දෙන්නා දීපුවා තමා.......




ඒත් එක්කම ළඟ නැති අඩුව දැණුන මගේ ආදර යෙහෙළිය ඉබ්බිටත් ළඟ හිටියේ නැතත් දෙපැත්තම පරිස්සන් කරන් ප්ලෑන් හෙල්ප් දීපු එක ගැන ස්තූතිවන්ත වෙනවා. එයා නැති අඩුව නම් දැනුනා ටිකක්. වෙනදට මං මුළු දවසම ඉබ්බි එක්ක තමා. ඒත් කමක් නෑ මේ පාර විතරනේ....... ආ යන්න කලින් තෑගි ටික දීලා ගියේ.....




ඒ වගේම හසාරිටත් ගොඩක් ස්තූතියි. හසාරිගෙන් ඉතිං අයියට ලැබුන සහයට ගොඩක් ස්තූතියි. ඇයි අයියා අතේ එවපු කාඩ් එක. ඒකටත් ගොඩාඩාක් ස්තූතියි.





ඒ වගේම දැනගත් වහාම ඉඳන් ක්‍රියාත්මක වුන චන්දික අයිය (කෝච්චි අයියා) ටත් මාරයා අයියටත් ඒ වගේම සුභ පතපු හැමෝටමත් ගොඩාඩාඩාක් ස්තූතියි. මං මේ බ්ලොග් අවකාශේ සමරණ දෙවන උපන්දිනය. ඒත් එදා වගේම එදාටත් වඩා ආදරෙන් ඔය හැමෝම මා එක්ක ඉන්න එක ගැන හදවතින්ම සතුටු වෙනවා ඒ වගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.........

ආ කාට නැතත් ඉතිං පොඩ්ඩට කේක් එපැයි. ඒ නිසා ඕන් මගේ සුදු හාවා ගානේ කේක් එකක්.




සැයු:
කාට හරි මතකනම් කියමු බලන්න මේ කෙක් එක දැකපු තව තැනක්....... හික්ස්........


.

Wednesday, September 7, 2011

පැපරාසි කැමරාවෙන් ගුටි නොකා........

අනේ මංදා හා පැටික්කි නම් කවදා හරි ගුටි කනවා මේ පැපරාසි වැඩේ කරන්න ගිහිල්ලා....... අදත් ඕන් පැපරාසි නෙතට අහු උන සුට්ටං කස්ටියගේ පින්තූර දෙක තුනක් තමා අදත් ඉතින්........... මේ නිකම් ඉන්න බැරුවට ඉතින් කරපු වාඩ තමා ඒ කාලේ......

මේ ඇවිල්ලා ජුරාසික්ලාගේ ඉස්මෝල් සයිස් කෙනෙක්. මෙයාලා ඉතින් ගස් වල ඉඳන් ඔළුව වන වන ඉන්න එක තමා රාජකාරිය. පෙන්සුයි කලාවෙදි වත්තට කටුස්සෙක් එන එක වාසනාවක්ද මොකක්දලු. හැබැයි හැමදාම වත්තේ ඉන්න කසුට්ටා ඒකට අයිති නෑලු............ මේත් ඉතින් පාන්දරක කතුරුමුරුංගා අත්තක හිටි කසුට්ටෙක් තමා.........

අර ගැලපෙන වේස නිරූපණය හොඳ හැටිම දකින්න පුලුවන්නේ ඉතින්.......... පේනවනේ ..........



ඊළඟට පැපරාසි නෙතට අසු උනේ දිවා ආහාරය ගනිමින් සිටින ටිං ටිං කෙනෙක්ව...... මේ ඇවිල්ලා කොකෝවා ඇට වල රසය විඳිනා තුන් ඉරි අප්පුවෙක්. පේනවනේ..... කොච්චර හයිය ‍ආවරණයක් තිබ්බත් යන්තම් කහ ගැහුන ගමන් කොකෝවා ගෙඩි හැම එකම හිල් කරලා යන එක තමා මෙයාලගේ වැඩේ. සැරින් සැරේ කට්ටිය ඇවිල්ලා කනවා ඊට පස්සේ. ගෙදර ලේනට දෙන්නවත් ගෙඩියක් ඉතුරු කරන්නැහැ මේ තුන් ඉරි අප්පුලා..........




















එතකොට මේ........ අපිට අනුව නම් රාත්තිරි භොජනය හැබැයි ඒ ගොල්ලන්ට මං හිතන්නේ උදැසන භොජනය. මොකක් හරි භෝජනයක් ගන්නා වැම්පයරයෙක්.එල්ලිලා ඉන්න පුරුද්දනේ ඉතින්. අර වව්ලගේ ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕනා වගේ තමා. කිසි භයක් නැතුව කනවා. මෙයාලගෙනුත් ගහක ගෙඩියක් බේර ගන්න විදියක් ලැ. තියන ඔක්කොම කාලා දානවා....... මේත් රෑ 10ට විතර ආපු එහෙම කෙනෙක්ව යන්තම් බේරලා කරලා පොටෝවකට අර ගත්තා..........





















එතකොට මෙයා........ මෙයාලා නම් අපරාදකාරයෝ........ ඇත්තම කියනවනම් අත් අඩංගු වට ගන්න ඕනා...... හැමදාම කාඹරංකා (බස් වල යන අයට සාමරංගන් මතකනේ ) අමු ගැට කඩ කඩ ඒ ඇතුලේ ඇට ටික කාලා ගෙඩිය විසික් කරන වැඩේ තමා කරන්නේ....... දැන් බලන්න රට ආහාර අර්බුදේකට යන්න මේවත් බලපානවනේ...... (කවුද එහෙම කීවේ???? )






















සැ.යු:- අනේ ඉතින් මම ඔය දන්න විදියට තමා සත්තු පස්සේ පන්නලා රැකගෙන ඉඳලා ඡායාරූප ගන්නේ. සත්තුන්ගේ ඡායාරූප ගන්න උත්සාහ කල කෙනෙක් දන්නවා ඒකට තියෙන්න ඕන ඉවසීම. ඇයි ඉතින් අපිට ඕනි ඕනි හැටියට ඉන්න කියලා ගන්නයැ. ඒ නිසා අඩු පාඩුත් පෙන්නලා දීලාම යනවනම් හරිම සතුටින් භාර ගන්නවා.......... විචාර කියලා මේවට කරන්න තරම් දෙයක් නැහැනේ ඉතින්...........