෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Sunday, November 4, 2012

ඇය..............

ඇය අදත් හිත් කනස්ස‍ල්ලෙන් එන දෙස මා අයාගත් දෙනෙතින් යුතුව බලා උන්නෙමි. මා සතියක් තිස්සේ මෙලෙසින් ඇය යන එන මඟ බලා ඉන්නා වග ඇය නොදන්නේ මා කවුළුවෙන් මෙපිට සිට රහසේ ඇය දෙස නෙත් යොමා සිටින නිසාවෙනි.

පව් අසරණී....... ඇය දෙස බලා උන් තවකෙකු ගේ වදනක් මා සවනත වැකුනේ අහම්බෙනි.

මා මදක් හුනස්නෙන් නැඟිට ඔහු දෙස ද බැලුවෙමි. ඇය දෙස මහා අනුකම්පාවෙන් යුතුව බලා උන් ඔහු, ඇය තඹ සතේකට මායිම් නොකලේ ඇයගේ උඬගු බව නිසා නොවන බව මා සක්සුදක් සේ දැන උන්නෙමි.

පවු හිතේ දුක නිසානේ සේරම.............. මා මටම කොදුරා නැවත හුන් තැනම වාඩි උනෙමි.

තනි කමෙන් මිරිකී පාළු නිවසක උන් මාත්, මා දින කීපයක සිට දකින ඈත් අතර වෙනසක් මා නුදුටුවෙමි. ඇයද මා මෙන් කනස්ස‍ල්ලෙන් යුතුව සිටින බව පමණක් මා දුටුවෙමි.

ජීවිතය මට මෙන්ම ඇයටද කුරිරු වී ඇතැයි මට සිතුණි. මා මුවින් දිග සුසුමක් පිටවූයේ නිරායාසයෙනි.


ඇය........

මා ඇයව සතියකට පෙර දුටුවේ අහම්බෙනි. කොතෙකුත් ඇය මේ මඟෙහි මා ඉදිරියෙන් ගොස් ඇත්දැයි මා හට මතක නැත. නමුත් මා එදා දුටුවේ ඇයගේ දුකින් බර වී බිමට නැමී ගිය දෑස පමණි.

දින කිහිපයක් තිස්සේම මා නිවස අසලින් දිනකට කිහිප වතාවක්ම මැලැවුනු දෙනෙතින් යුතුව ගමන් කරනා ඇය මා නෙත ගැටුනි. දින කීපයක් බලා හුන් මා ඇය ගැණ සොයා බැලීමට ඒකමතිකව තීරණයක් ගත්තෙමි.

එදින සවස් යාමයේ ඇය සුපුරුදු ලෙසින් දකින තුරු වෙනදා නොවූ විමසිල්ලකින් යුතුව මා දෙනෙත් කවුළුවෙන් එපිටට යොමා බලා උන්නෙමි.

සැදෑ අඳුර ජනේලයෙන් එබෙනා තුරුම මා ඇය එනතුරු මඟ බැලීමි. නමුත් එදින ඇය සුපුරුදු ලෙසින් දක්නට නොලැබුණි. මා සිත්හි ඇය කෙරෙහි තරහවක් ඇති නොවූවේ මන්දැයි මා නොදනිමි. ඇතැම් විට මා මේ දින කිහිපයට ඇය තේරුම් ගෙන සිටින නිසා විය හැකිය.

අද වෙන පාරකින් යන්න ඇති...... අන්ධකාරය දෙනෙත් මත මැවෙද්දී මා සිත මිමිණුවේය. මා ජනේලයෙන් මෑත් වුනෙමි.

පසු දිනද මා පෙර දින මෙන්ම කවුළුව අද්දරට වී ඇය එනතුරු මඟ බලන්නට තීරණය කරඋන්නෙමි. මා දිනය ගෙවෙනා විට කෙමෙන් දෙනෙත් ඇය යනෙන මඟෙහි රැදවූයෙමි.
පෙරදා මෙන් නොව ගතවූ මොහොතකින් ඇය ඈතින් මතුවනු මා හට පොණුනි.
ඇය එනු දුටු මා මුවඟ සිනහවක් රහසේම සිත්තම් වී මා දෙතොල මෑත් වනු මට දැණුනි.

අද බලා ගන්න පුලුවන්........ මා මටම පවසා ඇය දෙසම දෙනෙත් යොමා ඇය මගහැරෙතැයි බියෙන් බලා උන්නෙමි.

ඇය යුහුසුළු ගමනින් මඟ දෙපස බලමින් ඇදෙන්නට වූයේ පෙරදා වූ දුක්මුසු බවින් මිදී යැයි මට සිතුණි.

ඇය ගමන මදකට නතර කරගෙවල් කීපයක් එපිටින් වූ නිවසකට ඇතුළු වනු මා හට හොඳින් පෙනුනි.

ඇය පුරුදු කාරියක් විලසින් විවරව ඇති ගේට්ටු පියන්පත් ‍අතරින් ගමන් කලද ඇය මිඳුලෙහි ගමන් කල බියගුළු පෙනුම ඈත සිට බලා උන්නද මට පෙනුනි.

මදකින්........

චුප් චුප්....... අදත් ඇවිල්ලා මේ පාරේ ඉන්න කැහැටු බැල්ලි. අනේ ඇත්තට ‍ගෙදර ගේට්ටුව පොඩ්ඩක් ඇරුනොත් ඉවරයි.......

ටොමියා යනවා ගෙට..... ගේ තුල සිට දුව ආ නිවැසි සුරතලාට කාන්තාවක් පැමිණ පවසනු මා බලා හුන්නෙමි.

ඇය සුපුරුදු ලෙසින් සොවින් බර දෙනෙත බිමට නැඹුරු කර ගල් පහරින් මිදී දිව එනු මට පෙනුණි.

ඇය හෙටත් මෙලෙසින්ම යනු ඇත....... කිසිවෙකු ඇය නොදකිනු ඇත.

කුරිරු වූ ලොකයට මා මෙන්ම ඇයද සාප කරනු ඇත.........