෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Tuesday, December 4, 2012

විසිරුණු මුතු.............

වියැලුණු තණ මත
දිදුලණ පිණි බිඳු
සැඩ හිරුගෙන් සැඟවිය හැකිදෝ......
ඔබෙන් උරුම වූ
දැවුණු තැවුනු සිත
එය විඳිමෙන් වැළකිය හැකිදෝ........

එකින් එකට ගෙන පරිස්සමට බැඳ
ඇමිණූ මුතු පොට බිඳ ඉහිරී
සිහින් සරින් වැටි මුතු ඇට අහුරම
ඉවත බලා විසිකළ අරුමේ.......

මතකය අවුලා හදවත රිදවා
දෙනෙතින් වෑහෙන කඳුළු බිඳූ
ඉහිරුණු මුතු ටික එක්කර අතැතිව
තවමත් මා මඟ සිටිමි බලා...........

සැ.යු:- අහුලගත්ත පද ටිකක් විතරයි.........

10 comments:

  1. මුතු අහුරක් ගෙන පබඳින්නෙමි
    ඔබේ ආදරයේ මතක වැකි
    පිණි අහුරක් ගෙන සරසන්නෙමි
    ඔබේ රුව මාහට පෙනුණු හැටි

    ඇමිණූ මුතු යලි ගැලවෙන්නේ නැත
    සතුටට කරුණක් බලනු හැකි
    වසන්තය නැවත එනවා සත්තයි
    මා කියනා දෙය අසනු සකි

    ReplyDelete
  2. මෙන්න බොලේ හාවියකට පාත්තිය මතක් වෙලා.....

    ReplyDelete
  3. කොහෙන්ද අප්පේ අහුල ගත්තේ......:D

    ReplyDelete
  4. හප්පේ හා පැටිස්ස්ස්ස්ස්ස්ස් දැක්ක කල්

    ReplyDelete
  5. හ්ම්ම්..හාවිගෙ කවිය නම් හරි ලස්සනයි... :D

    ReplyDelete
  6. අනේ හා පැටික්කි අක්කේ....!

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)